ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
දෙවෙනි ඉනිමේ ගුරුතුමියට විනය මතක් වුනේ බ්ලොග් නිසාද? [ යාම් : 68 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-08-04 13:48:41
දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය මේ දින වල ප්‍රචාරය වන ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යයකි. එය 13 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලෙහි ජනප්‍රියම ටෙලි නාට්‍ය ලෙසද තේරී ඇත. නාට්‍යයේ ජනප්‍රියත්වයට හේතුව ඒ තුළ ලංකාවේ පාසැල් ජීවිතය බොහෝ දුරට යථාරූපී ලෙස නිරූපණය වීම විය හැකිය. පසුගිය කාලයේ ලංකාවේ දකින්නට ලැබුණු ජනප්‍රිය රැල්ලක් වූයේ මැදි වයසේ ගැහැණුන් හා මිනිසුන් පාසැල් නිල ඇඳුම් ඇතුළට රිංගා නැවතත් පාසැල් යාමයි. බැලූ බැල්මටම විකාරයක් මෙන් පෙනෙන මේ හැසිරීමෙන් පිළිබිඹු වූයේ ලංකාවේ මැදි වයසේ ගැහැණුන්ගේ හා පිරිමින්ගේ එක්තරා ආකාරයක නොසන්සිඳුණු ඉල්ලුමකි. එක පැත්තකින් පාසැල් කාලය දැන් මැදි වයසේ සිටින බොහෝ දෙනෙකුගේ සුන්දර සිහිනයකි. අතේ සතේ නැතිව ගෙවුණු ඒ කාලයේ කරගන්නට බැරි වුනු දේවල් වල වටිනාකම හොඳින්ම තේරෙන්නේ යහමින් අතේ සල්ලි ගැවසෙන මැදි වයසේදීය. නැවතත් පාසැල් යන්නට මෙසේ සුදු ඇඳුමට රිංගන වැඩි දෙනෙකු දැන් යමක් කමක් ඇති, එහෙත් පාසැල් කාලයේ විවිධ සීමාවන් නිසා හිතේ තිබුණු ආශාවන් බොහොමයක් ඉටු කරගන්නට ඉඩ නොලැබූ අයයි. අනෙක් පැත්තෙන්, අද පාසැල් සිසුන් භුක්ති විඳින සම්පත් හා නිදහස ඔවුන්ගේ වැඩිහිටි පරම්පරාවට තිබුණේ නැත. (හරියටම කල්පනා කළොත් ඒ පරම්පරාව තමන්ගේ නිදහස භුක්ති වින්දේ තරමක් වෙනත් ආකාරයකටය.) මේ නිසා දැනෙන අඩුවක්ද බොහෝ දෙනෙකුට තිබේ.දෙවෙනි ඉනිම කණ්ඩායම විසින් ඉතා දක්ෂ ලෙස මේ නොසන්සිඳුණු ඉල්ලුම හඳුනාගෙන තිබේ. එහි ජනප්‍රියත්වයේ රහස එයයි. පසුගිය ජූලි 14 වෙනි දින "තම්බපන්ණියේ අපි" බ්ලොග් අඩවියේ  "මොණරි" විසින් මේ ටෙලි නාට්‍යය ගැන "දෙවෙනි ඉනිම වෙනසකට වඩා විනාශයකි" යන මාතෘකාව යටතේ විචාරයක් පළ කළ තිබුණේය. එහිදී ඇය මේ ලිපියේ චරිත හැසිරවීම් විවේචනය කර තිබුණේ මෙසේය."මේ නාට්‍යයයට බනිනවාවත් මේක විවේචනය කරනවාවත් නෙවෙයි ඒත් පොඩ්ඩක් බලන්න… ඔය නාට්‍යයයේ ගෑණු ළමයි ඉඉස්කෝලේ එන විදිය… මූණවල් ඔක්කොම මේකප් මූණවල්… ඒ මදිවට නිට් එක ශේප් කරපු අයිබ්‍රෝස්… ඇඟටම හැඩ කරලා මහපු යුනිෆෝර්ම් එක… දිගට උලට වවපු නියපොතු… පිරිමි ළමයින්ගේ ජෙල් කරලා පස්සට පීරපු දිග කොණ්ඩේ… දෙයියනේ මට උන්ව දකිද්දි මතක් වෙන්නෙම අපේ ඉස්කෝලේ හිටිය දිල්රුක් සර්ව… අහු වුණා නම් බූ ගාගෙන තමා යන්න වෙන්නේ… පාසල් ළමයෙක්ව රූපවාහිනිය තුළින් නිරූපණය වෙන්න ඕනා විදියටද සමාජයට පණිවිඩය යන්නේ…?"ඉහත ලිපිය වත්පොත හරහාද හුවමාරු වූ අතර මොණරිගේ අදහසට පක්ෂව හා විපක්ෂව තවත් අය අදහස් පළකර තිබුණේය. (මේ ලිපියේ අරමුණ එවැන්නක් නොවේ). එසේ අදහස් පළකර තිබුණු පිරිස අතර දෙවෙනි ඉනිම පිටපත් රචක සමන් එදිරිමුණිද විය. ඔහුගේ අදහස් දැක්වීම හා එයට ප්‍රතිචාරයක්ද සමඟ "තම්බපන්ණියේ අපි" බ්ලොග් අඩවියේ තවත් ලිපියක් පළ වී තිබුණේය.මේ සංවාදයට තවත් බ්ලොග්කරුවෙකු වන සුරෝෂණ ඉරංගද එකතු වී තිබුණේය. ඔහු පළකර තිබුණේ මොණරිගේ අදහසට වඩා වෙනස් අදහසකි. සමාජජාලා වල වටිනාකම වන්නේ අස්සයා පැන යන්නට පෙර ඉස්තාලයේ අයිතිකරුවාට අනතුරු අඟවන්නට ඒවාට ඇති හැකියාවයි. මේ ඇතැම් අනතුරු ඇඟවීම් අනවශ්‍ය අනතුරු ඇඟවීම් (false alarm) විය හැකි වුවත් බොහෝ විට දුමක් නඟින්නේ ගින්නක් නිසා බැවින් අනතුරු ඇඟවීම් වලට සංවේදී වී සිටීම වැදගත්ය. සමාජ ජාලා හරහා කෙරෙන අනතුරු ඇඟවීම් නොසලකා හරින හෝ ඒවාට සංවේදී නැති කලාකරුවන්, දේශපාලනඥයින් මෙන්ම අවශේෂ පුද්ගලයින්ද සුනාමි වලට අහුවෙන්නට වැඩි ඉඩක් තිබේ.දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ අද (අගෝස්තු 04) විකාශනය වුණු කොටසේ දැකිය හැක්කේ පාසැලේ විනය භාර ගුරුතුමිය විසින් නාට්‍යයේ ප්‍රධාන චරිත වන ගැහැණු ළමුන්ගේ ගවුම්, නියපොතු ආදිය පරීක්ෂා කරන දර්ශනයකි (2:13 මිනිත්තුව බලන්න).මේ කොටස ටෙලිනාට්‍ය පිටපතේ මුල සිටම තිබුණු කොටසක්ද?(Image: ....   වැඩිදුර >>  
Next || Previous