ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
සරසවියේ වියදම් පියවා ගැනීමට සිසුවියන් ගණිකා සේවයේ [ යාම් : 33 ] | අමාවක | 2017-03-16 22:46:40
ශීඝ්‍රයෙන් ඉහල නගින තම  විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ බිල් පියවා ගැනීමට  බ්‍රිතාන්‍ය සරසවි සිසු සිසුවියන් ලිංගික සේවයේ යෙදීමට නැඹුරු වී ඇතැයි වාර්තා වේ.  නිදහස් අධ්‍යාපනයෙන්ම උගෙන එයට වල කැපීමට පමණක් නොව එහි මිනී පෙට්ටියේ ඇණ ගැසීමටත් ඉදිරිපත් ව සිටින උගත් බුද්ධිමත් මහත්තුරුන් හා එම මහත්තුරු පිටිපස්සේ යන අනික් මහත්තුරු නෝනාලා ටත් මේ ගැන කීමට යමක් ඇත්දැයි අප නොදනිමු. අප මීට පෙර කිහිප වතාවක් ම කියා ඇති පරිදි ලංකාවේත් අධ්‍යාපන පෞද්ගලීකරණය හරහා මේ  දෙයම සිදු නොවනු ඇතැයි ඒ අයට කිව හැකිද? නො එසේ නම් එසේ වූවත් කම් නැද්ද?නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් සමාජ ස්ථරයේ අඩියක් ඉහළට නැග සිටින මේ මහතුන් තමන් දැන් එහි ඉහළම ස්ථරයට අයත් බව සිතන අතර , එම ස්ථරයේ ඕනෑ එපා කම් වෙනුවෙන් ඔවුන් පෙනී සිටින්නේ ඒ නිසාය. එහෙත් යම් දිනක ඔවුන්ගේ දියණියන්ටත් ඉහත කාළකන්නි ඉරණමට මුහුණ දීමට සිදු වූ දාට ඔවුනට සත්‍ය වැටහෙනු ඇත. එහෙත් එවිට අශ්වයා පැන ගොස් ඇති බැවින් ඉස්තාලයේ  දොර වසා පලක් නැත.එම නිසා මේ මොහොතේ අප යුතුකම වනුයේ  දැනටමත් කෙමෙන් හීන වෙමින් යන නිදහස් අධ්‍යාපනය මරා දැමීමට න්‍යායන් සකසා දීම නොව , එය වඩ වඩාත් ශක්තිමත් කිරීම සඳහා සටන් වැදීමය. අප එය කරමු. සයිබර් අවකාශයේ පමණක් නොව භූමියේ ද අප සටන් කරමින් සිටින්නෙමු. අප වෙනුවෙන් ඔබගේ  දියණියන් හා පුතුන් වෙනුවෙන් අප එය කරමු.  බල්ලන් කොපමණ බිරුවත් කඳු පාත් නොවන  නිසා බල්ලන්ගේ බිරුම් ගණන් නොගෙන අප එය කරන්නෙමු.http://uk.reuters.com/article/uk-britain-unemployment-prostitution-idUKTRE7BD0R820111214Desperate British students, faced with rising costs on the back of government austerity measures, are turning to prostitution, gambling and other dangerous pursuits to fund their studies, support workers and student leaders said on Wednesday.The English Collective of Prostitutes (ECP), a welfare body for sex workers, said it estimated the number of people approaching it for help had doubled in the last year as students struggled to make ends meet."(The government) know the cuts and the austerity programmes and the removing of grants, they know when they remove those resources they know it drives women further into poverty," Sarah Walker from the ECP told ....   වැඩිදුර >>  
Next || Previous