ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
පමා වී සමා අයදින මසිත අසරණය... [ යාම් : 2 ] | තරුරසී | 2017-05-18 01:24:40
ඉටි පහනක් දල්වා ගත් දරුවෙක්...පින්තූරය ලාල් ලක්ෂ්මන් ‘‘තරංගි නංගි ලිව්ව සුධාකරන්ගෙ කවිය ගැනත් මං කතා කරන්න කැමතියි විපුලි කතා කළ තැනින් චුට්ටක් එහාට.  වරදකාරී හද රිදුම, දැන් මේ හෘද සාක්ෂිය රිදෙන එක නම් හොඳයි. රිදුන්නැති එක ලොකු ගැටළුවක් තමයි.  පසුව හෝ රිදෙන එක හොඳයි. මම මේ කවියට ආදරය කරන්නෙ මුල්ලිවයික්කාල්වලින් පසුව හෘද සාක්ෂියක සටහනක් විදියට. අපි දන්නවා මුල්ලිවයික්කාල් කියන්නෙ අපේ රටේ සංකේතයක්.යුද්ධය ආරම්භ වන මුල්භාගයේ මට මතකයි අපේ රටේ කවියො, ගීත රචකයො මහා මානව දයාවකින් ඒ ගැන ලිව්වා. හැබැයි යුද්දය අවසන් වුණායින් පස්සෙ ඒ ප්‍රේම කවි හුඟක් නැති වුණා. ප්‍රේමයත් මට පේන්නෙ නන්දිකඩාල් කලපුවෙ ගිලුණා වගේ. මොකද එතකන් අපට පේනවා උතුරු දකුණු ප්‍රේම ගීත තොගයක්. පිච්ච මල් සුවඳ ගැන, 83 ගැන අපේ මහා කවියා රත්න ශ්‍රී කියනවා ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන්, රත්න ශ්‍රී ගෙ සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී.. ඒවා විශිෂ්ට නිර්මාණ. හැබැයි ඒ නළලේ තිලක තියන කිරිල්ලි නැතිවුණායින් පස්සෙ ගීතයක් උපදින්නෑ. නළලේ තිලක තියන කිරිල්ලිව එහෙට ගිහිල්ල හමුවුණාම ( ඈ නඩේසන්ගෙ බිරිඳ. ඈ සිංහල කාන්තාවක්) ඇය හමුවුණාම එදා ඇතිවෙනවනෙ කම්පනයක්. ඒ කම්පනයෙන් ඒ ගීතය ලියවෙනවා. නමුත් ඊට වඩා ප්‍රබල කම්පනයක් ඇති වෙන්න ඕන නැද්ද ඒ නළලේ තිලක තියන කිරිල්ලි යුද්ධය අවසානයෙදි අහිමි වුණාම. එතකොට අපට කොච්චර කම්පනයක් ඇති වෙන්න ඕනද? එතනදි ලංකාවෙ කවි සිත, කලා සිත එක තැනක ගල්වෙනවා. මේ කවියට මං කැමති වෙන්නෙ අන්න ඒ ගල් හිත දැන් ටික ටික හරි බුරුල් වේගෙන එනවා කියන අදහසින්. ඒක හොඳයි. ඒක අවශ්‍යයි. සංහාරයෙන් පසු ලියවෙන කවි කියල සත්හඬේ කවි පිටුවක් යනවා. ඒකෙ විවිධ අර්ථයන් තියෙනවා. මෙතනදි මේ සුධාකරන් කියන දෙමළ දරුවා, යෞවනයා ගැන හිතල තමයි ඇය මෙහෙම කියන්නෙ.දෑස් ගැඹරෙහි කෙවෙන මැතිරිල්ලවිස හී සර හිතේ ඇමිණිල්ලදෙදරවා ළය මවා කැළඹිල්ලඋදුරගනු ඇයි මෙලෙස සැනසිල්ල...තරුණයව යුද්ධයට පසු දකිනකොට, ‘අනේ මේක ඉවරයි‘, ‘යුද්දෙ ඉවරයි‘ කියල අපි යම් සැනසිල්ලක උන්නනෙ, ඒ සැනසිල්ල උදුරගන්නවා. ඇත්තටම එහෙම සැනසෙන්න පුලුවන්කමක් නෑ මේක අස්සෙ. මෙලෝ සැනසිල්ලක් නෑ. මොකද යුද්දයට හේතු වෙච්ච කාරණා තාමත් එසේම තියෙනවා. ඒ බවට සාක්ෂිකාරයො තමයි දැනට ඉතුරු වෙලා උතුරෙ ඉන්න හැම කෙනෙක්ම. ඒ නයින් පාර දිගේ ගිහිල්ල නටබුන් බැලුව කාගෙවත් සැනසිල්ල කැඩුණෙ නෑ. දකුණෙ ඉඳන් උතුරට ගිය ආතල් කැඩුන්නෑ. ඒගොල්ලන්ට ආතල් ම තමයි ලැබුණෙ ඒ පාර දිගේ ගිහිල්ලා. නමුත් ඒ පාරෙන් එහාට ගිහිල්ල සුධාකරන්ල හමුවෙනකොට, අනූදාහක් වැන්දඹුවො හමුවෙනකොට ඇත්තටම ආතල් කැඩෙනවා. ඒගොල්ලන්ව හමුවෙන්න ඕන, එතකොට තමයි මේක කැඩෙන්නෙ. දැනෙනවා ඒ ප්‍රශ්න එහෙම ම තියෙන බව. ආයෙ අපට යුද්ධයක් එන්න පුලුවන්. ‘උදුරගනු ඇයි මෙලෙස සැනසිල්ල‘ දකුණේ සමාජය, සිංහල සමාජය යම් සැනසිල්ලක් ලැබුව නම් ඒ සැනසිල්ල උදුරගන්න සැනසිල්ලක් බවට පත්වෙනවා මේකට අදාළ ඊළඟ වැඩ ටික උනේ නැත්නම්. ඒ නයින් කාපට් පාරෙ නටබුන් හෝ ඒ විශිෂ්ට ජයග්‍රහණයේ සැමරුම්, සුන්දරත්වය බලන්න යන මිනිහෙක් කිසිවක් දකින්නෙ නෑ. නමුත් කවියෙක්ට ඒ දුර යනකොට එයාට දකින්න පුලුවන් බොහෝ දේ තියෙනවා.‘‘- මහින්ද නාමල් - තරු ඇස් රහස් කතිකාවේදී (2016.06.05 මීගමුව)වරදකාරී හද රිදුම==========සුධාකරන්දෑස් ගැඹරෙහි කෙවෙන මැතිරිල්ලවිස හී සර හිතේ ඇමිණිල්ලදෙදරවා ළය මවා කැළඹිල්ලඋදුරගනු ඇයි මෙලෙස සැනසිල්ල...මාවිල් ආරු නෙත් වසා ලූ ඇසිල්ලේනොනිදා රෑ තුන්යමේ තුන් සිතම දැවිල්ලේදුරකථන සුසුමටත් ඇසිපියන් සෙවිල්ලේසුසුම් ගිනි මැවී ඇස් බොඳවුණා ඇසිල්ලේ...ඇමිණිලා තිබූ හිත සොල්දාදු හදවතකනිවී යුද ගිනි සිනා මැවෙන දින ගැන්නාටඋතුරුකර ගිනි හුළඟ මුසුව ආ විලාපෙකකඳුළු කැටි කැටි වැටී ළය තෙමුණි සීරුවට...කාකි නිල කබායේ තරු කුමට මගෙ ලොවටහදේ තෙත මුදනු මිස ගිනි හුළඟ නිවෙන්නටදිනපතා මතුරනා ජපමාල පන්තියටඉහිරුණිද මෙත් සිහිල අවි දැරූ දෑතකට...ඒත් මට දැනෙන්නෙම වැරදියි වගේ මම...  ඇද වෙවී මුව ඇදෙන සිනා ඉර බියකරුයගින්දරයි ඇසේ තෙත ලෝ දියක පෙරහුරුයසන්සුන්ව දිගු කරන සුරත සීතල දැඩියපමා වී සමා අයදින මසිත අසරණය... තරු ඇස් රහස් 42-43 පිටුඒ කතාවෙන්ම තවත් කොටසක්...‘‘කාලය ඉක්මගිහින් නිසා අපි කතාබහට ඉඩදෙමු. මම තවත් කවි කිහිපයක් ගැන කතා කරන්න හිතුවා. නමුත් කාලය ඉක්ම ගිහින් නිසා එය අත්හරිනවා. මම කතා කළේ එක් විෂය ධාරාවක කවි නිසා ඉතාම පෞද්ගලික අනුභූතියක් ගැන කතා කරන්න හිතුවා. අපට මේ සමාජයෙන් වෙන්වෙන්න බෑ කියන එක පෙන්වන පුංචි කවියක්. මැයි මහේ මල් වැස්ස අදත් ඇද හැලෙනවාගාලු මුවදොර පිටියෙ ඔබත් ඇති හිතෙනවාඇසිල්ලක හෝ ඒවි දෑස් මඟ බලනවාඅපි අපේ නොවන බව ඒත් හිත දන්නවාමේක අතිශය පෞද්ගලික කාරණයක්. ගාලු මුවදොර පිටියෙ විජයග්‍රහණයේ යුද සැමරුම තමයි තියෙන්නෙ. පෞද්ගලික සම්බන්ධයක් තියෙන තමන් ආදරය කළ කෙනෙක් එතන ඉන්නවා. සොල්දාදුවෙක්. නිමිත්ත තමයි ඒක. ඇසිල්ලක හෝ ඒවි දෑස් මග බලනවා. ඇය යනවා ගාලු මුවදොර පිටියෙ මේ සැමරුම බලන්න. එයා යන්නෙ යුද ජයග්‍රහණය සමරන්න නෙවෙයි. එයා ආදරය කළ කෙනා ඇසිල්ලක හෝ මේ පෙරෙට්ටුවෙ ගමන් කරයි, දකින්න ලැබෙයි වගේ බලාපොරොත්තුවක්. රුහිරු කඳුළැලි ගඟක පාවෙලා ආ ජයටආ වඩන සැමරුමක නැගුණ වෙඩි හඬ සැරටවිඩාපත් වත පිපුණි වැහි අඳුරු අහස යටනිලැති නිල ඇඳුමෙ තරු දිලිසුණා ස්නේහයට... මේ යන ආදරවන්තිය දන්නවා මේක විජයග්‍රහණයක් නෙවෙයි. ඒ නිසා මම එන්නෙ නෑ මේක බලන්න නෙවෙයි, පෞද්ගලික ජීවිතේ කාරණා අස්සෙ ඇයට ඔහුව දකින්නත් ඕන. මං කියන්නෙ මේ දෙක අතර තමයි මනුෂ්‍යත්වය තියෙන්නෙ. මනුෂ්‍යත්වයේ ගැටුම තියෙන්නෙ. ඇය එය බලන්න යන්නෙ මහ විජයග්‍රහණයට ආවඩන්නියක් ලෙස නෙවෙයි. මං මෙතනදි කියන්න උත්සාහ කළේ අතිශය පෞද්ගලික අනුභුතීන් පවා සමාජයේ පොදු අත්දැකීමෙන් තොරව විවරණය කරන්න බෑ කියන එක. ‘මම’ කියන්නෙ මුළු සමාජයමයි. ඒකෙන් තොරව ‘මම’ කෙනෙක් හොයනවනනම්  අපිට ඇත්ත මම කෙනෙක් ලැබෙන්නෙ නැහැ. ....   වැඩිදුර >>  
Next || Previous