ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
අම්මා ගහපු කණේ පාර දවාලෙ තරු පෙනුනා.... [ යාම් : 28 ] | Miyuruworld | 2017-03-19 02:33:40
මේ සිද්දිය උනේ මං දහයෙ පන්තියේ O/L විභාගෙට සූදානම් වෙන දවස්වල... හරියටම කිව්වොත් විභාගෙට ඉස්කෝලෙන් පෙනී සිටින ළමයින්ගෙ අයැදුම්පත්‍ර පුරවන කාලෙ.... කතාවෙ කොටස් දෙකක් තියෙන නිසාත් කොටස් දෙකකට කඩල දැම්මම වැදගැම්මක් නැති නිසාත් මේ කතාව ටිකක් දිග එකක් වේවි...මට මගේම කියල තියෙන්නෙ නම් දෙකක් උනාට පරම්පරා පොජ්ජයි, තාත්තගෙ නමයි එකතුවෙලා එනකොට නම් පහක්.... (මේ නම් පහ මොකක්ද කියල හිතුනෙ කැම්පස් ඉන්න කාලෙ, නම් එකොළහක් තියෙන හාදයෙක් අඳුන ගන්න ලැබුනට පස්සෙ.... අසුවල් අඩවියේ අසුවල් වලව්වෙ අසුවලාගෙ අසුවලා කියල එනකොට ඌට නම් එකොළහක්....) ඉනුත් අර පරම්පරා පොජ්ජ හඳුන්වන කෑල්ලෙ නම් දෙක මහා අපභ්‍රංසයක්... ඕක ඉංග්‍රීසියෙන් ලියන්න ගියාම හෙන අකුරු තොගයක්..... අපේ තාත්තට ඒකත් මදි වෙලාද කොහෙද ලංකාවටම එකක් වෙන්න මගේ පළමුවෙනි නමත් දාල ඒකට පරදින්නෙ නැතිවෙන්න.... ඒකත් ලියන්න ගියාම නුපුරුදු නමක් හින්දා බොහොම ටික දෙනායි හරියට ලියන්නෙ... ඒ දවස්වල තාත්තගෙ ඔෆිස් එකේ කට්ටිය විහිළු කළේ ඒ නම යටින් ශ්‍රී ලංකා කියල ලිව්වම ඇති ලියුම ගෙදරටම එයි කියල....ඉතින් දැන් ඔය අයැදුම්පත්‍රයේ ඉංග්‍රීසියෙන් නම් ගම් පුරවනකොට එක කොටුවකට එකක් වෙන්න අකුරු ලියලා, වචන වෙන් කරන්න කොටුවක් හිස්ව තියලා තමයි වැඩේ කරන්න තිබ්බෙ.... ඒක කළේ අකුරු ලස්සන මිස් කෙනෙක්... අපේ අවුරුද්දෙ ඔය වැඩේ කළේ අපට සිංහල උගන්වපු යමුනා මිස්.... එයා මගේ නම පුරවන්න ගිය වෙලාවෙ ඉඳලා ඔළුවෙ අත ගහගත්තු ගමන්මයි.... ඔළුව කසනවා... කම්මුලේ අත ගහගෙන ඉන්නවා.... ඊට පස්සෙ ඔළුව හරවලා මං දිහා රවල බලනවා.... හනේ ඉතින් අසරණ මං මොනා කොරන්නෙයි... මාත් පුටු ගැට්ටෙ ඉඳන් මිස් දිහා බලන් ඉන්නවා දැන් නැතුවට දැන් කඩන් පනියි කියල .... ඔන්න ඉතින් මිස් කොහොම හරි නම් තොගේ හතරට පහට නවලා, කාක පාද දාල එහෙම වැඩේ කොළා කියමුකො.... ඒ කරලා ඉවරවෙලා කොළේ මගේ අතට දුන්නා අකුරු ඔක්කොම හරියට ලියැවිලාද බලන්න.... මං ඉතින් අර මගේ පළවෙනි අපභ්‍රංස නම් දෙක ගානට ලස්සනට ලියැවිලා තියෙන නිසා බොහොම සන්තෝසෙන් ඊළඟ නම දිහා බලනකොට.... ඔය තියෙන්නෙ කෙළලා තාප්පෙටම.... ඒකෙ අකුරු තුනක් මාරුවෙලා... ඒක කියවනකොට මගේ නම එකම කුණුහරපයක්.... මං ඉතින් බයෙන් බයෙන් ගිහින් එකත්පස්ව ඉඳගෙන මිස්ට කිව්ව වෙලා තියෙන අලකලංචිය ගැන.... මිස් ඇද්ද හුස්මක් ඉස්සරහ පේළිවල ඉඳගෙන හිටපු ළමයිනුත් එයාගෙ පෙනහැලිවලට ඇදිල යන සයිස් එකෙන්.... ඒ කරල ඔළුව කහ කහ ඉඳල කිව්ව, "ඒක ඒ හැටි ගාණක් නෑ මියුරු... පොඩි වැරැද්දක්නෙ... ඕන්නොහේ තියෙන්න අරිමු.." කියල... මිස්ගෙ මූණ දකිනකොට මං වාද කරන්නැතිව "හා" කියල ඇවිත් වාඩි උනා... මගේ දැන් බොක්කෙ බිත්තර තැම්බෙනව... අපේ අම්මත් ගුරුවරියක් හින්ද ඔය අලකලංචිය වෙයි කියල හිතල කලින්ම මට අවවාද උපදෙස් දීලයි තිබ්බෙ නම හරියට බලන්න, වැරදුනොත් පස්සෙ කාලෙක දිව්රුම් පෙත්සම් ඉදිරිපත් කරන්න වෙයි කියල....මං ඉතින් එදා ගෙදර ගියේ දැන් අම්මට මොනව කියනවද කියල හිත හිතා... නොකියත් බැරි බරපතල් කාරණයක්නෙ.... මං යනකොට එදා පරක්කු වෙලා දවල් කෑමට ආව තාත්ත කෑම කනවා.... අම්මත් ඉන්නව ළඟින් වාඩිවෙලා.... මාව දැකපු තාත්ත "හා..පුතේ..." (ගෙදර හිටියෙ කෙල්ලො තුන් දෙනෙක් උනාට අපේ තාත්තට අපි හැමදාම පුතාලා...) කියල කිව්වට, මගේ මූණ දැක්ක හැටියෙ අම්මට තේරුනා මොකක් හරි වැරදිලා තමයි කියල.... අම්ම ඇස් උඩ තියාගෙන මගෙන් ඇහුව "මොකෝ...?" කියල... මං ඉතින් තතන තතනා කිව්ව වෙච්චි හරිය... ඒක කියල ඉවර වෙනකොට අම්මට යකා වැහුන.... දැන් අම්ම මට නන් ස්ටොප් බනිනව කලින්ම කියල තිබ්බ එකත් මතක් කර කර.... ඒ වෙනකොට ඔය කාරණය නිසා මං හිටියෙ සෑහෙන ස්ට්‍රෙස් එකකින්... අම්ම බනිනකොට මටත් කේන්ති ගියා.... මාත් ගියා කට ගහගෙන සෙල්ෆ් ඩිෆෙන්ස් එකට... වැරැද්ද කළා මදිවට තව කට ගහගෙන එකට එක කියාගෙන එනව කියල මල පැනපු අම්ම, පැනපු ගමන් ගැහුව මට හොඳ කණේ පාරක්....හම්මා... දවල් තරු විතරක් නෙවෙයි ග්‍රහලෝකත් පෙනුන මට දැනුනු වේදනාවට.... පාරත් එක්කම අම්මගෙ ඇස් දෙකත් ලොකු වෙනව මම දැක්ක... මට තේරුනා අම්ම හිතුවට වැඩිය සැරට තමයි අත පාත් උනේ කියලා...අච්චර ලොකු මං කෑ ගහ ගහ ඇඬුව.... (අපේ අම්ම අපි තුන්දෙනාටම ගුටි පූජාවල් දීල තිබ්බට ලොකු කාලෙ නම් ගැහුවෙ නෑ... මේ ඒ අවුරුදු ගානටම හරියන්න කාපු ගුට්ට...) බත් කකා හිටිය තාත්ත, අනාගත්තු බත් කට කටට ගෙනිච්චි අත මගක් හරියෙදිම නතර කරලා තුෂ්නිම්භූත වෙලා වගේ මිනිත්තුවක් මගේ දිහා බලන් ඉඳලා, බත් කටත් එහෙමම ආපහු පිඟානෙන් දාලා අත හෝදගෙන වතුරවත් නොබී එළියට බැහැලා ගියා යන්න, වචනයක්වත් කතා නොකර...  එදා තාත්තගෙ ප්‍රතිචාරය මට අද වගේ හොඳටම මතකයි.... තාත්තගෙ මූණ දැක්කම මට ඇත්තටම බය හිතුන... මලකඩ රහකුත් එක්ක කටට කෙළ පිරීගෙන එනව මට දැනුන... මං අඬන්න ඇරිය කට ඈ ගාල ඇරගෙනම අල්මාරිය ඉස්සරහට ගිහින්  කණ්නාඩියෙන් බැලුව මොකද වෙලා තියෙන්න කියල... මගෙ අම්මේ.... කට පුරවල ලේ එකයි... දැන් කට වටෙන් ලේ වැක්කෙරෙනව... සුදු ගවුමෙ හිටන්... මං විගහට නාන කාමරේට දුවල ගිහින් කට සේදුව සින්ක් එකට... හැමතැනම ලේ....  අප්පා... ඉන්න බෑ දැවිල්ල... මට තේරුනා ඒ පැත්තෙ කම්මුල ඇතුළු පැත්තෙන් පතුරු ගිහිල්ල කියල....  ලේ එන එක නැවතුනේ නැති නිසා මං පුළුන් කෑලි ටිකක් කටේ ඔබන් ඇඳුම් මාරු කරලා ඇඳට වැටුන අඬ අඬාම... ඒ අතරෙ මං දැක්ක අම්ම කිසිම කතාවක් නැතිව හැමතැනම වැටිල තිබ්බ ලේ පිහදාල මගේ ඇඳුම් ටික සෝදන්න ගෙනියනව... ටික වෙලාවකින් ඒ පැත්තෙ කම්මුල ඉදිමිලා ආව දෙබරු ඇන්න වගේ.... මට උණ වගේ දැනුනෙ... ඉස්කෝලෙ ඇරිල ඇවිත් කෑම කාල තිබ්බෙත් නැති නිසා හොඳටම බඩගිනි දැනුනත් කන්න විදියක් තිබ්බෙ නෑ... මං ඉකි ගහ ගහ ටික වෙලාවක් ඇඳටම වෙලා ඉන්දැද්දි මෙන්න අම්ම ඇවිත් මාව බදාගෙන අඬන්න ගත්තෙ නැතැයි....  අම්ම අඬනව දැක්කම මගේ ඇඬිල්ල එහෙමම නැවතුනා... අන්තිමට අම්මට ඒකෙන් ඉතුරු උනේ නොසෑහෙන පසුතැවිල්ලක් විතරයි... එදායින් එදා අම්ම නෙවේ අපි එක්කෙනෙකුටවත් අතක් ඉස්සුවේ....ඉතින් පස්සෙන්ද උදේ නැගිටිනකොටත් මගේ මූණෙ ඉදිමුම හොඳට බැහැල තිබ්බෙ නෑ... මං කල්පනා කළා දැන් ඉස්කෝලෙ ගිහින් ළමයි අහනකොට මොකද උනේ කියල, මං මොකක්ද කියන්නෙ කියල... නොයෙකුත් බොරු වැලවල් මං හිතෙන් හදා ගත්ත... මං ඉස්කෝලෙ යන කාලෙ ලෙඩක් හැදිල ඇඳටම වැටුනොත් ඇරෙන්න කවදාවත් ඉස්කෝලෙ නම් නොගිහින් හිටියෙ නෑ... ඒ නිසා ඉස්කෝලෙ නොගිහින් ඉන්න අදහස ඔළුවට ආවෙම නෑ.... ඔන්න ඉතින් ඉස්කෝලෙ ගියා කියමුකො... මං පුළුවන් තරම් බිම බලාගෙනමයි හිටියෙ... ඒත් පන්තියට ගියායින් පස්සෙ ප්‍රශ්ණ කෝටියයි... අර තරම් කල්පනා කරල බොරු වැලක් හදාගෙන හිටපු මං, එකපාරටම ඇත්තම කිව්ව කට්ටියට හිනා වෙවී... ඇත්තම කතාව කියල හැමෝමත් එක්ක හිනා වෙච්චි නිසාද කොහෙද මගේ ස්ට්‍රෙස් එකත් කොහේ ගියාද නෑ... පන්තිය බාර මිස් මාව දැකපු ගමන් ඇහුව ඔය මොකක්ද මූණට වෙලා තියෙන්නෙ කියලා... මං හිනා වෙවී බිම බලන් හිටිය... අන්තිමට මිස් පේන කියන්නැහේ කිව්ව අම්මගෙන් හොඳ කණේ පාරක් හම්බවෙලාද කොහෙද කියල... පන්තියේ අනිත් උන් හිනාවෙනකොට මාත් හිනාවෙලා නිකම් හිටිය... මට ලැජ්ජාවක් හිතුනෙත් නෑ... දවස ගෙවෙනකොට වැඩෙත් අමතකයි මට...කොහොමින් හරි එදා සිංහල උගන්වන්න යමුනා මිස් පන්තියට ආවම කියපි, -මියුරු, අන්න මං ඔයාගෙ නම හැදුවා... දැන් හරි හොඳේ..- කියලා.. අනේ මට හිතිච්ච එව්වා... ඒ කණේ පාර කන්න මගේ ඉරණමේම තිබිලද කොහෙද...ඔන්න එදාම අන්තිම පීරියඩ් එකේදි පන්තියෙන් පන්තියට මැසේජ් එකක් ආවා එදා හවස නෙස්ලේ කොම්පැනියෙන් කෑම හදන ප්‍රදර්ශනයක් එනවාය, හවස නතර වෙනවාය කියලා ගෙදරට පණිවුඩයක් යවාගන්න පුළුවන් ළමයි විතරක් ඉස්කෝලෙන් පස්සෙ නවතින්න කියලා... ඉතින් මට බුදු ආසයි හවස නවතින්න... බැලුවම රශ්මි ඇතුළු මගේ යාළුවො ඔක්කොම වගේ නවතිනවා... හැබැයි දැන් කාටවත් අදහසක් නෑ කොහොමද ගෙදරට පණිවුඩයක් යවාගන්නෙ කියල...මොකද කොල්ලොත් ඔක්කොම වගේ නැවතුනු නිසා... ඔන්න එතකොටම අපේ ගෙවල්වලට හැතැප්ම දෙකක් විතර ඈතින් ගෙවල් තියෙන එක්කෙනෙක් කිව්ව එයා නම් නවතින්නෙ නැතිව ගෙදර යනවාය කියල... අපිත් ඉතින් පැනලා එයාට අපේ ගෙවල්වලට පණිවුඩේ දෙන්න කිව්වටත්, ඒ ළමයා ඒක භාරගත්තටත් මොකද කාටවත් මොහොතකටවත් මතක් උනේ නෑ එයා කොහොමද පණිවිඩේ හැමතැනටම කියන්නෙ කියල...ඔන්න ඉතින් අපිත් නැවතුනා... නෙස්ලේ කොම්පැනියෙන් ආව නෝනා කෙනෙක් ටින්කිරි වලින් රස රස කෑම හදන හැටි පෙන්නලා, වාඩිවෙලා හිටපු පුටුවල යටි පැත්තෙ ලේබල් අලවලා තිබ්බ ළමයින්ට අදාල කෑම වර්ගය ලබා දුන්නා... අපේ නොමඳ සන්තෝසෙට අපි සෙට් එකේ හිටපු යාළුවෙකුටත් ඔයින් රස කැවිල්ලක් ලැබුනා... බෙදාගන්නකොට ලැබුණු කෑල්ල දත අස්සෙ යන්නවත් මදි උනාට අපිට හෙන සන්තෝසෙ ඒක ලැබුණු එක ගැන... ඉතින් ඔන්න ඔහොම දවස ගත කරලා හවස් වෙලා කට්ටිය එක්ක බස් එකේ නැගලා ගමට එනකොට හවස හයහමාරත් පහුවෙලා...මං බස් එකෙන් බහින්නෙ බස් ස්ටෑන්ඩ් එකට එක හෝල්ට් එකක් කලින්... ඔය හෝල්ට් එක ළඟම තියෙන්නෙ අපි පොඩි පොඩි ලෙඩ වලට බෙහෙත් ගත්තු දයාපාල අන්කල්ගෙ ඩිස්පෙන්සරිය.... ඒකෙ ඉස්තෝප්පුව වගේ කෑල්ලෙ ලී බංකුවක් දාල තිබුණා ලෙඩ්ඩුන්ට වාඩිවෙලා ඉන්න.... මං බස් එකෙන් බහිනකොටම එකපාරට දැක්කෙ ඒ බංකුවෙ වාඩිවෙලා පාර දිහා බලාගෙන උන්නු අපේ අම්මව... මගේ බඩ පපුව දාලා ගියා... ඒකපාරටම මට මතක් උනේ අපේ පණිවිඩකාරයා හරියට වැඩේ කරල නැතුව අම්මට අසූ හාරදාහට මළ පැනලා ඇති කියලා කියන්නෙ නැතුව පරක්කුවෙලා ආවට... මට හිතුනා පාරෙදිම ගුට්ටක් වදීවිදෝ කියල... මගේ පපුව ඩක් ඩක් ගාල ගැහෙද්දි මං අම්මා ළඟට ගියේ කුකුල් දෙකත් පණ නැතුව යද්දි... ඒත් අම්මා මොකුත් කියන්නෙ නැතුව වාඩිවෙලා හිටිය තැනින් නැගිට්ටා... එතකොටයි මට පෙනුනෙ අම්මගෙ ඇස් දෙක අඬලා වගේ රතුවෙලා තියෙනවා... අම්මා හිනා උනෙත් නෑ, මොකුත් කිව්වෙත් නෑ.. මං හිතුවා මං කියන්නෙ නැතුව පරක්කුවෙලා ආපු එකට තාත්තා අම්මට බැණලා, අම්මා අඬලා කියලා...-යං ගෙදර,- කියලා අම්මා මාත් එක්ක ඩිස්පෙන්සරියෙන් එළියට බහිනකොටම මං දැක්කෙ පාර අයිනෙ හිටගෙන අපි දිහා බලන් හිටපු තාත්තව... මං තාත්තා දිහා බලනකොටම තාත්තා මාත් එක්ක සුපුරුදු විදියටම හිනා වුණා... ඒ එක්කම තාත්තත් එක්ක වැඩ කරපු අන්කල් කෙනෙක් එතැනට ආවා මෝටර් සයිකල් එකකින්... එයා මං දිහා හොඳට බලලා තාත්තාත් එක්ක හෙමින් මොනවදෝ කතා කරලා යන්නත් කලින් තවත් අන්කල් කෙනෙක් අනෙත් පැත්තෙ පාරෙන් මතු උනේ, -ඒ ළමයත් තවම ගෙදර ආවෙ නෑ කිව්වා,- කියාගෙනම... ඊට පස්සෙ තමයි එයා මාව දැක්කෙ... එතකොටම තාත්තා අපි දිහාට හැරිලා කිව්වා -එහෙනම් පුතා අම්මත් එක්ක ගෙදර යන්න,- කියලා... අපි දෙන්නා ගෙදර ආවෙ මට මතක විදියට වෙනදා වගේ නොවුනත් සාමාන්‍ය විස්තර කතා කර කර...ගෙදර ගිහින් ඔය හැමදේම හිතලා බලනකොට මට හිතුනෙ මං කලින් කියන්නෙ නැතුව පරක්කුවෙලා ආව එකට බයවෙලා තමයි අම්මයි, තාත්තයි, තාත්තගෙ යාළුවොයි මගේ යාළුවන්ගෙ ගෙවල්වලත් ගිහින් මාව හොයලා තියෙන්නෙ කියලා... හැබැයි මට හෙන පුදුමයි මට ඒකට බැන්නෙ නැති එක ගැන... මං බලාපොරොත්තු උනේ කණේ ඇඟිලි ගහගන්න තරමේ දේශනාවක්...ඊට ටික දවසකට පස්සෙ රශ්මි මට කිව්වා අපේ අම්මා එයාව මුණ ගැහුනු වෙලාවක එයාගෙන් ඇහුවලු අර කම්මුල් පාර කෑව දවසට පස්සෙන්දා ඉස්කෝලෙ ගිහින් මං මොනවද කිව්වෙ කියලා... එයා කියලා තිබුණා මොකුත් නෑ, මං හිනාවෙවී අම්මා ගැහුවා කියා කිව්වා කියල... එතකොට තමයි මට තේරුනේ එදා මොකක්ද හරියටම උනේ කියලා...මං පරක්කු වෙනකොට අම්මා හිතලා තියෙන්නෙ ඒ ගුටි පූජාව නිසා හිත රිදුනු පාර මං කොහේ හරි ගිහින් හරි මොකක් හරි අනතුරක් කරගත්තා කියල හරි... හපොයි දෙයියනේ, වරදකාරී හැඟීමත් එක්ක කොහොම ගින්දරක් පත්තු වෙන්න ඇද්ද අපේ අම්මගෙ ....   වැඩිදුර >>  
Next || Previous