ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
චිකන් ඇන්ඩ් කෝන් සුප් හදමු [ යාම් : 18 ] | The Tasty Love | 2017-08-01 20:24:27
The Tasty Love වෙතින් අද ඔබ වෙත ගෙන එන්නේ ඉතාම රසවත් චයිනීස් සුප් වර්ගයක්. The Tasty Love වෙතින් කලින් දිනයකදී ඔබ වෙත ගෙන ආ එග් ඩ්‍රොප් සුප් වර්ගයක්ම තමයි මේ චිකන් ඇන්ඩ් කෝන් සුප්. චිකන් ඇන්ඩ් කෝන් සුප්, ඔබේ පවුලේ සියළු දෙනාට බොහොම රසට රසවිඳිය හැකි සුප් එකක්. කුඩා දරුවන්ට වෙනුවෙන් විශේෂයෙන් පිළියෙල කරනවා නම්, සෝයි සෝස් යොදා නොගන්න මතක තබා ගන්න. චිකන් තැම්බෙන අතරතුර අනෙකුත් කළමනා සූදානම් කරගෙන කාලය වැඩියෙන් ඉතිරි කරගත හැකි බව සුපුරුදු පරිදි ඔබට අදත් මතක් කරනවා. Prep Time : 10 min                       Cooking Time : 30 min                       Yield : 2 අවශ්‍ය කළමනා :            චිකන් 150g ( ( මධ්‍යම ප්‍රමාණයේ කැබලි වලට කපාගත් ) කෝන් 100g බිත්තර 1 කෝන් පිටි මේස හැඳි 1 1/2 සෝයි සෝස් මේස හැන්දක් ලූනු කොළ කප් 1/4ක් ( පොඩියට කපාගත්) වතුර කප්  3 ලුණු සහ ගම්මිරිස් සාදන ක්‍රමය : චිකන් බ්‍රොත් හදමු තරමක් විශාල සාස්පානක් ලිප තබා එයට චිකන්, ලුණු තේ හැඳි 1/2 ක් සහ වතුර කෝප්ප 2 1/2ක් දමන්න උතුරන තෙක් වැඩි ගින්දරේ තබා ඉතිරූ පසු මඳ ගින්නේ විනාඩි 20 ක් පමණ තැම්බෙන්න හරින්න දැන් ඔබේ චිකන් බ්‍රොත් එක සූදානම් හොඳින් තැම්බුනු චිකන් සාස්පානෙන් ඉවත්කර නිවෙන්න තබා, කුඩා කැබලි වලට ඉරාගන්න චිකන් ඇන්ඩ් කෝන් සුප් හදමු වතුර කප් 1/4කට හොඳින් කෝන් පිටි දිය කරන්න ( පින්තූරය 1 ) ලිපේ තිබෙන චිකන් බ්‍රොත් සාස් පානේ ගින්දර තරමක් වැඩිකර, එයට කෝන් එකතු කර නැවත උතුරන්න හරින්න ( පින්තූරය 2 ) එයට සෝයි සෝස් එක් කරන්න සාදාගත් කෝන් පිටි මිශ්‍රණය චිකන් බ්‍රොත් එකට දමා හොඳින් කලවම් කරන්න විනාඩි 2ක් පමණ හොඳින් උතුරන්න හරින්න කුඩා බෝල් එකක බිත්තරය හොඳින් බීට් කරගන්න ( පින්තූරය 3 ) බිත්තර මිශ්‍රණය උතුරන චිකන් සුප් භාජනයට ක්‍රමයෙන් එකතු කරන්න ඒ අතරේ නොකඩවා රවුමට සුප් එක හැඳිගාන්න නැවත වරක් හොඳින් උතුරන්න ඉඩ හරින්න ( පින්තූරය 4 ) අවසානයේ කුඩාවට ඉරා ගත් චිකන් එකතුකර ලිපෙන් ඉවත් කරගන්න පින්තූරය 1                             පින්තූරය 2                          පින්තූරය 3         පින්තූරය 4         ලිපෙන් ඉවත් කරගත් චිකන් ඇන්ඩ් කෝන් සුප්, ඇති පමණට ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් උඩින් ඉස, රවුමට කපාගත් ලූනු කොළ ටිකක් උඩින් දමා උණු උණුවේ පවුලේ අයට පිළිගන්වන්න.  කුඩා දරුවන්ට නම්, විනාඩි 10ක් පමණ නිවෙන්න හැර හොඳින් නිවුනු පසු පිළිගන්වන්න.. සුවඳිනුත්, පෙනුමෙනුත් කටට කෙළ උනන මේ සුප් එකේ රසත් ඉතාම ප්‍රණීත බව ඔබට වැටහේවි. රාත්‍රී ආහාරයට පෙර හෝ, හවසට රසවිඳින්න ඉතාම සුදුසු මේ චිකන් ඇන්ඩ් කෝන් සුප් චයිනීස් රෙස්ටෝරන්ට් එකකින් ගෙනල්ලා කියලා ගෙදර අය සිතාවි. එහෙනම් හදලා බලන්න. හදලා බලලා අපිටත් කියන්න ගෙදර අයගේ ප්‍රතිචාර කොහොමද කියලා. මේ රෙසිපි එක ගැන ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්නත්, අපිට තරු දෙන්නත්,  The Tasty Love රස ගුණ පිරි නැවුම් රෙසිපි ඔබේ ජංගම දුරකථනයෙන් රසවිඳින්න, අපේ The Tasty Love App එක Google Play එකෙන් ලබාගන්නත් අමතක කරන්න එපා..  The Tasty Love අපේ රස ගුණ පිරි අළුත්ම අළුත් රෙසිපි නැවුම්ව ඔබේ ඊ මේල් ලිපිනයටම ලබාගන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.. Read in ....   වැඩිදුර >>  
Next || Previous