ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
අනුරාධපුරය චාරිකාව [ යාම් : 54 ] | කැඩපත | 2017-07-10 12:27:12
දිනය : 2017 ජුනි 12කණ්ඩායම: වැඩිහිටි 7, ලමා 3යිනවාතැන්: අදාල නැතප්‍රවාහන මාධ්‍ය: කුලි වැන් රියක්ක්‍රියාකාරකම්: ආගමික හා පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹිමකාලගුණය: දින දෙක පුරාවටම වර්ශාවෙන් තොර පැහැදිලි කාලගුණයක්තොරතුරු ලබාගත් මාධ්‍යයන්: අන්තර්ජාලයේ විවිධ ලිපි,ටි.බි අරන්ගල්ල හා රුක්මණි අරන්ගල්ල ගේ සිරිලක සිරි චාරිකා කෘතිය. මාර්ගය: ගිරිතලේ> හබරණ>මරදන්කඩවල> අනුරාධපුරය> මිහින්තලේ නැරඹු ස්ථාන දැක්වෙන සිතියම්:අනුරාධපුරය රාජධානිය  මහාවංසයට අනුව අනුරාධපුරය ප්‍රථම වරට ජනාවාස කරගෙන ග්‍රමයක් පිහිටවුයේ (ක්‍රි පූ. 6සියවසේ) ඉන්දියාවෙන් මෙරටට සංක‍්‍රමණය වු ආර්‍යයන් වන විජය කුමාරු ඇතළු පිරිසේ සිටි අනුරාධ නම් අයෙකු විසිනි.එම ග්‍රාමය (ක්‍රි පූ. 4 වන සියවසේ ) පණ්ඩුකාභය රජතුමන්  පුරයක් බවට පත් කරන ලදි. ක්‍රි පූ 4වන සියවසේ සිට ක්‍රිස්තු වර්‍ෂ 11වන සියවස දක්වා අනුරාධපුර රාජධානිය ශ්‍රි ලංකවේ අගනුවර වශයෙන් පැවතුනි.අනුරාධපුර වන්දනා ගමනකදි අනිවාර්‍යෙන්ම යන ස්ථාන නම්, අටමස්ථානයි.අටමස්ථාන1.1.    ජය  ශ්‍රි මහා බෝධින් වහන්සේ1.2.    ලෝවාමහාපාය1.3.    රැවන්වැලි සැය1.4.    අභයගිරිය1.5.    ථුපාරාමය1.6.    ජේතවනාරාමය1.7.    ලංකාරාමය 1.8.   මිරිසවැටියඋදැසන 4.30ට පමණ ගිරිතලෙන් පිටත්වු අප උදැසන 6 වනවිට අපගේ ගමනේ මුලිකම අරමුණවු, ජය  ශ්‍රි මහා බෝධින් වහන්සේට කිරිපිඩු දානයක් පුජාකිරිම සදහා ජය  ශ්‍රි මහා බෝධින් වහන්සේ වෙත ලගාවුනා.නිවසින් පිලියෙල කරගෙන ආ දානය නිවසින්ම ගෙන ආ පාත්තරවල සකස්කර පුජා කලේ ගමනේ මුලිකම අරමුණ සාක්ශාත්  කරගනිමින්. ඉන් අනතුරුව ජය  ශ්‍රි මහා බෝධින් වහන්සේට පුජා කිරිමට ගෙන ආ සිවුර පුජා කිරිමට, ඒ සදහා  බෝධින් වහන්සේගේ පිවිසුම් ගේට්ටුව අසල සිටින අයට දුන්විට, පදුරු සමග දෙන ලෙස ඔවුන් විසින් ඉල්ලා සිටිම නිසා, නැවත එය පඩුරු සමග ඔවුන්ට ලබා දිමට සිදු වුනා.1.     ජය  ශ්‍රි මහා බෝධින් වහන්සේබුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 237ට පසුව එනම් ක්‍රි.පු. තුන්වන සියවසේදි දේවානම්පියතිස්ස රජ සමයේ, මිහිදු මාහිමියන්ගේ සොයුරියවු සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ විසින් විවිධ සමාජ ශ්‍රේණීන්ට අයත් වූ ශිල්පීන් රැසක්ද සමග, බුදුන් බුද්ධත්වයට පත්විමේදි පිටදුන් මහා බෝධියෙන් (පෙර ඇසතු වෘක්ෂය) ලබා ගත් දක්ෂිණ ශාඛාව භාරතයේ සිට මෙරටට වැඩම කරවනු ලැබිය.පිරිනිවන් මංචකයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන පහක් කළ බව වංශකතාවල සඳහන් වේ. එයින් අධිෂ්ඨාන තුනක්ම බෝධින් වහන්සේ සම්බන්ධවවිම බොධින් වහන්සේගේ වැදගත්කම පිලිඹිබුවේ.01. ධර්මාශෝක නරේන්ද්‍රයා බෝධින් වහන්සේ ලංකාවට වැඩමවන්නට කටයුතු යොදද්දී දක්ෂිණ ශාඛාව මහා බෝධියෙන් ඉබේම වෙන් වෙත්වා.02 බෝධියෙන් මිදී රන් කටාරමේ පිහිටි දක්ෂිණ ශාඛාව ආකාශයට පැන නැඟී වලාවෙන් වැසී දින සතක් පවතීවා.03. බෝධින් වහන්සේගේ පත්‍රයෙනුත්, බීජයෙනුත් සවනක් ඝණ බුදුරැස් විහිදේවා.ශ්‍රි මහා බෝධින් වහන්සේ වටා පරිවාර බෝධීන් 41ක් හිඳුවා ඇති අතර මේවායින් තුනක් උඩ මළුවේ ද ඉතිරිවා ඊට පහළ මළුවේ ද ඇත.වර්තමානයේ බෝධිය වටා ඇති ශෛලමය ප්‍රාකාරය ඉදිකරන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුය, එය එක් පැත්තකින් අඩි 330ක් ද අනික් පැත්තෙන් අඩි 274 ක් වන අතර උස අඩි 10කි. ඉහළ ම මළුවේ ඇත් පවුර හා ඇති රන් වැට 1969 දී මහනුවර ශ්‍රී මහා බෝධි ආරක්‌ෂක රන්වැට දායක සභාව විසින් කරවන ලද්දකි.අතිතයේ බෞද්ධයෝ නිඳිමරා ගිනිමැල දල්වමින් බෝධිය වන සතුන්ගෙන් ආරක්ෂා කළහ. මේ සඳහා අවශ්‍යවු දර වර්ෂයකට සෑහෙන ප්‍රමානයක් රැස්කර ගැනීම සඳහා දිනයක් වෙන්කර ගත්හ. කල් යෑමේදී එම දිනය “දරමිටි පෝය” ලෙසින් ද එම ක්‍රියාව දරමිටි පෙරහැර ලෙසින් ද හඳුන්වන්නට විය.  2008 වසර වන විට අවුරුදු 2550 ක් ඉක්මවන බෝධින්වහන්සේගේ විශේෂිත චාරිත්ර විධි, රෝපණයෙන් සිට  අද දක්වා  ඒ සදහා  ඒ සදහා පත් කර ඇති අයවලුන් විසින් පවත්වාගෙන එනු ලැබේ.2.     ලෝවාමහා ප්‍රාසාදයඉන් අනතුරුව අප ගියේ ආසන්නයේම තිබෙන ලෝවාමහාපාය වෙතයි.දුටුගැමුණු රජතුමා මහමෙව්නා උයනට මහා සංඝරත්නය රැස්කරවා මෙසේ පැවසීය. ‘නුඹ වහන්සේලාට මම දිව්‍ය මන්දිරයක් සමාන වූ ප්‍රාසාදයක් කරවන්නෙමි. දිව්‍ය ලෝකයට වැඩ එහි ආකාර සැලැස්මක් මා වෙත ගෙන්වා දෙන සේක්වා’. ඉනික්බිති රහතන් වහන්සේ අටනමක් තව්තිසා දෙව්ලොවට වැඩ ‘භරණී’ නම් දිව්‍යාංගනාවගේ නවමහල් දිව්‍ය විමානය දැක එහි සැලැස්ම සිවුරක් මත සටහන් කරගත් බවත් එම සැලැස්මට අනුකූලව ලෝවාමහාපාය කර වූ බවත් මහාවංශය සඳහන් කරයි.මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා දුටුගැමුණු රජතුමාට (ක්‍රි. පූ 161 - 137)   කහවනු කොටි තිස්තුනක් වැය වි ඇති බව සදහන් වේ.මෙම ගොඩනැගිල්ල ආවරණය සදහා ලෝහ තහඩු යොදාගෙන තිබු හෙයින්, -ලෝහ ප්‍රාසාද- යන නම්න් මෙහ හැදින්වු බව පොත පතෙහි සදහන් වේ.සද්ධාතිස්ස රාජ්‍ය සමයෙහි (.පූ .ක්‍රි( 137 - 119) මහාපාය ආලෝකවත් කළ පහනක් පෙරැළී ලෝවාමහාපාය ගිනිගත් බවත් කියැවෙයි. දෙවන සිරිනාග රාජ්‍ය සමයේ ද නැවතත් මෙය ගිනිගත් බැවින් එය පස්මහල් කොට නිමැවී ය.  මහල් නවයකින් යුත් කාමර දහසක්ද කූටාගාර දහසක්ද තිබු මෙහි පලමු මහල පෘථග්ජන භික්ෂුන්ටද, දෙවන මහල  ත්‍රිපිටකධාරි භික්ෂුන්ටද,  තුන්වන මහල සෝවාන් ඵලයට පත්වුවන්ටද, සිවුවන මහල  සකෘර්දාගාමිටද,  පස්වැන්න අනාගාමි වුවන්ටද වෙන් කර සෙසු මහල් රහත් හිමිවරුන්ටද වෙන් කර තිබුනු බව පොත පතෙහි සදහන්ය. දැනට මෙහි අඩි 12ක් පමණ උස ගල් කණු 40හේ පේළි 40ක් එනම් ගල් කණු 1600ක් ඇත.3.     රුවන්වැලි සැය අපේ මිලග නැවතුම පුජනිය රුවන්වැලි මහා සැයයි.දුටුගැමුණු රජතුමාවිසින්  ක්‍රි.පු. 161-137 කාල වකවානුවේදි බුදුරජාණන් වහන්සේගේ ශාරිරික ධාතුන් වැඩි ප්‍රමාණයක්(සර්වඥ ධාතූන්ගෙන් 1/8 ක්) නිදන් කර ඉදිකරවන ලද මෙහි වැඩ ඔහු ජිවත්ව සිටියදි නීම කිරිමට නොහැකිවු අතර සම්පුර්ණයෙන් ඔහුගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා විසිනි. මෙය ස්වර්ණමාලි, රත්නමාලි, මහාථුප හා රැවන්වැලි යන නම් වලින්ද හැදින්වේ.මෙම චෙත්‍යය ඉදිකිරිමෙදි  එම ස්ථානයේ තිබු ස්වර්ණමලි නම් දෙවගන අධිගෘහිත තෙළඹු ගස කපා ඉවත් කිරිමට සිදුවු අතර, එහිදි ඇය ගස කපා ඉවත් කිරිමට එකගවුයේ චෙයිත්‍යය ඇගේ නමින් නම් කිරිමට පොරොන්දුවිමෙන් පසුව බව ජනශ්‍රිතියේ එයි.මිහිඳු මහරහතන් වහන්සේ අටමස්ථානය හඳුන්වා දීමේ දී සත්වැනි ස්ථානය වශයෙන් මෙම මහා සෑය පිහිටුවන තැන හඳුන්වා දුන් බව කියැවෙයි. දේවානම්පියතිස්ස රජතුමා මේ පිළිබඳව විමසීමේ දී මිහිඳු මහ රහතන් වහන්සේ වදාළේ මෙතැන ‘ස්වර්ණමාලී’ මහා සෑය නමින් ස්තූපයක් ඔබගේ මුණුපුරකු විසින් අනාගතයේ කරවන බවයි. එම පුවත ගල් ටැඹක ලියා එම ස්ථානයේ පිහිට වූ බව වංශකතාවල සඳහන් වේ. දුටුගැමුණු රජතුමා මෙම මහා ස්තූපය කරවා ඇත්තේ එම ගල්ටැඹ එසවූ ස්ථානයේ ය.රුවන්වැලි සෑයේ අඩිතාලම දැමීමට අඩි 7 යි අඟල් 6 ක් පමණ පොළව සෑරූ බව කියැවෙයි. හුණුගල් ගෙන්වා යෝධයන් ලවා කුළු ගස්වා පොඩි කරන ලද එම ගල් අඩිතාලමට දමා ඇතුන් ලවා මැඩවීය. ඒ සඳහා රජතුමා කොතරම් නම් කාරුණික වූයේ ද යත් මෙම ඇතුන්ගේ පතුල් තුවාල වී අනතුරට ලක්වීම වැළැක්වීමට සමින් මසන ලද ‘අලි සපත්තු’ පලඳවා පතුල් ආරක්‍ෂා කරවීය. ඊට අමතරව රහතන් වහන්සේ මගින් ලබා ගත් ‘වෙඬරුමැටි’ නොහොත් ‘නවතීන මැටි’ (ඉතා සියුම් මැටි වර්ගයක්) ඇතිර වීය. එය මත ගඩොල් ද ගඩොල් මත්තෙහි සුද්ධ කරගල් ද එයිටත් මත්තෙහි කුරුවින්ද ගල් ද ඊටත් උඩින් යබොර කැටද, ඉන් මත්තෙහි බොරළු ද, බොරළු මත හිමාලයෙන් ගෙනෙන ලද පළිඟු ගල් ද, එයටත් උඩින් තවත් විශේෂ ගල් වර්ගයක් ද ඇතිරීය. මෙම ස්ථරයත් දැඩිව තද කිරීමෙන් පසුව, රසදියෙන් මිශ්‍රකළ ගිවුලු මැලියමින් අඟල් 8 ක් ඝන වූ ලෝහ තහඩුවක් මුළු අත්තිවාරම වැසෙන පරිදි සවිකළේ ය. ආරම්භයේ දී රුවන්වැලි මහා සෑයේ උස අඩි 300 ක් ද ස්තූප පාදයේ වර්තමාන විශ්කම්භය අඩි 298 ක් ද වන බව පරණවිතානයන්ගේ ‘ලංකාවේ ස්තූප’ නම් ග්‍රන්ථයේ සඳහන් වෙයි. මේ අනුව මෙතරම් විශාල ඉදිකිරීමක බර දරා සිටින අත්තිවාරමේ ඇති ශක්තිය පිළිබඳ දළ හැඟීමක් ඇතිකර ගත හැක. ඉහත කී තහඩුව මතු පිට තලතෙලින් පොඟවන ලද රත් සිරියෙලින් අඟල් හතක් ඝන රිදී පටක් ද ඇතිරවීය. (මෙය රිදියෙන් කළ කොටු දැළක් විය හැක.)මෙසේ අඩිතාලම දමා තුන්මාල් පේෂාව දක්වා චෛත්‍ය ගොඩනැගීමේ දී නව වාරයක් එය පොළවට කිඳා බැස ගිය බවත් ඉන් පසුව දස වන වාරය වන විට චෛත්‍ය බැඳීමට දසකෝටියක් ගඩොල් වැය කළ බවත් මහා වංශාදී වංශ කතාවන්හි සඳහන්ව තිබේ.එසේම මෙම ස්තූප කර්මාන්තයේ තවත් විශේෂයක් වන්නේ මේ වෙනුවෙන් ශ්‍රමය, බුද්ධිය වැය කළ සෑම ශිල්පියකු වෙනුවෙන්ම රජතුමා වැටුප් ගෙවීමය.  එක එක දොරටුවෙහි සොළොස් ලක්‍ෂය බැගින් කහවණු ද ඛාද්‍ය භෝජ්‍යයන්ද පාන වර්ග ද සුවඳ මල්, උක්සකුරු ආදිය ද තබ්බවා රිසි වූ පරිද්දෙන් කර්මාන්තය කොට ඒ දෙය රිසි සේ ගනිත්වා යි නියම කළේ ය’ලක්දිව අගනගරය අනුරාධපුරෙන් බැහැරවිමත් සමග වන වැදුනු රැවන්වැලි සැය, 1872දි ප්‍රතිසංකරණය කිරිම ආරම්භකල අතර එය 1940දි නිම කර කොත් පලදවන ලදි. වර්ථමානයේ මෙහි උසින් අඩි 300ක්, වට ප්‍රමාණය අඩි 942ක් ද සමචතුරශ්‍රාකාර චෙත්‍ය මලුවේ (සලපතල මලුවේ) පැත්තක දිග අඩි 472ක්ද, වැලි මලුවේ පැත්ත්ක දිග අඩි 676ක්ද  පළල අඩි 662ක්ද වේ. රුවන්වැලි සැය වැදිමෙන් අනතුරුව බසවක්කුලම වැව් මායිමෙන් අපි ගමන් කලේ ඉසුරුමුණිය විහාරය වැදිමටයි.අප ගමන් ගත් ථුපාරාම මාවතේ ජන කෞතුකාගාරයක් පිහිටා තිබුණද කලින් එය නොදැන සිටිම නිසා හා අනෙක් සිද්ධස්ථාන වැදිමට කාල වේලාව මදිවේ යැයි සැක කල නිසා එය මග හැර අපි අපේ සැලසුමේ මිලග ගමනාන්තයට ගමන් කලා.4.     ඉසුරුමුණිය විහාරය දේවානම්පියතිස්ස රජතුමා විසින් (ක්‍රි.පූ. 250-210) ගොඩ නංවන ලදමෙම විහාරයට පසුමලිනව වසභ රජතුමා විසින් පොහෝ ගෙයක් කරවආදි ඇත. ඒ වගේම තමයි ක්‍රි.ව. 209 – 231 කාලයේදී වෝහාරක තිස්ස රජතුමා ඉසුරුමුණිය වටා පවුර ඉඳිකර ඇති  බවද සදහන්ය.ඉසුරු කුලයෙන් පැවැදි වු අරිට්ඨ ප්‍රධාන පන්සියක් දෙනා මෙහි විසු බැවින් ඉස්සරසමණාරාම (ඉසුරුමුණි) ලෙසට ප්‍රචලිත වූ බවටත මතයක් වේ.විශාල පර්වතයකින් හා පොකුණකින් යුක්ත වූ මෙහි, ගල් ලෙනකට සම්බන්ධ වූ විහාරයක් තිබෙන අතර, එයට උඩින් ඇත්තේ ගල් පර්වතයකි. එහි කුඩා ස්ථූපයක් තනා ඇත, වඩාත් පහළින් විවරයක දෙපැත්තෙන්ම  පොකුණක සිට මතු වන ආකාරයක් නිරූපණය වන ඇත් රූප නෙළා ඇත.මිනිසා සහ අශ්ව හිසඉසුරුමුණියේ ලෙන් විහාරයට වම්පසින් ගල්පර්වතයේ නෙලා ඇති ‘මිනිසා සහ අශ්ව හිස’නමැති කලා නිර්මාණය මේ වන විට ලෝක ප්‍රසිද්ධ වී තිබේ. ඒ කැටයම් සියල්ල ජීවමාන රූප ලෙසින් දිස් වෙන තරමටම ඒවා අතිශය සියුම් විදිහට නිර්මාණය කර තිබීමආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතාගේ අදහස් වලට අනුව මේ කැටයමින් පිළිබිඹු කරන්නේ කපිල සෘෂිවරයා බව සඳහන් වෙනවා. මේ කැටයම් ගැන දීර්ඝ වශයෙන් පර්යේෂණාත්මක ලිපියක් ඉදිරිපත් කරන මහාචාර්ය. සෙනරත් පරණවිතාරණ ශුරීහු මේ කෘතියෙන් පෙන්නුම් කරන්නේ “පර්ජන්‍ය” හා “අග්නි” (පර්ජන්‍ය කියන්නේ වැස්ස වලාහක දෙචියන්, අග්නි යනු ගින්නට අධිපති දෙවියන) ලෙසයි.ඉසුරුමුණි පෙම් යුවලමෙයට අමතරව ඇති කළා නිර්මාණ අතරින් ක්‍රි.ව. 4 - 6 සියවසට අයත්යයි සැලකෙන ගල් පුවරුවක නෙළන ලද ඉසුරුමුණි පෙම් යුවල සහිත කැටයම දේශීයව විදේශීයව වඩාත් ප්‍රසිද්ධය. මෙම කැටයමෙන් නිරූපණය වන්නේ දුටු ගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සහ ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලා නම් සැඩොල් තරුණිය යන දෙදෙනා යයිද ප්‍රකටයි. තවත් මතයක් තමයි සටන් බිමට යන්න සුදානම් වෙලා ඉන්න සෙබලෙක් තම පෙම්වතියගෙන් සමුගන්නා මොහොත බවයි. දිය නාන ඇත් රජ හා ඇත් රූපමේ කැටයම් ඇති පර්වත පාමුල තිබෙන ගල් පොකුණේ ජල ක්‍රීඩා කරමින් සිටින ආකාරය කැටයම් කර ඇති ඇත් රූප වලින් පෙන්නුම් කරන්නේ වැස්ස වලාහක දිව්‍ය පුත්‍රයාගේ (පර්ජන්‍යගේ) පැමිණීම නිසා සතුටු වන ඇතුන් බව ආචාර්ය පරණවිතාරණ මහතාගේ මතයයි. මිනිසා සහ අශ්ව හිස කැටයම වගේම දියකෙලිනා හස්තීන්ගේ කැටයම් දෙකත් භාරත දේශයේ පල්ලව කලා ශිල්ප සම්ප්‍රදායේ බලපෑම් පෙන්නුම් කරනවා.දුටුගැමුණු රජ පවුලමේ කැටයමෙන් පිළිබිඹු වෙන්නේ රජ වාසල දර්ශනයක් බව පරණවිතාරණ මහතාගේ මතයයි. ඉසුරුමුණිය විහාරයේ රථ ගාලේ අනෙක් අන්තයෙන්, රන්මසු උයනේ පිවිසුම පිහිටා ඇත.5.     රන්මසු උයනඅක්කර 40 ක පමණ භූමි භාගයක පැතිරී ඇති මෙම උද්‍යානයහි, පිහිටි ගල් පර්වත හා ගල් පුවරු යොදාගනිමින් ඉදිකිරීම් සිදු කොට ඇති ස්නානය සදහා ඉදිකල අලංකාර අංග සම්පූර්ණ පොකුණු දෙකක් , ස්නානාගාර යනාදී උද්‍යානයක දැකගත හැකි සියළුම අංගෝපාංගයන් දැකගත හැකි වේ. එමෙන්ම            දිය අගලකින් වටවූ ගෙඩනැගිල්ලක් සහ තවත් ගොඩනැගිලි කිහිපයක නශ්ඨාවශේෂයන්ද (වාඩිවිමට තැනු ගල් ආසන, ක්‍රීඩා සදහා පැමිනි රාජකීයන්ට ඇදුම් මාරු කිරීම සදහා පොකුණට යාබදව ඉදිකල කුටි, පොකුණට බැසීමට පෙර අත්-පා සේදීමට ඉදිකල "පාදෝවනි") උයන්බිම පුරා විසිර පවතී.තවද එක් පොකුණක දෙපසින්, පිහිටි ගලෙහිම දියකෙලිනා ඇතුන්ගේ සිතුවම් කැටයම් අලංකාරව නෙලා ඇත.වෙස්සගිරි සෙල්ලිපියෙහි විස්තර වන අන්දමට තිසා වැවේ ජලය ප්‍රධාන සොරොව්ව හරහා පළමුව රන්මසු උයන වෙත ගෙන එන අතර, එතැන සිට කෙළ ගෙයට (කදලී ගෘහ) උද්‍යානයේ පොකුණට (උයන් ගෙය) සහ මහනෙල් පොකුණට (මහනෙල් ගෙය) ටද ගෙනගොස් අවසානයේ ඉසුරුමුණි විහාරය අවට ඇති කුඹුරු වලට ගලා බසින බැව් කියවේරන්මසු උයනෙහි පොකුණු පිහිටා ඇත්තේ තිසාවැවේ ජල මට්ටමේ සිට අඩි තිහක පමණ පහතිනි. එනිසා තිසාවැවට යාබදව පිහිටියද, ඍජුවම විවෘත ඇල මාර්ගයක් ඔස්සේ ජලය ලබාගැනීම කල නොහැක්කකි. මෙනිසා තිසාවැවේ සිට දිවෙන ජල උමං පද්ධතියක් ඔස්සේ ජලය ලබා ගත් බවට සිතිය හැක. තවද පොකුණු, වැව් බැම්මට පහතින් පිහිටි නිසා දැවැන්ත පීඩන වෙනසක් වැව් ජලයේ සහ පොකුණුවල ජලයේ ඇතිවේ (දළ වශයෙන් 100 kPa පමණ). මෙකී පීඩනය යටතේ ජලය ගලා ගියහොත්, පොකුණු වල ස්නානයට සුදුසු තත්වයක් ඇති නොවේ. එනිසා උමං පද්දතිය තුලදී ජලයේ පීඩනය අඩු කිරීමට උපක්‍රම යොදා තිබිය යුතු අතර, උමං බිත්ති අධික පීඩනයට ඔරොත්තු දෙන පරිදි නිමවා තිබීමද කල යුත්තකි. එම පිඩනය බිසේ කොටුවකින් පාලනය කල  බවට සාක්ෂි ඇත.රන්මසු උයනේ පොකුණු වලට ජලය සැපයූ ආකාරය, පුරාණ ඉංජිනේරු තාක්ෂණයේ මහිමය කියාපාන්නක් වන්නේ එහෙයිනි.රන්මසු උයනට අයත් අංක 34 නම් ලෙනෙහි විශ්ව චක්‍රය ලෙස හඳුන්වනු ලබන රූප සහිත විශේෂ සංඛේත චක්‍රයක් දැකගත හැකිවේ. මීටර 1.8 ක පමණ විශ්කම්භයක වෘත්තයකින් යුතු මෙහි විවිධ ජ්‍යාමිතික හැඩතල හා සත්ව රූප දක්නට ලැබේ. වෘත්තයේ පිටත කොටසේ ජලජ සත්ව රූප පිහිනා යන අයුරින් දක්වා ඇත. එම සත්වයින් අතර මතස්‍යයින්, හක් බෙල්ලන්, කැස්බෑවන් හෝ ඉබ්බන්, කකුළුවා, මුහුදු අශ්වයා, මුහුදු සිංහයා හා දැල්ලෙකු යැයි සිතිය හැකි ජලජ ජීවීන් වේ.මෙහි සටහන් වෘත්තය මධ්‍යයේ සම සතරැස් කොටුවක් තුළ වෘත්ත හතක් වේ. ඒ වටා විවිධ පරිමාවෙන් යුතු කොටු දක්වා තිබෙන අතර සෑම කොටුවක් මැද කිසියම් ජ්‍යාමිතික හැඩතලයක් බැගින් දැක්වේ. එම හැඩතල අතර කොටස් හතරකට බෙදන ලද කුඩා වෘත්ත කිහිපයක්ද, ඡත්‍රයකට සමාන සංඛේතද, හඳුනාගත නොහැකි හැඩතලද වේ.මෙම චක්‍රයේ ඉහල කොටසේ පූර්ව බ්‍රාහ්මී අක්ෂරයෙන් සටහන්, පනති පනශ යනුවෙන් පාඨයක් වේ. එහි තේරුම පනස් තුනක් යන්න වේ. මේ චක්‍රයේ ඇති සත්ව රූප හා ජ්‍යාමිතික හැඩතල වල එකතුව එක සමාන වන අතර සත්ව රූප විස්ස හා ජ්‍යාමිතික හැඩතල තිස්තුනක එකතුවද පනස් තුනක් වේ. ඒ අනූව සෙල්ලිපියේ අන්තර්ගතය හා චක්‍ර ....   වැඩිදුර >>  
Next || Previous