ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
දෙකක් කතා කිරීම හා දෙකක් දා ගැනීම [ යාම් : 21 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-05-17 19:15:40
"දෙකක් කතා කරල මිසක් පස්ස බලන්නෙ නෑ!"සමහර අය ඔහොම කියන වෙලාවල් තිබේ. එහෙම කතා කරන සමහර අය කිවුවා වගේම දෙකක් කතා කරන තුරු පස්ස බලන්නේ නැත. ඒත්, ඔහොම කියන ගොඩක් අය නිකමට වගේ ඕක කිවුවාට දෙකක් කතා කරන්න යන්නේ නැත. ඒ දෙකක් කතා කිරීම කියන තරම්ම ලේසි නැති නිසාය. සමහර වෙලාවට කලින්ම දෙකක් දාගත් විට දෙකක් කතා කිරීමට උත්තේජනයක් ඇතිවේ.ලොකුවට බලාපොරොත්තුවක් නොතිබුණත් ඉකොනොමැට්ටාත් අන්තිමේදී දෙකක් කතා කර තිබේ!ඉකොනොමැට්ටා බ්ලොග් ලියන්නට පටන් ගත්තේ 2015 මැයි 18 වෙනිදාය. ඒ අනුව, 2017 මැයි 18 වෙනිදා වන විට ඉකොනොමැට්ටා මේ වියුණුව හරහා අවුරුදු දෙකක්ම කතා කර තිබේ.අවුරුදු කිවුවාට අවුරුදු වර්ග තිබෙන්නේ එකක් නොවේ. දැන් මෙහි දෙකක් කතා කළ බව කියන්නේ ග්‍රෙගෝරියන් දින දර්ශනයේ අවුරුදු අනුවය. ග්‍රෙගෝරියන් අවුරුද්දකට දින 365ක් හෝ 366ක් තිබේ. ඉකොනොමැට්ටාගේ පළමු ග්‍රෙගෝරියන් අවුරුද්දට දින 366ක් තිබුණු නිසා අවුරුදු දෙකට දින 731කි. මෙය ග්‍රෙගෝරියන් අවුරුද්දක සාමාන්‍ය දිග අනුව හෝ නිවර්තන, නක්ෂත්‍ර මෙන්ම ඇනොමලිස්ටික් යන මොන ක්‍රමයට බැලුවත් අවුරුදු දෙකකට වඩා පැය 12කට ආසන්න කාලයකින් දිග වැඩිය.ග්‍රෙගෝරියන් දින දර්ශනය වෙනුවට ජුලියන් දින දර්ශනය දිගටම භාවිතා කළේනම් ඉකොනොමැට්ටා බ්ලොග් එක ආරම්භ කළ දිනය වෙන්නේ 2015 මැයි 5 දිනයි. එමෙන්ම, සිංහල සූර්ය දින දර්ශනය අනුවනම් ශක වර්ෂ 1937 වෘෂභරවි මාසයේ තෙවන දිනයි. වෘෂභරවි මාසය සිංහල සූර්ය දින දර්ශනයේ දෙවන මාසයයි. මේ දින දර්ශන දෙක අනුවද 2017 මැයි 18 දිනට බ්ලොග් එකට වසර දෙකක් සම්පූර්ණ වේ. සූර්ය දින දර්ශනය අනුව 2017 මැයි 18 යනු ශක වර්ෂ 1939 වෘෂභරවි මාසයේ තෙවන දිනයි.සිංහල චන්ද්‍රමාස ක්‍රමය අනුව, ඉකොනොමැට්ටා බ්ලොග් එක ආරම්භ කළ දිනය බුද්ධ වර්ෂ 2559 පොසොන් මාසයේ පළමු දිනය වන පුර පෑලවිය දිනයයි. එතැන් සිට දෙවසරක් ගත වී, බුද්ධ වර්ෂ 2561 පොසොන් මාසයේ පළමු දිනය වන පුර පෑලවිය දිනය එළැඹෙන්නේ 2017 මැයි 26 වෙනිදාය. ඒ නිසා සිංහල චන්ද්‍ර කැලැන්ඩරය අනුව දෙවන සංවත්සරය සමරන්නට ඉකොනොමැට්ටාට තවත් සතියක් බලා ඉන්නට සිදුවේ. චන්ද්‍ර වර්ෂ අනුව සංවත්සරය කල් යන්නේ මේ දෙවසර තුළ අධික මාසයක් එකතු වී ඇති බැවිනි.අධික මාස එකතු කිරීමක් නොකරන චන්ද්‍ර කැලැන්ඩරයක් වන ඉස්ලාම් හිජ්රි කැලැන්ඩරය අනුව බ්ලොග් එක ආරම්භ කළ දිනය 1436 අටවන මාසය වන ශබාන් මාසයේ පළමු දිනයයි. 1438 ශබාන් මාසයේ පළමු දිනය යෙදුනේ 2017 අප්‍රේල් 26 දිනටය. ඒ නිසා, ඒ කැලැන්ඩරය අනුවනම් දැන් ඉකොනොමැට්ටා දෙකක් කතා කර සති තුනකටත් වඩා වැඩිය.මේ අවුරුදු දෙක ඇතුළත ඉකොනොමැට්ටාට සම්මාන මෙන්ම අවමානද ලැබුණේය. ඒ මොනවා ලැබෙද්දීත් ඉකොනොමැට්ටා සමඟ දිගටම රැඳී සිටි පාඨක පිරිස ඉකොනොමැට්ටාගේ ලොකුම ශක්තියයි. මේ කාලය තුළ ඉකොනොමැට්ටාගේ බොජුන්හල වෙත පැමිණි ඇතැම් අය දැන් මේ වියුණුවේ පමණක් නොව සිංහල වියුණු අතරද පෙනෙන්නට නැත. ඇතැම් අය බ්ලොග් වලට පමණක් නොව ජීවිතයටද සමුදී ඇත. ඒ අයත්, තවමත් මෙහි පැමිණෙන අයත් ඇතුළු බොහෝ දෙනෙක් දිගින් දිගටම ඉකොනොමැට්ටාව දිරිමත් කළ බව ස්තුති පූර්වකව සඳහන් කළ යුතුය.කෙසේ වුවත්, සමස්තයක් ලෙස පාඨකයින් ඉවත් වනවාට වඩා වැඩියෙන් සිදුවී ඇත්තේ අළුත් පාඨකයින් එකතු වීමයි. පාඨකයින් සංඛ්‍යාවට වඩා ඉකොනොමැට්ටාව සතුටට පත් කරන්නේ මුල් වසරට සාපේක්ෂව දැන් මෙහි ලිපි කියවන බොහෝ දෙනෙක් කැමැත්තෙන් කියවන අය වීමයි.   විශේෂයෙන්ම දෙවන වසර තුල සිදු වුනු ප්‍රධානම වෙනස කලින් සින්ඩි හරහා පැමිණි බොහෝ දෙනෙක් දැන් කෙළින්ම මෙහි ලිපිනය ඇතුළු කරමින් පැමිණීමයි. ඒ අතරම, ඉඳහිට කියවන්නට තමන් කැමති ආකාරයේ වෙනත් දෙයක් නැති විට අකැමැත්තෙන් මෙහි පැමිණි අය දැන් බොහෝ දුරට අඩුවී තිබේ.කිසිදා කමෙන්ට් නොදැම්මත් දිගටම නොවරදවා මෙහි පැමිණෙන හා නන් අයුරින් මේ වියුණුව ප්‍රචාරණය කරන පාඨකයින් විශාල පිරිසක් සිටින බව ඉකොනොමැට්ටා නොදන්නවා නොවේ. ඒ අය ඇතුළු සියළුම පාඨකයින්ගේ ශක්තියෙන් දෙකක් කතා කරන්නට පෙර ඉකොනොමැට්ටාට දෙකක් දමා ගන්නට හැකිවුණා පමණක් නොව මදි පාඩුවට තවත් බාගයක් දාගන්නටද හැකි විය.අපි දිගටම හමුවෙමු!(Image: ....   වැඩිදුර >>  
Next || Previous