ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ක්‍රීම් ඔෆ් පොටේටෝ සුප් හදමු [ යාම් : 42 ] | The Tasty Love | 2017-07-04 19:42:21
The Tasty Love වෙතින් අද හදන්න යන්නේ ඉතාම රසවත් සුප් වර්ගයක්. රස ගුණ වගේම විනාඩි 20 කින් වගේ කෙටි කාලයකින් බොහොම පහසුවෙන් පිළියෙල කරගන්නත් පුළුවන්. මේ රෙසිපියට කිසිම ආකාරයෙන් කෘත්‍රිම රස කාරක හෝ සෝස් වර්ග අඩංගු නොවන නිසා, කුඩා දරුවන්ට ඉතාම සුදුසුයි. ඒ වගේම මේ සුප් වර්ගය එළවළු පමණක් ආහාරයට ගන්න අයටත්, පවුලේ සියළු දෙනාටත් රස විඳින්න පුළුවන් ඉතාම පෝෂ්‍යදායක සුප් වර්ගයක්. මෙහිදී භාවිතාකර ඇති චිකන් බ්‍රොත් කියලා හඳුන්වන චිකන් තැම්බූ වතුර කඩෙන් ගන්නත් පුළුවන්. නැතිනම්, චිකන් රසැති සුප් කැට යොදාගෙන පිළියෙල කරගන්නත් පුළුවන්. චිකන් බ්‍රොත් ගෙදරදීම හදාගන්න ක්‍රමය මෙන්න මෙතනින් බලන්න.. ඒ වගේම මේ රෙසිපියේදී ඔබට අපහසු නම්, චිකන් බ්‍රොත් වෙනුවට වතුර භාවිතා කරන්නත් පුලුවන්. රසෙහි පොඩි අඩුවක් වුණාට සුප් එකට ලොකු බලපෑමක් එයින් සිදුවන්නේ නෑ. කාලය වැඩියෙන් ඉතිරි කරගන්න අනෙක් කළමනා සූදානම් කරන අතරතුර අල තැම්බෙන්න තියන්න අමතක කරන්න එපා.. Prep Time : 05 min                        Cooking Time : 15 min                            Yield : 2 අවශ්‍ය කළමනා :         අර්තාපල් අල 2 ( 200g ක් පමණ, කුඩාවට කපාගත් ) චිකන් බ්‍රොත් කප් 1 ලූනු කප් 1/4 ( පොඩියට තලාගත් හෝ කපාහත් ) බටර් මේස හැඳි 2 පාන් පිටි මේස හැඳි 1 නැවුම් එළකිරි කප් 2 ලූනු කොළ කප් 1/4 ( කුඩාවට කපාගත් ) ලුණු තේ හැඳි 1/2 ගම්මිරිස් කුඩු ස්වල්පයක් සාදන ක්‍රමය : තරමක් ලොකු සාස්පානක් ලිප තබා චිකන් බ්‍රොත් එයට වත් කරන්න එයට අල එක්කර හොඳින් තැම්බෙන්න හරින්න අල තැම්බුණු පසු අල වලින් 1/3ක් ඉවත් කර ඉතිරි අල, ඉතිරි තැම්බුණු චිකන් බ්‍රොත් සමඟ බ්ලෙන්ඩරයක් භාවිතා කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න  කලින් ලිප තැබූ සාස්පානටම, බටර් සහ ලූනු එකතු කර ලූනු මැලවෙන තෙක් රත් කරගන්න එයට පිටි එකතු කර කළවම් කරන්න ඉන්පසු එයට නැවුම් එළකිරි ටිකෙන් ටික එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න එලකිරි හොඳින් විනාඩි 2,3ක් උතුරන්න හරින්න  ඉන්පසු එයට බ්ලෙන්ඩ් කරගත් අල මිශ්‍රණය සහ තැම්බූ අල එකතු කර හොඳින් කළවම් කරන්න අවසානයේ ලුණු එකතු කර සුප් මිශ්‍රණය ගනකම් වන තෙක් විනාඩි 2,3ක් තබා ලිපෙන් ඉවත් කරගන්න ලිපෙන් ඉවත් කරගත් ක්‍රීම් ඔෆ් පොටේටෝ සුප්, ලූනු කොළ  සහ ගම්මිරිස් කුඩු උඩින් ඉස උණු උණුවේ පිළිගන්වන්න.. සුවඳිනුත්, පෙනුමෙනුත් කටට කෙළ උනන මේ සුප් එකේ රසත් ඉතාම ප්‍රණීත බව ඔබට වැටහේවි. රාත්‍රී ආහාරයට පෙර හෝ, හවසට සුදුසු මේ සුප් ඔබත් අදම රසවිඳින්න. එහෙනම් හදලා බලන්න. හදලා බලලා අපිටත් කියන්න ගෙදර අයගේ ප්‍රතිචාර කොහොමද කියලා. මේ රෙසිපි එක ගැන ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්නත්, අපිට තරු දෙන්නත්,  The Tasty Love රස ගුණ පිරි නැවුම් රෙසිපි ඔබේ ජංගම දුරකථනයෙන් රසවිඳින්න, අපේ The Tasty Love App එක Google Play එකෙන් ලබාගන්නත් අමතක කරන්න එපා..  The Tasty Love අපේ රස ගුණ පිරි අළුත්ම අළුත් රෙසිපි නැවුම්ව ඔබේ ඊ මේල් ලිපිනයටම ලබාගන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.. Read in ....   වැඩිදුර >>  
Next || Previous