ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
හුස්ම ගන්න හාද්දක් [ යාම් : 37 ] | රස්තියාදුකාරයා | 2017-07-12 00:08:51
                                                   ඒක අහඹූ හමුවීමක් සහ වෙන්වීමක් අතර තිබුණු අපැහැදිළි තැනක්. මට ඕනෙ වුනේ ආදරයක් නෙවෙයි වෙන දේකුත් නෙවෙයි අපැහැදිලි දෙයක්. මාස ගානක් තිස්සෙ මන් ඉන්න බෝඩිමේ උඩ තට්ටුවට එයාව පේනවා නිතරම එළියට එන්නෙ නෑ. සතියේ දවස් පහේම යන එයා එන්නෙ හවස්වෙලා. සෙනසුරාදා ඉරිදා වුනත් එයා ගෙදරින් එළියට බහින්නෙ ගොඩක් අඩුවෙන්,සමහරවෙලාවට බහින්නෙම නෑ. අමතක වුණා දෙයක් කියන්න මන් දැන් ආයෙත් කතාවෙ මුලට යන්නම්.                                                   මන් මේ බෝඩිමට ආවෙ මාස හතර පහකට කලින්. තවත් බෝඩිමක ඉදන් තවත් තැනකට මුහු වෙනකොට තියෙන්නෙ අමුතු හැගීමක්. මොකද අළුත් තැනකට මුහු වෙනකොට එහෙම හැගීමක් එනවා. මෙතනට ඇවිල්ලා දවස් දෙක තුනකදි වගේ තමයි එයාව දැක්කෙ එයා සුදුයි ඒත් සුදුම නෑ ඒක සුදට වඩා ලස්සන අදුරු පාටක්..ටිකක් විතර උසද මන්දා...එත් උසමත් නෑ..... එයාගේ තිබ්බා අමුතු පෙනුමක් හරියට මිනිස්සුන්ව වසගයට ගන්න පුළුවන් පෙනුමක්ම කියලා මන් කියන්නෙ නෑ.                                          ඒත් මන් වසගයට ගන්න පුළුවන් වුණු පෙනුමක්. පොඩ්ඩක් ඉන්න මන් වසගයටම ගත්තා කියන්නත් බෑ. ඒත් මන් එයා ගැන ටිකක් උනන්දු වුණා. ට්කක් කිව්වට ඕනාවටත් වඩා වැඩි පුර උනන්දු වුණා කිව්වොත් ඒක වැරදියිම කියන්නත් බෑ.                       දවසින් දවස එයා මල් පැල වලට සාත්තු කරන දිහා මන් හවස ඇවිත් උඩ තට්ටුවෙ ඉදන් බලන් හිටියා.  එක නිකන් පුරුද්දක් විදියට හැමදාමත් වුණා. තේ එකකුත් එක අතකින් අරගෙන පුටුවෙ වාඩි වෙලා එයා දිහා බලන් ඉන්න එක පුරුද්දක් වුනා. ෆෝන් එකත් ඔබ ඔබ සතියෙ දවස් වලටනම් මම විනාඩි පහලවක් විස්සක්ම කරන්නෙ එයා දිහා බලන් ඉන්න එක. එයාගේ තිබුනේ  ටිකක් විතර සිහින් සිරුරරක් අවශ්ෂ්‍ය හැඩ ඒ සිරුරේ ඕනවටත් වඩා තිබුණා.                                    ඒත් මන් ආස එයාගේ උඩ කෙහෙ රැල්ලක් නිතරම මූනෙ පැත්තට වැටිලා තියෙන කොට එයා දිහා බලන්න. එතන තිබුනේ අමුතු අහිංසක ලස්සනක්.... ඇත්තම කිව්වොත් මාව ඉක්මණටම වසගයට ගත්තා.                                                        මන් වැඩ කරේ ඉන්ෂුවරන්ස් කම්පැනියක පියන් කෙනෙක් විදියට. ඒත් ඉතින් මන් ඊට වඩා හම්බ කරන්නෙ ඒ යන එන ගමන්. මොකද මන් වැඩට යන්නෙ ත්‍රීවිල් එකේ. කියන්න ඕනෙ නෑනෙ කොළඹ  හයර් කෑලි වැදෙන විදිය උදේට යි හවසටයි.  පැය පැය ඔය දේකේදි ගහගත්තත් රුපියල් තුන් හාරසීයක් අනිවාර්යෙන්ම හම්බෙනවා.  මන් ත්‍රීවිල් එක ගැන කිව්වෙ කතාවේ ඊළග කොටසට යන්න . ආ හරි දැන් ඒක මෙහෙමයි........                               මන් වගේ නෙවෙයි එයා උගත් ගෑණු කෙනෙක්  මටත් වඩා උපරිම අවුරුදු දෙක තුනක් වැඩිමල් ඇති. විසි අටක් විසි නවයක් වගේ. අවුරුදු දෙක තුනක් විතර වෙන එයාගෙ බබාව බලාගත්තේ එයාගේ අම්මා. අම්මත් එයා වගේමයි හරිම අහිංසක හොද ගෑණු කෙනෙක්. ළගකදී මන් යනකොට පාරේ ඉදලා ටවුමට දාන් ගියා. එපා එපා කියද්දි සල්ලි සාක්කුවෙ ඔබලයි යන්න ගියේ.                                        හස්බන්ඩ් නම් තාම හරියට දැකලා නෑ...එන්නෙ රෑ...යන්නෙ පාන්දර.... නිවාඩු දවසට දවල් වෙනකම් නිදි. ඊට පස්සෙනම් කාර් එකේ නැගලා කොහෙ හරි යනවා.  වැඩිය වත්තකවත් ඉන්නවා දැකලම නෑ. මිනිහා පාවිච්චි කරන්නෙ අවුඩියක්. හොද කම්පැණියක අඩු වයසින්ම ලොකු තැනකට ගියපු හොද තදයෙක් වගේ. ස්මාට් මනුස්සයා....එහෙව් මිනිහෙක්ගේ ගෑනි මොකට රස්සාවක් කරනවද මන්දා.....ගෑනිටත් ගොඩක් ආදරේ වගේ හොදට සලකනවා. මොකද මන් දැකලා තියෙනවා එක එක මළු උස්සන් ඇවිල්ලා එයාට දෙනවා.                                     හැබැයි වැඩි කතා බහක් නෑ. බොරු මහන්තත්වේ ඉහටත් උඩින් මිනිහා ඇවිදින්නෙත් එන්ගලන්තේ පැලස් එකකින් බැහැපු එකෙක් වගේ. සන්ග්ලාස් නැතිව මිනිහා එළියට බහින්නෙම නැද්ද කොහේ. හැබැයි ගෑනිත් එක්කවත් බඩුවක් මුට්ටුවක් ගන්නවත් කොහෙවත් යන්නෙ නැද්ද කොහෙද.  මොනව වුනත් ස්මාට් මනුස්සයා. උදේ පාන්දර යන්නෙ ජිම් එකට වෙන්න ඇති ඇගේ සික්ස් පැක් හදාගන්න.                                                      උබලා හිතනවා ඇති මන් මහ ඕපදූපයෙක් කියලා උන්ගෙ ගෙවල් දිහා මෙහෙම බලන් ඉන්නකොට.  ඒත් එහෙම නෙවෙයි මම දැන් පුරුද්දට වගේමත් නෙවෙයි එයා දිහා බලන් ඉන්නකොට දවසෙ තිබ්බ ඔක්කොම කරදර නැතිවෙලා පුදුම සැහැල්ලුවක් දැනෙනවා වගේ කියන්න තේරෙන්නෙ නැති අමුතු හැගීමක් එනවා.ඒක ඇත්තටම සැහැල්ලුවක්,අමුතු නිදහසක් වගේ එකක්.                                         එයාගේ තිබ්බෙ අමුතු ගැස්සිල්ලක් එක්ක තියෙන අමුතු ලස්සනක්....මොකද්ද ඕකෙ තේරුම කියලා කව්රු හරි අහන්න පුළුවන්. ඒත් මට හිතෙන්නෙ අපි කරන හැම දේකම තේරුමක් තියෙන්න ඕනෙ නෑ.සමහර දේවල් ඉබේ සිද්ධ වෙනවා.  මොකද මොකක් හරි අපිට නොතේරෙන අපේ ජීවිත වල යටි පැත්තක් ඒවගෙන් ලස්සන කරනවා.                                                                    හරි මන් දැන් යන්නෙ කතාවේ වැදගත් කොටසකට එදා හරියටම පොසොන් පෝයට පස්සෙ ආපු මුල්ම සතියේ දවස. ඒදා මාත් අත්දිගට සුදු පාට කමිසයකුයි...ක්‍රීම් පාට කලිසමකුයි ඇදලා එළියට ආවේ වැඩට යන්න. ත්‍රීවීල් එකේ ටික දුරක් යනකොට අත දැම්මෙ අර ලස්සන ගෑනු ළමයා.                          අද එයා ලෑ ඔෆිස් එකෙන් ලොකු බෝධි පූජාවක් ලු මහරගම පුවක්පිටිය පන්සලේ. මන් හිටියේ ඇත්තටම තිගැස්සෙම්න් මොකද අර අර හොරෙන් හොරෙන් බලපු ගෑණු ළමයා දැන් ඉන්නෙ මගේ පිටිපස්සෙ . එයා ඇත්තටම දුරටත් වඩා ළගට ගොඩක් ලස්සනයි. හම හරිම ෆ්‍රෙෂ් නිකන් නාපු ගමන්ම ඇවිත් වගේ. තව ඒතරම්ම කෙට්ටුත් නැද්ද කොහෙද.                                                  නාවල ඉදන් මහරගම ගියොත් අද මට හාෆ් ඩේ තමයි යන්න වෙන්නෙ. ඒත් මන් හා කිව්වෙ නිවාඩුවක් දාන්න අද තරම් වැදගත් දවසක් තව නැති නිසා. එයා මාව අදුරගත්තෙ නෑ. මොකද එයාට මන් ගැන තියා කා ගැනවත් ගානක් නෑ. පාරට බැස්සත් ඉස්සරහා බලාගෙන ගමන. වට පිට ගැන ගානක් නෑ. ඒත් හස්බන්ඩ්ගෙ වගේ සෝබන ගමනක්නම් නෙවෙයි ඒක."සෙරමික් එක ලග නේද ඉන්නෙ""ඔව් කොහොමද දන්නෙ"මට හිනා ගියා  " මන් බෝඩ් වෙලා ඉන්නෙ ඔයා ඉන්න ගෙදරට ඉස්සරහ තට්ටු දෙකේ ගෙදර""අහ්... ඔයත් එක්කනෙ අපෙ අම්මා ටවුන් ගියේ එහෙනම්""හා ඔව්"                                     කතාව එච්චරයි. ටිකක් වැඩිපුර වෙලාවක් එයාව තියාගෙන ඉන්න විදියක් වෙන්න ඇති මගේ හිත හොයන්න ඇත්තෙ. මොකද ජුබිලි කණුව ළගින් දාලා ගියොත් ට්‍රැෆික් හව්වෙන එකක් නෑ කියලා හිතුනත් මන් ගියේ හයි ලෙවල් එකේ. හතේ කණුව හරියට වෙනකොට ටැෆික් එක ටිකක්.                                    එතන ටිකක් ස්ලෝ කරනකොට ආවේ පොඩිමත් නැති කොල්ලො කෙල්ලො සෙට් එකක් කොල කැද වීදුරු වගයකුත් අරගෙන."බොමු කොළ කැද"මට ඉබේටම බැලූනෙ එයාගෙ මුහුන දිහා. පොඩි කොල්ලො උස්සන් ආපු විදියට එයාටත් හිනාගියා. මන් ඒ ඒයා හිනා වෙනවා දැක්කමයි. මට ඉස්සෙල්ලා වීදුරුවක් ගත්තෙ එයා. එයා බොනකොට හකුරු කෑලි අරන් දුන්නෙ මම එතකොට එයා ඇහි බැම උඩට කරලා පොඩ්ඩක්  මන් දිහා බැලුවා. එයා ඇත්තටම ලස්සනයි.                                          පොසොන් එකට දන්සැල් හැමතැනම. විජේරාමෙ හරියෙදි කොඩියක් වනනකොට පොඩ්ඩක් බැලුවේ දන්සැල මොකද්ද කියලා ඒක සව් දන්සැලක්."මේකෙත් නවත්වන්නද" මන් ඇහුවේ විහිළුවට,ඒකත් කව්ද මේ උදේම සව් බොන්නෙ...."හා නවත්වන්න" එයත් කිව්වෙ හිනාවෙවී. මන් ඒ එයා හිනාවෙනවා දැක්ක දෙවැනි පාර.                                         ඒක ආඩම්බර,බුම්මා ගත්ත මුහුණක් ඒ නිසා හිනාවෙනකොට කොහොමද කියලා දැක්කෙ එදා.ඊට පස්සෙ ආයෙත් එයාගෙ කතාවක් නෑ. ආ තව එක දෙයක් ඇහුවා. ඔෆිස් කිට් එකක් ඇදන් ත්‍රීවිල් එකේ යන්නෙ ඇයි ද කියලා?  වැදගත්ම දේ එයා මගේ නම්බරේ ඉල්ල ගත්තා ආයෙත් හයර් එකක් යන්න ඕන වුනාම කොල් එකක් දෙන්න වෙන්න ඇති.                                                                             හරි කාලය ඔය විදියට ටික ටික ගියා. ඒ වගේම එයා මාත් එක්ක දවස් දෙක තුනක් එයා මාත් හයර් ගියා. ඒත් යන තැනයි, බහින තැනයි කිව්වා විතරයි ඊට වඩා මොකුත් කිව්වෙ නෑ.                      ඒත් ඉතින් එකත් ඇති මොකද සාමාන්‍යයෙන් මට එයා ළග ඉන්න කොට මොකුත් කතා කරන්න අමාරුයි. ඒකත් ගොත ගැහෙනවා. ඒ නිසා මේ ක්‍රමේ හොදයි. අනික එයා හිතනවත් ඇතිනෙ මන් හොද වැඩ් කතා නැති කෙනෙක් කියලා. ඒත් ඉතින් ඇත්තම ජීවිතේ වුනත් මන් වැඩි කතාවක් නැති කෙනෙක්.                                              මේ හැම සිද්ධියකටම මුල් වුණු කතාව වෙන්නෙ ඊට මාසෙකට හමාරකට විතර පස්සෙ. තාමත් මන් හිතන්නෙ ඒ සිද්ධිය එහෙම වුණු එක හොදයිද... නැත්තම් නොවුන නම් හොදයි ද කියලා. මොකද මේ හැමදේකටම මුල එක.                                                         එදා වැස්සක් ඉවරවුණු ගමන්ම පාරේ අයිනේ මඩ වලවල් පිරුණු තෙත පරිසරයක් තිබ්බ දවසක්. මේ එයාගෙන් මට ආපු හතර වෙනි කෝල් එක නැත්තම් හතරවෙනි හයර් එක කිව්වත් වරදක් නෑ.                                                                                                                                 මතු සම්බන්ධයි-රෝමාන්තික ....   වැඩිදුර >>  
Next || Previous