ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති [ යාම් : 37 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-08-04 10:13:33
මේ වන විට ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්නේ ඉතා සීමිත පිරිසකි. ආණ්ඩුව පිහිටවීමට මුල් වූ, ආණ්ඩුවට සෘජුව සම්බන්ධ පමණක් නොව ආණ්ඩුවේම කොටස් ලෙස සැලකිය හැකි බොහෝ දෙනෙක්ද දැන් ආණ්ඩුව වෙනුවෙන් කතා කරනු නොපෙනේ. මෙය දෙවසරකට පෙර පැවති තත්ත්වයෙන් විශාල ලෙස අපගමනය වීමකි. ඒ දවස් වල රැල්ල තිබුණේ කලින් ආණ්ඩුවේ වැරදි පෙන්වන පැත්තේය. ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීම ඒ දවස් වල ජනප්‍රිය රැල්ලයි. දැන් රැල්ල ආණ්ඩුවට බැනීමයි.රටින් බැහැරව ජීවත් වන ඉකොනොමැට්ටාට ලංකාවේ වත්මන් ආණ්ඩුව සමඟ කිසිදු සෘජු සම්බන්ධයක් නැත. පරණ ආණ්ඩුවවට සම්බන්ධව සිටි, මේ ආණ්ඩුවට සම්බන්ධ නැති අය සමඟද කිසිදු සෘජු සම්බන්ධයක් නැත. අඩු වශයෙන් ලංකාවේ ජීවත් වූ කාලයේදීවත් ලංකාවේ රාජ්‍ය පාලනයට සම්බන්ධව සිටි හෝ නොසිටි කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ සෘජු සම්බන්ධයක් තිබුණේ නැත.කෙසේ වුවද, ඇටෙන් පොත්තෙන් එළියට එන කාලයේ සිටම ඉකොනොමැට්ටාට ලංකාවේ දේශපාලනය ගැනත්, ලෝක දේශපාලනය ගැනත් උනන්දුවක් තිබුණේය. ඒ උනන්දුව තවමත් එසේම තිබේ. ලංකාවේ ජීවත්ව සිටියදීද අපට ලංකාවේ දේශපාලනය දෙස එයින් බාහිරව සිටිමින් බලන්නට හැකියාව තිබුණේය. රටින් බැහැරව සිටිද්දී එය වඩාත් පහසුවෙන් කළ හැකිය.ආර්ථික විද්‍යාව යනු ඉකොනොමැට්ටා ඇටෙන් පොත්තෙන් එළියට එන කාලයේ සිටම අතැඹුලක් සේ දැන සිටි විෂයයක් නොවේ. එය අප පසුව හැදෑරූ විෂයයකි. එයට අමතරව එක පැත්තකින් මේ විෂයයේ ආකෘති (න්‍යාය) ගොඩනඟන්නට සුළු හෝ දායකත්වයක් දෙන්නටත්, අනෙක් පැත්තෙන් ලංකාවේ ආර්ථිකය මෙහෙයවන ආකාරය ගැන ප්‍රායෝගික අත්දැකීම් ලබන්නටත් අපට ඉඩකඩ ලැබී තිබේ. ඒ නිසා, ලංකාවේ ආර්ථිකය ගැන විමසන්නට අපට අනුන්ගේ කන්නාඩි අවශ්‍ය නැත.එහෙත් එයින් කියවෙන්නේ අප මේ විෂයයේ කෙළ පැමිණ ඇති බව හෝ අප මෙහි ලියන හැම දෙයක්ම සර්ව සම්පූර්ණ බව නොවේ. අප ලියන්නේ අපේ නැණ පමණිනි. අප ලියන්නේ අප දන්නා දේ මත පදනම්වය. අප ලියන දෙයෙහි වැරැද්දක් හෝ අඩුපාඩුවක් ඇත්නම්, ඕනෑම කෙනෙක් විසින් නාමිකව හෝ නිර්නාමිකව එවැනි දේ පෙන්වාදීම පිළිබඳව අප අවංකවම සතුටු වන අතර පිළිගත හැකි අයුරින් පෙන්වා දුන් විටක එවැනි වැරැද්දක් හෝ අඩුපාඩුවක් පිළිගැනීමට අප පැකිලෙන්නේ නැත.ප්‍රශ්නයක් විග්‍රහ කිරීමට වඩා සුදුසු ආර්ථික විද්‍යා ආකෘතියක් යොදා ගන්නටත්, එවැනි සුදුසු ආකෘතියක් නැති විට ප්‍රථම මූලධර්ම අනුව යමින් ගැලපෙන ආකෘතියක් හදා ගන්නටත් අපට බැරිකමක් නැත. එහෙත්, එසේ ආකෘති තෝරාගන්නට හෝ හදාගන්නට වෙන්නේ අප දන්නා තොරතුරු වලට සාපේක්ෂව වීම වැළැක්වීමට නොහැකිය. ඒ නිසා, නොදන්නා තොරතුරු දැනගන්නට ලැබෙන විට අප හිතන හා ප්‍රශ්න විග්‍රහ කරන ආකාරයද වෙනස් වන්නට ඉඩ තිබේ. අපට වඩා වැදගත් වන්නේ වඩා නිවැරදි දෙය සොයා යාම මිස ප්‍රතිරූප ගොඩනගාගැනීම හෝ පවත්වාගැනීම නොවේ.අප නොදන්නා දේ බොහෝ වුවත්, මෙහි පළවන ඇතැම් බ්ලොග් ලිපි වල මාතෘකාවට අදාළ හැම දෙයක්ම පුළුල් ලෙස සාකච්ඡා නොකිරීමට එකම හේතුව එය නොවේ. බ්ලොග් ලිපි ලියන්නේ ඒවා කියවන සාමාන්‍ය පාඨකයින් ඉලක්ක කරමිනි. සිංහලයන් නොවන සුළු පිරිසක් මෙය කියවන පාඨකයින් අතර සිටියත්, මේ බ්ලොග් කියවන වැඩි දෙනෙකු සිංහලයෝ වෙති. මෙහිදී සිංහලයන් ලෙස අදහස් කරන්නේ වැඩි වශයෙන්ම සිංහලෙන් හිතන අයයි. මේ සිංහලයන් අතර ශ්‍රී ලාංකිකයින් නොවන සැලකිය යුතු පිරිසක්ද සිටිති.ඉකොනොමැට්ටාගේ බ්ලොග් ලිපි කියවන රටවල් අය අතරින් 40%ක් පමණම ලංකාවෙන් පිට ජීවත් වන අයයි. වෙනත් බොහෝ සිංහල බ්ලොග් වල පාඨක සංයුතියද මීට සමානය. මේ අය අතර, තාවකාලිකව රටින් පිටව සිටින්නන් මෙන්ම ස්ථිර පදිංචිය සඳහා වෙනත් රටක් තෝරාගෙන ඇති ශ්‍රී ලාංකිකයෝද විශාල පිරිසක් සිටිති. ඔවුන්ගෙන් ඇතැම් අය මේ වන විට ශ්‍රී ලාංකිකයෝ නොවෙති. එහෙත්, ඔවුහු තවදුරටත් සිංහලයෝ වෙති. ජීවත් වන හෝ ඉපදුණු රට කුමක් වුවත් සිංහලයෙකුට හොඳින්ම තේරෙන්නේ සිංහලෙන් කියවන විටය.ඉංග්‍රීසියෙන් කියවන අයට කියවන්නට දේවල් අඩු නැතුව තිබේ. එහෙත්, සාමාන්‍යයෙන් සිංහලෙන් ලියා ඇති දේ පමණක් කියවන අයට කියවන්නට එතරම්ම දේවල් නැත. ලංකාවේ සිට ඉකොනොමැට්ටාගේ බ්ලොග් ලිපි කියවන බොහෝ දෙනෙක් කියවීම සඳහා සිංහලෙන් ලියා ඇති දේ සොයන අයයි. ඔවුන් බොහෝ විට හොයන්නේ සිංහලෙන් කියවන්නට නොලැබෙන දේවල්ය.ලංකාවෙන් පිට ජීවත් වන අය අතරත් වැඩිපුරම ලංකාවේ පත්තරම බලන, ලංකාවේ ටෙලිනාට්‍ය නැරඹීම සඳහා විශාල කාලයක් යොදවන, තමන් ජීවත් වන රටේ ජනමාධ්‍ය සාපේක්ෂව අඩුවෙන් පරිශීලනය කරන සැලකිය යුතු පිරිසක් සිටිති. එමෙන්ම, ඉංග්‍රීසියෙන් හෝ වෙනත් භාෂාවකින් ලියා ඇති දේ වැඩිපුර කියවන, ඒ අතරට සිංහල බ්ලොග් වැනි දේ වෙනුවෙන්ද යම් කාලයක් වැය කරන අයත් සිටිති. මේ අය සිංහල බ්ලොග් කියවන්නේ ලංකාවේ සංස්කෘතිය සමඟ තමන්ගේ ඇති ඓන්ද්‍රීය සම්බන්ධතාව නොකඩවා පවත්වා ගැනීම පිණිසය. ඔවුන්ට ලංකාවේ දේශපාලනය ගැනද උනන්දුවක් තිබේ.අප බ්ලොග් ලිපි ලියන්නේ මේ සියලු වර්ග වල පාඨකයින් වෙනුවෙනි. බොහෝ විට, ඔවුන් උනන්දුවක් දක්වන මාතෘකා අපට පහසුවෙන් හඳුනාගත හැකිය. ඇතැම් විට, ඇතැම් දේවල් විස්තර කරන මෙන් අපට පෞද්ගලික (ඊමේල් හෝ ඉන්බොක්ස් හරහා) හෝ පොදු (කමෙන්ට් ලෙස) ඉල්ලීම් ලැබේ. අප අපේ අදහස්, විමර්ශන හෝ තොරතුරු ඉදිරිපත් කරන්නේ කාගේවත් පෞද්ගලික තීරණ බලහත්කාරයෙන් වෙනස් කිරීමට නොවේ. අපට එවැන්නක් කළ නොහැකිය.අප විශ්වාස කරන පරිදි, ඒකීය පුද්ගලයන්ට තමන්ට හොඳම දෙය තෝරා ගැනීමට ස්වභාවික හැකියාවක් තිබේ. ඒකීය පුද්ගලයින් වෙනුවෙන් හිතන්නට සුවිශේෂී පුද්ගලයින් අවශ්‍ය නැත. එහෙත්, ඕනෑම පුද්ගලයෙකුට තමන්ට හොඳම දෙය තෝරා ගන්නට වෙන්නේ තමන්ගේ දැනුමට හා අත්දැකීම් වලට සාපේක්ෂවය. මේ දැනුම හා අත්දැකීම් සීමිතය. අප නොදන්නා දේ දන්නා දේ වලට වඩා බොහෝ වැඩිය. වෙනත් අයගේ දැනුම් හා අත්දැකීම් මගේ නිම්වළලු පුළුල් කරයි. එය වඩා හොඳ තීරණයක් ගැනීම පහසු කරයි. මෙහි ලියන ලිපි මඟින් ඉකොනොමැට්ටා අපේක්ෂා කරන්නේද එවැන්නක් අනෙකුත් අය වෙනුවෙන් පෙරළා කිරීමයි. ඉකොනොමැට්ටා විසින් ඉදිරිපත් කරන තොරතුරු හෝ විමර්ශන මත කැමති කෙනෙකුට කැමති තීරණයක් ගන්නට නිදහස තිබේ. කියන දේ අපැහැදිලිනම් පැහැදිලි කිරීමටත්, වැරදිනම් නිවැරදි කිරීමටත් ඉකොනොමැට්ටා සූදානම්ය.මෙහි පළවන ලිපි කියවන හැම දෙනෙක්ම එක්කෝ තමන් විසින් මේ බ්ලොග් එක හොයාගත් අයෙකි. එසේ නැත්නම්, වෙනත් අයෙකුගේ මඟපෙන්වීම අනුව පැමිණි අයෙකි. ඉතා සීමිත අවස්ථා කිහිපයකදී හැර, ඉකොනොමැට්ටා විසින් ඔහුගේ පෞද්ගලික මිතුරන් තබා පවුලේ සමීපතම සාමාජිකයින් අතරවත් මෙය ප්‍රචාරණය කර නැත. ඒ ප්‍රචාරණයේ වැරැද්දක් ඇතැයි ඉකොනොමැට්ටා සිතන නිසා නොවේ. අප වැඩි බරක් තබන්නේ තබන්නේ මිනිසුන්ගේ රුචිකත්වයන් වෙනස් කර ගන්නට බලපෑම් කරමින් කෘතීම ලෙස ඉල්ලුමක් ඇති කිරීම කෙරෙහි නොව පවතින ස්වභාවික ඉල්ලුම හඳුනාගැනීමින් පවතින ඉල්ලුම සැපිරීම කෙරෙහි බැවිනි.අපට ලංකාවේ ආණ්ඩු වෙනස් කරන්නට අවශ්‍ය නැත. ආණ්ඩු පවත්වාගෙන යන්නට උදවු කරන්නටද අවශ්‍ය නැත. ඒ තීරණ ලංකාවේ ඡන්දදායකින් විසින් සාමූහිකව ගත යුතු තීරණයි.එහෙත්, ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක ජීවත් වන මිනිසුන්ගේ අනාගත ජීවිත වඩා යහපත් වනු දකින්නට අප කැමතිය. ලංකාවෙන් බැහැරව සිටියත් ලංකාව යනු අපට තවත් එක් රටක් නොවේ. ලංකාවේ ආර්ථිකය හෝ සංස්කෘතිය විනාශ වනු දැකීම අපේ අභිප්‍රාය නොවේ.ලංකාවේ ආර්ථිකය හා එහි විවිධ සංරචක පිළිබඳව අපේ න්‍යායාත්මක දැනුම, අපට ලැබී ඇති අත්දැකීම් හා අප විසින් පරිශීලනය කර ඇති සංඛ්‍යාලේඛණ මත පදනම් වූ විග්‍රහයක් අපට තිබේ. අප ලංකාවේ ආර්ථිකය ගැන ලියන්නේ මේ මූලික විග්‍රහය මත පදනම්වය.අප දකින පරිදි, ලංකාවේ ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්න සියල්ලකම වාගේ මුල මූලික අසමතුලිතතාවන් දෙකකි. පළමුවැන්න, රාජ්‍ය අයවැය හිඟයයි. දෙවැන්න, ගෙවුම් ශේෂ හිඟයයි. අනෙක් ප්‍රශ්න බොහොමයක්ම මේ මූලික ප්‍රශ්න දෙකේ ව්‍යුත්පන්නයි. බොහෝ දෙනෙකු විසින් කතා කරන ණය අර්බුදයද හේතුවක් නොව ඵලයකි.මේ මූලික ප්‍රශ්න දෙක මේ ආණ්ඩුව කාලයේ හෝ පසුගිය ආණ්ඩුව කාලයේ ඇති වූ ප්‍රශ්න නොවේ. ජේආර් විසින් විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු ඇති වූ ප්‍රශ්නද නොවේ. ලංකාව නිදහස ලැබූ කාලයේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ ප්‍රශ්න දෙකකි.පැවති ආණ්ඩු විසින් වරින් වර මේ ප්‍රශ්න වලට විවිධ ආකාර වල විසඳුම් සෙවුවේය. ඒ විසඳුම් වලින් කිසිදු ප්‍රයෝජනයක් නොවූ බැව් අප නොකියමු. එහෙත්, සමස්තයක් ලෙස මේ ප්‍රශ්න කාලයත් සමඟ වර්ධනය වී තිබේ.ඇතැම් අය අසන්නේ ධනවාදය නිසා ලංකාවට ලැබුණු දේ මොනවාද යන්නයි. ධනවාදය නිසා ලංකාවට මොනවා ලැබුණේද යන්න ප්‍රශ්නයක් වන්නේ කවදා හෝ ලංකාවේ ධනවාදයක් තිබුණේනම් පමණි. ලංකාවේ සාතිශය බහුතරය ධනවාදය කියා කියන්නේ කුමක්දැයි නොදන්නා බව මේ ප්‍රශ්නය විසින්ම පැහැදිලි කරයි.වෙනත් අය තබා මේ ගැන බොහෝ කලක් යන තුරු අප දැන සිටියේද නැත. සමාජවාදය උගන්වන්නට ලංකාවේ බොහෝ අය සිටියත්, ධනවාදය කුමක්දැයි කියා දිය හැකි අය ලංකාවේ නොසිටි තරම්ය. ඒ නිසා, ධනවාදය ගැන අප දැන සිටියේද සමාජවාදීන් විසින් ඒ ගැන කියා දුන් දෙයයි. දුප්පතුන්ට මූලික පහසුකම්වත් නැතිව මැරෙන්නට අරිමින්, ධනවතුන්ට පමණක් රිසි සේ මුදල් සොයන්නට උදවු කරන ක්‍රමයක් වෙනුවෙන් කවර හෝ හෘද සාක්ෂියක් ඇති පුද්ගලයෙකුට පෙනී සිටින්නට නුපුළුවන. ධනවාදය ගැන සමාජවාදීන් විසින් කියා දුන් මේ දේවල් ගැන මෙන්ම ඇමරිකාව ගැනත්, වෙනත් බටහිර රටවල් ගැනත් අප "දැන සිටි" බොහෝ දේවල් ගැන අපට සැබෑවටම දැනගන්නට ලැබුණේ ඒ රටවල සමාජයන් හා ආර්ථිකයන් ක්‍රියාත්මක වන ආකාරය හරියටම නිරීක්ෂණය කරන්නට ලැබීමෙන් පසුවය.අප ලංකාවේ පමණක් ජීවත්ව සිට තිබුණු කාලයේ උගත් බොහෝ ආර්ථික න්‍යායයන් සැබෑ ලෝකයේදී ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බවක් අපට නොපෙණුනේය. වෙනත් බොහෝ අය මෙන්ම අප මෙය අවබෝධ කරගත්තේද න්‍යායයන්හි පවතින අඩුපාඩු ලෙසිනි. එහෙත්, මේ බොහෝ න්‍යායයන් වැරදි නොවන බවත්, ඒවා ක්‍රියාත්මක වන තැන් ලෝකයේ ඇති බවත් දැන් අප දනිමු. ලංකාවේදී, මේ දේවල් කියන අයුරින්ම සිදු නොවන්නේ ඇයිද යන්නත් අපට මේ න්‍යායයන් ඇසුරින්ම තේරුම් ගන්නට පුළුවන.ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට පෙර ප්‍රශ්නයක් නිවැරදිව හඳුනාගත යුතුය. ඒ සඳහා ප්‍රශ්නයේ මුලට යා යුතුය. ප්‍රශ්නය හඳුනාගත්තද, ප්‍රශ්නයකට විසඳුම් ඇත්තේ එකක් පමණක් නොවේ. නිවැරදි විසඳුම් ගණනාවක් තිබෙන්නට පුළුවන. මේ විසඳුම් අතරින් හොඳම විසඳුම ඇතැම් විටක පැහැදිලිව පෙනෙන්නට තිබුණත් බොහෝ විට එය එසේ නැත.කිසිවකු විසින් හෝ සාර්ථක ලෙස ධනවාදය ලංකාවට හඳුන්වා දෙනු නොලැබුවත්, බොහෝ දෙනෙකු විසින් පසුගිය සියවසේ මුල සිටම ලංකාවට සමාජවාදය හඳුන්වා දෙනු ලැබුණේය. මා මේ කතා කරන්නේ දාස් කැපිටාල්හි හෝ වෙනත් පොතක ඇති සමාජවාදයක් ගැන නොවේ. (කාල වේලා ලැබෙන පරිදි ඒ පැත්තත් කතා කිරීම වැදගත්යයි සිතන නමුත් මෙය විශාල කාලයක් වැය කළ යුතු කටයුත්තකි.) ලෝකයේ බොහෝ රටවල පැවති, විවිධ දේශපාලන පක්ෂ විසින් ලංකාවේද ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළ හා කරන මධ්‍යගත සැලසුම් ක්‍රමය ගැනය.ඓතිහාසිකව ලංකාවට සමාජවාදය පැමිණියේ ධනවාදයේ අනෙකා ලෙස නොවේ. අධිරාජ්‍යවාදයේ අනෙකා ලෙසය.යුරෝපීයයන් ලංකාවට පැමිණෙන්නට පෙර ලංකාවේ රාජ්‍යය වූයේ රජු හා ඔහු වටා සිටි සීමිත පිරිසකි. එහෙත්, මේ කාලයේ වුවද රාජ්‍යයේ අඬුපඬු සමාජ ජීවිතයේ සෑම අස්සක් මුල්ලකටම පැතිරී තිබුණේ නැත. මේ කාලයේ රටේ ජනතාවට නඩත්තු කරන්නට වූ රාජ්‍යය එතරම් විශාල නොවූ නිසා එහි ලොකු බරක් නොතිබුණේය. මෙයින්  අදහස් වන්නේ එසේ වූ කාල වකවානු නොතිබුණු බව නොවේ. සමාජයේ ස්ථර අතර පැහැදිලි ධුරාවලියක් තිබුණත් රජා බොහෝ විට "අපේම එකෙක්" විය. ඒ නිසා, ඒ රජාව නඩත්තු කිරීමෙන් ජනතාවට ලැබුණු මොනවා හෝ දෙයක් තිබුණේය. අඩු ගානේ "අපට රජෙක් ඉන්නවා" කියා කියන්නට හෝ හැකි විය. රජු  "අපේම එකෙක්" නොවූ විට එවැනි රජුන් එළවන්නට ජනතාව ඉදිරියට ආවේය. (එය සිදුවුණු ආකාරය පැහැදිලි කරන්නට අප මෙහි උත්සාහ දරන්නේ නැත.)පැවති ධුරාවලිය රටේ මිනිසුන් විසින් පවතින තත්ත්වය ලෙස පිළිගෙන තිබුණු නිසා ඒ හේතුවෙන් ජනතාව පීඩනයකින් සිටියේ නැත. පීඩනයක් දැනෙන්නේ පවතින තත්ත්වය පැවතිය යුතු සාමාන්‍ය තත්ත්වය නොවන බව දැනගත් විටය. අතීතයේ ජීවත් වූ මිනිසුන් හිතූ පැතූ ආකාරය අද සංස්කෘතිය තුළ ජීවත් වන කෙනෙකුට අතීතයට රිංගා නිරීක්ෂණය කළ නොහැකිය.රජුට රටේ ඉඩම් වල හිමිකම තිබුණු නිසා, ඕනෑම ගැටිස්සියක අන්තඃපුරයට කැඳවිය හැකිව තිබුණු නිසා හෝ රාජ සභාවේ කිවිසුමක් යැවූ අයෙකුගේ හිස ගසා දැමිය හැකිය වූ නිසා ලංකාවේ රාජ්‍යය අදට වඩා විශාල රාජ්‍යයක් වූ බව අයෙකුට කියන්නට පුළුවන. ඉහත වාක්‍යයේ ඇති බොහෝ දේ අර්ධ සත්‍යයි. රජවරුන්ට අභිමතය ක්‍රියාත්මක කරන්නට ලැබුණු පැහැදිලි රාමුවක් තිබුණේය.යුරෝපීයයන් එන්නට පෙර ලංකාවේ වැසියන් හා රජු අතර තිබුණේ ඉතා ලිහිල් සම්බන්ධතාවයකි. සාමාන්‍ය මිනිසුන්ට කළ හැකි දේවල් ඒ කාලයේදී රජය විසින් කළේ නැත. රජය මඟින් අවධානය යොමු කළේ විදේශ වෙළඳාම ඇතුළු විදේශ ප්‍රතිපත්තිය, නීතිය හා සාමය රැකීම, නියාමනය (තහනම් කැලෑ ආදිය) ආදී රාජ්‍ය මැදිහත්වීමක් නැතිවම බැරි කරුණු කෙරෙහිය. වැව් අමුණු හැදීම හා වෙහෙර විහාර හැදීම වැනි මහා පරිමාණ ප්‍රාග්ධන ආයෝජන වෙත රජය යොමු වුණේ සමාජ අතිරික්තයක් තිබුණු අවස්ථාවලදී මිස බදු වැඩි කරමින් හෝ ණය ගනිමින් නොවේ. (වෙහෙර විහාර හැදීම ආයෝජනයක් වන්නේ කෙසේද යන්න තමන් දැන් ජීවත් වන සංස්කෘතික රාමුවෙන් පිටත දැකිය නොහැකි අයට ප්‍රශ්නයක් විය හැකිය.) රජයේ ආරක්ෂක වියදම් වැඩි කෙරුණේ රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වූ කාල වලදී පමණි. එවැනි කාල වලදී ඒ වියදම් දරන්නට ජනතාව ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් විය.යුරෝපීයයන් ලංකාවට පැමිණීමත්, අන්තිමේදී ලංකාව බ්‍රිතාන්‍ය කොලනියක් වීමත් සමඟ ඉහත තත්ත්වයේ ආකෘතිමය වෙනසක් සිදු විය. 1815න් පසුව, ලංකාවේ රජය යනු බ්‍රිතාන්‍ය රජයේ කොටසක් විය. රජු තවදුරටත් "අපේ එකෙක්" නොවූ අතර, ඒ ගැන සතුටට පත් නොවූ රටේ ජනතාව විසින් තත්ත්වය වෙනස් කරගන්නට දැරුණු උත්සාහයන් සාර්ථක වුනේද නැත. ප්‍රායෝගිකව ලංකාවේ ජීවත් වූ හැම "සුද්දෙක්ම" වාගේ (බ්‍රිතාන්‍ය) රජයේ නියෝජිතයෙක් විය. ඔවුන් රජයේ රැකියාවක නිරතව සිටීම හෝ නොසිටීම මෙහිදී අදාළ කරුණක් නොවේ. සුද්දා සිවිල් සේවකයෙකු වුවත්, මිෂනාරියෙකු වුවත්,  වැවිලිකරුවෙකු වුවත් ඔවුන් සියල්ලන්ම විසින් කළේ බ්‍රිතාන්‍ය රජයේ පාලනය ලංකාවේ පවත්වාගෙන යාමයි.ඉංග්‍රීසින් විසින් ලංකාවේ ආර්ථිකයේ ව්‍යුහයද විශාල ලෙස වෙනස් කළේය. මෙයින් සමස්තයක් ලෙස ලංකාවේ ආර්ථිකයේ නිෂ්පාදන ඵලදායීතාවය වැඩි විය. එහෙත්, එහි අතිරික්තය හිමි කර ගත්තේ ඉහතින් විස්තර කළ රජයේ පාර්ශ්වකරුවන් විසිනි. ඒ අතිරික්තයෙන් කොටසක් යටිතලපහසුකම් දියුණු කිරීම වෙනුවෙන් ආයෝජනය කෙරුණු අතර එවැනි ආයෝජන සිදු කළේ අනාගත ආදායම් ප්‍රවාහ අපේක්ෂා කරමින් මිස පාඩු ලබන්නට නොවේ. ආර්ථික ව්‍යුහයේ සිදුවූ වෙනස්වීම් නිසා රටේ ජනජීවිතයද සැලකිය යුතු ලෙස වෙනස් වූ අතර ඒ කෙරෙහි රාජ්‍යයේ බලපෑම තවදුරටත් නොසලකා නොහළ හැකි තරමට ව්‍යාප්ත විය.ඉංග්‍රීසි පාලනයේ මුල් කාලයේදී රාජ්‍යය යනු ඉංග්‍රීසින් විය. ජනතාව වූයේ ලාංකිකයින්ය. ඒ නිසා, එක පැත්තකින් රාජ්‍ය විරෝධය යනු ආක්‍රමණිකයෙකුට විරුද්ධ වීමක් විය. රාජ්‍යය නඩත්තු කිරීම සඳහා ජනතාවට ගෙවන්නට වූ මිලට ....   වැඩිදුර >>  
Next || Previous