ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ලොවි බිස්නස්, හොඳ බිස්නස් - A strong link in the supply chain [ යාම් : 17 ] | රසිකොලොජි - Rasikology | 2017-04-19 20:46:40
රචකයා හැර මේ ලොව අන් කිසිවෙකු විසින් නොකියවූ "මා නිවාඩු කාලය ගත කළ හැටි!" යන මැයෙන් යුතු වාක්‍ය රචනාව මා ලියූයේ පහේ පන්තියේ දී මා ගත කළ අවුරුදු නිවාඩු කාලයේ දී ය. වසරේ අනිත් නිවාඩු කාල දෙකට වඩා, අවුරුදු නිවාඩුව අපට සැම විටම වැඩි සතුටක් ගෙන දෙන්නට හේතු කිහිපයක් විය. ඉන් එක හේතුවක් වූයේ මේ කාලයේ දී අපට හිතේ හැටියට කජු පුහුලම් සහ අඹ කන්නට ලැබීමයි.මගේ පියා ගේ මහගෙදර ලෙස අප හඳුන්වන නිවස පිහිටා තිබුණේ පහළ පරකන්දෙණියේ ය. ආච්චීට පරම්පරාවෙන් හිමිව තිබූ සහ කොටස් වශයෙන් මිල දී ගෙන තිබූ එකිනෙක යාබද ඉඩම් කට්ටි කිහිපයක මැද පිහිටා තිබුණු ඒ නිවස අවට කජු ගස් රාශියක් ද, එක් සුවිසල් අඹ ගසක් ද විය. අවුරුදු නිවාඩු කාලේ පළ නොදැරුවේ වුව ද, ආච්චී ගේ ගෙවත්තේ තිබූ මා ඉතා ප්‍රිය කළ පලතුරු වර් ගය වූ යේ ලොවි යනුවෙන් අප හැඳින් වූ, සමහරු උගුරැස්ස නමින් ද හඳුන්වන කුඩා පලතුරු විශේෂයයි.එහි ලොවි ගස් එකක් නොව දෙකක් ම විය.ලොවි ගස්වල ගෙඩි හට ගන්නේ වසරකට එක් වතාවක් පමණි. මගේ මතකයට අනුව අප්‍රියෙල් මාසය වන විට ලොවි මල් පිපී, ගස් දෙකම මී මැස්සන් ගේ කෙලිබිමක් බව පෙරළේ. ඒ මී මැස්සන් ගේ මීවදය කොතැනක තිබුණිදැයි අපි දැන නොසිටියෙමු. අප දුටුවේ උදෑසන සිට සවස් යාමය වන තුරුම ගසේ පිරී සිටි මී මැස්සන් රංචුත්, උං නැගු ගුමු ගුමු නාදයත් පමණි. මී මැස්සන් කෙමෙන් තම කාර්යය නිමා කර ඉවත් ගිය පසු ලොවි ගසේ ලොවි මල්වලින් කුඩා ලොවි ගෙඩි මතුවේ. ඉන් පසුව ගතවෙන මාස දෙකක පමණ කාලය තුළ මේ ලොවි ගෙඩි ක්‍රමයෙන් ලොකු වී ඉදෙන්නට පටන් ගනිනි.ලොවි වාරය එළැඹීම කුඩා අපට මෙන් ම අපේ ආච්චිට ද ඉතා සතුටත් ගෙන දෙයි.අපට උදැසන සිට සවස් වෙන තුරුම ලොවි කෑම කළ හැකිය. ආච්චීට ලොවි විකුණා යම් මුදලක් උපයා ගත හැකි ය.ආච්චි ගේ ලොවි මිලට ගන්නේ, ගමේ වෙළෙන්දියකි. මා දන්නා පරිදි දරුවන් දහ දෙනෙකුට වඩා වැඩි පිරිසක ගේ මවක වූ ඇය, එදා වේල සරි කර ගත්තේ, ගමේ හැදෙන ලොවි, අඹ, ගැට පොලොස්, ගස්ලබු වැනි දේ දිනපතාම පාහේ කොළඹ තොටළඟ නමින් හැඳින්වෙන ස්ථානයට ගෙන ගොස් විකිණීමෙනි. ලොවි ගස් දෙකේ පහතින් ඇති අතුවල හටගන්නා ගෙඩි නම් අපේ ආච්චීට කඩා ගත හැකි වුව ද, ඉහළ ගෙඩි නෙලා ගැනීමට ඇයට සහය අවශ්‍ය වේ. ඒ කාර්යය ඉටු කර දුන්නේ මා ය. නිකම් නොවේ, ඇය ඒ සඳහා මට මුදලක් ද දුන්නා ය.මගේ මතකයට අනුව, ලොවි ගෙඩි සීයක් කඩා දුන් විට ආච්චී මට ශත දහයක් ගෙවන්නී ය. එය, ඇයට ලොවි විකුණා ලැබෙන මුදලින් 10% පමණ ප්‍රමාණයකි.මාස දෙකක් පමණ කාලයක් තිස්සේ පවතින ලොවි වාරයේ දී, ආච්චීට ලොවි කඩා දීමෙන් මට ඒ කාලයේ හැටියට සෑහෙන මුදලක් උපයා ගත හැකි විය.ඒ අනුව බලන කළ, ඒ කාලයේ මම ද අපේ ගමේ ආර්ථික ක්‍රියා දාමයේ වැදගත් කොටස්කරුවෙකු වීමි!-රසිකොලොජිස්ට්මේ 2017 බ්ලොග් වසන්තය සඳහා මා ලියන සිව්වෙනි ලිපියයි.ප/ලි:මීට කලින් ලියූ ලිපි මෙලෙස ය.1. තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html2. නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holidayhttps://rasikalogy.blogspot.com/2017/04/first-day-after-holiday.html3. බින්න බැහීම - වෙනස සැපක් ද, සැප වෙනසක් ද? :: A part of my family historyhttps://rasikalogy.blogspot.com/2017/04/part-of-my-family-history.html(image: ....   වැඩිදුර >>  
Next || Previous