ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
කලවම් නැති, ඉතා පිරිසිදු සිංහ ලේ [ යාම් : 22 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-05-19 11:05:40
 "බැහැ බුදු පුතේ දැන්නම් මට ඉවසන්නහැකිනම් මරණයෙන් මා බේරාගන්නමේ වගෙ දුක් සුසුම් මවකගෙ සනසන්නආදර පුතෙකු ලෙස ඇවිදින් ලේ දෙන්නලේ හිඟ නිසා අද ඔත්පල වී ඉන්නඅසරණ ලෙඩුන් ගැන සිත යොමු කරලන්නදන් දී ලේ බිඳක් ඒ අය ගොඩගන්නආදර පුතෙකු ලෙස ඇවිදින් ලේ දෙන්න"මේ කවි දෙක සහිත පෝස්ටරයක් (සහ තවත් පෝස්ටරයක්) මා පළමු හෝ දෙවන ශ්‍රේණි වල උගත් කාලයේ මගේ  පියාගේ කාර්යාලයේ දැන්වීම් පුවරුවක ගසා අලවා තිබුණු බව මට තවමත් හොඳින් මතකය. කළු පැහැති අකුරෙන් මුද්‍රණය කර තිබුණු කවි දෙකේ ලේ යන වචනය පමණක් (උඩින් ඇති ආකාරයේ සිංහ ලේ ස්ටිකර් වල මෙන්) රතු පැහැයෙන් මුද්‍රණය කර තිබුණේය. එහි පැත්තක කාන්තාවකට ලේ දෙන චිත්‍රයක්ද ඇඳ තිබුණේය. එයද කළු රේඛා වලින් ඇඳ තිබුණු අතර ලේ බෝතලය සහ එහි සිට අත දක්වා ගලා එන ලේ ධාරාව රතු පාටින් මුද්‍රණය කර තිබුණේය. ඒ වයසේදී මේ "ලේ තැවරුණු" පෝස්ටරය දැකීම මට ප්‍රිය උපදවන කරුණක් නොවීය. ඉහත පෝස්ටරය මුද්‍රණය කර තිබුණේ ලේ දන් දීමේ වැඩ සටහන් සඳහා ප්‍රචාරණයක් ලබා දීමටය. ලේ දන් දීමට හැකි ස්ථානය දිනය හා වෙලාව පෑනකින් ලකුණු කිරීම සඳහා එහි ඉඩක් වෙන් කර තිබුණත් පියාගේ කාර්යාලයේ වූ පෝස්ටරයේ ඒ තැන් හිස්ව තිබුණේය. තවත් මෙවැනි -හිස්- පෝස්ටර් මිටියක් රාක්කයක තබා තිබුණු අතර ලේ දන්දීම් වැඩ සටහන් සංවිධානය කරන අයට ඒවායින් යම් ප්‍රමාණයක් රැගෙන ගොස් අදාළ ස්ථානය, දිනය හා වෙලාව ලියා ප්‍රචාරණය සඳහා භාවිතා කළ හැකිව තිබුණේය.මේ කියන කාලය දැනට දශක හතරකට නොඅඩු කාලයකි. ඒ කාලයේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය වූ ලේ වලින් වැඩි ප්‍රමාණයක් ලබා ගත්තේ ස්වේච්ඡාවෙන් ලේ දන් දෙන පුද්ගලයන්ගෙනි. ඒ තත්ත්වය මේ වන විටද වෙනස් වී නැත.පළමු වරට සාර්ථක ලෙස රුධිර පාරවිලනය සිදු කර ඇත්තේ 1907දී වුවත් ලේ දන්දීම ප්‍රචලිත වී ඇත්තේ 1940දී පමණය. එයින් දශකයකට පමණ පසුව ලංකාවේද ලේ දන්දීමට අවශ්‍ය පහසුකම් ඇති වී ඇතත් ලංකාවේ බොහෝ දෙනෙකු මේ ගැන දැනගෙන ඇත්තේ බණ්ඩාරනායක මහතාට වෙඩි තබනු ලැබූ අවස්ථාවෙන් පසුවය. බණ්ඩාරනායක ඝාතනයෙන් පසු ගෙවී ගිය දශක දෙකක පමණ කාලය තුළ මගේ මවගේ පියාද ලේ දන්දීමේ හා ඇස් දන්දීමේ වැඩ සටහන් වල ක්‍රියාශීලීව සිට ඇතත් මට මතක තිබෙන්නේ හැත්තෑව දශකයේ ඔහුගේ මරණයට පෙර කාලය පිළිබඳව පමණි. ලෝකයේ සිටින මිලියන 112.5ක් වන ලේ දන් දෙන්නන්ගෙන් අඩක් පමණම ඉහළ ආදායම් ලබන රටවල ජීවත් වන අයයි. එහෙත්, මේ රටවල ජනගහණය ලෝක ජනගහණයෙන් 19%ක් පමණි. ඉහළ ආදායම් ලබන රටවල සෑම දහසකින්ම 33.1ක් ලේ දන් දෙන්නන් වන අතර, මැදි ආදායම් රටවල මේ ගණන 11.7කි. පහළ ආදායම් රටවල ජනගහණයෙන් දහසකට ලේ දන් දෙන්නන් සිටින්නේ 4.6ක් පමණි.ලෝක සෞඛ්‍ය සංවිධානයට සංඛ්‍යාලේඛණ ලබා දී ඇති රටවල් 146කින් රටවල් 74කම ලේ අවශ්‍යතාවයෙන් 90%ක්ම සපුරාගෙන ඇත්තේ ස්වේච්ඡා ලේ දන් දෙන්නන්ගෙනි. ඉතිරි රටවල් 72හි ලේ ඉල්ලුමෙන් අඩු වශයෙන් 50%ක් ලබාගෙන ඇත්තේ මුදල් ගෙවා හෝ පවුලේ අයෙකුගේ ලේ වල හිලවුවටය.ජාතික රුධිර පාරවිලන සේවාවට අනුව ලංකාවේ ලේ දන් දෙන්නන් 100%ක්ම එය මුදල් නොලබා ස්වේච්ඡාවෙන් කරන අයයි. එහෙත්, මා දන්නා පරිදි හිලවුවට ලේ ලබා දීම ලංකාවේද බොහෝ විට සිදු වන දෙයකි. එමෙන්ම, මුදලට ලේ විකුණන පුද්ගලයින් මෙන්ම ඔවුන්ව සම්බන්ධ කරන තැරැවුකරුවන්ද මට ලංකාවේදී හමු වී තිබේ. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ හෝ සම්බන්ධව සිට ඇති මෙය කියවන අයට මේ හා අදාළ මට නැති අත්දැකීම් ඕනෑ තරම් තිබෙන්නට පුළුවන.මිනිස් ලේ කෘතිමව නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තවමත් නැත. ඒ නිසා මිනිස් ලේ අවශ්‍යතාවය මුළුමනින්ම සපුරා ගත යුත්තේ ස්වේච්ඡාවෙන් හෝ මුදලට ලේ ලබා දෙන අයගෙනි. ලේ වලට ඇති ඉල්ලුම හා සැපයුම තුලනය වීමේදී ලේ වල මිල විශාල ලෙස ඉහළ ගොස් නැත්තේ ස්වේච්ඡාවෙන්, නොමිලේ ලේ දෙන්නන් විශාල පිරිසක් ලෝකයේ සිටින බැවිනි. මේ බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් ලබා ගන්නා වාසිය වෙනත් අයෙකුට යහපතක් වනු දැකීමෙන් ලබන සතුටයි. එසේ වුවද, කිසියම් ආකාරයකින් මිනිස් ලේ කෘතීම ලෙස නිෂ්පාදනය කළ හැකිනම් එය සැලකිය යුතු තරමේ ලාභයක් ලැබිය හැකි ව්‍යාපාරයකි.නේචර් සඟරාවේ ඉදිරියේදී පළ වීමට නියමිත, පෙරේදා (මැයි 17) අන්තර්ජාලයේ පළ කර ඇති කර ඇති පර්යේෂණ පත්‍රිකා දෙකකට අනුව පෙනෙන්නේ කඩෙන් කෘතීම ලේ මිල දී ගන්නට හැකි වන දිනය වැඩි ඈතක නොවිය හැකි බවයි. හාර්වඩ් වෛද්‍ය විද්‍යාලයේ රියෝහිචි සුගිමුරා ඇතුළු ඇතුළු පළමු පර්යේෂක කණ්ඩායම විසින් සෛද්ධාන්තිකව පුද්ගලයෙකුගේ හමේ කොටසකින් ලබා ගත හැකි බහුශක්‍ය මූල සෛල (pluripotent stem cell) නියැදියකින් පටන් ගනිමින් පළමු වරට විද්‍යාගාරයක් තුළ සාර්ථක ලෙස මිනිස් මූල රුධිර සෛල (blood stem cells) නිෂ්පාදනය කර තිබේ. මේ සෛල වලට සිරුරේ රතු රුධිරානු, සුදු රුධිරානු හා රුධිර පට්ටිකා ජනනය කිරීමේ හැකියාව තිබේ. මේ සොයා ගැනීමේ වැදගත්කම වන්නේ කිසියම් පුද්ගලයෙකුගේ රුධිරය ඒ ආකාරයටම නිපදවිය හැකි නිසා රුධිරය නොගැලපීමේ ප්‍රශ්න මතු නොවීමයි. වීල් කොර්නෙල් වෛද්‍ය විද්‍යාලයේ රපායෙල් ලිස් ඇතුළු දෙවන පර්යේෂක කණ්ඩායම විසින්ද මීයන් යොදා ගනිමින් මේ දෙයම කර තිබේ.පිළිකා ඇති වීමේ අවදානම බැහැර කළ නොහැකි නිසා මේ මූල සෛල මිනිසුන්ට ඒ අයුරින්ම ලබා දීමේ හැකියාව ගැන සැක පහළ කරන මේ පර්යේෂකයෝ මෙසේ හදාගන්නා මූල සෛල යොදාගනිමින් න්‍යෂ්ඨි රහිත නිසා බෙදී නොයන රුධිරානු හා පට්ටිකා සෛල හදා ඒවා මිනිසුන්ට ලබා දුන් විට ඒ අවදානමද නැති වන බව පවසන අතර ඉදිරි දෙවසරක පමණ කාලය තුළ එය කළ හැකි බවට විශ්වාසය පළ කරති.මේ අනුව, වැඩිකල් නොයා කෘතීම ලේ වාණිජ මට්ටමෙන් නිෂ්පාදනය වන්නට ඉඩ ඇති අතර "සිංහ ලේ" වැනි වෙළඳ නාම යටතේ ඒවා වෙළඳපොළට එන්නටත් "කලවම් නැති, ඉතා පිරිසිදු සිංහ ලේ" ආදී දැන්වීම් දැක ගන්නටත් නුදුරු දිනක අපට ඉඩ ලැබෙන්නට පුළුවන. ඒ සමඟම, ලේ වලිනුත් ලාබ ලබන බටහිර සමාගම් ගැන කතා කරන අයද අපට බ්ලොග් වලම වුවත් හමු වන්නට පුළුවන.ඒ කෙසේ වුවත්, තවමත් කෘතීම ලේ ප්‍රායෝගිකව භාවිතා කළ හැකි අයුරින් නිපදවා නැති නිසා ලේ දන්දීම යමෙකුට කළ හැකි යහපත් කටයුත්තකි. ජූනි 14 දිනට යෙදෙන ලෝක ලේ දන්දීමේ දිනයට හෝ ජූනි 8 වෙනි දිනට යෙදෙන පොසොන් පෝය දිනයට ලේ දන්දීමේ වැඩ සටහනක් සංවිධානය කරන්නට කැමති කෙනෙකුට ඒ ගැන හිතන්නට තවමත් කල් තිබේ. (Image: ....   වැඩිදුර >>  
Next || Previous