ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
කලාකරුවන් මහජන ආධාර ඉල්ලීම වැරදිද? [ යාම් : 30 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-06-16 09:13:40
මහලු වයසේ අසරණව හෝ රෝගාතුරව සිටින කලාකරුවෙකු වෙනුවෙන් මහජන ආධාර ඉල්ලා කෙරෙන ආයාචනා ගැන වරින් වර අපට අහන්නට ලැබේ. මේ අය අතරින් ඇතැම් අය තමන්ගේ "හොඳ කාලයේදී" හොඳට හම්බ කරගත් අයයි. එහෙත්, තමන්ගේ "හොඳ කාලයේදීත්" ජනප්‍රියත්වය තරමට මුදල් හම්බ නොකළ අයද මේ අතර සිටිති. එමෙන්ම, මේ ආකාරයෙන් මහජන ආධාර අපේක්ෂා කරන අය අතර කලාකරුවන් නොවන ප්‍රසිද්ධ පුද්ගලයින් මෙන්ම සමාජය දන්නා සුවිශේෂී දෙයක් කර නැති සාමාන්‍ය පුද්ගලයින්ද සිටිති.ඉහත ආකාරයේ ඉල්ලීමක් කෙරුණු විට ලැබෙන ප්‍රතිචාර බොහෝ විට අන්ත දෙකකට බෙදීයයි. එක් අන්තයක සිටින අය වහාම ආධාර කිරීමට ඉදිරිපත් වන අතර, ඒ අන්තයේ සිටින ඇතැම් අය වෙනත් අය ආධාර දීමට පොළඹවමින් ආධාර එකතු කිරීමටද යොමු වේ. මෙසේ ආධාර දෙන හෝ එකතු කරන අය කලාකරුවන්ගෙන් සිදුවුණු සේවය වෙනුවෙන් යමක් කළ යුතුයැයි සිතන අයයි.දෙවන අන්තයේ සිටින අය හිතන්නේ කලාකරුවන්ද තවත් එක් රැකියාවක් කරන පිරිසක් නිසා ඔවුන් සුවිශේෂී පුද්ගලයින් නොවන බවයි. එසේ සිතන බොහෝ දෙනෙක්, මේ කතාව ප්‍රසිද්ධියේ කියන්නට යනවා වෙනුවට සරල ලෙස මහජන ආධාර ඉල්ලීම නොතකා සිටින නමුත් තමන්ගේ විරෝධය එළිපිටම දක්වන අයද මේ දෙවන අන්තයේ සිටිති.පැහැදිලිවම, කලාකරුවන් හා ක්‍රීඩකයින් වැනි අය කරන්නේ තවත් එක් රැකියාවකි. මේ රැකියාව ඔවුන්ගේ තේරීම වී තිබෙන්නේ එය ඔවුන්ට වඩාත්ම වාසිදායක රැකියාව නිසාය. වෙනත් විදිහකට කිවුවොත් පූර්ණ කාලීන කලාකරුවෙකුට හෝ ක්‍රීඩකයෙකුට වෙනත් රැකියාවක් කිරීමෙන් ඔවුන් ලබන වාසි ලැබිය නොහැකිය. මෙහිදී, "වාසි" යන්නට මූල්‍යමය මෙන්ම මූල්‍යමය නොවන වාසිද ඇතුළත් වන නමුත්, බොහෝ පුද්ගලයින් හා සම්බන්ධව මූල්‍යමය වාසි පමණක් සැලකුවද තත්ත්වය මෙවැන්නකි. කලා ක්ෂේත්‍රයේ සිටින සැලකිය යුතු පිරිසක් පූර්ණ කාලීනව එය නොකර අර්ධකාලීනව කරන්නේ වෙනත් රැකියාවක් සඳහා කාලය යෙදවීම කලා කටයුතු වඩා වාසිදායක බැවිනි. ප්‍රායෝගිකව මෙසේ දෙවන රැකියාවක් ලෙස කලා කටයුතු කරන බොහෝ දෙනෙක්ගේ පළමු රැකියාව ප්‍රමුඛ තේරීම වී තිබෙන්නේ එවැනි අය කලා කටයුතු වලදී කුසලතා අතින් දෙවන පෙල සිටීම නිසා නොව, ඔවුන් සතු මූල්‍යමය ලෙස වඩා වටිනා වෙනත් කුසලතා තිබීම නිසාය. ක්‍රීඩා හෝ කලා කටයුත්තක යමෙක් පූර්ණකාලීනව යෙදුනද, අර්ධකාලීනව යෙදුණද එසේ කරන්නේ ඒ සඳහා ඔවුන් යොදවන කාලය වෙනුවෙන් වඩා වටිනා යමක් ලැබෙන බැවිනි. මේ අනුව, මෙවැනි කටයුතු බේකරියක පාන් හැදීම වැනි වෙනත් රැකියාවකින් වෙනස් නොවේ. ඒ අය, කරන්නේ සමාජ සේවයක්ය යන්න ඇත්තක් වුවත් ඒ වෙනත් රැකියාවක් කරන කෙනෙක් කරන්නේද සමාජ සේවයක්ය යන අර්ථයෙන් මිස සුවිශේෂී අර්ථයකින් නොවේ. බක්කරේ පාන් විකුණා මුදල් ලබාගන්නා අයුරින්ම කලාකරුවෝද තමන් හදන මොනවා හෝ දේ විකුණා මුදල් ලබා ගනිති.ඇතැම් කලාකරුවන් විසින් මුදල් අය නොකර කරන දේවල්ද තිබේ. එහෙත්, එය එසේ වූ පමණින්ද කලාකරුවෝ සුවිශේෂී පුද්ගලයෝ නොවෙති. පොසොන් දවසේ බනිස් දන්සැල් දෙන බේකරි මුදලාලිලාද සිටිති. මේ අවස්ථා වලදී මුදල් ලාභයක් නොලැබුණත්, පුද්ගලයෙකු ජනහිතකාමී කටයුතු වල නිරත වන්නේද කිසියම් ආකාරයක වාසියක් බලාපොරොත්තුවෙනි. මෙහිදී, විශේෂයෙන් සඳහන් කර යුතු කරුණක් වන්නේ ඇතැම් පුද්ගලයින් ජනහිතකාමී කටයුතු වල යෙදෙන්නේ අනාගත ආයෝජනයක් ලෙසින් බවයි. දැන් ප්‍රසිද්ධ දේශපාලනඥයින් වන ඇතැම් අය අසූව දශකයේ ටියුෂන් ගුරුවරු ලෙස කටයුතු කරන කාලයේදී අනාගත ආයෝජන ලෙස සලකමින් සිසුන්ට "ෆ්‍රී කාර්ඩ්ස්" බෙදීම උදාහරණයක් ලෙස සඳහන් කළ හැකිය. ඇතැම් කලාකරුවන්ගේ ජනහිතකාමී කටයුතුද මෙවැනි ආයෝජන වන්නට පුළුවන.තමන්ගේ "හොඳ කාලයේදී" ඉපැයූ මුදල් නාස්ති කළ කලාකරුවෙකු මහලුව රෝගාතුර වීමෙන් පසු මහජන ආධාර ඉල්ලීමේ කිසිදු වරදක් නැත. සාමාන්‍යයෙන් එවැන්නන්ට ආධාර කිරීමට සුචරිතවාදී බැඳීමක් (moral obligation) සමාජයට නැතත්, මෙවැන්නෙකු කලකට පෙර ජනහිතකාමී කටයුතු වල ආයෝජනය කර තිබේනම් එවැනි සුචරිතවාදී  බැඳීමක් තිබෙන්නට කිසියම් ඉඩක් තිබේ. මහජන ආධාර ඉල්ලූ විට ලැබෙන ප්‍රතිචාර මේ පිළිබඳ පරීක්ෂාවකි.ඉහත තත්ත්වය කලාකරුවන්ට පමණක් විශේෂ තත්ත්වයක් නොවේ. තමන්ට ජීවත් වන්නට පමණක් ප්‍රමාණවත් සුළු ලාබයක් තබාගෙන පාන් විකිණූ හා කුසගින්නේ සිටින අතේ සල්ලි නැති කෙනෙකුට නොමිලේ පාන්  ගෙඩියක් දෙන්නට කිසිවිටෙකත් නොපැකිලුණු බක්කරේ කෙනෙක් වුවද තමන්ගේ පාරිභෝගිකයින් තුළ මෙවැනි සුචරිතවාදී බැඳීමක් ඇති කර තිබෙන්නට ඉඩ ඇති අතර, තමන් අසරණ වූ අවස්ථාවක එවැනි ආයෝජනයක් මුදල් කිරීමට උත්සාහ කිරීම වරදක් නොවේ. මේ අවස්ථාවලදී මෙවැනි පුද්ගලයින් වෙත ආපසු ලැබෙන්නේ තමන් විසින් පෙර ආයෝජනය කළ "තමන්ට අයත්" දෙයකි.කෙසේ වුවද, සියලුම කලාකරුවෝ ඉහත කී ආකාරයේ ජනහිතකාමී ආයෝජන කළ අය නොවෙති. එහෙත්, එවැන්නෝද මහජන ආධාර පතන අතර ඔවුන්ටද මහජන ආධාර ලැබේ. මෙය පැහැදිලි කරන්නේ කෙසේද?නිදහස් වෙළඳපොළ ගනුදෙනුවකදී මිල ගෙවා භාණ්ඩයක් ලබා ගන්නා පාරිභෝගිකයින් සියලු දෙනාම එය කරන්නේ තමන්ට ලැබෙන වටිනාකම ගෙවන මිලට වඩා වැඩි නිසාය. තමන්ගේ පෞද්ගලික වටිනාකම හා මිල අතර වෙනස පාරිභෝහික අතිරික්තයයි. රුපියල් 70කට විකිණෙන පාන් ගෙඩියක පෞද්ගලික වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර අයෙකුට එය රුපියල් 75ක් වෙද්දී තවත් අයෙකුට රුපියල් 100ක් විය හැකිය. දැන් පළමුවන්නාගේ පාරිභෝගික අතිරික්තය රුපියල් 5ක්ද දෙවැන්නාගේ අතිරික්තය රුපියල් 25ක්ද වෙයි.ඉහත උදාහරණයේදී මෙන් පාන් මිලදී ගන්නා පාරිභෝගිකයින් බොහෝ දෙනෙකු වෙත අතිරික්තයක් ඉතිරි වන අතර එය නිදහස් වෙළඳපොලක සාමාන්‍ය ස්වභාවය අනුව ඔවුන්ට ලැබෙන වාසියක් මිස බක්කරේගේ ජනහිතකාමය නිසා ලැබෙන්නක් නොවේ. බක්කරේ රුපියල් 70කට පාන් ගෙඩියක් විකුණන්නේ එසේ විකිණීමෙන් ඔහුට හෝ ඇයටද ලාභයක් ලැබෙන නිසාය. ඒ නිසා, නිදහස් වෙළඳපොලක සිදුවන ගනුදෙනුවකින් පසු කවුරුවත් කාටවත් ණය නැත.භාණ්ඩයක් හෝ සේවාවක් මිල දී ගන්නා පාරිභෝගිකයෙකුගේ පාරිභෝගික අතිරික්තය තීරණය වන්නේ එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික වටිනාකම් අනුවය. ආහාරයට ගැනීම සඳහා මිලදී ගන්නා පාන් ගෙඩියක පෞද්ගලික වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල ලෙස වෙනස් වන්නේ නැති වුවත් කලා කෘතියක පෞද්ගලික වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට ඉතා විශාල ලෙස වෙනස් වන්නට පුළුවන. ඒ නිසා, රුපියල් 700කට කිසියම් ගායකයෙකුගේ ගීත අඩංගු සීඩී තැටියක් මිල දී ගන්නා අයෙකුගේ පෞද්ගලික වටිනාකම රුපියල් 750 වන්නට මෙන්ම රුපියල් 7500ක් වීමටද පුළුවන. ඒ නිසා, කිසියම් ගායකයෙකුට හෝ ගායිකාවකට  විශාල ලෙස ප්‍රිය කරන රසිකයෙකුට තමන් ඔහුට හෝ ඇයට ගෙවා ඇති මුදලට වඩා විශාල වටිනාකමක් අදාළ ගායකයා හෝ ගායිකාව විසින් ලබා දී ඇති බව හැඟෙන්නට පුළුවන.නිදහස් වෙළදපොළ ගනුදෙනුවකින් පසුව පාරිභෝගිකයෙකු සතු වන අතිරික්තය ඔහුට හෝ ඇයට අයිති දෙයක් වුවත් එවැන්නෙකුට අවශ්‍යනම් ස්වේච්ඡාවෙන් එයින් කොටසක් නිෂ්පදකයා වෙත ලබා දෙන්නට පුළුවන. උදාහරණයක් වශයෙන් ඔබට ගාලු මුවදොර සරුංගල් විකුණන්නෙකුට රුපියල් පන්සීයක් දී ඉතුරු තියාගන්නට කියා කියන්නට හෝ පොතක් එළිදක්වන අවස්ථාවක එහි මිලට වඩා වැඩි මිලක් ගෙවා එය මිලදී ගන්නට බැරිකමක් නැත. මෙසේ කිරීමේදී සිදුවන්නේ එක් අයෙකු අතේ ඇති සම්පතක් තවත් අයෙකු අතට සම්ප්‍රේෂණය වීම නිසා සමාජයට එයින් සිදුවන අයහපතක් නැත. කලාකරුවෙකු හෝ ක්‍රීඩකයෙකු අසරණ වී සිටින අවස්ථාවක එවැන්නෙකුට ස්වේච්ඡාවෙන් උදවු කරන්නට ඉදිරිපත් වන අයට මූල්‍යමය අවාසියක් සිදු වුවත්, එසේ කිරීමෙන් එවැන්නෙකු ලබන සතුටේ වටිනාකම ඊට වඩා වැඩිය. මුදල් ලබන්නාට කොහොමටත් වන්නේ වාසියකි. එහෙත්, ඔබට අයිති ඔබේ මුදලක් වෙනත් අයෙකුට මෙසේ දීමෙන් ඔබට සතුටක් නොලැබේනම් ඔබ එය කළ යුතු නැත. එමෙන්ම, එසේ කරන අයට බාධා කළ යුතුද නැත.කලාකරුවන් හෝ ක්‍රීඩකයින් රජයෙන් ආධාර ඉල්ලීමේදී සිදුවන්නේ මේ දෙයම නොවේ. මෙහිදී කවුරු හෝ දේශපාලනඥයෙකු හෝ නිලධාරියෙකු විසින් තීරණය කර කලාකරුවෙකු හෝ ක්‍රීඩකයෙකු වෙත ලබා දෙන්නේ තමන්ගේ පෞද්ගලික මුදල් නොවේ. බදු ගෙවන්නන්ගේ මුදල්ය. රටේ බදු ගෙවන්නන් අතර අදාළ කලාකරුවාට හෝ ක්‍රීඩකයාට ගෙවීමක් කිරීමේ අවශ්‍යතාවයක් නොදකින සැලකිය යුතු පිරිසක්ද සිටින බව අපට උපකල්පනය කළ හැකිය. මෙතැනදී සිදුවන්නේ එවැන්නන්ගේ සාක්කුවේ ඇති මුදල් රජය විසින් බලහත්කාරයෙන් උදුරාගෙන අදාළ කලාකරුවාට හෝ ක්‍රීඩකයාට දෙනවාට සමාන දෙයකි. අදාළ මුදල තමන්ගේ අතින් ගෙවීමට අකැමැති විශාල පිරිසක් රටේ සිටීනම් එවැනි ක්‍රියාවක සමාජ යහපත සෘණ අගයක් වන්නට වුවද ....   වැඩිදුර >>  
Next || Previous