ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
පුංචි බණ්ඩෝ පුංචි බණ්ඩෝ නිදිමතදෝ... [ යාම් : 25 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-04-17 07:52:40
මගේ පෙර ලිපියකින් විස්තර කළ පරිදි ඇමරිකාවේ මා ජීවත් වන ප්‍රදේශයේ පොදු පාසැල් වර්ග හතරක් තිබේ. මේ වර්ග කිරීම කර ඇත්තේ ශ්‍රේණි අනුවය. ඒ නිසා, මගේ දරුවෝ පාසැල් දෙකක උගනිති.මේ පාසැල් දෙකම පැවැත්වෙන්නේ දවසකට එකම පැය ගණනක් වුවත් පාසැල් ආරම්භ හා අවසන් වෙන්නේ එකම වෙලාවට නොවේ. එයට හේතුව මෙසේ පාසැල් වේලාවන් වෙනස් කිරීමෙන් එකම පාසැල් බස් රථ කට්ටලය දෙවරක් සිසුන් ප්‍රවාහනය සඳහා යොදා ගත හැකිවීමයි. මේ සැලසුම අනුව, මගේ එක් දරුවෙකුගේ පාසැල් බසය උදේ 6:44ටත්, අනෙක් දරුවාගේ පාසැල් බසය 8:31ටත් පැමිණේ. මේ බස් රථ නැවතුම තිබෙන්නේ අපේ නිවසේ සිට මීටර සියයක පමණ දුරිනි.උදේ 8:31 වන විට සාමාන්‍යයෙන් ඉර පායා, කාලගුණය තරමක් උණුසුම් වී ඇතත් පාසැල් පැවැත්වෙන වාර දෙකේ වැඩි කාලයක් තුළ 6:44 යනු කළුවර හා ශීතල වේලාවකි. දැන් සති දෙකක පමණ සිට කාලගුණය උණුසුම් වී ඇතත්, පෙර සති වල මේ වෙලාවේ වැඩි වෙලාවක් එළිමහනේ සිටීම කළ හැකි දෙයක් නොවීය. ඒ නිසා, මාද ඇතුළු අපේ අසල්වැසියන් කරන්නේ බස් රථය පැමිණෙන මොහොත වන තුරු දරුවන් වාහනයේ තබාගෙන සිටීමයි. මේ සඳහා දරුවා මෙන්ම මාද අඩු වශයෙන් උදේ හයටවත් අවදි විය යුතුය.උදේ හය කියන්නේ සාමාන්‍යයෙන් අවදි වන්නට අමාරු වෙලාවක් නොවේ. එහෙත්, ප්‍රශ්නය තියෙන්නේ රෑ මැදියමද පසුවී පැය කිහිපයක් යන තුරු අවදි වී සිටීමට මා දිගු කලක සිට පුරුදු වී සිටීමයි. මේ පුරුද්ද මගේ දරුවන්ටද තිබේ. උදේට අයිපෑඩයේ එලාම් ඔරලෝසුව කණ ළඟින් කෑගසද්දීත් පොරෝණයට ගුලිවී සිටින්නට කැමති දරුවා අප ඉඩදෙනවානම් රෑ දෙක තුන වන තුරු වුවද කිසි අපහසුවක් නැතිව අවදිව සිටී. පාසැල් පැවැත්වෙන දවස් වලට පෙර ඔවුන් කලින් නිදාගන්නට යන්නේ ඉතාම අකැමැත්තෙනි.සාමාන්‍ය සමාජ සම්මතය වන්නේ රාත්‍රී කාලයේ හොඳින් නිදාගෙන, දවල් කාලයේ නිද්‍රාශීලී නොවී සිටිය යුතු බවයි. පරාභව සූත්‍රය හරහා පෙන්වන නින්ද පිළිබඳ බෞද්ධ අදහසද මෙයට කිට්ටුය. "ඉක්මගිය යෞවන වයසේ ඉන්නා පුරුෂයෙක් තිඹිරි ගෙඩි වැනි පියොවුරු ඇති තරුණ දැරියක් ආවාහ කොට ගෙන ඇය පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් නො නිදා ගත කරයි ද එය පිරිහීමට කාරණයක් වේ" යැයි කියන අතරම "යම් මිනිසෙක් නිද්‍රාශීලී වේද, සභාශීලී වේද, උත්ථානවීර්‍ය්‍ය නැත්තේද, උපතින් අලස වේද, ක්‍රෝධය ලක්ෂණ කොට ඇති වේද,  එය පිරිහීමට දොරක් වේ" යැයි කියන්නේ එබැවිනි.රාත්‍රියේ වැඩි වෙලාවක් අවදිව සිටීමින්, දවල් වන තුරු නිදාගන්නා නිශාචර ජීවිතය ඇතැම් අයගේ පුරුද්දකි. එහෙත් කලින් නින්දට ගොස් පාන්දරින් අවදි වී දවස අරඹන්නට පුරුදු වී සිටින්නෝද සිටිති. වඩා හොඳ පුරුද්ද ලෙස, අඩු වශයෙන් ලංකාවේ, සැලකෙන්නේ දෙවැන්නයි.පොළොව සිය අක්ෂය වටා කැරකෙන වේගය අනුව අපේ සමාජ ජීවිතය හා ඔරලෝසු සැලසුම් වී ඇතත්, අපේ අභ්‍යන්තර යාන්ත්‍රණය පරිණාමිකව සැලසුම් වී ඇත්තේ හරියටම මේ ඔරලෝසුවට ගැලපෙන පරිදි නොවේ. මුල් කාලයේදී කල පර්යේෂණයක ප්‍රතිඵල අනුව, අපේ අභ්‍යන්තර ජීව විද්‍යාත්මක ඔරලෝසුවට අනුව දවසක් පැය විසිපහක් පමණ වන බව සිතා සිටියත්, හාර්වඩ් පර්යේෂකයින් පිරිසක් විසින් පසුව මේ කාලය වඩා නිවැරදිව මනිමින් පැය 24 කුත් මිනිත්තු 11ක් ලෙස හඳුනා ගත්තේය. සාමාන්‍ය අගය මෙසේ වෙද්දී, විවිධ පුද්ගලයින්ගේ ජීව විද්‍යාත්මක දවස විනාඩි 16කින් පමණ අඩු වැඩි වන බව ඔවුන්ගේ පර්යේෂණ ප්‍රතිඵල අනුව පෙනී ගියේය. ඒ අනුව, වැඩි දෙනෙකුගේ ජීව විද්‍යාත්මක දවස පැය 24කට වඩා දිගය.නිවුයෝර්ක්හි රොකර්ෆෙලර් සරසවියේ පර්යේෂකයින් පිරිසක් විසින් සතියකට පමණ පෙර පළ කළ පර්යේෂණයකට අනුව, ඇතැම් අයගේ ජීව විද්‍යාත්මක දවස වඩා දිගු වීමට එක්තරා ජානයක් හේතුවේ. උපතින් මේ ජානය උරුම වී ඇති අයට වේලාසන අවදිවීම අනෙක් අයට වඩා අපහසුය. කෙසේවුවද, මේ ජානය තිබුණේ ඔවුන්ගේ පර්යේෂණ නියැදියෙන් 0.6%කට පමණි.මත්පැන් ඇබ්බැහිය, තරබාරුකම, ලිංගික රුචිකත්වයන් වැනි සමාජ සම්මත අනුව වැරදි පුරුදු වල ප්‍රතිඵල ලෙස හඳුනාගන්නා වෙනත් බොහෝ දේ වලට මෙන්ම දවල් වන තුරු නිදාගැනීමට ඇති කැමැත්තටද ජීව විද්‍යාත්මක පදනමක් තිබේ. ටික කලකට පෙර සිතා සිටියාට වඩා බොහෝ දේවල් අප ඉපදෙන විටම අපේ ජාන වල ලියැවී තිබේ.කෙසේ වුවද, මෙයින් අදහස් වන්නේ අපට අපේ ජාන වලින් ගැලවීමක් නැති බව නොවේ. පුහුණුව තුලින් අපේ ජාන තෙරපුම පාලනය කර ගැනීමට අපට පුළුවන. අපේ ජාන යනු අපේ පූර්වජයින්ගේ ජීවන විලාසිතා වල ප්‍රතිඵලයකි. අපේ වත්මන් ජීවන විලාසිතා විසින් අනාගත පරම්පරා වලට අප උරුම කරන ජාන තීරණය ....   වැඩිදුර >>  
Next || Previous