ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ගිනි කෙළි සහ ගිනි පෑගීම [ යාම් : 12 ] | holy temple | 2017-03-18 05:58:06
ගොනු ගත සේයා රුවක් ගිනි කෙළි සහ ගිනි පෑගීම මා මෙහි සඳහන් කරන සිදුවීම සිදිවුයේ 1970 ගනන්වලය.කොලඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආශ්‍රිතවය.එකල එහි ඉහල ස්ථානයක සිටියේ , වර්තමානයේ SAITM සංවාදයේ ප්‍රති පක්ෂය නියෝජනය කරන එක් චරිතයකි. එකල රටේ සංවාදයක් ගොඩ නැගී තිබින.එනම් ගිනි පැගීමයි.මෙයට පක්ශව මෙන්ම විපක්ෂවද විවිධ මත වාද පැතිර යමින් තිබින.මේ අතර ‘ගිනි පෑගීම’ පිටු පස කිසිම දේව බලයක් නොමැතියයි තර්ක කරන කන්ඩායමක්  විශ්ව විද්‍යාලය තුල ඇතිවී තිබින.ඔවුන් විසින් මෙයට පක්ෂව ඉදිරි පත් කරන ලද ප්‍රධාන තර්කය වූයේ ගිනි පාගන විට , කකුලේ යටි පතුල සම්පූර්නයෙන් 04 වරක්වත් හරියට ගිහි අඟුරු මත් නොතැබෙන බවත්, එහෙයින් නොපිළිස්සෙන බවත්ය. කරුණු නරක අතට හැරුනේ , ගිනි පෑගීමේ අභියෝගය , මෙහි අනිකුත් පාර්ශවය වන ‘දේව බලයෙන් ගිනි පාගන’ කන්ඩායම විසින් භාර ගැනීමත් සමඟය. ඔවුන් විසින් දේව බලය රහිතව ‘අඩි පිට ‘ ගිනි පාගන විශ්ව විද්‍යාල පාර්ශවයට , ගිනි පෑගීම සඳහා විවෘත්ත අබියෝගයක් කරන ලද අතර , එය වෛද්‍ය පීඨයේ කාර්ය මණ්ඩලයේ සේවක මහතකු විසින් භාර ගන්නා ලදී.ඔහුව දැන හැඳින ගැනීමට මට පසු අවස්ථාවකදී අවස්ථාව ලැබින. එකල රටේ ම්හත් ආන්දෝලනයකට පාත්‍රවූ ‘දේ බලයෙන් හා අඩි පිට ‘ ගිනි පෑගීම මද්‍යස්ථ ස්ථානයකදී විශේෂ පරීක්ෂක මණ්ඩලයක් ඉදිරියේ පැවැත්වීමට දෙපසම එකඟතාවය පල කරන ලදී. ගිනි පෑගීම බයිබලයෙහි දානියෙල්ගේ පොතෙහි දැක්වෙන ශද්‍රක්, මේෂක් අබෙත්නගෝ යන ඊශ්‍රායල-යුදා ජාතිකයන් 03 නා පර්සියවේ නෙබුකඩ්නේශර් නරපතියාගේ අනින් ගිනි මැලයට දැමීමට පෙර එය 07 වරක් ගිනි සැර වැඩි කළ බව බයිබලයෙහි සඳහන් කර ඇත. මා ඉහත සඳහන් කළ ගිනි අඟුරු ගොඩද දේව බල කණ්ඩායම විසින් තද දැව වර්ග යොදා වෙනදාට වඩා තාපය වැඩිවන පරිදි ගිනි දල්වා, ගිනි අඟුරු අදාල ස්ථානයේ අතුරන ලදී. දේව බල කණ්ඩායම විසින් ගිනි පෑගීම අනතුරුව එළඹුනේ ගිනි පෑගීමයි.’දේව බල ‘ කණ්ඩායමේ ප්‍රධානියා (ඔහුගේ නම මතක නැත )සාම්ප්‍රදායික නර්තන විලාශයකින් ගිනි අඟුරු මතින් ගමන් කළේය. අඩි පිට ගිනි පෑගීම ඊලඟට අනිකුත් පාර්ශවයට ගිනි පෑගීමේ චාන්ස් එක හිමි විය.මා කලින් සඳහන් කල සේවක මහතා ගිනි අඟුරු මතින් ඉතා ශීඝ්‍රයෙන් දිව ගියේය. මෙම දෙදෙනාඝේම යටි පතුල් , මධ්‍යස්ථ විනිසුරු මඳුල්ලක් විසින් පැය 2 ක කාලයක් තුළ පරීක්ෂ කලේද යන්න මතක නැත. ඒ කාලයේ පත්තර කාරයෝත් දෙකට බෙදී සිටියහ.එක් පුවත් පතක වාර්තා කර තිබුනේ ගිනි පෑගු සේවක මහත පසු දින රාජකාරියට වාර්තා නොකල බවය.එහෙත් වෛද්‍ය පීඨ කාර්යාලයෙන් එය අසත්‍යයක් බවට වහාම ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළේය.ගිනි පෑගු ස්ථානයේ රැඳී සිටි ‘අඩි පිට ගිනි පෑගු කණ්ඩායම’ පොලිස් ආරක්ෂාව මධ්‍යයෙ එතැනින් ඉවත් කර ගෙන යන ලදී. මෙම සිද්ධිය අරබයා උක්ත සේවක මහතා විසින් රචිත ‘ගිනි කෙලි සහ ගිනි පෑගීම ‘ නැමැති පොත් පිංචක් මෑතක් වන තුරුම මගේ පුස්තකාලයේ තිබින.   ....   වැඩිදුර >>  
Next || Previous