ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ගෝදම්බ රොටි හදමු [ යාම් : 37 ] | The Tasty Love | 2017-04-18 18:05:29
The Tasty Love වෙතින් අද හදන්න යන්නේ ලංකාවේ කවුරුත් කන්න කැමති ගෝදම්බ රොටි. මේවා හැමෝම කඩෙන් ගන්න පුරුදු වෙලා ඉන්න නිසාත්, ගෝදම්බ රොටි වල මිලත් එතරම් නොවන නිසාත් ලංකාවේ නම් ගෘහණියන් නිවසේ හදන්න උනන්දු වෙන්නේ නෑ. නමුත් වැඩි මිලට කඩෙන් අරන් හෝ අධිශීතකරණයේ දමා රත් කරගෙන ගෝදම්බ රොටි කන්න වෙලා තිබෙන ලංකාවෙන් එපිට දුර රටවල් වල වාසය කරන බොහෝ දෙනා වෙනුවෙන් මේ රෙසිපිය ගෙන එන්න අපි කල්පනා කළා. ගෙදරම හදලා ගෝදම්බ රොටි කන්න කැමති ලංකාවේ ගෘහණියන්ටත් හදලා බලන්න පුළුවන්.. විශේෂ දෙයක් : The Tasty Love වෙතින් බිත්තර රොටි හදන්න කියලා දුන්න වෙලාවේ වගේම, මෙහිදීත් පිටි අනලා අඩුම තරමේ පැය 4ක් වත් තියන්න ඕනා. එතකොට තමයි රොටිය හොඳට තුනී වෙලා කැඩෙන්නෙ නැතුව ලස්සනට එන්නේ. ඒ නිසා ගෝදම්බ රොටි රෑට කනවා නම් හවස පිටි අනලා තියන්න ඕනේ. උදේට කනවා නම් කලින් දවසේ රෑට පිටි අනලා තියන්න පුළුවන්. පිටි මිශ්‍රණය පැය 12 වෙනකම් තියන්න පුළුවන්. වැඩි වෙලාවක් තියන තරමට රොටියේ නම්‍යශීලී බව සහ සුමුදු බව වැඩියි. පිටි අනන වැඩේට ගතවෙන්නේ විනාඩි 10ක් පමණයි. Prep Time : 10 min                            Rest Time :  4 Hours                             Cooking Time : 10 min අවශ්‍ය කළමනා :                 පාන් පිටි කප් 1 තෙල් කප් 1 ( පොල් තෙල් හෝ එළවළු තෙල් ) මඳ උණුසුම් වතුර කප් 1/2 ලුණු තේ හැඳි 1/2ක් සාදන ක්‍රමය : පිටි අනමු ( පැය 4කට කලින්) තරමක් ලොකු බෝල් එකකට පිටි, ලුණු , සහ තෙල් මේස හැන්දක් දමා ගන්න වරකට සුළු ප්‍රමාණය බැගින් වතුර එකතු කරමින් පිටි මිශ්‍රණය හොඳින් අනාගන්න අතේ නොඇලෙන පිටිබෝලයක් ලැබෙන සේ විනාඩි 2ක් පමණ හොඳින් අනන්න ( 1 පින්තූරය ) පිටි බෝලය දිග අතට රෝල්කර කොටස් 4කට කඩාගන්න ( 2 පින්තූරය ) පිටි කොටස් 4 හොඳින් බෝල කරගන්න ( 3 පින්තූරය ) කුඩා බෝල් එකකට තෙල් දමා පිටි බෝල එහි ගිල්වන්න ( 4 පින්තූරය ) බෝල් එක හොඳින් ආවරණය කර පැය 4ක් පැත්තකින් තිබෙන්න හරින්න ( 5 පින්තූරය ) 1 පින්තූරය                               2 පින්තූරය                                 3 පින්තූරය           4 පින්තූරය                                  5 පින්තූරය       බිත්තර රොටි හදමු ලොකු තැටියක් හෝ පෑන් එකක් රත් වෙන්න තබන්න තෙල් වල ගිල්වා තැබූ පිටි බෝලයක් ගෙන පිඟානක තබා හොඳින් දෙපසට ඇද තුනී රොටියක් ලෙස සකසා ගන්න ( 1 පින්තූරය ) දැන් තුනී කරගත් රොටිය තැටිය මතට දමන්න (  2 පින්තූරය ) එක් පැත්තක් හොඳින් පිළිස්සුණු පසු අනෙක් පැත්ත දමා හොඳින් පුළුස්සා ගන්න මෙලෙසම අනෙක් රොටි 3ත් හදාගන්න 1 පින්තූරය                                                      2 පින්තූරය        හදාගෙන ඉවර වුණාම මෙන්න මේ වගේ හොඳ පෙනුමකින් යුතු, සුවඳින් පිරි බොහොම රස ගෝදම්බ රොටි ඔබට ලැබෙනවා..  හදාගත්ත ගෝදම්බ රොටි ටික, ලුනු මිරිසක් හෝ සීනි සම්බෝලයක් එක්ක උණු උණුවේ ගෙදර අයට කන්න දෙන්න. රෑට කනවානම් ඉතින් ඕනෑම මාළු, මස් හොදි වර්ගයක් සමඟ කෑමට ගන්න පුළුවන්. එහෙනම් හදලා බලන්න. හදලා බලලා මටත් කියන්න ගෙදර අයගේ ප්‍රතිචාර කොහොමද කියලා. මේ රෙසිපි එක ගැන ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්නත්, The Tasty Love අපේ රස ගුණ පිරි අළුත්ම අළුත් රෙසිපි නැවුම්ව ඔබේ ඊ මේල් ලිපිනයටම ලබාගන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.. ....   වැඩිදුර >>  
Next || Previous