ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
බින්න බැහීම - වෙනස සැපක් ද, සැප වෙනසක් ද? :: A part of my family history [ යාම් : 33 ] | රසිකොලොජි - Rasikology | 2017-04-18 21:32:40
උපාධිධාරී විද්‍යා ගුරුවරයෙකු, ගුරු උපදේශකයෙකු සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉහළ තනතුරු හොබවා දැන් විශ්‍රාමිකව සිටින දයා-වී(ර?) නම් අයෙකු විසින් ලියන අධ්‍යාපන රසකතා නම් අලුත් බ්ලොගය ඔබ කියවූවා ද?එහි එක් ලිපියකට මාතෘකාව සැපයූ "බින්න බැසීම" නම් යෙදුම දුටු විට මට ඒ පිළිබඳව මේ විස්තරය ලියන්නට සිත්විය.අප දන්නා පරිදි, සම්ප්‍රදායානූකුල සිංහල විවාහයේ දී සිදුවන්නේ විවාහ වූ තරුණිය තම දෙමව්පියන් ගේ නිවස හැරදා, සැමියා ගේ නිවසේ පදිංචියට ගොස් අලුත් නෑදෑයින් සමග එහි ජීවත්වීමයි. සැමියා ගේ මහගෙදර හිමිකම ඇත්තේ ඔහුට නොවේ නම්, පසු කලෙක මේ යුවළ විසින් ඒ ගම් ප්‍රදේශයේ ම වෙනත් නිවසක් තනා ගැනීම සාමාන්‍යයෙන් කරනු ඇත.නමුත්, බින්න විවාහයක දී සිදුවන්නේ පෙර කී සාමාන්‍ය විවාහයේ ප්‍රතිලෝම ක්‍රියාවලියයි. එනම්, විවාහ වූ තරුණයා, තම දෙමව්පියන් ගේ නිවස හැර දමා, තම මනාලිය ගේ මහගෙදර පදිංචියට ඒමයි.ඒ ආකාරයට බින්න විවාහ සිදුවීමට එකම කොන්දේසිය වන්නේ විවාහ වන තරුණිය තම පවුලේ එකම දරුවා වීම වේ. එලෙස, එකම දරුවා වන දියණිය පිට ගමක දීගයක ගියහොත් ඇගේ දෙමව්පියන්ට ඉන්පසු තනිවම තම නිවසේ ජීවත්වීමට සිදුවෙන නිසා, එය වළක්වා ගැනීම පිණිස බින්න විවාහ ක්‍රමය සැකසී ඇති බව නොරහසකි.සාමාන්‍යයෙන් අතීතයේ සිටම සිංහල පවුල්වල දරුවන් කිහිප දෙනෙකු සිටි නිසා, මේ බින්න විවාහ අවශ්‍ය වූයේ ඉතා කලාතුරකින් පමණි.ඇත්තටම මේ දක්වා මා දන්නේ බින්න විවාහ දෙකක් පිළිබඳව පමණි. ඉන් එකක් මගේ පියාගේ මිතුරු යුවළක ගේ එකම දියණිය ගේ විවාහයයි. ඔවුන් අපේ ඥාතීහු ද වෙති.අනෙක් බින්න විවාහය ඊටත් වඩා අපට සමීප එකකි. ඒ මගේ පියා ගේ දෙමව්පියන් ගේ විවාහයයි.මගේ පියා ගේ මව, උපන් විගසම පාහේ ඉතා අවාසනාවන්ත ලෙස ඇගේ මව මිය ගොස් ඇත. වෙනත් විවාහයක් ගැන නොසිතා, තම දියණිය රැක බලා ගත් ඇගේ පියා කර ඇත්තේ ඒ කාලයේ හැටියට නිසි වයස එළැඹුණු පසු තම දියණිය සඳහා බින්න විවාහයක් පිළියෙල කිරීමයි.ආච්චී ගේ තාත්තා ගේ පාරම්පරික ගම් ප්‍රදේශය කොස්සින්නට නුදුරු පහළ පරකන්දෙණියයි. සීයා ඉහළ පරකන්දෙණියේ තරුණයෙකි.මා තාත්තා ගේ මහගෙදර ලෙස දන්නා නිවස යනු, විවාහයෙන් පසු සීයා ද පදිංචියට පැමිණ මිය යන තුරුම ජිවත් වුණු පහළ පරකන්දෙණිය ගම් ප්‍රදේශයේ පිහිටි ආච්චී ගේ නිවසයි. විවාහයක් යනු සමාන දෙපාර්ශවයක් අතර සම්බන්ධයක් ලෙස සැලකූ විට බින්න විවාහය සහ සාමාන්‍ය විවාහය අතර වෙනසක් නැති නමුත්, පෙර විස්තර කළ පරිදි පවුලේ සුවිශේෂී තත්වය හේතුවෙන් ඇතිවෙන බින්න විවාහ පිළිබඳව සාමාන්‍යයෙන් ඒ දිනවල කතා කෙරුණේ සරදම් බසිනි.බින්න බැස්ස මිනිහා, හුළු අත්තක් නොහොත් ටෝච් එකක් නිතරම සකසා තබා ගත යුතු යැයි කතාවක් ඇත. ඒ අණ ලැබුණු ඕනෑම මොහොතක නිවසෙන් පිටවී යෑම සඳහා ය. හුළු අත්තක් අවශ්‍ය විය හැක්කේ ඒ මොහොත රාත්‍රියක් ද විය හැකි නිසා ය!මා දන්නා කාලයේ පටන් අට සිල් සමාදන් වී, පිරිත් කියමින්, භාවනා කරමින්, නිර්මාංශික, විකාල භෝජනයෙන් පවා තොර ජිවිතයක් ගත කළ, මගේ සීයාට නම් එලෙස හුළු අත්තක් සමග ජීවත් වීමට අවශ්‍යතාවක් නොතිබුණි. අවසන් මොහොත දක්වාම, සීයාට උම්බලකඩ පවා නොදැමූ ආහාර පිළියෙල කරදුන්, ඔහු භාවනාවෙන් යම් කිසි ඉහළ තත්වයට එළැඹ සිටියේ යැයි විශ්වාස කළ අපේ ආච්චී ඉඳහිට දිනක සීයාට කළ එකම චෝදනාව නම්, ආච්චි ගේ නිවසට බින්න බැස, ඇගේ වතුපිටිවල ගොවිතැන් යනාදිය කළ සීයා, තමන්ට හිමි ඉහළ පරකන්දෙණියේ ඉඩම් ඔහුගේ ඥාතීන්ට නොමිලේ ම ලියා දුන් බව පමණි!ඒ සීයා ගේ දාන පාරමිතාවේ කොටසකි.-රසිකොලොජිස්ට්ප/ලිමේ 2017 බ්ලොග් වසන්තය සඳහා මා ලියන තුන්වෙනි ලිපියයි.මීට කලින් ලියූ ලිපි මෙලෙස ය.1. තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html2. නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a ....   වැඩිදුර >>  
Next || Previous