ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
රස ආදරයක් [ යාම් : 7 ] | The Tasty Love | 2017-04-20 18:26:04
The Tasty Love වෙතින් හැමදාම රසවත් ආහාර වට්ටෝරු ඔබ වෙත ගෙන එන අපි, අද හදන්නේ අපේ වෙබ් අඩවියේ Tasty & Love කොටසේ මුල්ම සටහන ඔබ වෙත ගෙන එන්නටයි. 2017 ජාත්‍යන්තර කාන්තා දිනයේ දී එළිදැක්වූ,  The Tasty Love  අප විශේෂයෙන්ම පෙනී සිටින්නේ කාන්තාවන් වෙනුවෙන්. එයිනුත් විශේෂයෙන්ම නිරතුරුව තමන්ගේ පවුලේ අයගේ සතුට වෙනුවෙන් කටයුතු කරන බිරින්දෑවරු, අම්මලා, සහෝදරියන් සහ දුවලා වෙනුවෙන්. ඒ නිසාම The Tasty Love වෙබ් අඩවිය අප ආරම්භ කළේ රසවත් ආහාර වට්ටෝරු ඔබ වෙත ගෙන එන ෆුඩ් බ්ලොග් එකක් පමණක් ම කරගෙන යාමේ අදහසින් නෙවෙයි.  The Tasty Love වෙත කාන්තාවන් වගේම පුරුෂ පාර්ශ්වයේ අයත් සම්බන්ධ වෙන බව අපි දන්නවා. ඒ අය මේ ගැන අපත් සමඟ අමනාප නොවෙයි කියලා අප විශ්වාස කරනවා. අද අපි කතා කරන්න යන්නේ රස ආදරයක් ගැන. රස සහ ආදරය කොහොමද එකිනෙකට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම තමයි රස, ආදරය සහ කාන්තාව. පවුලක් තුළදී, මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙනවා. මුලින්ම කතා කරමු අපි හොඳින් දන්න, පවුලක් තුළ පවතින ආදරය ගැන. මවක්, බිරිඳක්, සහෝදරියක්, දුවක් ලෙස පවුලක් තුළ කාන්තාවකගේ භූමිකාව බොහොම වැදගත්. ආදරයෙන් පිරුණු මවකගෙන්, බිරිඳකගෙන්, සහෝදරියකගෙන් හා දුවකගෙන් පවුල තුළ ආදරය වැඩි වෙනවා. සියළුම දෙනා අතර තිබෙන සබඳතා බොහොම නිරෝගී, යහපත් සබඳතා බවට පත් වෙනවා. බොහෝවිට පුරුෂ පාර්ශ්වයේ අයට සබඳතා පිළිබඳ අවබෝධය අඩුයි. පවුලක් එකට බැඳ තබාගැනීමට හැකියාව තිබෙන්නේ බොහෝවිට කාන්තාවටයි. ඇගේ ආදරයෙන් සහ ඇය පවුලේ සාමාජිකයින් ගැන සොයා බලා කටයුතු කරන ආකාරයෙන් බොහෝ දේ වෙනස් කිරීමේ හැකියාව ඈ සතුව තිබෙනවා. ඒ අතින් බලද්දී පවුලක ආදරය සහ පැවැත්ම පදනම් වෙලා තියෙන්නේ බොහෝ විට කාන්තාව අතේ. පවුලේ අයගේ සතුට ගැන නිතර සොයා බලන, නිතරම සතුටින් සිටිමින් තමන් සමඟ සිටින අනෙක් අයවත් සතුටින් තබන්න පුළුවන් කාන්තාවක් කියන්නේ පවුලකට වාසනාවක්. ආදරය වගේම පවුලකට අත්‍යාවශ්‍ය තවත් දෙයක් තමයි රස කෑම බීම. ගෙදර හැමදෙනාටම රසවත් කෑම, බීම හදලා දෙන එකත් බොහෝ විට කෙරෙන්නේ කාන්තාවන් අතින්. ගෙදර බිරිඳට හෝ මවට රසට කෑම හදන්න පුළුවන් නම් පවුලේ හැමෝටම රසට කෑම කන්න පුළුවන්. ලොකු දුවක් හෝ සහෝදරියක් ඉන්නවානම් ඔන්න ඒත් එහෙමයි. ආහාර කියන්නේ මූලික මිනිස් අවශ්‍යතාවයක් කියලා කොහොම හැදුවත් ඔහේ කනවා කියලා ඉන්න පුළුවන් කමක් අපිට නෑ නෙ. ඕනෑම පවුලක බොහෝ විට වැඩිම වියදමක් මාසිකව ගත වෙන්නේ ආහාර පාන වලට.  එකම දේ එකම විදියට කන්නත් ස්වභාවයෙන්ම අපේ වැඩි කැමැත්තක් නෑ නෙ. ඒකනේ ලංකාවේ හෝ වෙනත් කුමන රටක වාසය කළත් අපි සතියකට සැරයක් වත් කඩෙන් කන්නේ. අපි කැමතියි විවිධත්වයට. ජීවිතේට වගේම අපි කන කෑම බීම වලටත් විවිධත්වයක් තියනවා නම් බොහෝ දෙනා කැමතියි. ඒ නිසායි කඩෙක් කනකොට වුනත් එක එක රෙස්ටුරන්ට් වලින් කෑම කන්නේ. රෙස්ටුරන්ට් කෑම ගෙදර හදනවා නම් වැඩේ තවත් හොඳයි. අපි හිතමු , ගොඩාක් ආදරෙන් ඉන්න පවුලක අම්මාට හෝ, බිරිඳට රසට කෑම ටිකක් හදාගන්න උනන්දුවක් නැති වුණොත්, නැතිනම් රසට කෑම හදන අම්මා හෝ බිරිඳ පවුලේ අයට ආදරය දක්වන්නේ නැති වුණොත්, පවුලේ හැමෝටම සතුටින් ඉන්න පුළුවන් වෙයිද.. රසට කෑම හදලා දීලා ගෙදර අයව සතුටින් තියන්න පුළුවන් වගේම එයාලාට හොඳින් ආදරය දක්වන්නත් ඕනේ. කාන්තාවන්, ආදරේ වගේම රසත් පවුලකට එකතු කළාම බොහොම ප්‍රීතිමත් පවුලක සාමාජිකයන් වන්න හැමෝටම පුළුවන්. මේ විදිහට රස සහ ආදරය යන කාරණා දෙකම එකට එක ගැටෙන කාරණා දෙකක්.  ඒ දෙකම පවුලකට එකතු කරන්න පුළුවන් කාන්තාවකට. මෙහෙම කියනකොට හිනා යනවාත් ඇති. ඒත් කලින් කියපු කාරණා ගැන හිතලා බැලුවොත් කියන්නේ ඇත්ත කියලා තෙරෙයි. කාන්තාවන් වන ඔබ රස ආදරයක් පිරුණු පවුලක් වෙත රැගෙන යන්න The Tasty Love අපි නිරතුරුව සැදී පැහැදී සිටිනවා. කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වුණු , Tasty & Love වෙබ් පිටුවට ඔබේ අදහස් , යෝජනා සහ චෝදනා යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා.  ඒ වගේම, The Tasty Love අපේ රස ගුණ පිරි අළුත්ම අළුත් රෙසිපි නැවුම්ව ඔබේ ඊ මේල් ලිපිනයටම ලබාගන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තවත් මෙවන් සටහනකින් හමුවන තුරු අපේ රසවත් ආහාර වට්ටෝරු ඔබේ පවුලේ අයත් සමඟ රසවිඳින්න කියලා ආරාධනා කරනවා. රැඳී සිටින්න The Tasty Love අපත් සමඟ.. ....   වැඩිදුර >>  
Next || Previous