ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
පොල් ගස ද, තල් ගස ද, ගස් වර්ග දෙක ම, තාල වර්ගයේ ය - I only like war when it is made in Hollywood [ යාම් : 25 ] | රසිකොලොජි - Rasikology | 2017-05-18 21:16:40
ලංකාවේ පැවති මානුෂික යුද්ධය මතක ද?මා මේ කියන්නේ ඩෙංගි මදුරුවන් සහ කීටයින් සමූල ඝාතනය කිරීම පිණිස රසායනික අවි සහ බර අවි භාවිතයෙන් කළ මෙහෙයුම් පිළිබඳව නම් නොවේ.මා මේ කියන්නේ ජාති හෝ ආගම් හෝ වෙනසකින් තොරව, අවිගත් හෝ අවි නොගත් හෝ වෙනසකින් තොරව, ලාංකික මිනිසුන් දස දහස් ගණනින් මිය ගිය මානුෂික යුද්ධය ගැන ය.ලංකා ඉතිහාසයේ ඒ අඳුරු පරිච්ඡේදය ගෙවෙන අතරතුර, 2009 ජනවාරියේ දී, මම ඒ මානුෂික යුද්ධය ගැන කවියක් ලිව්වෙමි.මෙය මානුෂික යුද්ධයක් ගැන ලියවුණු අමානුෂික කවියකි.එය මෙසේ විය.පොල් ගස තාල වර්ගයේතල් ගස තාල වර්ගයේපොල් ගස් යට තල් ගස් යටබෝල ගැසූ කොලු රංචුව අද කොහේද?උන් සුවර්ගයේතිසා වැවේ, නුවර වැවේ නිල් දිය දහරේමාවිලාරු, ඉරණාමඩු නිල් දිය දහරේඒ වතුරේ පීන පීනමේ වතුරේ පීන පීනදියඹුං ගැසු කොලු රංචුව අද කොහේදභූමදානයේහම්බන්තොට ලේවායේ ලුණු ලුණු රස වේකිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් ඇඹුල් වේඒ ලුණු රස පදමට ගෙනදෙහි ඇඹුලට මුසු කරගෙනමුළු රට කිරිබත් කන දිනයක් ඒවිද?සැකයි යාළුවේ!වසරකට පමණ පසු කාලයක, මා සාමාජිකයෙකු වන ඕස්ටේ‍ර්ලියාවේ, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව මගින් නිෂ්පාදනය කරන්නට සැලසුම් කෙරුණු ගීත එකතුව සඳහා ඒ කවිය අනුසාරයෙන් සැදුණු පදමාලාවක් මම ඉදිරිපත් කළෙමි.සංගීත විශාරද ඉන්දු ප්‍රේමතිලක ගේ සංගීතයට අනුව, එකල ළමා ගායක තිසල් පාදුක්ක විදාන විසින් ගායනා කෙරුණු මගේ පදමාලාව සහිත ගීතය රුවැත්තියේ නම් සංයුක්ත තැටියට ඇතුළත් කෙරිණි.ගීයේ පිටපතක් පසුව එකතු කරමි. ගී පදවැලේ අවසානය කවියට වඩා මදක් වෙනස් වේ.හම්බන්තොට ලේවායේ ලුණු වේලෙන්නේකිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් පිරෙන්නේඒ ලුණු රස පදමට ගෙනදෙහි ඇඹුලට මුසු කරගෙනමුළු රට කිරිබත් කන දිනයක් ගැනසිත විමසන්නේ-රසිකොලොජිස්ට්ප/ලි:මේ කවිය ලියා මාස පහක් යන්නට පෙර ඓතිහාසික කිරිබත් කෑමක් සිදුවුණ ද, මා ලියූ පරිදි හම්බන්තොටින් ලුණු ද, කිලිනොච්චියෙන් දෙහි ද, යාපනයෙන් මිරිස් ද ගෙන සෑදූ ලුණුමිරිසක් සමග පොළොන්නරුවේ හාලෙන් ඉවූ කිරිබතක් මුළු රටම එකට කෑ දිනයක් ඉන් පසුව හෝ පැමිණියා ද කියා මම නොදනිමි.(image: https://www.lankapropertyweb.com/; ....   වැඩිදුර >>  
Next || Previous