ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
චිකන් බරීටෝ හදමු [ යාම් : 42 ] | The Tasty Love | 2017-07-06 19:59:47
The Tasty Love වෙතින් අද හදන්න යන්නේ රසවත් මෙක්සිකන් ආහාරයක් වන Burrito ( බරීටෝ ). කලින් දිනයකදී අපේ මුල්ම මෙක්සිකන් ආහාර වට්ටෝරුව වන Tortilla ( ටෝටීයා ) සහ Quesadilla ( කැසඩීයා ) හදන ආකාරය අප ඔබ වෙත රැගෙන ආවා. අද හදන්න යන්නේ එදා සෑදූ ටෝටීයා ප්‍රයෝජනයට ගෙන හදන්න පුළුවන් තවත් රසවත් ආහාරයක්. බරීටෝ සාදන ආකාර බොහොමයක් තිබෙනවා. අද ඔබ වෙත ගෙන එන්නේ ඉතාම පහසුවෙන් නිවසේ නිතර තිබෙන දෙවල් වලින් සාදාගත හැකි සරල බරීටෝ රෙසිපියක්. මෙයට ඔබ කැමති අයුරින් මස් වර්ග, එළවලු වර්ග, මයෝනීස් සහ චීස් වර්ග එකතු කරගැනීමේ නිදහස තිබෙනවා. ඒ වගේම මේ බරීටෝ වල බත්, චිකන් සහ කවුපි අඩංගු වන නිසාත් කිසිම රස කාරකයක් වත් සෝස් වර්ගයක් වත් මේ රෙසිපිය සඳහා භාවිතා නොකරන නිසාත් මේ බරීටෝ කුඩා දරුවන්ට ඉතාම සුදුසුයි. ටෝටීයා හදාගන්න විදිහ නැවත වතාවක් බලාගන්න මෙන්න මෙතනින් අපේ ටෝටීයා වීඩියෝව නරඹන්න. ටෝටීයා රෙසිපිය සම්පූර්ණයෙන් කියවන්න මෙන්න මෙතනින් පුළුවන්.. Prep Time : 10 min                      Cooking Time : 20 min                           Yield : 4 අවශ්‍ය කළමනා :               ටෝටීයා 4 චිකන් 100 g ( පොඩියට කපාගත් ) හාල් කප් 1/4 ( හොඳින් සෝදා වතුර පෙරා ගත් ) කවුපි කප් 1/4 ( හොඳින් තම්බාගත්, නැතහොත් ටින්කළ කවුපි යොදාගන්න ) ලූනු ගෙඩි 1 ( පොඩියට කපාගත් ) බෙල් පෙපර්ස් කප් 1/4 ( පොඩියට කපාගත් ) තක්කාලි ගෙඩි 1 ( පොඩියට කපාගත් ) ලූනු කොළ කප් 1/4 ( පොඩියට කපාගත් ) වතුර කප් 1/2 ලුනු තේ හැඳි 1/2 ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 මිරිස් කුඩු තේ හැඳි 1/2 බටර් මේස හැඳි 2 සාදන ක්‍රමය : පිරවුම හදමු සාස්පානක් ලිප තබා බටර් දමා දියවෙන්න හරින්න එයට ලූනු, බෙල් පෙපර්ස් දමා එහා මෙහා කරමින් විනාඩියක් පමණ තෙම්පරාදු කරගන්න එයට ලුණු, ගම්මිරිස් සහ මිරිස් කුඩු එකතු කර හැන්දෙන් හොඳින් එහා මෙහා කරමින් තවත් විනාඩියක් තෙම්පරාදු කරගන්න චිකන් එකතු කර හොඳින් කළවම් කරන්න චිකන් එකතු කර හොඳින් කළවම් කරමින් විනාඩියක් බැදෙන්න හරින්න එයට හාල් එකතු කර චිකන් මිශ්‍රණය සමඟ හොඳින් කළවම් කරගන්න එයට වතුර එකතු කර පියන වසා, බත් ඉදෙන තුරු විනාඩි 10ක් පමණ මඳගින්නේ පිසගන්න බත් හොඳින් තැම්බුණු පසු පියන ඇර එයට කවුපි එකතුකර ලිපෙන් ඉවත් කරගන්න බරීටෝ හදමු පිඟානක් මතට කලින් සාදාගත් ටෝටීයා එකක් දමන්න එහි මැදින් සාදාගත් පිරවුම දමා උඩින් ලූනු කොළ අතුරන්න පිරවුම මැදිවෙන ආකාරයට ටෝටීයා එක රෝල් කරගන්න මෙලෙසම අනෙක් බරීටෝ 3ත් හදාගන්න හදාගෙන ඉවර වුණාම මෙන්න මේ වගේ හොඳ පෙනුමකින් යුතු ඉතාම රසවත් බරීටෝ ඔබට ලැබෙනවා..  සාදාගත් බරීටෝ උණු උණුවේ පිළිගන්වන්න. මේ රසවත් බරීටෝ, ඔබට එලෙසම හෝ තක්කාලි සෝස්, චිලී සෝස්, හොට් සෝස් වැනි ඔබ කැමති සෝස් වර්ගයක් සමඟ හෝ සල්සා, මෙක්සිකන් පිකල් වැනි දෙයක් සමඟ හෝ ඔබට ආහාරයට ගන්න පුළුවන්.. එහෙනම් හදලා බලන්න. හදලා බලලා අපිටත් කියන්න ගෙදර අයගේ ප්‍රතිචාර කොහොමද කියලා. මේ රෙසිපි එක ගැන ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්නත්, අපිට තරු දෙන්නත්,  The Tasty Love රස ගුණ පිරි නැවුම් රෙසිපි ඔබේ ජංගම දුරකථනයෙන් රසවිඳින්න, අපේ The Tasty Love App එක Google Play එකෙන් ලබාගන්නත් අමතක කරන්න එපා..  The Tasty Love අපේ රස ගුණ පිරි අළුත්ම අළුත් රෙසිපි නැවුම්ව ඔබේ ඊ මේල් ලිපිනයටම ලබාගන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.. Read in ....   වැඩිදුර >>  
Next || Previous