ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
Ransomware එකකින් ඔබ ආරක්ෂාවන්නේ කෙසේද? [ යාම් : 12 ] | Muttiya.com | 2017-05-19 07:47:25
මේ දිනවල අන්තර්ජාලයේ, සමාජ ජාල වල පමණක් නොව, රූපවාහිනි, ගුවන්විදුලි මෙන්ම එදිනෙදා සමාජයේද කතාබහ වන්නේ රැන්සම්වෙයා එක ගැනයි. WannaCry(වොනක්‍ර‍යි) ලෙස හදුන්වන මේ විනාශකාරී රැන්සම්වෙයා එකට මේ වන විට රටවල් 150කටත් අධිකව පරිඝනක ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් ගොදුරුවී තිබෙනවා. මෙය මෙතරම් දරුණුවන්නට බලපෑ එක් කරුණක් වන්නේ මෙය ආසාදනය වූ එක් පරිඝනකයකින්, එය සම්බන්ධිත ජාලය හරහා තවත් පරිඝනකවලට බෝවීමේ හැකියාව නිසයි. අපි මේ ලිපියෙන් බලමු මෙවැනි රැන්සම්වෙයා එකකින් ඔබේ දත්ත සහ පරිඝනකය ආරක්ෂා කරගන්නේ කෙසේද කියලා. මොකද ඊළඟ ප්‍ර‍හාරයක් අත ළඟම කියලා මේ වන විටත් බොහෝ දෙනෙක් අනතුරු අඟවමින් පවතිනවා.   Portable Hard Drive ඔබේ වටිනා දත්ත ආරක්ෂාකරගැනීමට ගතහැකි ප්‍ර‍ධානතම පියවර තමයි ඒවා පෝටබල් හාඩ් ඩ්‍ර‍යිව් එකකට පිටපත් කර තැබීම. මේ වන විට විවිධාකාරයේ තාක්ෂණික ක්‍ර‍ම මඟින් ඔබේ දත්ත ආරක්ෂා කරගත හැකි පෝටබල් හාඩ් ඩිස්ක් තිබෙන බැවින් ඔබේ අතේ මුදලට සරිලන ලෙස එකක් සොයාගැනීම අපහසු වෙන්නේ නෑ.           Cloud Storage ඔබේ දත්ත අන්තර්ජාලයේ තිබෙන ක්ලවුඩ් ස්ටෝරේජ් එකකට අප්ලෝඩ් කිරීමත් බුද්ධිමත් වැඩක්. මොකද එවැනි සර්වර් නිර්මාණය කර තිබෙන්නේ ඒවායේ දත්ත කිසිම ගැටලුවකදි හානියක් නොවි පැවැත්වීමටයි. එක් අතකට පෝටබල් හාඩ් ඩිස්ක් එකක් පාවිච්චි කරනවාටත් වඩා ආරක්ෂාකාරීයි මෙවැනි ක්ලවුඩ් සර්ව් එකකට අප්ලෝඩ් කර තැබිම. නොමිලේ ලබාදෙන සේවාවන් බොහෝමයක් තිබෙනවා. ඒ අතරේ Microsoft, Google, Apple, Xiaomi වැනි සමාගම් මඟින් නොමිලයේ සහ අඩු මිළකට වැඩි ඉඩක් ඔබට ලබාදෙනවා.       Windows 10 මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට පමණක් ඇයි මේ ප්‍ර‍හාර එන්නේ? මොකද දැනට ලෝකයේ වැඩියෙන්ම තිබෙන මෙහෙයුම් පද්ධතිය මෙය නිසා. ඉතින් මේ වෛරස් වැනි ප්‍ර‍හාරවලින් ඔරොත්තු දෙන්න වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය ඉතා ශක්තිමත්ව නිර්මාණය කරලා තිබෙනවා. එවගේම මයික්‍රොසොෆ්ට් සමාගම ආරක්ෂක යාවත්කාලින ක්ෂණිකව වින්ඩෝස් 10 වෙතට එවනවා. ඔයා ළඟ තියෙන්නේ පැරණි මෙහෙයුම් පද්ධතියක් නම් ඉක්මනින්ම වින්ඩෝස් 10 වෙතට අලුත් වෙන්න. මොකද වින්ඩෝස් එක්ස්පී හොඳයි කියලා තියාගෙන හිටපු අයට තමයි රැන්සම් වෙයා එකෙන් ගොඩක්ම බලපෑම් වෙලා තියෙන්නෙත්.       Anti-Virus Software ඔබේ පරිඝනකයට ආරක්ෂක මෘදුකාංගයක් යෙදීම තවත් වැදගත් කරුණක්. බොහෝ නොමිලයේ දෙන මෘදුකාංග වල අඩුපාඩි තිබෙනවා. ඔවුන් සියලු සේවාවන් ලබාදෙන්නේ එම මෘදුකාංග මිලදී ගත් විටයි. නමුත් 360 Total Security කියන්නේ සම්පූර්ණ පැකේජයක්. ඔවුන් සේවාවන් රැසක් මේ මෘදුකාංගයට ඇතුලත් කර තිබෙනවා. එවගේම මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ දෙනවා. පෞද්ගලිකව මම කාලයක් පටන් 360 ටෝටල් සිකුරිටි ඇන්ටි වෛරස් මෘදුකාංගය පාවිච්චි කරන නිසා ඕනෑම කෙනෙකුට එය නිර්දේශ කරනවා. https://www.360totalsecurity.com/en/ වෙතින් මෙය ඩවුන්ලෝඩ් කරගන්නට පුලුවන්.         iPhone බොහෝ දෙනෙක් මාත් එක්ක එකඟ නොවෙන්නට පුලුවන්. නමුත් ඔබ ඉතාම සංවේදි, වටිනා දත්ත ආරක්ෂාකරගැනීමට අවශ්‍ය නම් අයිෆෝන් එකක් පාවිච්චි කිරීම තමයි හොඳම. මොකද අයිඕඑස් මෙහෙයුම් පද්ධතිය හා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ගත්තොත් ආරක්ෂාව අතින් අයිඕඑස් මෙහෙයුම් පද්ධතිය ඉදිරියෙන් සිටිනවා. එමෙන්ම ඇන්ඩ්‍රොයිඩ් නම් පාවිච්චි කරන්නේ, ගූගල් ප්ලේ ස්ටෝ එකෙන් පමණක් ඩවුන්ලෝඩ් සිදුකරන්නටත් වගබලාගන්න. මොකද ප්ලේ ස්ටෝ එකට වෛරස් හෝ ඔබේ දත්ත සොරාගන්නට නිපදවූ මාදුකාංගයක් දැම්මත් වැඩිවෙලා තියෙන්නේ නෑ අයින් වෙනවා. තුන්වැනි පාර්ෂවයේ වෙබ් අඩවි වලින් APK ඩවුන්ලෝඩ් කරන කෙනෙක් නම් ඔයා, ටිකක් ප්‍රවේසම් වෙන්න.                                                     ....   වැඩිදුර >>  
Next || Previous