ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
අතුලත්මුදලි ලලිත් සහ ආරච්චිසූරිය ශ්‍රීපති - What-s in a name? A lot, I would say! [ යාම් : 42 ] | රසිකොලොජි - Rasikology | 2017-03-19 20:46:40
පසුගිය සතියේ සිට විවිධ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන එක්තරා මාතෘකාවක් පිළිබඳව මම සටහනක් ලියමින් සිටියෙමි. එහි ඇතුළත් වෙනු ඇත්තේ මහපොළ ශිෂ්‍යත්වය සහ එහි නිර්මාතෘ ලලිත් අතුලත්මුදලි පිළිබඳව මගේ පුද්ගලික අත්දැකීම් කිහිපයකි. කාලය පිළිබඳ ප්‍රශ්නයක් නිසා තවමත් අවසන් කර ගත නොහැකි වුණු ඒ සටහනේ ආරම්භය ලෙස මා ලියූ මේ කොටස මුලින් පළ කිරීමට සිතුවෙමි.මෙය මුට්ටිය දැමීමකට වඩා වෙනත් ආකාරයක කළමනාකරණ විසඳුමක් බව සලකන්න.පසුගිය දිනවල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇතිවුණු සිදුවීම පිළිබඳව අදහස් දැක්වීමේ දී, අති බහුතරයක් දෙනා නොදැන කරනා වරදක් මුලින් ම නිවරද කළ යුතුය. එනම්, වර්ෂ 1981 දී මහපොළ නම් ශි’ෂ්‍යත්ව ක්‍රමය ඇරඹූ, එවකට පැවති යූඇම්පී රජයේ වෙළඳ ඇමතිවරයා ගේ පෙළපත් නම ඇතුලත්මුදලි නොවේ. එය අතුලත්මුදලි වේ.අතුලත්මුදලි සහ ඇතුලත්මුදලි අතර වෙනසට හේතුව හෙළ හවුල හෝ ඔවුන් විසින් ගෙන ගිය අසාර්ථක ඇ-කාරයේ විකාරය ව්‍යාපාරය නොවේ.එය මනාප පොරය පිළිබඳ ප්‍රශ්නයකි. ඇත්තට ම, ප්‍රශ්නයක් නොව, විසඳුමක් යැයි සිතමි.අප එතෙක් කල් ලලිත් ඇතුලත්මුදලි යැයි දැන සිටි පුද්ගලයා ගේ නම ඇතුලත්මුදලි නොව අතුලත්මුදලි බව අප දැන ගත්තේ, පසුගිය සියවසේ අසුවේ දශකයේ දී, ඒකල ඡන්ද කොට්ඨාස ක්‍රමය අහෝසි කර, සමානුපාත ක්‍රමයට නියෝජිතයින් තෝරන දිස්ත්‍රික්ක ක්‍රමය ඇරඹුණු පසු පැවැත්වුණු දෙවැනි ඡන්ද විමසීමේ දී ය. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වුණු මුල් ම ඡන්දයේ දී, ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා නියෝජිතයින් පත් කිරීමට අවශ්‍ය අපේක්‍ෂක අනු-පිළිවෙළ මැතිවරණ කොමසාරිස්ට දැනුම් දුන්නේ ඒ ඒ දේශපාලන පක්‍ෂ විසිනි. ඒ ඒ පක්‍ෂයට හිමිවෙන නියෝජිතයින් සංඛ්‍යාව අනුව ඒ ඒ ලයිස්තුවලින් අපේක්‍ෂකයින් තෝරා ගැනුණි.ඒ මුල් මැතිවරණයේ දී, එවකට ලංකාවේ ජනාධිපති සහ යූඇම්පියේ නායක ජේ.ආර්. පප්පාට තේරුම් ගියේ ලයිස්තුවේ මුලින් ඉන්නා අපේක්‍ෂකයින් තමන් අනිවාර්යෙන් ම තේරී පත්වෙන බව දන්නා නිසා ඡන්දයට බැහැලා වැඩ කිරීමක්, ඇඟෙන් ම වැඩ කිරීමක්, නොකරන බවත්, එසේම, ලයිස්තුවේ අගින් ඉන්නා අපේක්‍ෂකයින් ද තමන් ද කිසිසේත් ම තේරී පත් නොවෙන බව දන්නා නිසා, ඡන්දයට බැහැලා වැඩ කිරීමක්, ඇඟෙන් ම වැඩ කිරීමක්, නොකරන බවත් ය.එනම්, එකිනෙකා අතර තරගයක් නොමැති නිසා, පොදු අරමුණට තරමක් හෝ කෙළවෙන බවයි.ඉතිං, ජේ.ආර්. පප්පා කළේ, මනාප ක්‍රමය හඳුන්වා දීමයි.ද රෙස්ට් ඊස් හිස්ටරි!මේ මනාප ක්‍රමය යටතේ ජනතා මනාපය දිනා ගැනීමට අපේක්‍ෂකයින්ට ජනප්‍ර්‍රියත්වය සමග හොඳ අංකයක් ද අවශ්‍ය විය.අංක එක යනු හොඳ අංකයක් පමණක් නොවේ, ලයිස්තුවේ මුල්ම අංකය ද වේ.ලයිස්තුව සාදන්නේ සිංහල අකාරාදිය අනුව නිසා, ඇ-යන්නට පෙර, අ-යන්න ලයිස්තුගත වේ.ඉදින්, අප එතෙක් දැන සිටි ඇතුලත්මුදලි, ලලිත් වෙනුවට අතුලත්මුදලි ලලිත් යූඇමපීයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා දුන්නේ යැ.කොහොමටත් ඉංග්ලිෂ් අකුරෙන් ලියූ විට යොදන්නේ ඉංග්ලිෂ් අකාරාදියේ මුල්ම අක්‍ෂරය වෙන A නොවැ?පේරාදෙණිය සිද්ධිය අරබයා මා ලියන්නටැ යන ලිපියේ ඉන්නේ ඇතුලත්මුදලියෙකු නොවැ අතුලත්මුදලියෙකු බවැ සලකන්නැ.-රසිකොලොජිස්ට්ප/ලි:ආරච්චිසූරිය ශ්‍රීපති ගැන මතකද?(image: ....   වැඩිදුර >>  
Next || Previous