ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
චිකන් චව් මේන් නූඩ්ල්ස් හදමු [ යාම් : 19 ] | The Tasty Love | 2017-08-03 17:34:03
The Tasty Love වෙතින් අද ඔබ වෙත ගෙන එන්නේ ඉතාම රසවත් චයිනීස් නූඩ්ල්ස් වර්ගයක්. චව් මේන් කියන්නේ බොහොම ජනප්‍රිය රසවත් චයිනීස් නූඩ්ල්ස් වර්ගයක්. ඕනෑම නූඩ්ල්ස් වර්ගයක් යොදාගෙන වගේම ඔබට කැමති නම් ස්පැගටි යොදාගෙන වුවත් පිළියෙල කරගත හැකි මේ චව් මේන් නූඩ්ල්ස් රාත්‍රී ආහාරයට ඉතාම සුදුසුයි. උත්සව අවස්ථාවකට වුවත් ඉතාම පහසුවෙන් පිළියෙල කරගත හැකි මේ චව් මේන් නූඩ්ල්ස්, චයිනීස් රෙස්ටුරන්ට් එකකින් ගෙනාවාට වඩා ප්‍රණීතව ඔබට නිවසේදීම පිළියෙල කරගන්න පුළුවන්. විනාඩි 30ක් වැනි සුළු කාලයකින් පිළියෙල කරගත හැකි නිසා, කාර්යබහුල දිනයකට වුවත් සුදුසුයි. පිළියෙල කිරීමේදී සෝස් වර්ග බහුලව භාවිතාවන නිසා කුඩා දරුවන් සඳහා නම් අපි මෙය අනුමත කරන්නේ නෑ. සටහන : මේ සඳහා භාවිතා කරන නූඩ්ල්ස්, එකට නොඇලුනු, උණුසුම් නොවන සිසිල් නූඩ්ල්ස් විය යුතුයි. මේ සඳහා ඔබට උදෑසන හෝ කලින් දින ඉතිරි වූ ශීතකරණයේ දැමූ නූඩ්ල්ස් භාවිතා කරන්නත් පුළුවන්. තම්බාගත් නූඩ්ල්ස් සිසිල් වීමට කාලය අඩුනම්, නූඩ්ල්ස් ඉක්මණින් සිසිල් කරගැනීම සඳහා, තම්බාගත් නූඩ්ල්ස් සිසිල් හෝ ශීත කළ වතුරෙන් සෝදා පෙරාගෙන ක්ෂණිකව භාවිතා කරන්න ඔබට පුළුවන්. Prep Time : 10 min                     Cooking Time : 20 min                     Yield : 2    නූඩ්ල්ස් 200 ( තම්බා සිසිල්වූ ) චිකන් 200 ( අඟලක් දිග සිහින් තීරු කපා ගත් ) සැල්දිරි කප් 1 ( කුඩාවට කපාගත් ) ගෝවා 100 ( මධ්‍යම ප්‍රමාණයේ කැබලි වලට කපාගත් ) ලූනු කොළ කප් 1/2 ( අඟල් 2ක් දිග කැබලි වලට කපාගත් ) ලූනු ගෙඩියක් ( කුඩාවට කපාගත් ) සුදු ළුුනු මේස හැඳි 2 ( තලාගත් ) ඉඟුරු මේස හැඳි 2 ( තලාගත් ) බටර් මේස හැඳි 2 හෝ තෙල් කප් 1/4 සෝයි සෝස් මේස හැඳි 3 ඔයිස්ටර් සෝස් මේස හැඳි 2 සීනි තේ හැන්දක් කෝන් පිටි මේස හැන්දක් කෑලි මිරිස් තේ හැඳි 1/2 ගම්මිරිස් තේ හැඳි 1/2 සාදන ක්‍රමය : සෝස් එක හදාගනිමු බෝල් එකකට සෝයි සෝස්, ඔයිස්ටර් සෝස්, සීනි සහ කෝන් පිටි එකතු කරන්න හොඳින් මිශ්‍ර වන තෙක් කළවම් කර පැත්තකින් තබන්න චව් මේන් නූඩ්ල්ස් හදමු ලොකු සාස්පානක් ලිප තබා බටර් දමා දියවෙන්න හරින්න එයට චිකන් එකතු කරන්න  චිකන් වලට උඩින් සාදාගත් සෝස් එකෙන් මේස හැඳි 2ක් දමන්න සෝස් දැමූ චිකන් දෙපැත්ත පෙරලමින් යම්තමින් රන්වන් පැහැ ගන්නා තෙක් විනාඩි 5ක් පමණ බැදගන්න ඉන්පසු එයට සුදුළුුනු සහ ඉඟුරු එකතු කර විනාඩියක් පමණ බැදගන්න  එයට ලූනු එකතු කර තවත් විනාඩි 2ක් බැදගන්න ඉන්පසු එයට සැල්දිරි සහ ගෝවා එකතු කරන්න කෑලි මිරිස් සහ ගම්මිරිස් උඩින් දමා හොඳින් කළවම් කරමින් ගෝවා මැලවීගෙන එන තෙක් විනාඩි 2,3ක් තෙම්පරාදු කරගන්න  ඉන්පසු නූඩ්ල්ස් එකතු කර කළවම් කරගන්න නූඩ්ල්ස් වලට උඩින් සාදාගත් සෝස් මිශ්‍රණය දමා හොඳින් මිශ්‍ර කරන්න අවසානයේ ලූනු කොළ දමා කළවම් කර ලිපෙන් ඉවත් කරගන්න. ලිපෙන් ඉවත් කරගත් චිකන් චව් මේන් නූඩ්ල්ස් උණු උණුවේ පවුලේ අයට පිළිගන්වන්න. කටට කෙළ උනන සුවඳකින් සහ ප්‍රණීත රසකින් යුතු හොඳට බඩ පිරෙන රාත්‍රී ආහාරයක් ඔබේ ගෙදර අයට රස විඳින්න පුළුවන්..  එහෙනම් හදලා බලන්න. හදලා බලලා අපිටත් කියන්න ගෙදර අයගේ ප්‍රතිචාර කොහොමද කියලා. මේ රෙසිපි එක ගැන ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්නත්, අපිට තරු දෙන්නත්,  The Tasty Love රස ගුණ පිරි නැවුම් රෙසිපි ඔබේ ජංගම දුරකථනයෙන් රසවිඳින්න, අපේ The Tasty Love App එක Google Play එකෙන් ලබාගන්නත් අමතක කරන්න එපා..  The Tasty Love අපේ රස ගුණ පිරි අළුත්ම අළුත් රෙසිපි නැවුම්ව ඔබේ ඊ මේල් ලිපිනයටම ලබාගන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.. Read in ....   වැඩිදුර >>  
Next || Previous