ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
Strangers Downstairs / අළුත් අසල්වැසියන් [ යාම් : 22 ] | ඔමාගේ හීන™ | 2017-06-18 11:58:40
"අර බලන්න මං බොරු නෙමේ කිවුවේ අදත් ජැකට් නැතුව ඒ දෙන්නා එළියට යනවා." ජනේලෙන් එපිට බලාගෙන කෑගසන තම බිරිඳ දෙස වැඩි කලබලයක් නැතුව කිට්ටුවූ අදීර් කිසිත් නොකියාම ඈ පෙන්නු ඉසව්ව දිහා බැලුවා .  "හ්ම්ම් ඇත්ත තමයි ,ලියෝරා මේ අහන්න එයාලට ශිත නැතුව ඇති,අනික ඒ මිනිස්සු ස්කොටිස්ලා , පිනිමුවෝ බලන්න උන් ඇඳුම් අඳිනවද ? නෑ නේ..... අන්න ඒ වගේ ත මයි... හතාමාරයි ඔෆිස් යන්න පරක්කු වුණා . -අදීර් ඒත් අහන්නකො ...එදා මේගන්ව දැකලා ඔල්සි කෑගහගෙන දුවපු හැටි ,පූසෙක් මනුස්සයෙක්ට ඔහොම බයවෙනවා මං දැකලා නෑ.- "අයියෝ.....ඔයාගේ පූසත් ඔයා වගේ තමයි තැනක් නොතැනක් නෑ කඩාබිඳගෙන දුවනවා මට පරක්කු වුණා ". ඔරලෝසුව පරික්ෂා කල අදීර් ඇගේ දෙතොල් සිප පිටවුණා.  ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පියෙක් විසින් ද්රැවයෙන්  නිමකළ පියගැටපෙළ අදීර් බැසයන විට නගන ශබ්දයේ ස්වරයන් රස විඳින ලියෝරා ජනේලය අසල තවත් මොහොතක් ප්‍රමාද වන්නේ අදිර් මෝටර් රථය පනගන්වා කවුළුවෙන් එපිට ඇය දෙස බලනතුරුය.  දුරකථනය කීප සැරයක් නාද වුවත් රිසිවරය අතට ගන්න තරම් හැඟීමක් ඇයට නැත. ලියෝරාගේ මව පියාගෙන් දික්කසාද වීමෙන් පසුව දියණිය සොයා ගැන බැලීමක් නොකලාය. උදෑසන නිවසින් පිටව  සවස් වී ගෙදර පැමිණෙන මව කෙරෙන් ලියෝරා පැතූ බැඳුම් වේගයෙන් දුරස් විය. එකක්  නිවෙන විට තව එකක් දල්වමින්  දුම් රොටු පිට කරමින්   බැල්කනියේ පැය ගණන් ගෙවන මවගේ දර්ශනය ඇය කදුළු පිරිදෙනෙතින් විඳ ගත්තාය. "ලියෝරා පොඩ්ඩක් බලන්න ඔය කවුද කියලා" අදීර්ගේ හඬින් ඇය අතීතයෙන් මොහොතකට මිදුනාය. "අම්මා ,ඔයාට ඕන්නම් කථා කරන්න මට එයා එක්ක කථා කරන්න දෙයක් නෑ.  "හ්ම්ම් ආන්සර් කරන්න ඕනේ නෑ කෝ එන්න අද රෑ කෑමට ස්පෙෂල් -ස්පෙගටි බෝලොනෙස්- "" ඒක නෙමේ මාර වැඩක් වුණානේ අද , මං ක්ලීනික් එකට ගියවෙලාවෙ අපේ පහළ ගෙදර මේගන් ඇවිත් හිටියනේ ,එයාගේ මහත්තයත් හිටියා. " ඉතින්" ඉතින් කියන්නේ අනේ, එයාටත් දරුවෙක් ලැබෙන්න මැයි වල මයි දින තියෙන්නෙත් කිවුවා " ඒක නෙමේ හෙට මං මේගන් එක්ක ගමනක් යන්නත් දාගත්තා" දැන් පහුගිය ටිකේ කිවුවා නේද "ඒ මිනිස්සු හරි අමුතුයි, සුදු පාට ඇඳුම් අඳින්නේ ,ජැකට් අඳින්නේ නෑ හිම වැටෙද්දී ග්‍රීස්මකාලේ වගේ ඇඳගෙන ඇවිදින්න යනවා  කියලා"  -ඒක නෙමේ හරිම රසයි මට තව ඕනේ"  "එක අතකට මේගන්ලා ආපු එක හොඳයි ඔයාට දැන් පාළුවකුත් නෑ- ඒක නෙමේ ඒ මිනිස්සු මෙහෙට ඇවිත් දැන් සති දෙක තුනකුත් වෙන්න ආවා නරකද රෑ කෑමකට ආරාධනා කලොත්,මේගන්ගේ මහත්තයා එක්ක ගුඩ් මෝනින් කියනවා ඇරෙන්න නැවතිලා කථා කරන්නත් බැරිවුණා , ඒක හරි මදි අසල්වැසියෝ විදියට." "හෙට සිකුරාදානේ ඔයා කලින් එනවනේ හෙටම එන්න කියමු" මේ ටිකේ වැඩ ගොඩගැහිලා අළුත් ප්‍රොජෙක්ට්  ප්ලෑන් ඇනලයිස් කරන්න තියෙනවා..හෙට අනිද්දට වොල්වෝ එකක් හම්බෙයි,බොසාට මං නැතුව බෑ"."අදීර් ඔයාට ඇහුනද පහළ ගෙදර මේගන්....."අපෝ ඇති ඇති දැන් නිදාගන්න". ලියෝරා..,ලියෝරා ඔයා ලෑස්තිද? ඔව් ඔව් ඉන්න විනාඩියක් ...මේගන් පහත මාලයේ  ලියෝරා එනතුරු බලාසිටියාය.  "ගුඩ් මෝනින් ,හරිම ලස්සනයි ඔයාගේ ඇඳුම" -මේක හස්බන්ඩ් අරන්දුන්නේ ,එයා හොඳට දන්නවා ඇඳුම් තෝරන්න- "ඒක නෙමේ ඔයාගේ හස්බන්ඩ් මොනවද කරන්නේ" මෙ එයා බිස්නස් කරන්නේ" ඒ මොනවාදැයි අසන්න ලියෝරාට සිත්වුණත් එය අනවශ්‍යයයැයි සිතුවාය,  -හරි අපි දැන් කොහෙද යන්නේ?- කථාව වෙනස් කරන අදහසින් නොවුණත් ලියෝරා එය විමසූ ආකාරය ගැන තරමක් අස්වාභාවික ගතියක් ඇයටම දැනුණි. -ස්විමින් කරන්න යන් ඊට පස්සේ ලන්ච් අරගද්දි කියන්නම්කො ඊළගට යන තැන- .....-වාව් මෙතන හරිම ලස්සනයි , ඒත් අපිට තාම මේවා ගන්න කල් තියෙනවානේද මේගන් ,අනික මං හිතන් හිටියේ අදීර් එක්කම ගිහින් හැමදේම දෙන්නම තෝරලා ගන්න,අපි තාම දන්නේ නෑ දුවෙක්ද පුතෙක්ද කියලවත්- -මං හිතන්නේ නම් ඔයාට ලැබෙන්නේ පුතෙක් - මටත් පුතෙක්- -දැන් ඉතින් ආව එකේ මොනවහරි ගමු-. මේගන් දෙස විශ්මයෙන් බලාසිටි ලියෝරා කිසිත් නොකියාම  සුසුමක් පමණක් පිට කළාය. ඇත්තමයි මේගන් මේ තොටිල්ල හරිම ලස්සනයි අදීර් වුණත් දැක්කොත් මේකට ආසවෙයි. සිය ගාණක් තොටිලි අතරින් ඈ සිත්ගත් තොටිල්ල දෙස බැලු මේගන් -මේකනම් ඇත්තටම ලස්සනයි තමයි, අපිට ඕනේ නම් අද ඕඩර් කරන්න පුළුවන්-. නෑ නෑ මං නිකමට කිවුවේ . ලියෝරා ඇයි මේ මුණ නරක්වෙලා ? - මේක ගොඩක් ගණන් නේ තව කල් තියෙනවා නේ පස්සෙම ගන්නවා. -මේගන් මට නම් දැන් මහන්සි ගෙදර යමු නේද ....ආ ඒක නෙමේ අද ඩිනර් වලට ඔයාලා දෙන්න අපේ දිහා එන්න ඕනේ ,අදීර් ඔයාලා වෙනුවෙන්ම ස්පෙෂල් ඩිනර් එකක් ලෑස්ති කරන්න ඉන්නේ.-   -ආ නියමයිනේ අපි එන්නම් - මේගන් ගේ දිළිසෙන ඇස් දුටු ලියෝරා අදීර්ගේ යෝජනාව ගැන සතුටු හිත යටින් සතුටු වුණා. -අදීර් ....අනේ ඔයා කලින්ම ඇවිත්- - මේ අපි දෙන්නා අද ගියානේ...... උදෑසන පටන් මේ දක්කවා මේගන් සහ ඇය අතර සිදුවූ සියල්ල අදීර් හමුවේ පැවසීම අතර හුස්මකට පමණක් ඇය මදක් විවේක ගත්තාය. හාහ් මට සතුටුයි ඔයා මේගන් එක්ක එකතුවෙලා ඉන්න එකට "ඔල්සි ...ඔල්සි.... කෝ අනේ ඔල්සි?? ". -ඇත්තටම මං ඔල්සිව දැක්කේ නැහැ පෙරේදයින් පස්සේ . මොනවා ???  ඔල්සී ,ඔල්සී,ඔල්සී, "මේ කෑම මොකුත් කාලත් නෑ ඔක්කොම එහෙම්මමයි" මට මහන්සි අදීර් වොෂ් එකක් අරන් එන්නම් " නාන කාමරයට වැදුණු ලියෝරා කණ්නාඩිය ඉදිරියේ ඇගේ මෝරන කුස නිරීක්ෂණය කළාය. අනතුරුව බේසමට වතුර පිරවීමට බේසමේ තිරය මෑත් කලා පමණි. අදීර්,,,අදීර්....අදීර්  අනේ එන්නකෝ....ඉක්මනට එන්නකෝ මේ ...මේ     ඉතිරි සහ අවසාන කොටස ලබන සතියේ....(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1"; fjs.parentNode.insertBefore(js, fjs); }(document, -script-, ....   වැඩිදුර >>  
Next || Previous