ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
අපි ඒකටත් විරුද්ධයි-හැබැයි සටන පස්සෙ [ යාම් : 18 ] | වාලුකා සිතුවිලි-Waluka Sithuwili | 2017-03-16 01:26:40
අද දවසේ අයිටම් එක වෙලා තියෙන්නේ  සයිටම් එකය. සයිටම් අහෝසි කරන්නට විරු සිසුවන් එක්ක දොස්තරලා දිවි හිමියෙන් සටන් කරන්නට ප්‍රතිඥා දී ඇත. ඒ කියන්නේ මරා ගෙන මැරෙන එකය. වෙන මොනාටවත් නොව රෝගීන් ජීවිත අනතුරෙන් බේරා ගන්නටය. අධ්‍යාපනය විතිණීමට එරෙහිවය. හැබැයි මේ දොස්තරලා හංදියක් හංදියක් ගානේ නිදහස් අධ්‍යාපනයෙන් ලද දැනුම අහිංසක ජහමනයාට විකුණන එක ගැන හාවක් හූවක් නැත. දොස්තරලා නොවන කොන්දොස්තරලාත් ගමේ බේත් කඩ දාගෙන අහිංසක ගැමියාට පාට වතුර එක්ක පැනඩෝල් පොවන එක ගැනත් හාවක් හූවක් නැත. හැබැයි සයිටම් දොස්තරලා නිසි පුහුණුවක් නැතිව ලෙඩ්ඩු මරා දමාවියයි කිඹුල් කඳුළු හෙලන ආංඩුවේ දොස්තරලා මේ ළමයින්ට නිසි තියා කවර පුහුණුවකටවත් ඉඩ දෙන්නේද නැත. පුහුණුවක් දුන්නත් විරුද්ධය. නැතත් විරුද්ධය. ප්‍රමිතියක් ඇතත් විරුද්ධය. නැතත් විරුද්ධය. කොහොමත් විරුද්ධය. අනෙක් අතට නිදහස් අධ්‍යාපනය සුරකිනු. අධ්‍යාපන කඩ වලට එරෙහි වෙනු..! කියා සටනට බහින සිසු විරුවන්  කොතලාවල ‍‍වෛද්‍ය පීඨයේත්, ඉංජිනේරු ඇතුළු අනෙක් වෘත්තීන්වලට අදාළ පෞද්ගලික උපාධි ආයතන වලත් අධ්‍යාපනය මහදවල් ප්‍රසිද්ධියේ හෝල්සේල් ගාණට විකුණන එක ගැන හාවක් හූවක් නැත. ඒත් පත්තරෙන් ඇහුවම කියන්නේ අපි ඒවටත් විරුද්ධයි කියාය. ඒත් විරුද්ධවීම වෙනුවෙන් කර ඇති කෙංගෙඩියක් නැත. හැබැයි එහෙම වරකට එක බැගින් විරුද්ධ වෙනවා කියන්නේ කචල් එක දිගටම ඇදගෙන යන්න පුළුවනි කියන එකය. කොටින්ම ආංඩුවේ විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්නා සිසුන්ට අබ සරණය. අවුරුද්ද පුරාම විරෝධතා දක්වමින් පංති වර්ජන කරන්නනට සිද්ධ වෙනු ඇත. අත්දැකීමෙන් පසක් කොටගත් ප්‍රශ්නයක් ඔටුවාට ඇත. සයිටම් අහෝසි කොට අනෙක්  පෞද්ගලික අධ්‍යාපන කඩවලට එරෙහිව සටන් වදිද්දී වෛද්‍ය ශිෂ්‍යයනුත් පෙරමුණ ගන්නවා තියා එක දේශනයක්වත් කට් කරගනීද කියන එකය. -සෙස්ස පස්සට ෴ - සෙරන්ඩිබ් ....   වැඩිදුර >>  
Next || Previous