ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ප්‍රේම ත්‍රිකෝණෙ• [ යාම් : 10 ] | හිතනලන්තය | 2017-05-19 11:44:15
එයා මට කතා කළා කතා කරන්න. ඒ වුණාට ඒ වෙලාවෙ බෑ කතා කරන්න. මං හිටියේ බඩේ අජීර්ණයක් හැදිලා. බඩ සහ කට අතර අනුලෝම හරි ප්‍රතිලෝම හරි සම්බන්ධයක් නැති වුණාට බඩේ අජීර්ණයක් එක්ක කාත් එක්කවත් කතා කරන්න බෑ. ඒක නියතයක්. අනික එයත් එක්ක නම් කොහොමටවත් බෑ. මං මේක අරයටත් කිව්වා. එයා කිව්වා ගුලි දෙන්නම් බොන්න; දෙහි පොන්සු එක්ක කකාරලා ගත්තම හරි කියලත්. මං ඉතිං -හාය- කිව්වා. ළා කොළ පාට පොලිතින් කවරෙක තිබ්බ ක්‍රිමිරාජ ගුලි හතරක් අරයා දුන්නා. හැබැයි මං බිව්වේ එක ගුලියයි. බිව්වත් නෙවෙයි හැබැයි,කෑවා. ඊට පස්සේ ඉගුරු යුෂ ටිකක් නිකං අමුවෙන් වගේ කටේ දාගත්තා. මී බෙටි කෑවා හේ ඉතිං. අරයා කිව්ව විදිහට ගුලිය කන්න කලින් මං ප්‍රාර්ථනාවකුත් කළා. -කට ඇරලා කතා කරන හැම වෙලාවකම මල් සුවඳ විහිදෙන්නෝනා- ඇම්. ඩී.ලිවේරිස් අමරතුංග ගුලි කවරෙ හිනා කටක් නැතිව මගේ දිහා බලං හිටියා. එයාට හිට්ලර්ගෙ සැම්පලේ රැවුලකුත් තිබ්බා. පස්සෙ මං දැක්කා ඌ මට හිනාවෙනවා. අර හිට්ලර් රැවුල නටව, නටවා ගුලි කවරෙන් එළියට පැනලා ඌ නට නට යන්න ගියා. -හා... දැන් තමුසෙට ඕනෙ නම් කවරෙ එළියෙ රවුමෙ පින්තූරෙට යනවා. මට බෑ තව නම්. මං යන්න යනවා- කියලයි ඌ ගියේ. අනේ මට හරි කේන්ති ගියා අනේ. ඌ මොන ලොක්කෙක් ද මට ක්‍රිමිරාජ ගුලි කවරෙක එළියෙ පින්තූරෙට ඉන්න කියන්න? අනික ඒකෙ තියෙන්නෙත් මී බෙටි වෙච්ච එකේ. -තුක්!! නොදකිං!! මූසලයා!!- කියලා මං එක පාරටම කිව්වා. -උඹ අපිට මී බෙටි පොවලා දැන් යන්න යනවා.- මං හිතන්නෙ ඌට කේන්ති ගියා වගේ එකක් වුණා. -බලහංකො තොට වෙන දේ. මෝඩ ගෑනි- කියලා ඌ කිරිවත්තුඩුව පැත්තට යන්න ගියා. මං වැඩිය මුකුත් නොහිතා එයත් එක්ක කතා කරන්න යන්න හැදුවා. එතකොට අරයා හිටියෙත් නෑ. කොහොමත් එයාට-මෙයාට කිය කිය මේ කතා කරන වැඩේ කරන්නත් බෑනේ අනේ. අපිටත් කියලා නිදහසක් තියෙන්න එපැයි. -හා...එහෙනම් මං එන්නම් කතා කරන්න- කියලා කට ඇරියා විතරයි. කටෙන් මල් වැටෙන්න ගත්තා. මුලින් වැටුණේ බාබන්ඩේසියා. ඊළඟට වද මල්. ඊටත් පස්සේ සමන් පිච්ච. සුවඳේ බෑ තමයි. ඒත් දැන් කොහොමද මල් වැටෙන කටකින් කාත් එක්කවත් කතා කරන්නේ? හා...කියන්න කොහොමද කියලා? මං එයාගෙනුයි මෙයාගෙනුයි අරයගෙනුයි එක පාර ඇහුවා. උං කිව්වා උඹ ඒක ඇම්.ඩී.ලිවේරිස් අමරතුංගගෙන්ම අහගනිං කියලා. ඊට පස්සේ අපේ ආදර සම්බන්ධ ඔක්කොම නතර වුණා. ඔව්!! එහෙමයි ප්‍රේම ත්‍රිකෝණෙ කැඩුණේ. කාංචනා අමිලානි• මැයි ....   වැඩිදුර >>  
Next || Previous