ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
දන්සැල් පුරාණය 4 - අපේ දන්සැල් සහ ඕමානයේ දන්සැල්, වෙසක් ඇරියස්, ලොකුපුතාගේ ගමේ අසිරිය සහ සුද්දාගේ බත් දන්සැල. [ යාම් : 35 ] |         ෴  හැලපයා ෴ | 2017-05-17 21:37:40
අවුරුදු පහකට පසු ලංකාවේදී  සම්බුදු තෙමඟුල හෙවත් වෙසක් මංගල්‍යය උදාවීම  මා සිත තුළ ඇතිකළේ ඉමහත් සොම්නසකි.   ගෙවීගිය අවුරුදු පහ තුළදීම ලංකාවේ නිවාඩුවක් ගතකල කාලය හෝ මැයි මාසයට නොයෙදුනි.    ඒ අවුරුදු පහේදීම අපිට දකින්නට ලැබුණේ ඕමානයේ වෙසක්ය.    එක අතකට ගත්තොත් ඕමානයේ වෙසක් ලංකාවට වඩා හරි ජයය.   පොඩි පරහකට තියෙන්නේ ලංකාවේ මෙන් නොව ඕමානයේ   වෙසක් ඇත්තේ එක් තැනක පමණක් වීමය.   ශීල ව්‍යාපාරද,භාවනා වැඩ සටහන්ද මෙහෙයවන්නේ ලංකාවෙන් වැඩම කරවන ලද හාමුදුරුවරුන් විසිනි.   වෙසක් කූඩු ද පොඩි තොරණද වෛවර්ණ විදුළි බුබුළු වලින් එළියවී ප්‍රදේශය අලංකාර කරයි.   හතර වටේටම ෂඩ් වර්ණ ලයිට් වැල් එල්ලලාය.  දහරාලෝක හෙවත් අධිසැර ෆ්ලෑෂ් ලයිට් හතර වටේටම විහිදේ.   මේ තරම් පුච්චන විදුළියට ලංකාවේදී නම් ඇඟ හිරිවැටෙන ලයිට් බිලක් ලැබීම නියත වුනත් විදුළිය බොහොම ලාබ ඕමානයේ මාසෙ අන්තිමට එන්නේ සොච්චම් බිලකි.   වෙසක් පෝයට ඕමානයේ නිවාඩු නැති නිසා ප්‍රධාන වෙසක් උත්සවය එන්නේ සිකුරාදටය.    එතැන් සිට සතියක්ම උත්සව පවත්වන අතර සතිය පුරාවටම දන්සැල්ද පැවැත්වේ.    දන්සැල් පැවැත්වීමට විවිධ ශ්‍රී ලාංකික සංවිධාන අතර ඇත්තේ තරඟයකි.   වෙසක් කාලයේ දන්සැලක් ලබාගැනීම ලේසි පාසු කටයුත්තක් නොවේ.   සංවිධායකයින් සමග විවිධ අය දන්සැල් ඉල්ලා බැරිතැන සිත් අමනාප කම් ඇතිකරගන්නා අවස්ථාද අඩු නැත.    කෙසේ වෙතත් ඕමානයේ ශ්‍රී ලාංකිකයින්ගේ සංගමය, ඕමාන  ආරක්ෂක අමාත්‍යංශයේ ලාංකිකයින්, ශ්‍රී ලංකා පාසැල, අල් තුර්කි ආයතනයේ ලාංකිකයින්, ට්‍රයිකෝ ආයතනය, ලාංකික ප්‍රමාණ සමීක්ෂකයින්ගේ එකතුව  සහ විවිධ පාසැල්වල ආදී ශිෂ්‍ය සංවිධාන දන්සැල් පැවැත්වීමේදී මුල්තැන ගෙන කටයුතු කරති. දන්සැල් සියල්ලම නිර්මාංශ ආහාර පිළියෙල කරන්නේ පන්සල් කමිටුව මස් මාළු කරවල ආදිය දන්දීම අනුමත නොකරන නිසාවෙනි.   පෝයට පිළිගන්වන පන්සලේ දානය ද නිර්මාංශය.   උපාසිකාවන් අතින් පිළියෙල වන උපාසක දානය නම් මෙලෝ රහක් නැත.  මස් මාළු හෝ කරවල ටිකක් නැතිවීම පමණක් නොව දානය හදද්දී ඔවුන් කෑම වල ලුණු ඇඹුල් බලන්නේද නැත්තේ අධික ශ්‍රද්ධාව නිසාය.   එහෙම හදන කිසිම කෑමක මෙලෝ ලුණු ඇඹුල් රහක් නැති නිසා ඒවා වළඳන හාමුදුරුවන් ඇතුළු සිල් ඇත්තන්ට බුදු සරණ ඇරෙන්නට වෙන සරණක් නැති බව මගේ විශ්වාසයයි.   බුදු බණේ මෙලොව ඇති අපායවල් හතක් ගැන සඳහන්වේ.   නීරස ආහාර කන්නට ලැබීම එහෙම කියැවෙන එක අපායකි.   ඕමාන පන්සලේ සිල් ගන්නා අය හැම මාසයකම නොවැරදීම ඒ අපායේ යන බව මට නොබියව කියත හැක.   උපාසක දානය එහෙම උනාට දන්සැලේ නම්  රස කෑම ඇත.   යම් සංවිධානයක් දන්සැලක් කරන්නට දින වෙන්කරගෙන  බාරගත් පසුව පළමුවෙන්ම කළ යුත්තේ ඒ දිනයට පන්සලට එන අයගේ ප්‍රමාණය ගැන හෙවත් එදාට කී දෙනෙක් බණ අහන්නට ඒවිද කියා මුලික තක්සේරුවක් කරගැනීමයි.   නිවාඩු දිනවලට පන්සල් එන අයගේ ගණන සතියේ දිනවලට එන අයගේ ගණනට වඩා වැඩිය.   ඒ අනුව නිවැරදිව තක්සේරුව කර නොගත්තොත් කෑම මදිවෙන්නට ඉඩ තිබෙන නිසා සංවිධායකයින් ඒ ගැන විශේෂ අවධානයක් යොමුකරති.   ඊළඟට දෙන කෑම වර්ගය මොනවාද කියා තීරණය කිරීම කළයුතුය.   දන්සැල් දෙන අය බොහෝවිට දෙන්නේ සුදුබත් සහ ව්‍යංජන කීපයක් හෝ කහබත් සහ ඊට හරියන ව්‍යංජනයක්ය.   එහෙමත් නැතිනම් පාන් පරිප්පු සහ සම්බෝලය.   සමහරවිට ඉඳිආප්ප දෙන දන්සැල් තිබුනත් එය අමාරු කාර්යයක් නිසා එහෙම දන්සැල් ලැබෙන්නේ විරලවය. සංවිධායකයින්ගේ ඊළඟ කාර්යය වන්නේ කෑම ටික සුදානම් කර ගැනීමය.    සමහරු දවල් දවසේ එකතුවී කෑම ටික පිසගන්නා අතර තමන්ට ඇති පිරිවර ශක්තිය අනුව බත් ටික පාර්සල් කර හෝ පිඟන් වලට බෙදා දෙති.    පිඟන් කියන්නේද මැද පෙරදිග බහුලව පාවිච්චිවන කෑම ටික කා ඉවත විසිකරන කඩදාසි පිඟන් හෙවත් ඩිස්පෝසබල් ප්ලේට්ය.    සමහර අය කෙළින්ම ඇණවුම හෝටලයකට දී කෑම සාදා පාර්සල් කරවා ගනී.   එසේ නොමැතිනම් කෑම ටික පිඟන්වලට බෙදා දෙයි.   කොහොම කළත් කෑම වලට අමතරව කුඩා වතුර බෝතල්ද කඩදාසි අත පිස්නාද අතුරුපසට යෝගට් හෝ කෙසෙල්ගෙඩි හෝ ඒ දෙවර්ගයමද කුඩා බීම බෝතල්ද ලබාදීම කළයුතුමය.    පාන් දන්සැල් දෙන උදවිය ලංකාවේ පාන් හදන ඉන්දියන් බේකරියකට පාන් ඇණවුම ලබාදී පරිප්පුද සම්බෝලද සාදා හෝ සාදවා ගනී.   පාන්වලට අමතරව වඩේ ද සමහරවිට දන්සැලේ බෙදන්නේ දන්සැල් දෙන අයගේ ආර්ථික ශක්තිය මතය.   පාන් දන්සැල් අවසානයේ පාන් කවර මහ ගොඩක් ඉතිරිවෙන්නේ මදිවෙයි කියා දන්සැල් සංවිධායකයින් ඕනෑවටත් වඩා පාන් ගෙනත් පුරවා ගන්නා නිසාය.   එදාට අන්තිමට වගේ කන්නට එන අයට පාන් පෙති කීපයක් නොව සංවිධායකයින් විසින් පාන් ගෙඩියක්ම අතට දෙනු ලබන්නේ ඉතිරිවෙන පාන් වලට කරගන්නට දෙයක් නැතිවන නිසාය.   එදාට අපටද එවෙලේ කනවාට අමතරව දවස් දෙක තුනක් කන්නට පාන් දන්සැලෙන් ලැබේ.   ඕමානයේ දන්සැල් වරුණාව කෙටියෙන් කිව්වොත් ඔන්න ඔය ආකාරයය. ඊළඟට කියන්නට තියෙන්නේ මෙදා සැරේ ලංකාවේ වෙසක් ගැනය.    වෙසක් කිව්වාට වෙනදා වගේ කූඩුද කැරකෙන කූඩුද තොරණ ද වෙනත් වෙනත් අරුමෝසම් වෙසක් සැරසිලිද අපේ පළාතේ තිබුණේ බොහොම අඩුවෙනි.   කලාතුරකින් තැනක තොරණක් මිසක වෙනදා වගේ එහා ගමේවත් ටවුමේවත් තොරණ තිබුණේ නැත.    මුළු පළාතටම තිබුණේ එකම එක තොරණකි.    ඒකටත් එක්ක දන්සැල් නං වැහි වැස්සා වගේ හැම තැනම බිහිවී තිබෙනු දකින්නට තිබුණි.    වැහි වැස්සා කිව්වම මතක් වුණේ වෙසක් උදාවුනේද දැඩි නියඟය මධ්‍යයේ නොවේද කියායි.    එක දිගට මාස හයක් පැවති නියඟය හේතුවෙන් අපේ පළාතේ ළිං ඇතුලු සියලුම ජල මුලාශ්‍ර සිඳී ගොසින්ය.   පොළොව කරකුට්ටන්වී පැලී ගොසින්ය.   නාගන්නට තබා බොන්නට වතුර ටිකවත් සොයා සපයා ගන්නේ අසීරුවෙන්ය.   වෙසක් පෝයට වහීවි කියා බලාපොරොත්තු උනත් නිකං ගොඩ ගොරවා ගියා මිසක වැස්සේ නැත.    නියඟය නිසා දන්සැල් වලටත් වැදුනේ ලොකු පහරකි.    දන්සැල් වලට උවමනා වතුර බැරල් පුරවා ලොරිවල දමා අදින්නට සිදුවිය.    මෙදා වෙසක්වලට අපේ ගමේ තිබුණු දන්සැල් ප්‍රමාණය මෙන්න මෙහෙමය.    වෙසක් දවසේ රාත්‍රියේ අපේ ගෙවල් ළඟ බත් දන්සැල, පසුදා උදේ සුද්දාගේ කිරිබත් දන්සැල, එදාම රාත්‍රියේ අපේ වත්තේ බත් දන්සැල.   මේ සියල්ලටම සහභාගී වෙන්නට උවමනා උනත් පොඩි ප්‍රශ්නයකට තිබුණේ වෙසක් දවසට පසුවදා අපි ගමනක් යන්නට නියමිතවූ නිසාවෙනි.   ගමන සංවිධානය කර තිබුණේ අපේ හිතවත් බ්ලොග් කරුවෙක් වූ ලොකු පුතාය.     ලොකු පුතාලගේ ගමේ ගොස් කා බී නා කියාගෙන එන්නට අපි ලෑස්ති වී සිටියෙමු.   පෝදාට පසුදා ගමන යන්නට නියමිතව තිබීම හේතුවෙන් දන්සැල් වඳින්නට සිදුවුනේ මෙසේය.    පළවෙනි දවසේ එනම් වෙසක් පෝය දිනයේ තිබුණු දන්සැල කිසි කරදරයක් නැතුව ගෙදර අය එක්කම ගිහිං කෑවෙමි.   පහුවදා උදේ පාන්දරම ගමන පිටත් වෙන්නට තිබුණු නිසා මම හිතා හිටියේ සුද්දාගේ කිරිබත් දන්සැලත් කාලාම ගමන පිටත් වෙන්නටය.   ඒ නිසා උදේ පාන්දරින්ම නැගිට හැලපි හදාදුන් තේ එකද බී සුද්දාගේ ගෙදරට ගියෙමි.   ඒ යනවිට එහේ එකම කම්බැල්ලෑ වකි .    කට්ටියක් ගේ පිටුපස ලිප් බැඳගෙන කිරිබත් හැඳිගාති,කට්ටියක් ගේ ඇතුලේ පොල් ගාති මිරිකති, තවත් කට්ටියක් කෑම මේසය පුරා ඇතිරූ කිරිබතක් ගානට තුනීකොට කෑලිවලට කපති, තවත් කීපදෙනෙක් ලුණුමිරිසට ළූණු සුද්ධ කරති, කීපදෙනෙක් ලුණුමිරිස් වඩියක් වංගෙඩියක ලා කොටති.    අහත් පහත් වැඩවලට තවත් කොල්ලන් කීපදෙනෙකි.    කැන්ද අතු පිටින් කඩාගෙන ඇවිත් කොළ කඩා තියන්නේ කිරිබත් දාගෙන කන්නටය.    තවත් දෙතුන් දෙනෙක් ලුණුමිරිසට දාන්නට දෙහි උර පුරවා ගෙන එති.   කලින් දවසේ අපි දෙතුන් දෙනෙක් සුද්දාගේ බදුවත්තේ පොල් කඩා ලෙලි ගැහුවේ දන්සැලට ගන්නටය.     පොල් ගෙඩි දහයක් විතර ලෙලි ගහන විට මගේ අත්ල දෙකම හමගිහින්  තුවාලවූ නිසා එතනින් පොල්ලෙලි ගැහීම නවත්තන්නට සිදුවිය.    මමත් ගිය එකේ කිරිබත් දන්සැලේ වැඩට සහභාගී වෙමින් උදව් කළෙමි.    නමුත් තවම දන්සැල පටන්ගන්නා පාටක් නැත.   මට යන්නට වෙලාවත් ලං ලංව එයි.   යන්ට තියෙනවාය කිව්වානම් සුද්දා මට කිරිබත් කන්නට දෙන නමුත් මට ඒ ටික කියන්නට හිතුනේ නැත.   ඒ නිසා මම සුද්දාට නොකියාම එතනින් පිටත් වුණේ ලොකුපුතාලගේ ගෙදර යන්නටය. අපි ලොකුපුතාලගේ ගමට යනවිට වෙලාව උදේ එකොළහ උනා පමණය.   ලොකු පුතා වැඩේ අපුරුවට සංවිධානය කර තිබුණි.   මුලින්ම ලැබුණේ කිතුල් ගහේ බඩු සමග වල් සුකර මාංශයත් කහ කෑල්ලට පැසී තිබුණු තම්බාපු කොසුත්ය.    ඉන්පසු ප්‍රණීත දිවා ආහාරයයි.    අපට නවතින්නට සුදානම් කරතිබූ ගෙස්ට් හවුසිය පිහිටියේ තේ වත්තක  අලංකාර කන්දක් උඩය.   එය පැරණි වතු බංගලාවක් නවීකරණය කොට තනා තිබුණි.   කන්ද උඩ සිට බැලුවිට ඈත ක්ෂිතිජය දක්වා වටේ දිවෙන කඳුපෙළ මනරම් ලෙස දර්ශනය වේ.    ගෙස්ට් හවුසියෙන් නික්ම පාරට පැමිණ යළිත් පාරෙන් පහළට ඉතාම අසීරු පාරක ගොස් රබර් වත්තක නැවතුණු අප  හතරවටේ  බට පඳුරින් වැසීගොස් උමගක් මෙන් තිබූ තැනකින් දොළ පාරට පිවිසුණෙමු.    දොළ පාරේ රමණීයත්වයෙන් වශීවුණු අපි කතාවුණේ මේ ගමන එන්නට තිබුණේ මෙහෙට ආ මොහොතේම නොවේද කියාය.   ඒ වනවිට දවසේ වැඩිහරිය ගෙවී ගොසින් කලුවරද පාත් වෙන්නට ආසන්නය.    පැයක් පමණ දොළපාරේ ගතකළ අපි කළුවරත් එක්ක නවාතැනට ගියේ නොගිහින් බැරිකමටය.   අපි ලත්පඳුරට එත්දී මට ලැබුණු දුරකථන පණිවුඩයකි.    එයින් කියැවුණේ අපේ කිරිබත් දන්සැල දීපු අය පහුවදා රෑට බත් දන්සැලක් දෙන්නට සුදානම් වෙන බවය.   ඔවුන් බලාපොරොත්තු වුණේ මගේද සම්මාදමය.   රෑ කෑමට පෙර මඳ පමණින් සප්පායම් වූ අවස්ථාව ඉතා විනෝදජනක වුවත් විස්තර කියන්නට බලාපොරොත්තු නොවෙමි. පාතරාසයෙන් පසු ඒ අලංකාර නවාතැනින් පිටත්වී දවල් වනවිට කොළඹට පැමිණි  මා ගෙදරට පැමිණියේ දවල් එකට පමණය.    ඒ වනවිටත් සුද්දාගේ ගෙවල් අහල පහළ ප්‍රදේශයම දන්සැල් සිරියෙන් ඇළලී යමින් තිබුණි.    කොස් පොලු ගසා කපන, අඹ පලා උයන්නට සුදානම් කරන කාන්තාවන්ගෙන් ඒ පැත්තම කලඑළි වෙලාය.   දන්සැලේ කෑම වට්ටෝරුව වුණේ සුදුබත්, තම්බාපු කොස්, අඹ ඇඹුල, කරෝල හොදි , පරිප්පු, සහ පපඩම්ය.    රෑ මැදක් වෙනතුරු දන්සැල ක්‍රියාත්මක වූ අතර දන්සැල අවසන්වී මම ගෙදර යද්දී අහසේ වෙසක් සඳද බැසයමින් ....   වැඩිදුර >>  
Next || Previous