ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ශිෂ්ණය නිසි ලෙස ප්‍රාණවත් නොවීමේ ගැටළුව සුව කර ගත හැකි ස්වභාවික විසඳුම් කිහිපයක්… [ යාම් : 60 ] | ටෞකන්න | Taukanna | Sinhala Instant Articles | Taukanna.com | 2017-08-09 03:45:12
ශිෂ්ණය නිසි ලෙස ප්‍රාණවත් නොවීම මගින් ලිංගික කාර්යය මනාව සිදු කිරීමට බාධා ඇති වනවා. “Viagra” සහ “Cialis” වැනි පුරුෂ ශක්තිය වර්ධනය කරනු ලබන ඖෂධ වල ඇති ඉල්ලුම මත මෙම ලිංගික දුර්වලතාවය ඔබට මනාව වැටහෙනවා ඇති. ශිෂ්ණය නිසි ලෙස ප්‍රාණවත් නොවීම සුව කර ගැනීමට සහාය වන ස්වභාවික පිළියම් කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නටයි අද අපි සූදානම් වන්නේ. මේ සඳහා භාවිතා කල හැකි රසායනික ඖෂධ වෙළඳපොලේ තිබුනත් එමගින් දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි විවිධ අතුරු ආභාද ඇති වන්නට පුළුවන්. ඔබත් මෙම සෞඛ්‍යය ගැටළුවෙන් පීඩා විඳිනවා නම් ආහාර රටාවේ සිදු කරන වෙනස්කම් සහ බර අඩු කර ගැනීම වැනි ජීවන රටාවේ සිදු කර ගනු ලබන විවිධ වෙනස්කම් මගින් මෙම සෞඛ්‍යය ගැටළුවට සහනයක් සලසා ගන්නට පුළුවන්. මානසික ආතතිය සහ අධික තෙහෙට්ටුවත් ශිෂ්ණය ප්‍රාණවත් නොවීමේ ගැටළු සඳහා බලපාන නිසා එවන් කරුණු පිළිබඳවත් නිසිඅවධානය යොමු කරන්න. ශිෂ්ණය ප්‍රාණවත් නොවීම සඳහා ශාකමය ඖෂධ 01. Ginko මෙම ඖෂධීය ශාකය විසින් ශරීරයේ රුධිර ප්‍රවාහය වේගවත් වනවා. නමුත් අභ්‍යන්තර රුධිර වහනයන් සිදුවන හෝ රුධිරය කැටි ගැසීම වැළක්වීම සඳහා ඖෂධ ලබාගන්නා පුද්ගලයින් හට මෙය ලබා ගැනීම සුදුසු වන්නේ නෑ.ඒ, “Ginko” සතුව රුධිරය කැටි ගැසීම වැළක්වීමේ හැකියාවක් ඇති නිසා එමගින් යම් ආභාදයක් ඇති වූ විට වැඩි රුධිර වහනයක් සිදු කරන නිසයි. 02. L-arginine කායවර්ධනය සිදු කරන පුද්ගලයින්ට ඇමයිනෝ අම්ල ප්‍රයෝජනවත් වනවා. නිසි රුධිර ප්‍රවාහයක් ශරීරය තුල සිදුවීමට නම් ඇමයිනෝ අම්ල අප කා හටත් අවශ්‍ය වනවා. “L-arginine” සතුව ඇති ඖෂධීය සංයෝගයන් මගින් ශිෂ්ණයට මෙන්ම ශරීරය පුරාවට අවශ්‍ය කරන නිසි රුධිර සංසරණය වර්ධනය කරනු ලබනවා.“L-arginine” මගින් ඔක්කාරය, උදරය ව්‍යාකූල වීම සහ පාචනය වැනි අතුරු ආභාද පවා ඇතිවන්නට පුළුවන්. 03. Epimedium මෙම ඖෂධීය ශාකය සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවේදී දශක ගණනක සිටම භාවිතා වූවක්. මෙම ඖෂධීය ශාකයෙන් ඇතිවන අතුරු ආභාද පිළිබඳ තවමත් නිසි අධ්‍යයනයක් සිදු කර නොමැති නිසාවෙනත් ඖෂධ පානය කරන අතර වාරයේ මෙය ලබා ගැනීමෙන් වැලකී සුළු මාත්‍රාවක් පමණක් ලබා ගන්නවා නම් වඩාත් සුදුසු වනවා. 04. DHEA මෙම ඖෂධීය ශාකය මගින් අධිවෘක්ක ග්‍රන්ථිය මගින් නිකුත් කරනු ලබන හෝමෝන ප්‍රමාණය වර්ධනය කරනු ලබනවා. ලිංගික හෝමෝන වර්ධනය කරනු ලබන මෙම ඖෂධීය ශාකය පිරිමි අයෙකු විසින් පරිභෝජනය කිරීමෙන් “testosterone” හෝමෝනය වර්ධනය කර ගන්නට පුළුවන්. නමුත් මෙමගින් පුරස්ථි ග්‍රන්ථි විශාල වීමේ අවදානමකුත් තිබෙනවා. 05. Panax ginseng “Viagra” ඖෂධය සඳහා ශාකමය ආදේශකයක් ලෙස භාවිතා කල හැකි “Panax ginseng” මෙය චීන ඖෂධ පැලෑටියක් වනවා. ශිෂ්නය ප්‍රාණවත් නොවීම පිළිබඳ සිදු කල විවිධ අධ්‍යයනයන්ට අනුව සොයාගෙන තිබෙන්නේ මෙම ශාකමය ඖෂධයෙන් මිලි ග්‍රෑම් 600 – 1000 අතර ප්‍රමාණයක් දිනකට වාර තුනක් ලබා ගැනීම මගින් ශිෂ්නය ප්‍රාණවත් නොවීමට සුවයක් ලබා ගත හැකි බවයි. රුධිරයේ ලිපිඩ අන්තර්ගත වන පුද්ගලයින්ට මෙම ඖෂධය වාඩාත් ඵලදායී වන අතර මෙහි ඇති වේදනා නාශක බලයන් නිසා පෙනහල්ලේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම සහ ශරීරය පුරා නිසි ලෙස රුධිරය ගමන් කරවීම සිදු කරනු ලබනවා. 06. Rhodiolarosea මල් හට ගනු ලබන බහු වාර්ෂික ශාකයක් වන “Rhodiolarosea” ශාකය භාවිතයෙන් ශිෂ්නය නිසියාකාරව ප්‍රාණවත් නොවන පුද්ගලයින් 35 දෙනෙකු යොදා පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. මෙහිදී මොවුන්ට දිනකට “Rhodiolarosea” මිලි ග්‍රෑම්150 – 200 අතර ප්‍රමාණය බැගින් මාස තුනක කාලයක් ලබාදී තිබෙනවා. එහිදී එම පුද්ගලයින්ගේ ලිංගික හැකියාව වර්ධනය වූ බව අධ්‍යයන වාර්තා වල සඳහන් වනවා.එමෙන්ම, මෙම ඖෂධීය ශාකය මගින් ශරීර ශක්තිය වර්ධනය කර තෙහෙට්ටුව පවා නැතිකර දමන බව සඳහන් වනවා. 07. කටු චිකිත්සාව ශිෂ්නය නිසි ලෙස ප්‍රාණවත් නොවන පුද්ගලයින් කටු චිකිත්සාවට යොමුවීම මගින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට පුළුවන්. නමුත් මේ සඳහා පළපුරුද්ද ඇති කටු චිකිත්සක වරයෙක් වෙත යොමු වීම ඉතාමත් වැදගත් වනවා. එවිට ඔබට කිසිම අතුරු ආභාදයක් ඇති නොවී කටු චිකිත්සාව මගින් සහනයක් සලසා ගන්නට පුළුවන්. නිසියාකාරව ආහාර ලබා ගන්න සින්ක්, ෆෝලික් අම්ලය, විටමින් C, මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන ආහාර මගින් ශිෂ්ණය ප්‍රාණවත් නොවීමේ ගැටළුවට සහනය සපයනවා. මෙම විටමින් සහ ඛනිජ වර්ගයන් නිසි ලෙස ලබා ගැනීම සඳහා වස විස නැති පිරිසිදු ආහාර තෝරා බේරා පරිභෝජනය කරන්න. එමෙන්ම ඔබ යම් ඖෂධයක් පානය කරනවා නම් එය වෛද්‍ය උපදෙස් මත සිදු කරන්න. ඒ වගේම, ඇල්කොහොල් පානය කිරීමත් දුම්පානයත් නතර කරන්න. එවිට ඔබට වදදෙන මෙම සෞඛ්‍යය ගැටළුවට සහනයක් සලසා ගන්නට හැකියාව ලැබේවි. වෙනත් උපදෙස් කිහිපයක් දිනපතා උදෑසන හෝ දිවා කාලයේ ව්‍යායාම සිදු කරන්න. ඔබේ ශරීරය තරබාරු නම් ශරීරයේ බර අඩු කර ගන්න. අධික තරබාරු භාවය නිසාත් ශිෂ්නය ප්‍රාණවත් නොවීමේ ගැටළු ඇතිවනවා. ඔබ ඇල්කොහොල් පානය කරන හෝ දුම්පානය කරන අයෙක් නම් එයින් ඉවත් වන්න. ඇල්කොහොල් සහ දුම්පානය කිරීම මගින් හදවත් රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ වකුගඩු රෝග වැනි විවිධ ආභාද ඇති වනවා.මෙවන් ආභාද නිසා ශිෂ්නයේ ප්‍රාණවත් ස්වභාවය නැතිවී යනවා. “Kegel” ව්‍යායාම සිදු කරන්න. එමගින් නැවතත් ශිෂ්නයේ ප්‍රාණවත් ස්වරූපය ලබා ගන්නට පුළුවන්. The post ශිෂ්ණය නිසි ලෙස ප්‍රාණවත් නොවීමේ ගැටළුව සුව කර ගත හැකි ස්වභාවික විසඳුම් කිහිපයක්… appeared first on ටෞකන්න | Taukanna | Sinhala Instant Articles | ....   වැඩිදුර >>  
Next || Previous