ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ජපුර සිසු ගැටුමෙන් හෙළිවන පිටු දැකිය යුතු සරසවි සිසු ගෝත්‍රික මානසිකත්වය [ යාම් : 39 ] | Iranga.net | 2017-07-06 12:06:08
ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ විද්‍යාපීඨයේ ඉකුත් ජූනි මස 30 වන දින සිසුන් විසින් සංවිධානය කර තිබූ පිරිත් පිංකමක් අතරතුර එම ස්ථානයට පැමිණි තවත් සිසු කණ්ඩායමක් විසින් පිංකම සංවිධානය කර තිබූ සිසුන්ට පහර දී තිබුණි. විද්‍යාපීඨ සිසු සංගමය විසින් එම පිංකම සංවිධානය කර තිබූ අතර ඊට විරෝධය පෑ සිසුන් පිරිසක් විසින් මෙම ම්ලේච්ඡ පහරදීම සිදුකර තිබුණි. විශේෂයෙන්ම සරසවියක සිසුන්ගේ මානසිකත්වය තුළින් කිසිසේත් බලාපොරොත්තු විය නොහැකි මෙවැනි ගෝත්‍රික අන්දමේ හැසිරීම් සමාජයේ බුද්ධිමත් යැයි පිළිගන්නා සරසවි සිසුන් වෙතින් අසන්නට ලැබීම කණගාටුවට කරුණකි. කවර හේතුවක් මත වුවත් මෙසේ සිදුවූ මෙම පහරදීම සරසවි සිසුන් කෙරෙහි සමාජය තුළ මේ වන විට නිර්මාණය වෙමින් පවත්නා අප්‍රසාදය තවදුරටත් වර්ධනය වීමට බලපාන හේතුවක් වන බැවින් ඒ පිළිබඳව මෙසේ සටහනක් තැබීම වැදගත් බව සිතුවෙමි. මෙම සිදුවීම සම්බන්ධයෙන් මුලින්ම ජනමාධ්‍ය මඟින් වාර්තා කරන ලද්දේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් වශයෙන් පමණි. එනම් පිරිත් පිංකමක් හේතු කර ගනිමින් මෙසේ ගැටුමක් ඇතිවූ බව විද්‍යුත් මාධ්‍ය  නාලිකා විසින් ඉස්මතු නොකළ නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම පසුගිය ස‍ඳුදා දින දිවයින පුවත්පත තුළ ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන කරුණු විස්තරාත්මකව හෙළිදරව් කළ බැවින් එය තවදුරටත් හුදු ගැටුමක් වශයෙන් පමණක් සලකා නොසලකා හැරීමට නොහැකි තත්ත්වයක් උදාවිය. සරසවි ශිෂ්‍යයින් අතර ගැටුම් ඇති වීම සාමාන්‍ය සිදුවීමක් වුවත් මෙවැනි ආකාරයට ආගමික හෝ සංස්කෘතික සිදුවීම් ඉල්ක්ක කර ගනිමින් පහරදීම් සිදු කිරීම ඇතැම් සරසවි සිසුන් අතර පවත්නා ගෝත්‍රික මානසිකත්වය හේතුවෙන් සිදුවන බව පැවසිය යුතුය. එනම් වෙනත් පුද්ගලයින්ගේ මත ඉවසීමට හා ඒවාට ගරු කිරීමට නොහැකි මානසිකත්වය හේතුවෙන් එවැනි ගැටුම් ඇති කර ගැනීමට පෙළඹෙන අතර මෙවැනි තත්ත්ව ඇතිවීම සඳහා ඊනියා ශිෂ්‍ය දේශපාලනයේ මූලධාර්මික අන්තවාදී පෙළඹවීම් ද බලපාන බැවින් මෙවැනි සිදුවීම් විශ්ලේෂණය කිරීම සඳහා ඒවා සම්බන්ධයෙන් ද යම් අවධානයක් යොමු කිරීම වැදගත්ය. එනම් සරසවි සිසුන් නිරාගමිකත්වයට පත් කිරීම ජවිපෙ-පෙරටුගාමී ඊනියා සමාජවාදීන්ගේ තවත් එක් ව්‍යාපෘතියකි. විශේෂයෙන්ම අන්තවාදී මාක්ස්වාදී ඉගැන්වීම් හරහා මෙම නිරාගමික මානසිකත්වය සරසවි සිසුන් තුළ ඇති කිරීම ශිෂ්‍ය අරගල මුවාවෙන් සිදු කරන අතර ඒ ඔස්සේ ආගමික හා සංස්කෘතික කරුණු සම්බන්ධයෙන් විරෝධී ආකල්ප සරසවි සිසුන් තුළ ජනිත කිරීම සිදු වේ. සරසවි විද්‍යාර්ථියෙකු වශයෙන් මා ගත කළ කාලය තුළ ඒ සම්බන්ධයෙන් වන යම් යම් අත්දැකීම් මා විසින් ද ලබා ඇති බැවින් ඇතැම් සරසවි සිසුන් මෙන්ම ඇතැම් කථිකාචාර්යවරුන්ද එවැනි අන්තවාදී මානසිකත්වයෙන් පසුවන බව පැවසීමට හැකිය. කෙසේ වුවත් සරසවි විද්‍යාර්ථියෙකුගේ සැබෑ භූමිකාව හා මෙම අන්තවාදී හැසිරීම වෙන් කර හඳුනාගත යුතු අතර එම තත්ත්වය හුදෙක්ම ආගම් හා සංස්කෘතික සාධක සම්බන්ධයෙන් සමාජය තුළ පවත්නා අවිඥානික නැඹුරුවීමෙන් පැහැදිලිවම අපගමනය වන කරුණක් බව ද පැවසිය යුතුය. එනම් ඕනෑම ආගමක් තුළ අන්තර්ගත වන කරුණු සබුද්ධිකව ප්‍රශ්නගත කිරීමට සරසවි විද්‍යාර්ථීන් කටයුතු කිරීම වරදක් නැත. එසේම විවිධ සංස්කෘතික චර්යාවන් සම්බන්ධයෙන්ද එවැනි තාර්කික මානසිකත්වයක් ඇති කර ගැනීම ගැටළුවක් නොමැති අතර එසේ වූ පමණින් මෙවැනි අන්තවාදී හා ම්ලේච්ඡ ගැටුම් සඳහා සිසුන් යොමුවන තත්ත්වයක් උද්ගත නොවේ. ඒ අනුව තාර්කික අවබෝධය හා අන්තවාදී පෙළඹවීම අතර පවත්නා වෙනස පැහැදිලිවම හඳුනාගැනීමට හා මෙවැනි ගැටුම් ඔස්සේ එවැනි තත්ත්ව විශ්ලේෂණය කර ගැනීමට ද කටයුතු කළ යුතුය. එනම් ආගම් හා සංස්කෘතික කාරණා සම්බන්ධයෙන් ඕනෑම අදහසක් දැරීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති නමුත් වෙනත් පුද්ගලයෙකු තුළ ආගම හා සංස්කෘතිය සම්බන්ධයෙන් පවත්නා නැඹුරුවීම් හා චර්යාවන් වලට එරෙහි වීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවද අවබෝධ කර ගත යුතුය. එහෙත් අන්තවාදී ඊනියා සමාජවාදීන් විසින් සිසුන්ගේ මානසිකත්වය නිරාගමිකත්වයට පෙළඹවීම තුළ වෙනත් පුද්ගලයින්ගේ මත වලට ගරු කිරීමේ මානසිකත්වයක් ඇති කිරීම සිදු නොවන අතර ඒ වෙනුවට ම්ලේච්ඡ අන්දමින් කටයුතු කිරිම සඳහා මානසිකත්වය සකස් කිරීම පමණක් සිදුවේ. ඒ හේතුවෙන් විචාරශීලීව හා ආචාරශීලීව කටයුතු කළ යුතු සරසවි සිසුන් මෙවැනි ම්ලේච්ඡ ගැටුම් සඳහා යොමුවන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. වෙනත් පුද්ගලයින්ගේ මත වලට ගරු කිරීමේ මානසිකත්වය උගත්කමෙන් හා බුද්ධියෙන් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්ධනය විය යුත්තක් වන අතරම එනම් එය ශිෂ්ටසම්පන්නභාවයේ ලක්ෂණයක් ද වේ. විශේෂයෙන්ම සමාජයේ සිටින උගත්ම තරුණ පිරිස වන සරසවි සිසුන්ගෙන් ඇතමුන් අතර එම ශිෂ්ටසම්පන්නභාවය දක්නට නොලැබෙන අතර ඒ වෙනුවට ම්ලේච්ඡ හා ගෝත්‍රික හැසිරීම් ඔවුන් වෙතින් මෙසේ ප්‍රදර්ශනය වේ. එහෙත් එසේ හැසිරීම සරසවි විද්‍යාර්ථියෙකුගේ භූමිකාවට පවා කිසිසේත් නොගැළපෙන බව අවධාරණය කළ යුතුය. එසේ ඇතැම් සරසවි සිසුන් තවමත් මෙම ගෝත්‍රික මානසිකත්වයෙන් පසුවන බවට නිදසුන් වශයෙන් පෙන්වා දිය හැකි සිදුවීම් ගණනාවක් විවිධ අවස්ථාවල වාර්තා වූ බව පැවසිය යුතුය. ඒ අනුව පසුගිය වසරේ ජූලි 16 වන දින යාපනය සරසවියේ විද්‍යාපීඨයට පැමිණෙන නවක සිසුන් පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයේදී සිංහල සිසුන් විසින් වෙස් නර්තනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් දෙමළ සිසුන් පිරිසක් විසින් සිංහල සිසුන්ට ම්ලේච්ඡ හා අමානුෂික අන්දමින් පහර දුන් අතර අන්‍ය ජාතියකගේ සංස්කෘතියට ගරු කිරීමට නොහැකි ගෝත්‍රික මානසිකත්වයක් එම පහර දුන් සරසවි සිසුන් තුළ පැවතීම එයට හේතුවිය. එහෙත් එවැනි ආකාරයේ ගැටුම් ඇති වීමෙන් පසු කාලය ගත වීමත් සමඟ ඒවා යටපත් වී යන අතර ඒවා නැවත ඇතිවීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකිරීම තුළ විවිධ අවස්ථාවල විවිධ ස්වරූපයෙන් එම ගැටුම් යළිත් ඉස්මතු වන බව පැවසිය හැකිය. ඒ අනුව පැවසිය හැකි වන්නේ ඉකුත් දා ජපුර සරසවියේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධ සිදුවීම ද  කාලයත් සමඟ වැළලී යාමට ඉඩ නොදී එවැනි තත්ත්ව ඉදිරියේ දී හෝ ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම වැදගත් වන බවය. ඒ සදහා ගැටුමකින් පසු සරසවිය දින කිහිපයක් වසා දැමීම පමණක් ප්‍රමාණවත් නොවන අතර අන්තවාදී දේශපාලන ව්‍යාපාරවලට සරසවි තුළ සිය ආධිපත්‍යය පැතිරවීමට ඉඩ නොදීමට කටයුතු කිරීම ඇතුළු දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ඔස්සේ එවැනි ගැටුම් වැළැක්වීම සදහා කටයුතු කළ යුතුය. එසේම එවැනි ගැටුම්වලට සම්බන්ධ වන හා ඒවා සැලසුම් කරන හා මෙහෙය වන සිසුන්ට ලබා දිය හැකි උපරිම දඩුවම් ලබා දීම ද අත්‍යාවශ්‍ය වන අතර එසේ නොමැතිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් අන්තරය වැනි ඊනියා සිසු සංගම් මෙන් එවැනි ගැටුම් පිළිබද මුනිවත රකිමින් ක්‍රියා කිරීම තුළ එවැනි සිසු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සරසවි තුළ වර්ධනය වීම වැළැක්විය නොහැකි වනු ඇත. මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න. ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි. මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න. ආශ්‍රිත ලිපි ජනවාර්ගික අර්බුදය සහ යාපනය සරසවි සිසු ගැටුම ....   වැඩිදුර >>  
Next || Previous