ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
මේ කුණු කන්ද බැලුවා හොරැහින් මදෙස [ යාම් : 5 ] | Pinchpoint | 2017-04-17 06:09:40
හුන් උන් අතැර නුඹ පත්කර ගත් දවස මේ කුණු කන්ද බැලුවා හිඳ ගම සිරස කාලය ගතව දිව්රුම් අමතකවූ සඳ මේ මහා කන්ද බැලුවා හොරැහින් මදෙසහමන හුළඟ දුගඳම  හැම අත පතුරයි නෙක සැලසුම්, දිවුරුම්, ආපසු ඇකිලෙයි කුණු ලොරි ගණන් තව තව කන්දට එක්වෙයි නොකියූ රහස් කුණු ගොඩ අස්සෙම සැඟවෙයි මනාප යදින්නට ඔබ ආ එදවස මේ කුණු කන්ද සිනහා උනේ ඔච්චමට මරණාධාර දෙන්න ඔබ මෙහි ආ අද දවස මේ කුණු කන්ද බැලුවා හොරැහින් මදෙස පලි මේ ප්‍රශ්නය ගැන මම දන්නේ එහෙන් මෙහෙන් ඇහෙන කියවෙන දෙයම පමණි . ව්‍යසනය මා සිතේ කම්පනයක් නම් ඇති කර ඇත . කුණු කන්දකට යටවී මැරෙන්නට වෙන රටක් ..??? අනෙක් අතට අපද්‍රව්‍ය කළමනාකරණය ගැන ද මා  දන්නේ බොහෝ අල්ප වශයෙනි . නමුත් මට මේ ගැන කියවෙන නොකියවෙන දේ අතරේ නැගෙන්නේ ප්‍රශ්න පමණකි . සමහර අච්චු පොත් වල , පාඩමට පෙර ප්‍රශ්න කිහිපයක් දක්වා සිටින්නේ , පාඩම කියවන අතරේ ඒ ගැන සිතන්නට බල කරන්නය .1. මුලින්ම , වියත් මග කට්ටිය කියන ඔය සැලැස්ම  මහඟු නම් . අවුරුදු 20ක් ආණ්ඩු කරලා ඕක ක්‍රියාත්මක නොකළේ මන්ද? ප්‍රමුඛතා ලයිස්තුවේ , දියත උයන , ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එකට, සුරියවැව පිට්ටනියට පස්සෙද  මේ ප්‍රශ්නය පෙළ ගැහුනේ . 2. මේ කුණු විකුණා ගෙන , ඉහ ගෙන කෑ  , හැම පැත්තේම හොරි කඩ දේශපාලඥයෝ කෝ 3. හැම ප්‍රශ්නයක්ම විසඳන්න ඕනේ ජනාධිපති, අගමැති නම් පළාතේ මන්ත්‍රී ලා කුමටද . අපේ බදු මුදලින් උන් නඩත්තු කළ  යුතුද . 4.උන් පන්නා දමන්නට චන්දයක් එනකන්ම සිටිය යුතුද . 5. සයිටම් ප්‍රශ්නයට රෙද්ද උස්සා ගත්  සිවිල් සමාජ නඩ  (පක්ෂ විපක්ෂ දෙකම ) කෝ 6. දැක්කේ නැති නිසා අහන්නේ , ඇත්තටම ඒකාබද්ධ විපක්සෙ උන් , ජවිපෙ උනත් කෝ ?7.  මේ කුණු ගොඩ තියෙන්නේ ඉතා වටිනා ලොකේෂන් එකක නොවේද . මේ කුණු ගොඩ මෙසේ තිබීම , එය ඉවත් කිරීමට වඩා  වාසිද? ඒ කාටද 8. මේ කුණු ගොඩ අස්සේ සැඟවුණු , කොමිස් කුට්ටි ,  ඩීල්  තිබේද 9. ඇත්තටම රටේ නායකයා කෝ ?10. අපදාවක් සිදුවූ පසු මරණාධාර දෙන්න නම් ආණ්ඩුවක් අවැසිද ? එයට නම්  මරණාධාර සංගමයක් ප්‍රමාණවත් නොවේද ....   වැඩිදුර >>  
Next || Previous