ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
පාර කියන තාරකා... [ යාම් : 11 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-04-19 16:47:40
හඳේ මූණ එතරම් පිරී නැති රැයක අහස බලන අයෙකුට සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණකොළ පිට්ටනියක් ලෙස හෝ වෙනත් අයුරකින් දිස්වන තරු පිරි අහස එක වරම පෙනෙන්නේ අපිළිවෙලකට ඇඳි සිතුවමක් ලෙසිනි. අහසේ ඇති තාරකා අතර රටාවක් හෝ පිළිවෙලක් ආධුනික තාරකා නිරීක්ෂකයෙකුට එක් වර නොපෙනේ. එහෙත්, දිගින් දිගටම මේ කටයුත්ත කරන්නේනම් අහසේ ඇති තරු රටා මෙන්ම ඒ තරු චලනය වන රිද්මයන්ද හඳුනා ගත හැකිය.තරමක පුහුණුවක් ලැබූ පසු පහත පළමු රූප සටහනේ ඇති තරු සිතියම වැන්නක් බලා දෙවන රූප සටහනේ ඇති සප්තාර්ශි තාරකා මණ්ඩලය වැනි තාරකා මණ්ඩල හඳුනාගන්නට පුළුවන. රාශි චක්‍රය ලෙස හඳුනාගන්නේ ඉහත සිතියමේ කහ පැහැයෙන් ලකුණු කර ඇති තාරකා මණ්ඩල දොළොසයි. මේ තාරකා මණ්ඩල වල සිංහල හා බටහිර නම් හා සංකේත පහත පරිදිය. සිංහල නම් හැදෙන්නේ සංස්කෘත නම් වලින් වන අතර සංස්කෘත නම් (කර්කටක යන්න කටක වීම හැර) බොහෝ දුරට සිංහල නම් වලට සමානය.1. මේෂ  (Aries) එළුවා 2. වෘෂභ (Taurus) ගවයා 3. මිථුන (Gemini) යුවලක් 4. කටක (Cancer) කක්කුට්ටා 5. සිංහ (Leo) සිංහයා 6. කන්‍යා (Virgo) කන්‍යාව 7. තුලා (Libra) තරාදිය 8. වෘශ්චික (Scorpio) ගෝනුස්සා 9. ධනු (Sagittarius) දුනුවායා 10. මකර (Capricorn) මකරා 11. කුම්භ (Aquarius) කලය 12. මීන (Pisces) මාළු දෙන්නා මේ රාශි තාරකා මණ්ඩල වල ඇති විශේෂත්වය වන්නේ පොළොව සිය අක්ෂය වටා කැරකෙන හා ඉර වටා භ්‍රමණය වන තලයට ආසන්නව මේ තාරකා මණ්ඩල පිහිටා තිබීමයි. රාශි තාරකා මණ්ඩල වලට සාපේක්ෂව සප්තාර්ශි තාරකා මණ්ඩලය වැනි තාරකා මණ්ඩල පිහිටා ඇත්තේ උතුරිනි.මේ සුවිශේෂී පිහිටීම නිසා පොළොව සිය අක්ෂය වටා භ්‍රමණය වන විට මේ තාරකා නැඟෙනහිරින් උදාවී, අහසේ මුදුන් වී, බටහිරින් බැස යන සේ පෙනේ. මෙය සෑම තාරකා මණ්ඩලයකටම පොදු දෙයක් නොවේ. පහත රූප සටහනේ, වැඩි දෙනෙකු ඉගෙන ගෙන ඇති සූර්ය කේන්ද්‍රීය ආකෘතිය යොදාගනිමින් මේ රාශි තාරකා මණ්ඩල වල පිහිටීම පෙන්වා තිබේ.මෙහිදී විශේෂයෙන් මතක තබාගත යුතු කරුණක් වන්නේ ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් පිහිටි මේ තාරකා වලට සාපේක්ෂව ඉර හා පොළොව අතර ඇත්තේ නොසලකා හැරිය හැකි තරම් ආසන්න දුරක් බවයි. ඒ නිසා, ඉර වටා පොළොව කැරකෙන තලයේ සිටින්නේනම් ඉරේ සිට බැලුවද, පොළොවේ සිට බැලුවද මේ තාරකා රටා වෙනස්ව පෙනෙන්නේ නැත.මේ රූප සටහනෙන් පැහැදිලි වන පරිදි, වසරේ කිසියම් දිනක උදේ ඉර පායන්නට ආසන්න වන විට ඉර කෙළින් පෙනෙන්නට තිබෙන්නේ ඉරෙන් පොළොවට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇති තාරකා රටාවයි. මේ අනුව, මාර්තු 14- අප්‍රේල් 14 අතර දිනක ඉර උදාවන විට ඔබට නැගෙනහිර ක්ෂිතිජයේ දකින්නට ලැබෙන්නේ මීන රාශි තාරකා මණ්ඩලයයි. අප්‍රේල් 14- මැයි 14 අතර ඉර උදාවන විට එහි ඇත්තේ මේෂ රාශි තාරකා මණ්ඩලයයි. මෙය ආසන්න වශයෙන් දින 30.5කට පමණ වරක් වෙනස් වන අතර වසරක කාලයක් තුළ චක්‍රීය ලෙස සිදුවේ.බටහිර ජ්‍යෝතිෂයේදී ලග්නය ලෙස හඳුනාගන්නේ මෙසේ පොළොව ඉර වටා භ්‍රමණය වීමේදී පොළොවට විරුද්ධ දිශාවේ ඇති රාශි තාරකා මණ්ඩලයයි. ඒ ක්‍රමයට, කිසියම් මාසයක් තුළ උපදින අයට හිමි වන්නේ එකම ලග්නයයි. ඒ, පොළොවේ සිට ඉර පිහිටි දිශාවේ ඇති තාරකා රාශියයි.කෙසේ වුවද, පෙරදිග ක්‍රමයට ලග්නය තීරණය කිරීමේදී පොළොව ඉර වටා ගමන් කිරීම මෙන්ම පොළොව සිය අක්ෂය වටා භ්‍රමණය වීම ගැනද සලකයි. මේ රූප සටහනෙන් පෙනෙන පරිදි, පොළොව සිය අක්ෂය වටා කැරකෙන නිසා පොළොව මත කිසියම් තැනක සිටින කෙනෙකුට දවසක් තුළ රාශි තාරකා දොළහම අහසේ නිශ්චිත තැනක දකින්නට හෝ පවතින බව නිගමනය කරන්නට පුළුවන.පෙරදිග ක්‍රමයට, ලග්නය යනු පොළොවේ සිටින නිරීක්ෂකයෙකුට තමන් සම්මුඛව නැගෙනහිර ක්ෂිතිජයෙහි දැකිය හැකි තාරකා රාශියයි. ඉර උදාවන වෙලාවේ මෙය පොළොවේ සිට බලන විට ඉරට පිහිටි දිශාවේ ඇති රාශියයි. ඉර බසින විට මෙය පොළොවේ සිට බලන විට ඉරට විරුද්ධ දිශාවේ ඇති රාශියයි. මේ විස්තරය ඉදිරිපත් කිරීමෙන් පසු කිව යුතු වැදගත්ම දෙය, පැහැදිලි කිරීමේ පහසුවට, අරුන්දතී තාරකාව පෙන්වන ක්‍රමයට විස්තර කළත්, ලග්නයක් හෝ රාශියක් යනු මේ වන විට ලිපි කිහිපයකින්ම විස්තර කරමින් පැවසූ පරිදි අහසේ පෙනෙන්නට තිබෙන මේ තාරකා රාශි මණ්ඩල නොවේ. ලග්න හා රාශි යනු ප්‍රත්‍යක්ෂ කළ නොහැකි, සෘජුව නිරීක්ෂණය කළ නොහැකි සංකල්ප ඇසුරින් ගොඩ නඟා ඇති වියුක්ත ප්‍රවාදයකි. ඇඟිල්ල දිගු කර පෙන්විය හැකි අහසේ ඇති රාශි තාරකා මණ්ඩල යනු මේ වියුක්ත සංකල්පය තේරුම් ගැනීම පහසු කිරීමට යොදාගෙන ඇති සංකේත හෙවත් හැඟවුම්කාරක පමණි.වසර දහස් ගණනකට පෙර නිරීක්ෂණ ඇසුරින් මේ වියුක්ත ප්‍රවාද ගොඩනඟා ඇත්තේ අද බටහිර විද්‍යාවේ ප්‍රවාද ගොඩනඟන ආකාරයටමය. රාශියක් යනු ඇත්තටම අපට පෙනෙන අහස මනඃකල්පිත ලෙස කොටස් දොළහකට බෙදූ විට ලැබෙන එක් කොටසකි. ඒ අනුව, අහසේ මීන රාශියට හා මේෂ රාශියට අයත් කොටස් වෙන් කරන මනඃකල්පිත බෙදුම් ඉරක් තිබේ. ඉර වටා යන පොළොව සිංහල අවුරුදු දා මේ මනඃකල්පිත බෙදුම් ඉර පසු කරයි. වසරක් තුළ එවැනි බෙදුම් ඉරි දොළහක් පහු කරයි. තාරකා අවශ්‍ය වන්නේ මේ එක් කොටසක් හඳුනා ගැනීම සඳහාය. එක් එක් කොටසක් හඳුනාගැනීම සඳහා ඒ කොටස නියෝජනය කරන කිසියම් තාරකා මණ්ඩලයක් යොදාගෙන තිබේ. තාරකා මණ්ඩල යනු ප්‍රවාදයේ කොටසක් නොවන නිසා ප්‍රවාදය තේරුම් ගත් පසු තාරකා අවශ්‍ය වන්නේද නැත. ඒ නිසා, මේ රාශියක් තුළ අදාළ තාරකා මණ්ඩලය ඇත්තටම තිබෙනවාද යන්නද එතරම්ම  වැදගත් කරුණක් ....   වැඩිදුර >>  
Next || Previous