ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
කුඩා දරුවන්ට මැක් ඇන්ඩ් චීස් [ යාම් : 15 ] | The Tasty Love | 2017-04-19 18:29:32
The Tasty Love වෙතින් අද අපි හදන්න යන්නේ මැක් ඇන්ඩ් චීස්.  කුඩා දරුවන්ට වගේම ලොකු අයටත් රසවිඳින්න පුළුවන්, ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන් බොහොම රසවත් කෑමක් තමයි මැක් ඇන්ඩ් චීස් කියන්නේ. ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුනත් විදෙශ රටවල බොහෝ දෙනා ප්‍රිය කරන ආහාරයක්. කෑම කන්න කම්මැලි කම් කරන, කෑමට හොර පුංචි දරුවන්ට දෙන්න පුළුවන් බොහොම රස කෑමක්. කිරි සහ චීස් යොදාගෙන හදන නිසා හොඳට බඩ පිරෙන කෑමක්. ඒ වගේම හදාගන්න ගතවෙන්නෙත් විනාඩි 5 යි.  පාස්තා ටික තම්බාගන්න තමයි විනාඩි 15ක් පමණ ගතවෙන්නේ. Prep Time : 15 min                        Cooking Time : 5 min                            Yield : 1 අවශ්‍ය කළමනා :            ලුණු දමා තම්බා ගත් පාස්තා කප් 1 හීනියට කපාගත් චෙඩාර් චීස් කප් 1/2 නැවුම් එළකිරි කප් 1/4 ක් බටර් මේස හැන්දක් සාදන ක්‍රමය : සාස්පානක් ලිප තබා එයට බටර් දමන්න බටර් දිය වී ගෙන එන විට එයට කිරි දමන්න කිරි උතුරන තෙක් හොඳින් කළවම් කරන්න ( Picture 1 ) මිශ්‍රණය ඉතිරූ පසු පාස්තා ටික එකතු කර හොඳින් කළවම් කරන්න ( Picture 2 ) ඉන්පසු චීස් ටික දමා හොඳින් කළවම් කරන්න චීස් සහ කිරි මිශ්‍රණය ක්‍රීම් එකක් ලෙස එනතුරු හොඳින් කළවම් කරන්න ( Picture 3 ) හොඳින් ක්‍රීම් වූ පසු ලිපෙන් ඉවත් කරගන්න Picture 1                                     Picture 2                                    Picture 3           ලිපෙන් ඉවත් කරගත් පාස්තා විනාඩි 5ක් පමණ හොඳින් නිවෙන්න හැර ඔබේ පුංචි දරුවාට පිළිගන්වන්න. ක්‍රීම් ගතියෙන් සහ ප්‍රණීත රසකින් යුතු මෙන්න මේ වගේ පාස්තා එකක් කන්න ඔබේ දරුවාත් කැමති වේවි නේද.  වැඩිහිටියන්ට නම්, මැක් ඇන්ඩ් චීස් වලට උඩින් හොඳින් බැදගත් පාන් කුඩු ටිකක් දමා කෑමට පිළිගන්වන්න. නැතිනම් මැක් ඇන්ඩ් චීස් බේකින් තැටියකට දමා උඩින් පාන් කුඩු ඉස, සෙල්සියස් 180 ට (ෆැරන්හයිඩ් 350 ) ට රත් කළ උදුනක විනාඩි 10ක් බේක් වෙන්න තබා පිළිගන්වන්න. එහෙනම් හදලා බලන්න. හදලා බලලා මටත් කියන්න ඔබේ පුංචි දරුවාගේ සහ ගෙදර අයගේ ප්‍රතිචාරය කොහොමද කියලා. මේ රෙසිපි එක ගැන ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්නත්, The Tasty Love අපේ රස ගුණ පිරි අළුත්ම අළුත් රෙසිපි නැවුම්ව ඔබේ ඊ මේල් ලිපිනයටම ලබාගන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.. ....   වැඩිදුර >>  
Next || Previous