ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
INNOVATIONS : IBM අණාවැකි - 2022වන විට සාමාන්‍ය භාවිතයට එන තාක්ෂණන් කිහිපයක් [ යාම් : 19 ] | විද්‍යා ගවේෂණ Exploring Science | 2017-06-19 01:05:40
හයිපර් ඉමේජිං තාක්ෂණයමිනිස් දෑස සංවේදී වන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ඉතා කුඩා කොටසකටය. අති විශාල පරාසයක විද්‍යුත් චුම්බක තරංගවලට අප සංවේදී නැත. අයි.බී.එම් තාක්ෂණ අණාවැකිවලට අනුව 2022 වනවිට හයිපර් ඉමේජින් තාක්ෂණයෙන් බිහිවූ සංවේදක හා කුඩා එහෙත් බලසම්පන්න කෘත්‍රිම බුද්ධි ජංගම පරිගණක ආධාරයෙන් විද්‍යුත් චුම්බක වර්ණාවලයේ බොහෝ සංඛ්‍යාත ඔස්සේ දැකීමට මිනිස් ඇස්වලට හැකිවනු ඇත.මෙවැනි බොහෝ තාක්ෂණයන් මෙන්ම හයිපර් ඉමෙජිං තාක්ෂණයේද මුල් භාවිතය යුධ හා ආරක්ෂක කටයුතු සඳහා වනු ඇත.  පසුව එම තාක්ෂණයන් සාමාන්‍ය ජනතාව වෙතද කාන්දුවී, මිලෙන් පහල ගොස් ඕනෑම කෙනෙකුට දැරිය හැකි මිලකට විකිණෙනු ඇත.මැක්‍රෝස්කෝප් තාක්ෂණයන්අද වන විට ටෙරාබයිට් සිය ගණනක අති විශාල දත්ත ප්‍රමාණයක ඇති වැදගත් තොරතුරු පෙරාගත හැකි ඩේටා මයිනිං තාක්ෂණය බොහෝ සෙයින් දියුණුවී ඇත. අයි.බී.එම් තාක්ෂණවේදීන් අණාවැකි පලකරන ආකාරයට නුදුරු අනාගතයේදී බලසම්පන්න කෘත්‍රිම බුද්ධි මගින් ලොවපුරා ඇති ලක්ෂ සංඛ්‍යාත දත්ත හසුකරගැනීමේ යන්ත්‍ර (data capturing devices) එනම් කැමරා හා වෙනත් සංවේදක මගින් ජනනය වන ටෙරාබයිට මිලියණ ගණනක් දත්ත ඉතා වේගයෙන් විශ්ලේෂණය කොට ප්‍රයෝජනවත් තොරතුරු ලබාගැනීමට හැකිවනු ඇත.ඒ අනුව කාළගුණය, දේශගුණය, ස්වභාවික පරිසරයේ සියුම් වෙනස්කම්, පරිසර දූශණය, සමාජ හැසිරීම් රටා වලට හේතු, ජනයාගේ සෞඛ්‍ය ගැටලු ආදිය පිලිබඳ ඉතා සවිස්තරාත්මක චිත්‍රයන් ලබාගැනීමට විද්‍යාඥයින්ට හැකිවනු ඇත. නැනෝ මෙඩිකල් සෙන්සර් තාක්ෂණයරෝග හා සෞඛ්‍ය තත්ව සිය ගණනක් හඳුනාගත හැකි කුඩා නැනෝ සෙන්සර් ඇතුලත් කුඩා මයික්‍රෝ පරිපථවල නිර්මාණය කල අතේ ගෙනයා හැකි වෛද්‍ය විද්‍යාගාර මගින් අපගේ මල මුත්‍රා, කෙළ, ලේ, සෙම් සොටු ආදිය පහසුවෙන් ගෙදරදීම, නිතරම පරීක්ෂාකිරීමෙන් විවිධ රෝගාබාධ පිලිබඳ නිවැරදි පුරෝකථන ලබා ගැනීමට හැකිවනු ඇත. එමගින් රෝග ලක්ෂණ පහලවීමටත් පෙර රෝගාබාධ හඳුනාගෙන ඒවා වලක්වාගැනීමේ ප්‍රතිකර්ම සිදුකල හැකි වනු ඇත.මෙවැනි මෙඩිකල් සෙන්සර් නිවෙස්වල වැසිකිළි, කැසිකිළි හා නානකාමරවල සාමාන්‍ය උපාංග වීමද නුදුරේදීම සිදුවනු ඇත. එවිට සිරුරු කිස කරනවිට, දත් මැද කෙල ගසනවිට හෝ ස්නානය කරනවිට එම ස්ථානවල ඇති සෙන්සර් මගින් ස්වයංක්‍රීයවම සිරුරෙන් පිටවන ද්‍රව්‍ය විශ්ලේෂණය කොට වාර්තා ලබාදෙනු ඇත.කටහඬින් හා අත් අකුරින් මානසික ආබාධ හඳුනාගත හැකි කෘත්‍රිම බුද්ධි යන්ත්‍රදැනටමත් කතාකරන භාශාව හඳුනාගෙන තේරුම් ගෙන ප්‍රතිචාර දැක්විය හැකි කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර ඇත. නුදුරු අනාගතයේදී එම යන්ත්‍ර කොතරම් දියුණු වේද යත් යමෙක් කතාකරන ආකාරයෙන්, වචන හසුරුවන ආකාරයෙන් හෝ යමක් ලියනවිට අත් අකුරු හැඩ ගැහෙන ආකාරයෙන් ඔවුනට ඇති යම් යම් මානසික රෝග, එනම් පාකින්සන් රෝගයේ ලක්ෂණ, ඇල්සයිමර් රෝගයේ ලක්ෂණ, ස්වේච්ඡතාව (autism), Attention Deficit Hyperactivity Disorder (ADHD) රෝගවල මූලික ලක්ෂණ හඳුනාගෙන දැනුම් දෙනු ඇත. (function() { var cx = -009135904000571454051:-3hldzswg88-; var gcse = document.createElement(-script-); gcse.type = -text/javascript-; gcse.async = true; gcse.src = -https://cse.google.com/cse.js?cx=- + cx; var s = document.getElementsByTagName(-script-)[0]; s.parentNode.insertBefore(gcse, s); })(); __________________________________________________________________________ VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________ ....   වැඩිදුර >>  
Next || Previous