ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
උමා ඔයෙන් ගොඩ යාමට නම් ...... To Recover from Uma-oya adversity [ යාම් : 44 ] | ඇවිද්ද පය ...... | 2017-08-05 05:31:04
උමා ඔය ව්‍යාපෘතියන නිසා බණ්ඩාරවෙල  ආශ්‍රිත ප්‍රදේශයට වන හානිය ඔබ මේ වනවිට හොඳින් දන්නා කාරණයක්. ඒ නිසා ඇති වී තිබෙන ජල මුලාශ්‍රය සිඳීම, නිවාස ඉරිතැලීම වැනි හානි නිසා එම ව්‍යාපෘතිය නතර කිරීම අනුවන ක්‍රියාවකි.  වෙල්ලස්සේ ජනතාව වසරේ දින 365ම ජල හිඟය නිසා පීඩා විඳියි. එයට පිලියමක් ලෙස මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම යහපත් ක්‍රියාවකි. මා කිසිසේත් මෙවැනි ව්‍යාපෘති වල සිදුවන ගනුදෙනු, ටෙන්ඩර් ගැන හොඳ හෝ නරක කථා කිරීමට බලාපොරොත්තු නොවේ. නමුත්  අද මුහුණ දී ඇති තත්වයට අපි ජාතියක් වශයෙන් මුහුණ දිය යුතුය. පවතින රජය කෙසේ හෝ එම තත්වය මගහරවාලීමට කටයුතු කළ යුතුය. මන්ද වෙල්ලස්සට වතුර දෙන්න ගොස්, ඌවත් විනාශ කර ගත යුතු නැත. මා කලින් යහපත් ක්‍රියාව ලෙස අර්ථ දැක්වූයේ ඌවේ ජල අතිරික්තය වෙල්ලස්සට ගෙන යාමයි. මෙවැනි ව්‍යාපෘති සිදු කිරීමට ප්‍රථම කලයුතු දේ පිලිබඳ දැන් වාද විවාද කිරීමෙන් ඵලක් නැත. තිබෙන එකම ඵලය  දේශපාලන වාසි ලබා ගැනීමයි. නමුත් පසුගිය රජයට එරෙහිව එවැනි වාසි ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැවතත් 2020 දීය. ඒ මැතිවරණය කාළයකදීය. මේ දවස් වල ස්කෝර් කර තිබීම හොඳ යයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් අද තිබෙන තත්වය එසේ පවත්වා එම වාසියද ලබා ගත නොහැකිය. ඒසේනම් කළ යුත්තේ මේ තත්වයට මුහුණ දීමය. පහලින් තිබෙන්නේ සමාන තත්වයකදී මැලේසියාව හැසිරුණු ආකාරයය. එහි විපක්ෂය හෝ රජය මේ පිළිබඳව තර්ක විතර්ක කර ගත්තාදැයි නොදනිමු. නමුත් එම ව්‍යාපෘතිය සිදු කළ අකාරය නම් ප්‍රශංසනීයය. මෙම ලිපිය ලියන්නට මා මෙතරම් ප්‍රමාද වීම ගැන අදටත් පසුතැවෙමි. මන්ද මා එය නැරඹුයේ එය මුලින්ම නැෂනල් ජෝග්‍රෆික් නාලිකාවේ විකාශණය වූ අවස්ථාවේදීය. නමුත් ඒ අවස්ථාවේ උමා ඔය ආශ්‍රිත මේ ඉරි තැලීම්, වියලීම් පිලිබඳ මට අසන්නට නොලැබිණි. අපේ මිත්‍ර කලාහිත තැබූ සටහන් කිහිපයක්නම් කියවූ මතකය ඇත. එම වීඩියෝව අපේ සිද්ධිය හා කෙතරම් සමපාත වනවාදැයි  මට  පසක්  වුයේ  සති  කිහිපයකට පෙරය. ඒ  උමා ඔය  ව්‍යාපෘතියේ  සැබෑ තත්වය  රුපවාහිනි  නාලිකා මගින්  පෙන්වන  විටය. මා  වචනයෙන් එය  විස්තර  කරන්නට යන්නේ  නැත. ඔබට  ඉංග්‍රීසි තේරුම් ගැනීමට  නොහැකි වුවත්, මෙහි සිදු වන්නේ කුමක්දැයි  තේරුම් ගැනීමට පහසුය. මැලේසියානු උමං දුම්රිය මාර්ගය තැනීමට ඔවුන්ට සිදු වන්නේ දහසකුත් එකක් ජනතාව ජීවත් වන ජනාකීර්ණ ප්‍රදේශ හරහාය. නමුත් ඔවුන් කෙතරම් සියුම්ව එය සිදු කළාදැයි ඔබට මේ වීඩියෝව නරඹා අවසන් වනවිට තේරුම් යනවා ඇත. එහිදීද නගරයේ ජනතාවට විශාල නිවාස හානි වලට මුහුණ දෙන්නට සිදු වේ. නමුත් ක්ෂණිකව ක්‍රියාත්මක වන ඉංජිනේරුවන් එයට පිළියම් යොදයි. එය සිදු කරන ආකාරය ඔබගේ දෑසින්ම නරඹන්න. මේ සඳහා වැය වනා දත්ත අපතේ ගියා සේ ඔබට නොසිතෙනු  ඇත.  දියුණු එමෙන්ම එක්සත් ජාතියක් ප්‍රශ්නයකදී හැසිරෙන ආකාරයත්. අප වැනි අවස්තාවාදී දේශපාලනයක  නියැලෙන රටක එම ප්‍රශ්නය භාවිතා කරන ආකාරයත් දැන් ඔබට වැටහෙනවා ඇත. මෙහිදී මා දකින තවත් එක් වැදගත් දෙයක් වෙයි. මෙම වීඩියෝව නැරඹු ඔබටද එය පසක් වී ඇතුවාට සැක නැත. ඒ තනිකරම ආධුනික ස්වදේශීය ඉංජිනේරුවකු, ජාර්මන් විසේසඥයන් ඇසුරේ ප්‍රවීනයෙකු වන ආකාරයයි. එම ව්‍යාපෘතියේදී එවැනි අතුරු අන්තරාවක්(Project Variation) සිදු නොවිණි නම්, ඔහුගේ අත්දැකීම හුදෙක් කැණීම් ඉන්ජිනේරුවෙකුගේ අත්දැකීමක් වනු  ඇත. නමුත් දැන් අප වැනි ජාතියකට උපදෙස් දෙන්නට තරම් අත්දැකීම් ඔහු සතුව ඇත. කෙනෙකු වඩාත්  පරිණත වන්නේ, ඔහු මුහුණ දෙනු ලබන අත්දැකීම් වල ගැඹුරත් සමග යයි මාගේ විශ්වාසයයි. අද එම ඉංජිනේරුවා අපට පසක් කරන්නේ එයම නොවේද?එය නරඹා අවසන් වූ පසු මෙම වීඩියෝවද නරඹන්නමමත් මෙම වීඩියෝව නරම්බින් සිටින නිසා ඒ පිලිබඳ අදහස් දැක්වීමෙන් වැලකෙමි. නමුත් එයද මා  නරඹා ඇතිවා යන්න මතකයක් තිබේ. ඒ පිලිබඳ සටහනක් පසුව ඉදිරිපත් කරමි. ....   වැඩිදුර >>  
Next || Previous