ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
බුලත් විට [ යාම් : 23 ] | ඉවාන් පවුලූශා | 2017-04-18 22:16:40
" මදාරා බෝඩිමටද යන්නේ ""ඔව් සර්"" මම ඩ්‍රොප් කරන්නං, නගින්න "" ම්ම්ම්ම්....මේ.... මම බස් එකේ එන්නං සර් "" මම ගිලින්නේ නෑ ළමයෝ , එන්න නගින්න ,  හා හා පිටිපස්සෙන් බෑ, මට ඩ්‍රයිවර් වෙන්න බෑ , ඉස්සරහට එන්න ඉස්සරහට " ඒ දෙබස් ටික නම් හැම නවකතා , කෙටිකතා , චිත්‍රපටි , ටෙලිනාට්‍ය ,චිත්‍රකතා , වේදිකා ආ නෑ වේදිකා නාට්‍ය වලනං එහෙම දෙබසක් ඇහිලා නෑ තමා . එත් තියෙනවද කවුද දන්නේ , මොකෝ හැමදාම වේදිකා නාට්‍ය බලන එකක්යැ. කොහොම වුනත් මදාරා ඉස්සරහ සීට් එකේ තියාගෙන රවුමක් යන්න තියෙනවනම් ඒ මදැයි ."සර්".................... "සර්"....................."සර්"" ඔහ් .. ඇයි මදාරා ...-"ඇයි සර් යන්නේ නැත්තේ .. අර පිටිපස්සේ වාහන හිරවෙලා ..හෝන් ගහනවා "ඒ  එක්කම ඉස්සර කරපු පොඩි මරුටි කාර් එකක හිටපු තරුණ රියදුරා පැති වීදුරුව පහතට කරලා කටපුරා කුනුහරුපයක් කිව්වා. ඉරිසියා කාරයා , කවුද දන්නේ මදාරට බැල්ම දාන කුපාඩියෙක්ද කියලා , මදාරා දකුණු අතින් කට වහගත්තා ,ඇඟිලි වල නියපොතු පාට කරලා , ඇඟිලි හතරක රතුපාටින් එකක් විතරක් අළු පාටින්"සර් යමු ... දැන් පිටිපස්සේ ඉන්න එවුන් ගහයි ඇවිත්"තව එකෙක් ඉස්සර කරලා කුනුහරුපයක් කිව්වා , යකෝ මරුටි කාරයොන්ටමනේ  තදියම , දැනගනියව් මේක මොන්ටෙරෝ එකක් හරිද වෙනදා  නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව ප්‍රතිචාර දක්වන මට අද කේන්තියක් හිත අහලකටවත් ආවී නැති එක ගැන පුදුමයක් දැනුනෙත් නෑ. සිගනල්  එක දාලා හෙමීට පාරට ගත්ත මට නම් කිසිම හදිසියක් තිබ්බේ නෑ.*******"ඩැඩි කැන්  යූ  බ්‍රින්  වර්ල්ඩ් මැප් ඇන්ඩ් අ සයන්ස් බුක් වෙන් යූ ආ කමින් ..""ඩැඩි අයි ඔල්සො හැව් අ ලිස්ට් , ප්ලීස් බ්‍රින් ඕල් දෝස්"ලොකු දුවයි පුතයි දෙන්න තරගෙට කියපු දේවල් මතක් වුනත් මේ ඒවා ගන්න වෙලාවක් නෙවේ , මෙහෙම චාන්ස් එකක් ආපහු එන්නේ කවදද , මදාරගේ  රූපෙන් වාහනේ ඇතුලේ දිස්නේ දෙනවා , පාර අයිනේ ඇවිදින හැමෝම මදාරා දිහයි මගේ දිහයි බලනවා , මගේ හිත ආඩම්බරෙන් පිරිලා ගියා , මදාරා අලුතෙන් ආපු ඩේටා එන්ට්‍රි ඔපරේටර් , සෙක්ෂන් එකේ කොල්ලෝ මදාරා වටේ කැරකෙන්නේ හරියට පොල් කුරුමිණියෝ ගොබෙ වටේ කැරකෙනවා වගේ ."සර් මේ කොහෙද යන්නේ මේ පාරේ නෙවෙයිනේ මම යන්නේ""ඉන්න ළමයෝ , මොකෝ හදිස්සි , අර පාරේ මේ වෙලාවට හොඳටම ට්‍රැෆික් ""අනේ නිකං ඉන්න සර් ට්‍රැෆික් කොහෙද ඒ පාරේ .." මදාරා හිනාවුනේ හරියට මිනි කිංකිනි හොලවනවා වගේ , මාත් ඒ සද්දෙටම හිනාවුනා ,වෙනදා කහ ඉරෙන් ආ නෑ දැන් සුදු ඉරනේ  පනින්න ඉන්න මිනිස්සු දකිනකොට කකුල යන්නේ ඇක්සිලේටරේට අදනං ඈතින් දකිනකොට බ්රේක් වෙනවා , බූරුවා අනිනවා තව ටිකෙන් පිටිපස්ස ගලවලාම යන්න , මුන්ට තියෙන හදිස්සිය ."සර් සර්ට වයස කීයද දැන් " මම හිතුවට වඩා මදාරා කටකාරයිනේ" ම්ම්.. ඔයාම කියන්න බලන්න කීයක් වගේ පේනවද කියල "" ම්ම් හතලිස් අටක් "" ඔහ හොඳයිනේ "" ඇයි සර් "" ඇයි කියන්නේ ""මට දැන් පනස් එකක්" , ඇත්ත වයසම කියනවට වඩා තව අවුරුදු දෙකක් අඩුවෙන් කිව්වේ එකෙත් පොඩි ගතියක් තියෙනවා කියල හිතුන නිසා ." අනේ ඇත්තද සර්, මම හිතුවෙම හතලිස් පහක් හයක් ඇති කියලා , මම රුවනි එක්කත් කිව්වේ සර්ට හතලිස් පහක් විතර ඇති කියල "ඒ කියන්නේ මෙයා මං ගැන උනන්දු වෙනවා ,  " ඉතිං රුවනි මොනවද කිව්වේ "" කිව්වේද , කිව්වේ කුකුලන්ගේ කොහොමත් වයස පේන්නේ නෑ  කිව්ව... හහ හාහ් .. " ආයෙමත් අර මහා සද්දෙට හිනාව"ලොකු දූ ඩෝන්ට් ලාෆ් ලයික් දැට්...  ගර්ල්ස් ආ නොට් ලාෆින් ටූ ලව්ඩ්ලි.."මයුරි කවදත් හිනාවුනේ නෑ. අපේ වෙඩින් ෆොටෝ එක දැක්ක යාළුවො හැමතිස්සෙම කිව්වේ" මොකක්ක්ද බං ගෑනිට හිනාවෙන්න උගන්නපන්කෝ ,-- ඒ ගෑනිට හිනාවෙන්න බෑ  බං මූ කට පාවිච්චි කරලා වැඩියි හැක හැක .."කොහොමත් ඔය දෙබස් කාන්ඩේ වරදින්නේ නෑ නසරානි යාළුවො එක්ක සෙට්වුනු වෙලාවට .මදාරාට වයස කියද "" මට විසි හයයි සර් "" මැරී කරලද "" නෑ සර්  අයියා රටනේ , ලබන අවුරුද්දේ නෙවී ඊළඟ අවුරුද්දේ තමා එන්නේ , ආවම තමා වෙඩින් එක ."" ඉතිං අයිය රට හිටියම මොකෝ , බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද , "" අයියෝ මැට්ටෝ , මම එයාට කියන්නේ අයිය කියලා තමා "" කාටද මැට්ටි මැට්ට  කිව්වේ , ගලවනවා කන ," මම බොරු තරහක් පෙන්නලා මදාරගේ කන මිරිකුවා ඇත්තටම මිරිකුවා කිව්වට නිකං කනෙන් අල්ලන් හිටියා විතරයි , සිනිදුම සිනිදු කන් පෙත්තක් ." අයියෝ .. අතාරින්නකෝ සර් , අනේ ප්ලීස් , අනේ අනේ .. ආයේ කියන්නේ නෑ."මදාරා අත්  දෙකෙන්ම මගේ වම අතේ එල්ලුනා , ඒ අත්  දෙකේ සිනිදු , හරියට මල් පෙති ගොඩක් උඩ මගේ අත තියාගත්තා වගේ සැහැල්ලුවක් ."ඌයි මගේ කන , ඉරුනද කොහෙද හුහ් .. " බොරු තරහක් පෙන්නපු මදාරා ගස්සලා ශටර් එකෙන එලිය බලා ගත්තා . මට තිනියම හිනා , කාලෙකට පස්සේ හිතට වගේම ගතටත තරුණ බවක් දැනෙනවා ."කෝ බලන්න මූණ" , මම මදාරගේ නහයෙන් අල්ලලා මගේ පැත්තට හැරෙව්වා ."ඌයි , ඒ ගමන නහය කන්නද හදන්නේ ,  මම තරහයි , යන්න " තාම බොරුවට ඔරවාගෙන මට හිනාව නවත්තගන්න බෑ .*******"සර් සර් සර් අනේ අනේ අනේ ..""මොකද මදාරා ... " මොනවත් හිතාගන්න් බැරුව මම මදාර දිහා බලමින් වාහනේ ස්ලෝ කළා, ආපහු හෝන් පාර , පේව්මන්ට් එක  උඩට දාලම මම වාහනේ නැවැත්තුවා , පේව්මන්ට් එක දිගේ ඇවිදගෙන ආපු වයසක ගෑනු මනුස්සයා ඔරවගෙන අයින් වුනේ කියන්න ආපු  දේවල් ගිලගෙන වෙන්න ඇති"මොකක්ද "" අර සර් අර .. බුලත්විට "" ඉතිං ""ඉතිං කියන්නේ මැට්ටෝ අපි විටක් කමුකෝ , ආ සොරි සොරි මැට්ටා නෙවී සර් "" විට කන්න , ඔයා "" මම නෙවේ "" එහෙනං"" අපි , අපි දෙන්නම, සර්රුයි මායි"" අනේ මම විට කන්නේ නෑ"" අනේ සර් , අදට විතරක් කමු , ප්ලීඊඊඊස් , අනේ සර් "" හා ඉන්නකෝ එහෙනං අරන් එන්න " වාහෙනෙන් පැන්න මම පාරේ අනික් පැත්තට දුවන්න් හැදුවා විතරයි , කොහේදෝ ඉඳලා ආපු මෝටර්  බයිසිකලයක් බරාස් ගාල බ්රේක් ගහල නැවැත්තුවේ ඇඟේ වදින්න ඔන්න මෙන්න කියලා ." මොකක්ද අංකල් , මැරෙන්න ඕනේ නම් කෝච්චියට පනිනවකෝ , මගුල " බයිසිකලේ හිටපු ගැටයා කියපු විදිහට මට උගේ කන පොඩි කරන්න හිතුනා , අංකල් .... දෙන්න හිතෙනවා හක්ක පනින්න අං.........ක.........ල්."" ආ මෙන්න "" අයියෝ සර් තව ටිකකින් බයිසිකලෙකත් හැප්පෙනවා නේ, නිකං යයි මැට්ටා කියන්නේ "" මොකක්ද කියන්නේ මෝඩි "" ඌයි සර් , ඌයි කන , අතාරින්නකෝ  "" සර් , අපි අර පාක් එකට යමු , මෙතන නවත්තලා , බහින්නකෝ සර් "" බහින්න , මෙතන ?"" ඔව් , ඇයි මොකෝ "- කවුරු හරි දකියි , "" ඉතිං මොකෝ , අපි වැරදි වැඩක් කරනවයි "*******අමාත්‍යාංශයක අතිරේක ලේකම් කෙනෙක් හැටියට සිය ගානක් පාලනය කරන්න මම, මේ හුරුබුහුටි පුංචි කෙල්ල ඉස්සරහ දමනය වෙන අපූරුව මටත් හිතාගන්න අමාරුයි .ෆෝන් එක රිං වෙන්න ගත්තා " HOME " කියලා තිරයේ දිස්වුනත් කෝල් එක කට් කරපු මම ෆෝන් එක ඕෆ් කලේ කිසිම දෙයක් මේ සුන්දර මොහොතට බාධාවක් කරගන්න ඕන නැතිනිසයි ." කන්නකෝ සර් , මෙන්න මෙහෙම .. බුලත් කොලේ දෙපැත්ත කඩලා විසි කරන්න ,        ඊට පස්සේ හුණු හොඳට කොලේ ගාලා මැදට පුවක් කෑල්ලයි දුන්කොල කෑල්ලයි තියලා , ගුලි කරලා කටේ දාගෙන හපන්න මේ වගේ , ඔහොම නෙවී මැට්ටෝ , ඉන්න මම හදලා දෙන්න , ආ කට අරින්න , දැන් හපන්න , "" අම්මෝ සර් මත්වුනා " කියාගෙන මගේ ලඟට දුවගෙන ආපු මදාරා මගේ ඇඟේ එල්ලුනා , එත් ජීවිතේට බුලත්විටක් නොකාපු මම ඊටවඩා මත්වෙලා හිටියේ , මදාරා ඇඟේ එල්ලුණු පාරට මං මදාරා එක්කම බිම වැටුනා , බිම වැතිරිලා හිටපු මගේ බඩ  උඩින් ඔලුව තියාගත්තා මදාරා කියවන්න ගත්තා ," සර් අර ඈත පේන තරුව මොකක්ද "" මන් හිතන්නේ සිකුරු තරුව , මදාරා අපි ඒ තරුවට යමුද , හැබැයි අපි දෙන්න විතරයි "" අනේ යමුකෝ, එතකොට මම රස්සාවෙන් අයින් වෙනවා , ඔයා එනකන් උයලා බලාගෙන ඉන්නවා "අපේ අහිංසක ආදරේලොවම එරෙහිවන ලොවට වසන්වනඅපේ අහිංසක ආදරේඋයන් කොනක හිද සිසිලස විදිනු බැරීඅවන්හලක ලැග දොඩමලු වන්න බැරීපවන් රොදක නැග සිහිනෙක වෙලෙනු බැරීඅපේ අහිංසක ආදරේකීවත් කෙනෙකුට අදහා ගන්න බැරීකියන්නෙ කෙලෙසද මටවත් සිතනු බැරීරන්හුය පටලා කෙලවර දකිනු බැරීඅපේ අහිංසක ආදරේ"අනේ ලස්සනයි , අපි එහෙට ගියාම මුළු දවසම සින්දු කියමු ..."" ඔයා නටන්න , මම කියන්නම් "" අනේ හරිම ෂෝයි "මුළු ලෝකෙම නැවතිලා , ලෝකේ පණ තියෙන ප්‍රාණීන් ඉන්නේ මායි මදාරයි විතරයි . ගහකොළ , මිනිස්සු හැම කෙනෙක්ම නතරවෙලා , සීතල හුළඟ විතරක් අපේ වටේට ඇවිදිනවා .. තරු අපේ ළඟටම ඇවිත් ආපහු යනවා . වලාකුළු අපේ  වටේටම නටන්නේ අපහු අහසට යන්න අදහසක් නැතුව වාගේ .හඳේ හාවා අපි දෙන්නගේ නම හඳේ ලියනවා ... ජීවන මදාරා ...*******"ඩැඩි , ඩැඩි   වෙක් අප් ,යූ ඩිඩ්න්ට්  බ්‍රින් මයි ස්ටෆ් යෙස්ටර්ඩේ .." මම උඩ ගිහින් ඇහැරුනේ ලොකු දුවගේ සද්දෙට"වට් ඩැඩි ... ආ යූ චුවින් ක්විඩ් ..""ඊයා කාමරේ පුරාම බුලත් කෙල ....   වැඩිදුර >>  
Next || Previous