ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
කේන්ද්‍රය හා ග්‍රහයෝ [ යාම් : 17 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-03-17 15:30:40
පෙර ලිපියෙන් අපි ලග්න ගැන කතා කළෙමු. රාශි නමින්ද හැඳින්වෙන ලග්න වලින් අදහස් වෙන්නේ පෘථිවියට පෙනෙන පරිදි අහසේ තැනින් තැන දැකිය හැකි තරු රාශීන්ය. ලංකාවේ භාවිතාවෙන ජ්‍යෝතිෂය අනුව කිසියම් පුද්ගලයකුගේ ජන්ම ලග්නය හෝ ජන්ම රාශිය ලෙස හැඳින්වෙන්නේ මේ තරු රාශී දොළොස අතරින්, ඔහු හෝ ඇය ඉපදෙන විට නැගෙනහිර ක්ෂිතිජයට ආසන්නවම පැවති තරු රාශිය හඳුනා ගන්නා නමයි. ලග්න ගැන කතා කරද්දී කේන්ද්‍ර හා ග්‍රහයින් ගැනද කතා නොකර සිටිය නොහැකිය. ජනකලා කේන්ද්‍රය, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ආදී විවිධ කේන්ද්‍ර ගැන අපි අසා ඇත්තෙමු. මේ තැන්වල කේන්ද්‍ර යන වචනය හැදෙන්නේ "සෙන්ටර් (center)" යන ඉංග්‍රීසි වචනයෙනි. ඒ වචනයේ තේරුම කිසියම් පද්ධතියක මධ්‍යය නැත්නම් "රෙෆරන්ස් පොයින්ට් එක" යන්නයි. ජ්‍යෝතිෂයේ කතා කරන කේන්ද්‍රය යන වචනයේ ඇත්තේද එම තේරුමමය.ජ්‍යෝතිෂයේ කේන්ද්‍ර සටහන ලෙස පිළියෙළ කරන රූප සටහන යනු කිසියම් නිශ්චිත මොහොතක් හා ස්ථානයක් කේන්ද්‍ර කරගෙන එසේ නැත්නම් "රෙෆරන්ස් පොයින්ට් එක" කරගෙන පිළියෙළ කරන අහසේ සිතියමකි. මේ නිශ්චිත මොහොත හා තැන කිසියම් පුද්ගලයෙකු උපන් මොහොත හා තැන වූ විට අදාළ රූප සටහන එම පුද්ගලයාගේ ජන්ම කේන්ද්‍රය ලෙස හැඳින්වේ. රූප සටහනේ කේන්ද්‍රය ඔබ දැන් සිටිනා මොහොත හා තැන වූ විට එය තත්කාල කේන්ද්‍ර සටහන ලෙස හැඳින්වේ.පොළොවට නිරීක්ෂණය වන පරිදි ඉර, හඳ හා රාශි තාරකා ඇතුළු තාරකා ගමන් කරනු පෙනෙන්නේ නැගෙනහිර ක්ෂිතිජය, හිස් මුදුන හා බටහිර ක්ෂිතිජය යන රටාවටය. අනෙකුත් ග්‍රහ වස්තූන් බොහෝ විට ගමන් කරනු පෙනෙන්නේත් මේ අයුරිනි. ආකාශ වස්තූන්ගේ චලනයේ මේ කොටස නැවත නැවත නිරීක්ෂණය කළ හැකි, ප්‍රත්‍යක්ෂ දැනුමකි. බටහිර ක්ෂිතිජයෙහි ගිලී නොපෙනී යන මේ පෙනෙන දේවල් නැවත නැගෙනහිර ක්ෂිතිජයෙහි මතුවන තෙක් සිදුවන දෙය එසේ සෘජුව නිරීක්ෂණය කළ නොහැකි -අබිරහසකි-. බොහෝ කාලයක් මිනිසුන්ගේ කුතුහලය දැනවූ මේ අබිරහස විසඳීමට පැරණි තාරකා විද්‍යාඥයින් විසින් කළේ තමන්ට ප්‍රත්‍යක්ෂ නිරීක්ෂන අනුසාරයෙන් ප්‍රවාද ගොඩ නඟමින් නිගමනයන්ට එළැඹීමයි. ඉර, හඳ හා රාශි තාරකා නැගෙනහිරින් මතුවී, ආසන්න ලෙස පැය හයක පමණ කාලයක් ඉහළ නැඟ මුදුන් වී, තවත් පැය හයක කාලයක් තිස්සේ පහළට බැස බටහිරින් බැස යන ආකාරයෙන්ම, තමන්ට නිරීක්ෂණය කළ නොහැකි ඉතිරි පැය දොළොස තුළ පොළොවේ අනිත් පැත්තෙන් බටහිර සිට නැගෙනහිරට ගමන් කරනවා විය යුතු බව ඔවුහු නිගමනය කළෝය. මේ ප්‍රවාදය ග්‍රහ වස්තූන් නොපෙනෙන විටද අහසේ ඒවා ඇති තැන නිවැරදිව පුරෝකථනය කිරීමට ප්‍රමාණවත් ප්‍රවාදයක් විය. කේන්ද්‍ර සටහනේ ඇත්තේ මෙසේ සෘජු නිරීක්ෂණ මඟින් හෝ ප්‍රවාද මඟින් දැනගත් විවිධ ග්‍රහවස්තූන්ගේ පිහිටීම් ඇතුළත් සිතියමකි.කේන්ද්‍ර සටහන් අඳින විවිධ ආකෘති ඇතත් ලංකාවේ වඩා ජනප්‍රිය ආකෘතිය පහත රූප සටහනේ ( රූප සටහන 1) ඇති ආකෘතියයි. ආකෘතිය මෙය වුවත්, වෙනකක් වුවත්, එහි කේන්ද්‍රය වටා පැතිරුණු ප්‍රධාන කොටස් 12කි. මේ කොටස් ඉහළින්ම (ඉහළ මැද) ඇති කොටුවෙන් (හෝ කොටසින්) පටන්ගෙන වාමාවර්තව (ඔරලෝසුවේ කටු කැරකෙන දිශාවට විරුද්ධ අතට) අනුපිළිවෙලින් නම් කෙරේ.කේන්ද්‍ර සටහනක ඉහළ මැද ඇති පළමු කොටුවෙන් නැගෙනහිර ක්ෂිතිජයත්, පහළ මැද ඇති හත්වන කොටසින් බටහිර ක්ෂිතිජයත්, වම්පස මැද ඇති හතරවන කොටුවෙන් අහස මුදුනත් අදහස් කෙරේ. පළමු කොටුවේ සිට හත්වන කොටුව දක්වා පිහිටීම් පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකිවුවත් හත්වන කොටුවේ සිට දොළොස්වන කොටුව දක්වා පිහිටීම් සාමාන්‍යයෙන් එසේ නිරීක්ෂණය කළ නොහැකිය.අප පෙර දැනගත් පරිදි, පොළොවේ සිටින නිරීක්ෂකයෙකුට සාපේක්ෂව, රාශි තාරකා දොළොස චලනය වන්නේ එකම පද්ධතියක් ලෙස මිස තනිතනිව නොවේ. ඒ නිසා මේ රාශි තාරකා (ලග්න) වල පිහිටීම කේන්ද්‍ර සටහනේ වෙනවෙනම ලකුණු කිරීම අවශ්‍ය නැත. එක් රාශියක පිහිටීම සලකුණු කළ විට අනෙක් සියළු රාශි පිහිටා ඇති තැන් අපට පැහැදිලිය. ලංකාවේ භාවිතා කරන ජ්‍යෝතිෂයේ සම්මතයක් ලෙස මෙසේ කේන්ද්‍ර සටහනේ ලකුණු කරන්නේ පළමු කොටුවට අයත් තාරකා රාශියේ නමයි. මෙය මැද කොටුවේ (කේන්ද්‍රයේ) සටහන් කෙරේ. ජන්ම කේන්ද්‍රයක මැද ලග්නය ලෙස සටහන් කර ඇත්තේ මෙයයි. මේ අනුව, ඉතිරි කොටු දොළහට අයත් රාශි පහසුවෙන් දැනගන්නට පුළුවන.රාශි තාරකා ඇතුළු තාරකා එක් පද්ධතියක් ලෙස චලනය වුවත්, ඉර, හඳ හා අනෙකුත් ග්‍රහ වස්තූන්ට ඇත්තේ තාරකා වල චලිතයෙන් ස්වායත්ත චලිතයකි. ඒ නිසා, ඒවායේ පිහිටීම කේන්ද්‍ර සටහනක වෙනම ලකුණු කරන්නට සිදුවේ.කේන්ද්‍ර සටහනක රවි ලෙස හෝ -ර- අකුරෙන් සටහන් කෙරෙන්නේ ඉරේ පිහිටීමයි. උදෑසන හයට පමණ ඉපැදුණු අයෙකුගේ රවි පළමු කොටුවේත් (ලග්නයේ), මධ්‍යහ්නය ආසන්නයේ ඉපදුනු අයෙකුගේ රවී ග්‍රහයා හතරවන කොටුවේත්, හවස හයට පමණ උපන් අයෙකුගේ රවි ග්‍රහයා හත්වන කොටුවේත්, මැදියම් රැයේ ඉපදුණු කෙනෙකුගේ රවි ග්‍රහයා දහවන කොටුවේත් සලකුණු කෙරේ. රසික වැනි උදේ දහයට පමණ ඉපදුණු කෙනෙකුගේ කේන්ද්‍රයේ රවි ග්‍රහයා සිටිය යුත්තේ තුන්වන කොටුවේය.මේ ආකාරයෙන්ම චන්ද්‍ර ලෙස හෝ -ච- අකුරෙන් සඳුගේ පිහිටීමද ලකුණු කළ හැකිය. ඔබ දැන සිටිය යුතු පරිදි, අමාවක පෝය ඇතිවන්නේ ඉර හා හඳ පොළොවේ එකම පැත්තක පිහිටි විටය. ඒ නිසා, අමාවක පෝය ආසන්න දිනක ඉපදුණු කම්මල වැනි අයෙකුගේ කේන්ද්‍රයේ රවි සිටින කොටුවේම චන්ද්‍රයාත් සිටිය යුතුය. එමෙන්ම, පසළොස්වක පෝය දින ඉර හා හඳ පිහිටන්නේ පොළොව දෙපස නිසා පසළොස්වක පෝය ආසන්නයේ ඉපදෙන අයෙකුගේ චන්ද්‍රයා සිටිය යුත්තේ රවි සිටින කොටුවේ සිට හත්වන කොටුවේ රවිගෙන් ප්‍රතිවිරුද්ධ පැත්තේය. අටවක දිනක උපදින අයෙකුගේ චන්ද්‍රයා රවි සිටින කොටුවේ සිට හතරවන හෝ දහවන කොටුවක සිටිය යුතුය. බුධ ග්‍රහයා ඉරට ආසන්නවම සිටින ග්‍රහයාය. ඒ නිසා පොළොවට පෙනෙන පරිදි බුධ ග්‍රහයා දැකිය හැක්කේ ඉරට ඉතා ආසන්නවය. ඒ නිසා බුධ ග්‍රහයා කේන්ද්‍රයක රවි සිටින කොටුවේම හෝ දෙපස ඇති කොටුවක සිටිය යුතුය. මේ ආකාරයෙන්ම සිකුරු, අඟහරු, බ්‍රහස්පති හා සෙනසුරු වැනි අනෙකුත් ග්‍රහයන් පොළොවට සාපේක්ෂව සිටින තැන්ද ඈතින් පිහිටි තරු රාශි -රෙෆරන්ස් පොයින්ට්- කර ගනිමින් කේන්ද්‍ර සටහනක ලකුණු කළ හැකිය.(Image: ....   වැඩිදුර >>  
Next || Previous