ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
පොඩි ළමයෙකු ලියූ ලොවි කවිය! - Childish? [ යාම් : 13 ] | රසිකොලොජි - Rasikology | 2017-04-20 19:46:40
පහළ පරකන්දෙණියේ පිහිටි තාත්තා ගේ මහගෙදර මිදුලේ වැවී තිබුණු ලොවි ගස් ගැන ලියන විට (අප කුඩා කාලයේ සිට අද දක්වාත්, අනාගතයේදීත් ලොවි කියා කීවාට, මේවා යේ නිවැරදි නම උගුරැස්ස බව සඳහන් කළ යුතු ය!) මා කුඩා කල ලියූ කවියක් සිහියට ආවේ ය. මා මේ කවිය ලියූවේ පස්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලයේ බව මගේ මතකයයි.එය ලොවි නම් ඒ ප්‍රණීත පළතුර පිළිබඳව නොව සුළඟ ගැන ලියවුණු එකකි. නමුත්, ලොවි මල් ගැන යම් සඳහනක් ඒ කවියට ඇතුළත් වී ඇත.මෙන්න ඒ කවි ය.සුළඟදොරකඩ ළඟ ලොවි ගහේමල් පිපිලා සුවඳ හමයිහැම තැන යන සුළඟ ඇවිත් බඹරිඳුහට එය පවසයිහිරු රැස් වැඩි වී ගොසින් පීඩා එයි දස අතින්හැම තැන යන සුළඟ ඇවිත් අපගේ ගිම් රැස් නිවයිපොඩි ළමයා අවදි වෙයිකැරකෙන පෙත්තක් හදයිහැම තැන යන සුළඟ ඇවිත් විගහට එය කරකවයිඅහස කෙමෙන් අඳුරු වෙයිවලාකුළෙන් පිරී යයිහැම තැන යන සුළඟ ඇවිත් වැහි බිඳු සැම තැන බෙදයිමේ කවියේ එක් කොටසක් මුලදී මගේ මතකයට නංවා ගැනීම අසීරු විය. එහෙත්, දැන් ස්වල්ප මොහොතකට පෙර, ඒ මතකය යළි අවදි කරවා ගෙන මතකයේ සැඟවී තිබුණු පදය ගැලපෙන පරිදි යළිත් සකසා ගැනීමට මට ඉඩ ලැබුණි.වසර දහයක් වයසැති සාමාන්‍ය අත්දැකීම් ඇති කුඩා ළමයෙකුට සුළඟ පිළිබඳව මීට වඩා හොඳ කවියක් ලියන්නට ශක්‍යතාවක් තිබුණේ යැයි මම නොසිතමි.සිසිල් සුළං රැල්ලේ වැනි පෙම් ගී ලියවෙන්නට නම්, විකසිත ආදරයේ පහස විඳ තිබිය යුතු ය.එන්න මදනලේ වැනි විරහ ගී ලියවෙන්නට නම්, ඉතා දුක්බර ආදර වියෝ වේදනා අත් විඳ තිබිය යුතු ය.අවුරුදු දහයේ කොල්ලෝ ඒ කතා නොදනිති!-රසිකොලොජිස්ට් ප/ලි:ඇපල් මල් ගැන පවා ගී ලියවී ඇති රටේ, ලොවි මල් ගැන ගීයක් නෑ (තවමත්) නේද? (image: ....   වැඩිදුර >>  
Next || Previous