ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday [ යාම් : 29 ] | රසිකොලොජි - Rasikology | 2017-04-17 23:23:40
අද මෙන්ම එදා මා පාසල් ගිය සමයේ ද, ලංකාවේ පාසල් වාර තුනක් ද, නිවාඩු කාල තුනක් ද විය. ඒ පාසල් වාර තුනම, එක හා සමාන කාල පරාසයක, එනම්, අඩු වැඩි වශයෙන් සති දහතුනක් පමණ, පැතිරී තිබුණු අතර, නිවාඩු කාල ද, බොහෝ විට එක සමාන කාල ප්‍රමාණයේ විය.මා අද වෙසෙන ඕස්ට්‍රේලියාවේ පාසල් වාර හතරක් ද, එනිසා පාසල් නිවාඩු කාල හතරක් ද වේ. එක් වාරයක් සඳහා සති දහයක කාලයක් වෙන් වී ඇති අතර, නිවාඩු කාල හතරෙන් තුනක් ම, එනම් අප්‍රියෙල් මාසයේ දී සාමාන්‍යයෙන් (සැම විටම නොවේ) පාස්කු දින මැදි කරෙගෙන යෙදෙන නිවාඩුව, ජූලි මාසයේ මුල එන සිසිර නිවාඩුව, සැප්තැම්රයේ අගට යෙදෙන වසන්ත නිවාඩුව, සති දෙකක් බැගින් වූ නිවාඩු කාල වේ.දෙසැම්බරයේ නත්තල් සමයට සතියකට පමණ කලින් එළැඹෙන ගිම්හාන නිවාඩුව, ජනවාරි අග දක්වා සති හයක් පමණ කාලයක් පුරා විහිදෙයි.දිගු නිවාඩුවක් තියා කෙටි නිවාඩුවක් වුව ද, ගෙවී අවසාන වූ පසු නැවතත් පෙර කළ සුපුරුදු රාජකාරී කිරීම ඇරඹීම අප බොහෝ දෙනෙකු අප්‍රිය කරන දෙයකි.පසුගිය අඟහරුවාදා සිට මුලින් අසනීප වීම නිසා ද, ඉන් පසුව ලැබුණු දින හතරේ පාස්කු-සති අන්ත දීර්ඝ නිවාඩුව නිසා ද, සතියක් ම කාර්යාලයෙන් බැහැරව සිටි මට, අද උදෑසන සේවයට යාම සඳහා සූදානම් වීමේ දී දැනුණේ මහා කම්මැලිකමකි.දුම්රියට ගොඩ වී පරිගණකය දිග හැර ගත් විගස මට සිහිවූයේ, අප කුඩා කාලයේ අවුරුදු නිවාඩුව ප්‍රීතියෙන් නිවසේ ගත කර ආපසු පාසල පටන් ගන්නා අවස්ථාවයි.එසේ පාසල් ඇරඹෙන මුල් දිනයේ, පාසලේ දී වැඩි ලොකු දෙයක් සිදු නොවේ. එයට හේතුව, ගුරුවරුන් ද, තවමත් කම්මැලි අරිමින් සිටින නිසාත්, ගුරු කාමරයට වී අවුරුදු කැවිලි සහ ඕපාදූප බෙදා හදා ගැනීම, පන්තිවලට ගොස් ඉගැන්වීමට වඩා ප්‍රිය කරන නිසාත් විය යුතුය.එනිසා ප්‍රාථමික පාසලේ බොහෝ ගුරුවරුන් එදින කරන්නේ, "මා නිවාඩු කාලය ගත කළ හැටි!" යන මාතෘකාවෙන් රචනයක් ලියන ලෙස සිසුන්ට නියම කිරීමයි.මා පස්වෙනි ශ්‍රේණියේ උගන්නා කාලයේ දී, අවුරුදු නිවාඩුව ගත කරන අතරතුර මට ඔය කාරණය සිහිවිය. මා එවිට කළේ, සිංහල ලිවීමේ සටහන් පොත රැගෙන "මා අවුරුදු නිවාඩුව ගත කළ හැටි!" යන මැයෙන් පිටු දෙක තුනක විස්තරයක් ලිවීමයි.අඹ වාරය, අවුරුදු කෑ හැටි, ගුවන් විදුලියේ වැඩ සටහන්, ආච්චිලා ගේ නිවසේ ගත කළ නිවාඩුව යනාදී විස්තර මා ඒ රචනයේ ඇතුළත් කරන්නට ඇත.අවුරුදු නිවාඩුව අවසාන වී පාසල ඇරඹුණි.අප පන්ති කාමරය පිරිසිදු කර සකසා ගත්තෙමු. තවත් දවසක් පුරා නිදහසේ සිටීමේ මගේ අපේක්‍ෂා සුන් කරමින් අපේ පන්තිය භාර බමුණුසිංහ ටීචර් සුපුරුදු පරිදි ඉගැන්වීම ඇරඹුවා ය. පැය කිහිපයක් තිස්සේ මහන්සි වී මා ලියා ගෙන ආ ඒ "මා අවුරුදු නිවාඩුව ගත කළ හැටි!" යන වාක්‍ය රචනාව කිසිදා මා හැර වෙනෙකෙු කියවූයේ නැත!-රසිකොලොජිස්ට්ප/ලිනිවාඩුව අවසානයත් සමගම 2017 බ්ලොග් වසන්තය ද ඇරඹී ඇත! මේ මා ඒ සඳහා ලියන දෙවන ලිපියයි. මුල් ලිපිය-1. තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html(image: ....   වැඩිදුර >>  
Next || Previous