ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
කෙල්ලන් ගණිතය විෂයට අදක්‍ෂ ය! - Have a look at the statistics [ යාම් : 41 ] | රසිකොලොජි - Rasikology | 2017-03-17 22:02:40
මැවිසුරු නොහොත් ඉංජිනේරු වෘත්තිය අද මේ විසි එක්වන සියවසේ දෙවන දශකය ගෙවී යන කාලයේත් සෑහෙන දුරට පිරිමින් ගේ ක්‍ෂේත්‍රයකි.මා පේරාදෙණිය විශ්වවිද්‍යාලට ඇතුළත් වූ මීට පරම්පරාවකටත් වඩා ඉහත කාලයේ අපේ කණ්ඩායමේ සිටි විද්‍යාර්ථීන් 250 දෙනාගෙන් ගෑල්ළමයින් සිටියේ 10% ක් පමණ සංඛ්‍යාවකි. කුමක් දෝ හේතුවක් නිසා අපට වසරක් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ නම් ඒ සංඛ්‍යාව 16% ක් විය. නමුත්, මා එහි සිටි සිව් වසරක කාලය තුළ කාන්තා ප්‍රතිශතය 10% ඉක්මවා ගියේ නැති තරම් ය.ඒ පේරාදෙණියේ ය. කටුබැද්දේ අපට සමාන්තර කණ්ඩායමේ කාන්තා නියෝජනය ආසන්නව 14% වූ බව මා මිත්‍ර ප්‍රේමරත්න සමරනායක පවසයි.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇති දත්ත අනුව, 2015 වසර වන විට පවා මේ ප්‍රතිශතය වැඩි වී ඇත්තේ 20% දක්වා පමණි. ඒ, අද ලංකාවේ ජනගහනයෙන් 51% ක් කාන්තාවන් වන වාතාවරණයක දී ය.ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ කාන්තා නියෝජනය අඩු වී ඇත්තේ, තරුණ ගැහැණු ළමුන් ජීව විද්‍යා අංශයට වඩා කැමති වීම නිසා හෝ ගණිතයට අකමැති නිසා හෝ යැයි තර්කයක් ගෙන ආ හැකි නමුත්, දත්ත විශ්ලේෂණයකින් පසුව මා නිගමනය කළේ, මේ තත්වයට මූලික හේතුව නම්, කාන්තාවන් ගණිතය විෂයට අදක්‍ෂ නිසා බවයි.අපේ කාලයේ විශ්වවිද්‍යාල භාෂාවෙන් කිවහොත් කෙල්ලන්ට මැත හොර බවයි!මා මේ නිගමනයට එළැඹියේ, පෙර සඳහන් කළ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ දත්ත අනුසාරයෙනි.පහත වගුව බලන්න. පාඨමාලාව කාන්තා ප්‍රතිශතය ඉංජිනේරු විද්‍යාව 20% තොරතුරු තාක්‍ෂණය 44% වාස්තු විද්‍යාව/ප්‍රමාණ සමීක්‍ෂණය 40% (සම්පූර්ණ දත්ත ලිපියේ අවසානයේ දක්වා ඇත).එයින් පෙනී යන පරිදි, ඉංජිනේරු පාඨමාලා සඳහා අවස්ථාව ලබා ඇති සිසුන් අතුරෙන් කාන්තා ප්‍රතිශතය 20% වූව ද, ගණිතය විෂය ධාරාවේ අනෙක් විශ්වවිද්‍යාල පාඨමාලා වන පරිගණක තාක්‍ෂණය සඳහා ඒ ප්‍රතිශතය 44% ක් ද, වාස්තුවිද්‍යා/ප්‍රමාණ සමීක්‍ෂණ සඳහා ප්‍රතිශතය 40% ක් ද වශයෙන් ඉහළ අගයන් ගනී.මෙයින් පෙනී යන්නේ, උසස් පෙළ සඳහා ගණිතය විෂයය ධාරාව හදාරන සිසුවියන්ට ඉහළ ලකුණු ගෙන ඉංජිනේරු පීඨවලට ඇතුළත් වීම සාපේක්‍ෂව අසීරු බවයි. එනම්, කාන්තාවන් ගණිතය විෂයට අදක්‍ෂ බවයි.අපේ කාලයේ විශ්වවිද්‍යාල භාෂාවෙන් කිවහොත් එදා පමණක් නොව අද ද කෙල්ලන්ට මැත හොර බවයි! ජීව විද්‍යා සහ භෞතික විද්‍යා ධාරාවන් එකට ගත් කළ, විද්‍යා පීඨයන්ට ඇතුළත් වූ කාන්තාවන් ගේ ප්‍රතිශතය 46% බව ද සඳහන් කළ යුතුයි.දැන් ජීව විද්‍යා විෂය ධාරාවන් හි සමාන දත්ත සහිත පහත වගුව බලන්න. පාඨමාලාව කාන්තා ප්‍රතිශතය වෛද්‍ය 59% දන්ත වෛද්‍ය 59% පශු වෛද්‍ය 56% කෘෂි විද්‍යා 68% පරිපූරක වෛද්‍ය 68% (සම්පූර්ණ දත්ත ලිපියේ අවසානයේ දක්වා ඇත).එහි දී වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය පාඨමාලා සඳහා තේරී ඇති කාන්තාවන් ගේ ප්‍රතිශතය අඩු වැඩි වශයෙන් සමාන මට්ටමක පවතී. කෘෂි විද්‍යා සහ පරිපූරක වෛද්‍ය පාඨමාලා සඳහා ප්‍රතිශතය කිසිසේත් ම දෙගුණ වීමක් නැත.එනම්, ජීව විද්‍යා විෂයන් සඳහා කාන්තාවන් සහ පිරිමින් අතර වෙනසක් නැත.මේ කරුණු සලකා බැලූ විට, එදා ද, අද ද වෙනසක් නැතුව කෙල්ලන්ට මැත හොර බව මෙලෙස ඔප්පු වේ යැයි සිතමි.-රසිකොලොජිස්ට්ප/ලි:මා කලින් සඳහන් කර ඇති කාරණය, එනම් තරුණ ගැහැණු ළමුන් ජීව විද්‍යා අංශයට වඩා කැමති වීම සහ ඔවුන් ගණිතයට අකමැති වීම ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ කාන්තාවන් අඩු වීමට හේතු වී ඇත යන්නට අමතරව, එහි විලෝමය, එනම් පිරිමි ළමුන් ජීව විද්‍යා අංශයට වඩා අකැමති වීම සහ ඔවුන් ගණිතයට වඩා කැමති වීම ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ පිරිමින් වැඩි වීමට හේතු වේ යන්න ද සත්‍යයක් යැයි සිතමි.මා අතීතයේ දිනක, දෙමව්පියන් කුමක් සිතුවත් ගණිතය ම තෝරා ගත්තේ, ජීව විද්‍යාවට තිබුණු අකමැත්ත නිසා ය. ප/ප/ලි:විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් නිකුත් කළ දත්ත (2015) පහත දැක්වේ.(image: ....   වැඩිදුර >>  
Next || Previous