ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
කහල්ල රක්ශිතය මැදින් රැස්වෙහෙරට හුදෙකලා ගමනක් [ යාම් : 20 ] | Thinkspace | 2017-03-20 11:08:59
පහුගිය දිනෙක මට පුලුවන් වුනා අයිතිහාසික රැස්වෙහර පුදබිම වෙත යන්න .අනුරාධපුර දිස්ත්‍රික්කයේ දකුණු කොටසට වෙන්න වයඹ පලාත් සීමාවේයි මෙම පුදබිම පිහිටල තියෙන්නේ .ජනප්‍රවාද අනුව රැස්වෙහර ප්‍රතිමාව සහ අවුකන ප්‍රතිමාව ගුරුතුමාගේ සහ ගෝලයාගේ නිර්මාණයක්. එකට වැඩ පටන්ගත් දෙදෙනාගෙන් පලමුව නිමකල කෙනා ජනග්‍රාහකයා ලෙස නමි කලබවක් ජනප්‍රවාදයේ සදහන් වෙනව. මේ අනුව මේ තරගයෙන් ජයගත්තේ අවුකන ප්‍රතිමාව නිමවු ගෝලයා බවත් කියැවෙනවා .ඒ කතාවේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් රැස්වෙහෙර පුදබිම වෙත ගමන් කල දුර තරමක හොද කතාවක්. බුල්නෑව හංදියට මෝටර් බයිසිකලයෙන් පැමිණි මම කෙලින්ම ගමන්කලේ ඔත්තපහුව-මඩගල්ල මාර්ගයේ .ඒ හංදීයේ ඉදල කිලෝමිටර් 2 ක් විතර ගියතැන පාරේ දකුණු පැත්තට ගමන් කරන්න අතුරුමාර්ගයක් තියෙනවා ඒ තමයි රැස්වෙහෙර පුදබිමට යන පාර .මේක හරිම දුශ්කර මාර්ගයක් ඒ විතරක් නෙවේ පුදබිමට යන්න තියෙන්නෙ වල් අලි වලස්සු වගේ ටිකක් දරුණු සත්තු ඉන්න කහල්ලපල්ලේකැලේ රක්ශිතය හරහා. කොහොම හරි මේ ගමන යන්න ඕන කියල හිතා ගත්ත මම අර මුලින් කියපු අතුරු මාවත දිගේ කිලෝමිටර 3 ක් විතර ගමන් කරල කහල්ලපල්ලේකැලේ රක්ශිතයයේ සීමාවට ආව .ඒක ටිකක් හරිම දුශ්කර පැත්තක්, කොහොම උනත් රක්ශිතය මැද්දෙන් යන්න තියෙන අනාරක්ශිත පාරේ යනවද නැද්ද කියල මට දෙපාරක් හිතන්න උනේ අහල පහල මිනිස් පුලුටක්වත් පේන්න තිබුනේ නැති නිසා . අන්න ඒ වේලාවෙදි තමයි කොහේහරි ඉදන් ආපු ඩිමෝ බටිට ලොරියක් රැස්වෙහෙර පන්සලට යන පාරට දැම්මේ .මමත් පුලුවන් තරමි දුරක් ඒ වාහනය පස්සෙන් ගියත් ඒක ගියපු වේගයට එක් තැනකදි මගහැරැනා. ගමනේ බාගයක් විතර දුරක් ඇවිත් ආපහු හැරෙන එක තේරුමක් නැති නිසා මම රැස්වෙහෙර පන්සලට යනතුරුම මගේ මෝටර්බයිසිකලය ධාවනය කලා. කොහොම උනත් මේ ගියපු ගමනේ ජායාරූප ටිකක් ගන්නත් මම අමතක කලේ නෑ.සිතියම අනුව කහල්ල-පල්ලෙකැලේ රක්ශිතය රක්ශිතය මැදින් අනාරක්ශිත මාර්ගයේ ප්‍රධාන මාර්ගය රක්ශිතයට ඇතුලුවන තැන ඈතින් පෙනෙන කන්ද ඈතින් පෙනෙන රැස්වෙහෙර පුදබිම පිලිම වහන්සේ දකින්නට යන පියගැටපෙල රැස්වෙහෙර පිලිම වහන්සේ ඉපැරණි ....   වැඩිදුර >>  
Next || Previous