ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ඔබේ ලග්නය කුමක්ද? [ යාම් : 29 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-03-16 22:14:40
වලාකුළු අඩු රාත්‍රියක පියවි ඇසින් අහස නිරීක්ෂණය කරන ඔබට අහසේ ඇති සියදහස් ගණනක් තරු පහසුවෙන් දැකගත ගත හැකි වනු ඇත. මෙසේ ඔබ අහස නිරීක්ෂණය කරන්නේ අර කම්මල ඉපදුණු දවස වැනි මාසෙ පෝය ආසන්න දවසකනම් මේ නිරීක්ෂණය තවත් පහසු වනු ඇත. මේ කටයුත්ත දින ගණනක්, පැය ගණනක්, සති මාස ගණනක් එක දිගට කළහොත් ඔබට අහසේ ඇති එක් එක් තාරකා පිහිටා ඇති තැන් සහ ඒවා පොළොවට සාපේක්ෂව චලනය වන ආකාරය අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. එහෙත්, මේ සියදහස් ගණනක් වූ තාරකා එකින් එක අහසේ තියෙන තැන හරියටම මතක තියා ගන්නේ කොහොමද?අද අහස නිරීක්ෂණය කරන අයෙකු මේ කටයුත්ත කරන ආකාරයේත්, වසර දහස් ගණනකට පෙර අහස නිරීක්ෂණය කළ අයෙකු ඒ දෙයම කළ ආකාරයේත් ලොකු වෙනසක් නැත. මෙහිදී, අප කරන්නේ පොළොවට පෙනෙන තරු රටා හඳුනාගෙන ඒ රටා මතක තබා ගැනීමයි. එක ළඟ පිහිටි සේ පෙනෙන (එහෙත් ඇත්තටම ආලෝක වර්ෂ ගණනක් දුරින් පිහිටි) මෙවැනි තරු කිහිපයක් සරල රේඛා වලින් යා කළ විට මනසින් මවා ගත හැකි රූපය, අප දන්නා සතෙකු හෝ වෙනත් වස්තුවක් සමඟ සසඳමින් නම් කිරීම මේ තරු පිහිටි තැන් මතක තබා ගැනීම පහසු කරයි.රාත්‍රී අහසේ දක්නට දක්නට ලැබෙන විවිධ රටා ඇසුරින් අහස හඳුනාගත් පසු නිරීක්ෂකයෙකුට මේ තරු රටා අහසේ චලනය වන ආකාරයද නිරීක්ෂණය කළ හැකිය. වසර දහස් ගණනකට පෙරද අපේ මුතුන් මිත්තන් විසින් හඳුනා ගත් පරිදි මේ තාරකා මණ්ඩල චලනය වුණේ තනි තනිව නොවේ. එක් පද්ධතියක් ලෙසිනි. හැන්දෑවේ බටහිරින් හිරු බැස යද්දී නැගෙනහිරින් තරු පායා ආවේය. මෙසේ හැන්දෑවේ නැගෙනහිරින් පායා ආ තාරකාවෝ රෑ මැදියම වෙද්දී අහසේ  මුදුන් වී උදෑසන බටහිරින් බැස ගියෝය. ඇඳිරි වැටෙන විට අහසෙහි මුදුන්ව පැවති තාරකාවෝ රෑ මැදියම වෙද්දී බටහිර ක්ෂිතිජයෙහි ගිලී නොපෙනී ගියේය. රෑ මැදියම වෙද්දී නැගෙනහිර ක්ෂිතිජයෙන් මතුවුනු තාරකාවෝ උදෑසන වන විට අහසේ මුදුන්ව සිටියෝය. කිසියම් දිනෙක හැන්දෑවේ බටහිර ක්ෂිතිජයෙන් නොපෙනී යන තාරකාවක් පසුදින උදෑසන නැඟෙනහිර ක්ෂිතිජයෙහි දකින්නට ලැබුණේය. මේ නිසා, මේ තාරකා සියල්ලම එකම පද්ධතියක් ලෙස පොළොව වටා ගමන් කරන බවත්, දිවා කාලයේ අපට නොපෙනුණත් මේ තාරකා අහසේ නිශ්චිත තැනක ඇති බවත් සියවස් ගණනාවකට පෙර ජීවත් වූ භෞතික විද්‍යාඥයෝ දැන සිටියහ.හඳුනා ගැනුණු විවිධ තාරකා පද්ධති හා තාරකාවන් අතර ඒවා සමඟ එක්ව චලනය නොවෙමින්, වෙනස් වේගයකින් චලනය වුනු වස්තූන් කිහිපයක්ද හඳුනා ගැනුණු අතර මේවා ග්‍රහ වස්තූන් ලෙස හැඳින්වුනේය. මේ ග්‍රහ වස්තූන්ගේ චලිතයද රාත්‍රී කාලය තුළ නිරීක්ෂණය කිරීමෙන් ඒවා දිවා කාලය තුළ අහසේ චලනය විය යුතු ආකාරය පුරෝකථනය කිරීමටද ඔවුන්ට හැකිවිය.කෙසේ වුවද, සෑම දිනකම හැන්දෑවේ නැගෙනහිරින් පායා ආවේ එකම තාරකා සමූහය නොවේ. කිසියම් දිනක උදෑසන නැඟෙනහිර ක්ෂිතිජයේ දක්නට ලැබුණු තාරකාවක් පසු දින හැන්දෑවේ දකින්නට ලැබුණේ අහසේ මඳක් ඉහළිනි. තවත් දිනකට පසු එම තාරකාව දකින්නට ලැබුණේ වඩාත් ඉහළිනි. ඒ තාරකාවම තෙමසකට පසුව හැන්දෑවේ අහස මුදුනේ පෙනෙන්නට තිබුණු අතර සමසකට පසුව හැන්දෑ වෙද්දී බටහිර ක්ෂිතිජයෙන් බැස යනු දැකිය හැකි විය.අහසේ තාරකා සියල්ල එක් පද්ධතියක් ලෙස පොළොව වටා ගමන් කළත් සෑම දිනකම රෑ මැදියම හෝ වෙනත් නිශ්චිත වෙලාවක අහසේ දක්නට ලැබුණු තරු පිහිටීම සමාන නොවීය. එය දිනෙන් දින ක්‍රමයෙන් වෙනස් විය. කෙසේවුවද, කිසියම් දිනෙක නිශ්චිත වෙලාවක අහසේ දැකිය හැකි වූ තරු රටාවන්ම තවත් කලකට පසු නැවතත් එසේම දකින්නට ලැබුණේය. සූර්ය වර්ෂයක් ලෙස හඳුනා ගැනුනේ මෙසේ නිශ්චිත වෙලාවක අහසේ දකින්නට ලැබෙන තරු රටාව ඒ අයුරින්ම නැවත දැකගන්නට ලැබීමට ගත වන කාලයයි. සූර්ය වර්ෂයක් සූර්ය මාස දොළහක් ලෙස සැලකුනේය. මේ සූර්ය මාස නම් කෙරුණේ උදෑසන හිරු නැඟෙන විට නැඟෙනහිර ක්ෂිතිජයේ දක්නට ලැබුණු, හෝ තිබිය යුතුයැයි (නිවැරදිව) පුරෝකථනය කෙරුණු තාරකා පන්තියක නමිනි. පොළොව වටා නිශ්චිත අනුපිළිවෙලකට ගමන් කරන මෙවැනි තාරකා පන්ති දොළහක් හඳුනාගෙන තිබුණු අතර ඒ එක් එක් තාරකා පන්තිය එහි අඩංගු තාරකා වලින් මැවෙන රටාවෙන් සිතේ ඇඳෙන රුවක නමින් නම් කෙරුණේය. මේ එක් තරු රටාවක් ආසන්න වශයෙන් දින තිහක කාලයක් උදෑසන නැඟෙනහිර ක්ෂිතිජයෙන් මතුවෙයි. ඉන්පසුව උදෑසන අහසේ දකින්නට ලැබෙන්නේ වෙනත් තරු රටාවකි. වසරකට පසුව නැවතත් උදෑසන අහසේ මුල් තරු රටාව දකින්නට ලැබේ.ජ්‍යෝතිෂය නොපිළිගන්නා ලාංකිකයින් වුවත් අසා පුරුදු ලග්න දොළොසේ නම් වලින් හඳුනා ගැනෙන්නේ මේ තරු රටාවන් දොළොසයි. ඒවා පිළිවෙලින් මෙසේය. මේෂ- එළුවා වෘෂභ- ගවයා මිථුන- ස්ත්‍රීපුරුෂ යුවලක් (මෛථුන්‍යය)කටක- කක්කුට්ටා සිංහ- සිංහයා කන්‍යා- කන්‍යාව තුලා- තරාදිය වෘශ්චික- ගෝනුස්සා ධනු- දුනුවායා මකර- මකරා කුම්භ- කලය මීන- මාළුවා ආසන්න වශයෙන් සිංහල අවුරුදු දින සිට දින තිහක පමණ කාලයක් ඉර උදාවෙද්දී ඉර හා ආසන්නව ක්ෂිතිජයේ දැකිය හැක්කේ මේෂ රාශියට අයත් තරු පංතියයි. ඊළඟ දින තිහ තුළ වෘෂභ රාශියට අයත් තාරකා පංතියද, තවත් දින තිහකින් පසුව මිථුන රාශියට අයත් තාරකා පංතියද සූර්යයා හා සම්පාතව අහසේ දැකිය හැකිය.කිසියම් දිනක උදෑසන ඉර උදාව ආසන්නව ඉපදෙන කෙනෙකුගේ ලග්නය වන්නේ මෙසේ අදාළ දින තිහක කාලය තුල ඉර හා සම්පාත වී තිබුණු තරු පන්තියේ නමයි. වෙනත් වෙලාවක ඉපදෙන කෙනෙකුගේ ලග්නය වන්නේ ඒ වෙලාවේ නැගෙනහිර ක්ෂිතිජයෙහි පෙනෙන්නට තිබුණු හෝ දිවා ආලෝකය නිසා නොපෙනුණත් තිබිය යුතු තරු පන්තියේ නමයි. මේ තරු පන්ති දොළහම දවසේ කිසියම් වෙලාවක නැගෙනහිර ක්ෂිතිජය හා සම්පාතව තිබෙන නිසා දවසක් තුළ ඉපදෙන අයට මේ ලග්න දොළහෙන් කවරක් වුවද ලග්නය ලෙස හිමි විය හැකිය. උදෑසන නැගෙනහිර ක්ෂිතිජයේ දකින්නට ලැබෙන තරු පන්තිය ආසන්න ලෙස පැය විසිහතරකට පසුව නැවතත් එහි දැකිය හැකි අතර ක්ෂිතිජයෙහි එක් තරු පන්තියක් දර්ශනය වී පැය දෙකකට පමණ පසුව ඊළඟ තරු පන්තිය දර්ශනය වේ. ඒ නිසා කිසියම් දිනක ආසන්න ලෙස පැය දෙකක කාලයක් තුළ ඉපදෙන දෙදෙනෙකුට හිමි වන්නේ එකම ලග්නයයි. පැය දෙකක පරතරයක් ඇතිව ඉපදෙන අයෙකුට එක ළඟ ලග්න දෙකක් ලැබේ.සිංහල අවුරුද්ද පසුවී මාස හයකට පසුව දිනක රසික ඉපදුණු දින වැනි දිනක ඉර උදාවන විට ක්ෂිතිජයෙහි දක්නට ලැබෙන්නේ හත්වන ලග්නය වන තුලා ලග්නයයි. එහෙත්, (මගේ උපකල්පන අනුව) රසික ඉපදී ඇත්තේ ඉර උදාවී පැය හතරකට පමණ පසුව නිසා ඒ වන විට තුලා හා වෘශ්චික ලග්න වලට අයත් තරු රටා ක්ෂිතිජයෙන් මතු වී අවසානය. ඒ වෙලාවේ නැගෙනහිර ක්ෂිතිජය එල්ලේ ඇත්තේ ධනු ලග්නයට අයත් තරු පන්තියයි.රාශි දොළහට අයත් තාරකා පන්ති ඇතුළු තාරකා පොළොවට සාපේක්ෂව චලනය වන්නේ එක් පද්ධතියක් ලෙස වුවත්, ඉර, හඳ හා අනෙකුත් ග්‍රහයන් චලනය වන්නේ වෙනත් වේගයන්ගෙනි. කිසියම් මොහොතක පොළොවට සාපේක්ෂව මේ වස්තූන්ගේ පිහිටීම නැවතත් හරියටම සමාන ලෙස පිහිටන්නේ ඉතා විශාල කාලයකට පසුවය. ඒ නිසා, කිසියම් මොහොතක පොළොවට සාපේක්ෂව මේ ග්‍රහ වස්තූන්ගේ පිහිටීම සෑහෙන දුරකට අනන්‍ය පිහිටීමකි. කේන්ද්‍ර සටහනක් යනු කෙනෙකු ඉපදෙන මොහොතේ හෝ වෙනත් නිශ්චිත වෙලාවක පොළොවට හා නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂව ඉර, හඳ හා තවත් ග්‍රහ වස්තු කිහිපයක පිහිටීම පෙන්වන සටහනකි. මේ සටහනෙන්, නිරවද්‍යතා සීමාවකට යටත්ව, යම් පුද්ගලයෙකු උපන් මොහොත වැනි කිසියම් මොහොතක් අනන්‍ය ලෙස හඳුනා ගැනීමට හැකියාවක් තිබේ.  (කලකට පෙර ලියා පළ නොකළ ලිපියකි. කිසිවෙකුට අපහාස කිරීමේ අරමුණකින් ලියන්නක් නොවේ.)(Image: http://wuwm.com/post/tips-how-observe-night-sky#stream/0) ....   වැඩිදුර >>  
Next || Previous