ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
කඳුකර මතක [ යාම් : 8 ] | මොණරු | 2017-04-19 10:35:40
කම්මුල් ඉරිතලා යන තද සීතල එක්ක මන්දරා උන්නේ ග්‍රෙගරි වැව ගාව උද්‍යානයේ තණකොළ බිස්සේ ඉදගෙන. අනිත් කට්ටිය ඊට ටිකක් එහායින් රවුමට බිම ඉදගෙන ගීතයක් මුමුණමින් හිටියේ ඉර බැහැගෙන යන සප්ත වර්ණ මුසු වුනු හැන්දෑවට අමුතු චමත්කාරයක් එක්කරමින්. පවුල් පිටින් තනි තනිව ජෝඩු ජෝඩු විවිධ අය ග්‍රෙගරි වැව රවුමට ඇවිදින් හිටියේ හැන්දෑවේ චමත්කාරය විදිනවාටත් වැඩිය ගෙග්‍රරි වැව අවට සීතල එක්ක මුහු වෙලා තිබුණු අමුතු ම හුදකලාව අත්විදින්න වෙන්න ඇති කියලයි මන්දරාට හිතුනේ. හෙමිහිට රැලි නැගුවද ගාම්භීර බවක් මවාගෙන ඉන්න ග්‍රෙගරි වැව දිහාවේ මොහොතක් කල්පනාවේ බලාගෙන හිටපු මන්දරාට තවත් එතනට වෙලා ඉන්න කම්මැලි හිතුනා. ඔබ දකින්න ට සිත පෙරුම් පුරනවා කිමද මේ උමතු බව නෙතු අතර නෙත් ඔබව සොයනා  කිමද මේ සසල සිත ඔබේ රුව මැවී මැවී පෙනෙනවා අතරමං සිතුවිලි තුල කිමද මේ සොදුරු බව අතැගිලි වැදී ස්වර නගන ගිටාරය යොවුන් කටහඩවල සමුහය එක්ක එකතු වෙලා වා තලයට සුන්දර හැගීමක් එක් කළා. හෙමිහිට හුන් තැනින් නැගිට්ට මන්දරා හෙමිහිට පියවර එසෙව්වේ ටික දුරක් හෝ තනියම ඈතට ඇවිද යන්න හිතාගෙන. ඇයටත් මේ සොදුරු ගුප්ත හුදකලාවේ මොහොතකට හෝ තනි වෙන්න වුවමනා වෙලා තිබුනා. වට රවුම් පාර දිහාවට හැරුණත් ඒ පාර දෙපස රෝස මල් මිටි ගණන් තියාගෙන විකුණන අය සේම සිතලට අදින විවිධ ඇදුම් පැළදුම්, ස්ට්‍රෝබරි, විවිධ සිහිවටන වෙළදාමේ යෙදෙන පිරිස්ගෙන් පිරි තිබුනා. ඒ නිසාම ඇය ග්‍රෙගරි වැව අසලින් ම වැටි තිබුණු පුංචි අඩි පාර තෝරා ගත්තා. නෙක වර්ණ මල් වලින් විතරක් නෙවෙයි ගොම්මන් කළුවර පලවා හරින ලා කහ පාට පහන් කණු ගෙනාවේත් අමුතු හුදකලාවක්. හෙමිහිට ආදර බස් තෙපලන පෙම්වතුන් ට අවට ලෝකය ගැන ගානක්වත් තිබුනේ නැහැ. පෙම්වතුන්ගේ ආදරණිය හැන්දෑවන් මැදින් මන්දරා ඇවිදින් තිබුනේ මදක් හුදකලා වුනු පෙදෙසකට. අසල ජල තලය මත හෙමිහිට නැලවී නැලවී තිබ්බේ බෝට්ටු ගෙදරක්. ඊට එහා පැත්තේ තවත් පුංචි බෝට්ටුවක්. කැමති කවුරු හරි ඉන්නවා නම් නැගලා බහින්න බැරි කමක් නැහැ කියන්න වගේ බෝට්ටු ගෙදරයි පුංචි බෝට්ටුවයි තිබුනේ ඉවුර අයිනේ මයි. බෝට්ටුවට නැගලා බලන්න හිතුනත් ඒ එක්කම මන්දරාට අපුරු අදහසක් හිතුනා. අපුරු කිව්වට ටිකක් පිස්සු අදහසක්. ඒ ග්‍රෙගරි වැවේ වතුර සීතලේ තරම වැවට අතදාලා මනින්න. වට පිට බලලා මන්දරා හෙමිහිට අඩි දෙක තුනක් ඉස්සරහට තිබ්බා. “ ඒයි.. “ එකවර පිටුපසින් ආපු ශක්තිමත් අතක් මන්දාරා ව පිටිපස්ස ට ඇදලා හරවලා ගත්තා. ඊලග මොහොතේ ශක්තිමත් අතෙහි අයිතිකාරයා මන්දරා ඉස්සරහ. වයස නම් කියක් ද මන්දා. බෙල්ල ගාවට වැහිච්ච කළු ජර්සි එකකුයි ඇදපු මුහුණ පුරා කොට රැවුල් කෑලි වලින් එහෙන් මෙහෙන් වැවිලා තිබ්බ වස නපුරු මුණක්. එකපාර අන්ද මන්ද වෙලා හිටපු මන්දරාට හිනා ගියේ නාදුනන මුහුණේ තිබ්බේ වස නපුරු පෙනුම දැකලා. “ මැරෙන්න ද යන්නේ.. “ ආයෙත් වස නපුරු මුහුණ ආයෙත් බෙරිහන් දෙනවා. හැන්ඩ්සම් පොෂ් පෙනුමක් තිබ්බට නම් මොකද බෙරිහන් දෙන්නේ රෑට කාපු නැති රොට්වයිලර් කෙනෙක්ටවත් හපන් විදියට කියලයි ඒ ඔක්කොම අස්සේ මන්දරාට හිතුනේ. කොහොමත් මන්දරා කියවනවට වැඩිය හිතනවා ස්පීඩ් වැඩි. “ නැහැ.. ඇයි.. “ මන්දරා හිනාවක් අතරින්ම ඇහුවා. “ එහෙනම් අර මොන මගුලට ද අර ලේක් එක ඇතුලට අඩිය තියන්න ගියේ. “ “ අඩිය තියන්න නෙවෙයි. වතුර වල සිතල බලන්නයි ගියේ.. “ මන්දරා සන්සුන්ව කිව්වත් අර වස නපුරු මුහුණ නම් සන්සුන් වෙන පාටක් නැහැ. “ පිස්සු ද ඕයි.. මේ පට්ට සීතලේ වතුර වලවල් අස්සේ විකාර කරන්නේ.. “ “ ඇයි එහෙම කරන්න එපා කියලා නීතියක් මේ කොහේ හරි ලියලා තිබුනා ද ? අනේ මන් දැක්කේ නැහැ නේ එහෙම එකක්. ටිකට් එකේවත් තිබ්බේ නැහැ.. “ මන්දරාට හිතුනෙම ඒ වස නපුරු මුහුණට විහිළුවක් කරලා අවුස්සන්න. හිතුවාටත් වැඩිය ඔහුගේ මුහුණ කේන්තියෙන් රතු වුනා. “ අනේ මේ.. පව් නොදී ඕනි එකක් කරගන්නවා එහෙනම්..  ඇද ඇද හිටපු චිත්‍රෙත් පැත්තකින් තියලා ආවේ මැරෙන්න යනවා කියලා හිතලා.. දැන්ම ගිහින් මැරෙනවා ඕනි නම් අන්න තියෙනවා වැව.. “ කේන්තියෙන් කියපු ඔහු ආපහු හැරුනා. “ අපරාදේ පිනක් කරගන්න තිබ්බ චාන්ස් එක නේද මිස් වුනේ .. “ ඒ පාර නම් මන්දරා ඇහුවා නෙවෙයි ඇහුනා. ඒක ඇත්තටම මන්දරාගේ බ්රේක් නැති කටේ වැරද්දක්. කේන්තියෙන් හැරිලා බලලා අඩියක් ඉස්සරහට තිබ්බ ඔහු ආයෙත් හැරිලා යන්න ගියේ ඊට ටිකක් එහායින් තිබ්බ ලි බංකුවක් දිහාවට. ලී බංකුව උඩ කරේ එල්ලන් යන බෑග් එකක් උඩ කාර්ඩ් බෝඩ් එකක් වගේ කඩදහියක් තිබුනා. ඔක්කොම අය ඇවිල්ලා ග්‍රෙගරි වැවේ හුළග විදින කොට මෙයා විතරක් මෙතන පින්සල් පාරවල් ඇද ඇද ඉන්නවා.. මන්දරාට හිතුනා. හැබැයි මේ පාර නම් වෙලාවට හිතුන දේවල් වචන වලට පෙරලුනේ නැහැ.  ඒ වෙනුවට අඩි පාර දිගේ ඔහේ ඇවිදගෙන ගියේ නැගුනු හිනාවත් එක්කමයි.  ටිකක් දුර යද්දී මන්දරාට කලින් ඇවිදින්න ආව මන්දරාගේ යාළුවො ටිකක් ෆොටෝ ශුට් එකක්.  කැමරාවක් දැක්කත් ඇති කට්ටිය.. එක්කෙනෙක් ෆොටෝ හැටක් විතර අරන් තමා නවතින්නේ.. පස් හය දෙනෙක් ඉදන් ෆොටෝ හැට හැට වගේ ගන්න ගියාම ඉතින් ෆොටෝස් ගන්න ශමරාට නම් හොද ගණන්.. “ ඒයි මන්දී.. කොහෙද යන්නේ.. “ ඒ ශමාරා... “ රස්තියාදුවේ... “ “ අපි යනවා හොල්මන් මන්දිරේ බලන්න.. එනවා ද ? “ “ මොකක්.. හොල්මන් මන්දිරයක්.. අපෝ.. මේ කළුවර වැටීගෙන එන වෙලාවේ..  “ “ ඔව්.. “ “ අනේ මට බෑ.. මන් මේ දැන් ටිකකට කලිනුත් හොල්මනක් මිට් වෙලා එන ගමන්.. “ තවමත් මැකී නොගිය හිනාවත් එක්ක මන්දරා විහිළුවෙන් උත්තර දුන්නා. “ හානේ.. ඇත්ත ද.. අන්කල් හොලමනක් ද කඩවසම් හොල්මනක් ද ? “ “කඩවසම් හොල්මනක් පෙනුමෙන් නම්.. කතා කරපුවා නම් ඇත්තටම වටේම තියෙන කඩවල් ටිකත් වහනවා.. “ ඈතට ඇවිදගෙන යන ගමන් මන්දරා උත්තර දුන්නා.. සෑහෙන වෙලාවක් හිතුමතේ වටේට ඇවිදලා ආයෙත් එද්දී ඔහු තවමත් එතැන. මේ පාර නම් කියක් ඇවිල්ලා වතුරට පැන්නත් හැරිලාවත් බලන්නේ නැහැ කියලා ද කොහෙද ඔලුව නවාගෙනම කුරුටු ගානවා. නාදුනන පැත්තක හිටින නිසාවෙන් නිදහස උපරිමයෙන් භුක්ති විද විද හිටපු මන්දරාට හිතුනේම ගිහින් අදින පැන්සල් පාර වල් වලට උඩින් එබිලා බලන්න. ඉතින් අකීකරු හිතත් එක්ක මන්දරා ඔහුට පිටිපස්සේ තිබුන මල් ගස් අස්සෙන් ගිහින් ටිකක් පිටිපස්සෙන් ඉදන් ඔලුවට උඩින් එබිලා බැලුවා. කදු අස්සෙන් ගොම්මන් කළුවරේ අවරට යන හිරු, බෝට්ටු ගෙදර.. ජල තලය ඒ හැම දෙයක් එහෙ මෙහෙ ගිය පැන්සල් ඉරි කටු සටහන් ගහලා. වස නපුරු මුණට මේ තරම් හොදට චිත්‍ර අදින්න පුළුවන් කියලා කවුද හිතුවේ.  කවුරු හරි පිටිපස්සෙන් ඉන්නවා කියලා දැනිලා ද කොහෙද ඔහු අදින එක නතර කරා. ඊලග මොහොතේ ඔලුව හරවලා බැලුවේ මන්දරා දිහා. “ ලස්සනයි. ඒකයි බැලුවේ.. “ පුදුමයෙන් වගේ නිහඩව මොහොතක් බලන් උන්නු ඔහු ඊලග මොහොතේ සිනා වුනා. වස නපුරු මුණාට ලස්සනට හිනා වෙන්නත් පුළුවන් ඒ කියන්නේ. “  තැනක් යු.. මොකද පැනලා මැරෙන්න තැනක් හම්බවූනේ නැද්ද ? “ “ නෑ අෆ්ෆා.. අද මැරෙන්න බෑ වගේ.. කාලගුණේ හරි මදි.. ඒක නෙවෙයි ඔයා ඇයි ඕවා අදින්නේ.. “ “ ආසාවට මිසක් වෙන මොකට ද ? “ “ ආසාවට කරන්නේ චිත්‍ර අදින එක විතර ද ? “ “ අපෝ නැහැ.. තව සැහෙන දේවල් තියෙනවා..  හරියට මැරෙන්න යන මිනිස්සුගෙන් ලේක් එක බේරාගන්නවා වගේ.. “ “ ඔව්. අපි පැන්නාම ග්‍රෙගරි ලේක් එකට සෑහෙන්න රිදේවි නේ බරට.. “ “ ඒකනේ.. ලේක් එක පව්නේ.. ඔයා අහපු ප්‍රශ්නේට ඇත්ත උත්තරේ..  චිත්‍ර අදින්නේ හොටෙල් එකට.. “ “ හොටෙල් එකට ? හොටෙල් එකට මොකට ද චිත්‍ර ? “ “ ලස්සනට එල්ලන්න ළමයෝ.. වෙන මොකට ද.. මන් ලස්සන තැන් ටිකක් ඇදලා එයාලට ගිහින් දෙනවා.  එයාල මට ඒවාට සල්ලි දෙනවා.. “ “ හ්ම්ම්ම් හ්ම්ම්.. තේරුණා.. ඔයාට ලස්සනට අදින්න පුළුවන්.. “ “ වෙන්න ඇති. ඒක නෙවේ ඔයා මොකද මේ තනියම කරන්නේ.. “ “ නැහැ තනියම නෙවෙයි. අපි යාළුවො ටික ට්‍රිප් එකක් ආවා.. කට්ටිය ඇවිදිනවා.. මමත් ඉතින් තනියම රවුමක් ආවා.. “ “ ආආඅ.. ඒත් මේ රෑ වෙච්ච වෙලාවේ තනියම ඔහොම යන එක හරි ද ? “ “ ඇයි බිල්ලෝ අල්ලන් යනවා ද ? “ මන්දරා ආයෙත් ඔහුව විහිලුවට ගත්තා. මේ පාර නම් ඔහු මොකුත් කිව්වේ නැහැ.. හිනා වුනා මිසක්.. අෆ්ෆේ හිත ඇදිලා යන හිනාවක්.. මන්දරාට හිතුනේ එහෙම. “ මන් යනවා.. යාළුවො බලන් ඇති ආපහු හොටෙල් එකට යන්නත් ඕනි නේ. .බායි.. “ “ හ්ම්ම්ම් .. සී යු.. “ නැවත හමු නොවන නමක් නොදන්නා ආගන්තුකයා එහෙම සමුදෙද්දී මන්දරා හිනා වෙලා එතනින් ආවා.. ආපහු හැරිලා බලන්න නොහිතුනා නෙවෙයි. ඒත් ඔහු බලන් උන්නොත් වස ලැජ්ජාව. ඒ නිසා ඇය බැලුවේ නැහැ..   ඒ වෙද්දීත් හැම පැත්තෙන්ම කළුවර ඇවිදින්.. ග්‍රෙගරි වැව වටේටම පහන් එලි දල්වලා.. ඒ එළියෙන් උද්‍යානයෙන් එළියට ඇවිදින් දොරටුව ගාව කට්ටිය එනකම් ඉද්දි මන්දරාට දුරකථනයට ඇමතුමක්.. “ ඒයි චුටි නංගි.. “ ඒ මන්දරාගේ අයියා.. “ ආ.. “ “ කොහොමද ට්‍රිප් එක හොදද ? “ “ මරු.. “ “ ආඅ.. හිතට අල්ලලා වගේ නුවරඑළිය.. “ “ අනිවා.. “ “ උඹ එන්නේ කවදාද ? “ “ හෙට එනවා බන්.. නුවරඑළියේ හිත තියලා මන් හෙට කොළඹ එනවා.. “ “ මොන එහෙකට ද උඹ හිත ඔහේ තියලා එන්නේ.. ඇයි උස්සන් එන්න බර වැඩි වගේ ද ? “ “ ඔව් බන්.. සෑහෙන්න බර වැඩි.. හිත කියන්නෙම මෙහෙ දාලා යන්න බැහැ කියලා.. ඉතින් හිත තියලා එන්න වෙනවා.. “ “ ආආආ මොකක් ද බන් ඒ සීන් එක.. ඇයි උඹ ඔහේ කාට හරි හිත ලියලා දුන්නවත් ද ?  “ “ ඇවිත් කියන්නම්කෝ.. “ “ හෑ මොකක් ? අම්මපා..  ඒකත් එහෙමද එතකොට.. හාකෝ හාකෝ.. “ මන්දරා හිනා වේවිම දුරකථනය විසන්ධි කරා. පිළිතුරු වලින් බාගෙට බාගයක් ම අයියාව අවුස්සන්න කල විහිළු වුනත් ඒවායේ ඇත්තකුත් නැතුවා නෙවෙයි කියලා මන්දරා ට හිතුනා.. ඒ අර වස නපුරු මුණා හින්දාවත් ද ? මන්දරා තනියම කළුවර ට හිනා වුනා. කෙටි හමුවීම් වලට කොයිතරම් නම් දේවල් කරන්න පුළුවන්ද ? නමක් ගමක් කාගේ කවුරු ද කියලා නොදන්නා මිනිස්සු එක්ක හිත ගනුදෙනු කරන්නේ ම නොසැලකිමත් ව. මන්දරාට එහෙමත් හිතුනා. ඒත් ඉතින් ඒ කෙටි හමුවීම ඇතුලේ තියෙන මතකය අමතක නොවෙන මිහිරි සොදුරු මතකයක්නේ මන්දරා.. හිතත් මන්දරාට එහෙම කෙදිරුවා. ආයෙත් දවසක කොහෙදි හරි හම්බ වේවි නේ.. මන්දරා කළුවරට මිමිණුවේ හෙමිහිට හිනාවෙමින්. අරුණි කළුපහන ....   වැඩිදුර >>  
Next || Previous