ලාංකීය සිතුවිලි
සිංහල
13 ගැන බොදු බල සේනා මතය හෙළිකරයි
2013-05-22 19:49:51
TNA මන්ත්‍රීවරු පුනරුත්තාපනය කළ යුතුයි -ජාහෙඋ
2013-05-22 19:43:11
ලංකාව සෝමාලියාවට සම කළ එ.ජා. නිළධාරියා ඉවතට
2013-05-22 19:13:14
කොල්ලුපිටියේ තුන්රියේ මඩම අල්ලයි !
2013-05-22 16:14:45
බොදුබල සේනා හිමිහිවරු ගුටි ඇනගෙන
2013-05-22 16:12:01
කප්රුක හිමිකරු ඝාතකයන්ට ඇප දෙයි !
2013-05-22 14:59:16
විනිසුරු දීපානිගේ වාහනේ කෑල්ලක් උස්සලා !
2013-05-22 14:36:59
ආනයනික කිරිපිටි වර්ග 5ක රසායනික !
2013-05-22 13:07:43
කුඩා කළ මුහුණදුන් සිදුවීම්වලින් විජේවීරගේ දියණිය කම්පනයක !
2013-05-22 12:42:16
ගෝඨා, වෙබ් අඩවිවලට කුරුමානම් අල්ලයි!
2013-05-22 12:10:17
විලවුන් දැන්වීම් පළ කළ ආයතන 26කට නඩු
2013-05-22 10:50:53
Giriraj's Daughter's Wedding
2013-05-22 10:21:00
ජිනීවා හිදී මෛත්‍රිට සන්නද්ධ රථයක් !
2013-05-22 09:45:39
දැරියකට අතවර කල නාකියා අත්අඩංගුවට
2013-05-22 09:22:06
ඉරාජ්ගේ මනමාලි මරියා
2013-05-22 09:03:24
තෙල් නැව අතුරුදන්වීම කුමන්ත්‍රණයක් -එජාප
2013-05-22 08:46:05
කලාපේ වැඩියෙන්ම විකිණෙන පෙත්ත !
2013-05-22 08:36:04
21 වැඩ වැරුම ගැන CMU ජනපතිට යැවූ ලිපිය
2013-05-22 08:39:19
උදුරා ගත් පරමාධිපත්‍යය යළි ජනතාව සතු කිරීමට යෝජනා 3 ක්- තිස්ස අත්තනායක
2013-05-22 08:06:03
අපේ අරමුණු සාර්ථකයි. ආණ්ඩුවේ ප‍්‍රතිචාරය බලා ඉදිරි ක‍්‍රියාමාර්ග දැනුම් දෙනවා.
2013-05-22 07:32:17
මගේ අඩවියත් එක්කරන්න. http://www.viduasalanka.tk/feeds/posts/default
2012-12-26 18:33:28
Blog sites are not automatically updated. Please look into this.. http://thahanamwachana.blogspot.com/
2012-12-24 20:52:52
මගේ වෙබ් අඩවිය තවමත් හරියට ඔබගේ බෙව් ලිපින ගොඩට ඇතුලත් වි නැ. මුලදි පටස් අයිඩි එකක් එව්වත් එය වෙනත් කෙනෙක් භාවිතා කරනවා. මේ ගැන කිහිප වතාවක් දැනුවත් කෙරැවත් පිළිතුරක් නැත. http://feeds.feedburner.com/macinfolk/hGME
2012-11-02 16:05:10
mage rss eka danna http://feeds.feedburner.com/NewFilmFreeDownload or http://newfilmfreedownload.blogspot.com/feeds/posts/default
2012-10-26 20:39:52
Relationships
2012-06-09 15:07:41
Login
නිමිති දෙකක්. [ ???? : 9 ] | ansathu dinapotha | 2012-07-12 12:59:00
එය සැප රියකි..ජීප් රිය වර්ගයට අයත් නවීනතම අංග වලින් පිරුණ එකකි. එහි දෙදෙනෙකු වන අතර එක අයෙක් අවුරුදු තිහකට ආසන්නයේ නව යොවුන් තරුණියකි. අනෙකා මැදි වයස ඉක්මවූ නිතර සිනාසෙන්නට බලාසිටින මූනක් දමාගත් රියදුරෙකි. දැන් රථය ක්‍රීඩාංගනයක් අසල රිය පෙළක ට්‍රැෆික් වලට හිරවී ඇත. වායුසමන තත්වය නිසා දෙදෙනාටම දහදිය නොනැගේ. වයස තිහකට ආසන්න නව යොවුන් දැරිය මුලින්ම කට ඇරියාය.මේ අමරෙ අංකල් මේ ග්‍රවුන්ඩ් එකේ අපේ අයියල මෙහෙ හිටපු කාලෙ මැචස් ගහනවා. දැං එයාල ඔසී වල එහෙ සෙල්ලං කරන්න වෙලාවක් නෑ. ඉස්සර මං මේ වටේ තාප්ප අයිනට වෙලා කෙල්ලො එක්ක අයිස් ක්‍රී්ම කනවා. බයිට් වෙන්න කොල්ලෙක් හමු වුනොත් දත ගලවනවා නැති වෙන්න. ඉස්සර මං මීටත් වඩා ලක්ෂණයිලු..”රාක්ෂි ඔයා දැන් පොඩ්ඩක් ඇදිල ගිහිල්ල” සමහර යාලුවො කියනවා. අමර අංකල් මොකද කියන්නෙ මං වයසට ගිහිල්ලද?අමරපාල :- අද ට්‍රැෆික් නේ. නෝන තාම ඇදිල ගිහින් නෑ. අනික ඇදිල යන්න නෝන නයෙක්යැ. රාක්ෂි :- අන්න අමර අංකල් ආයෙත් මට අර පරණ කිඩ්නිය දානවා. ඔය නෝන එපා. රාක්ෂි කිව්හම ඇති.අමරෙ අංකල් ක්‍රිකට් ගහල නැද්ද?අමරපාල :- මෙහෙමයි රාක්ෂි මැඩම්. මම කොළඹ ආ කාලෙ ඉස්සලේලම ලොරි හේදුවෙ. එතකොට අපිට පොඩ්ඩ වැරදුන ගමන් කියන්නෙ. මේ අලිබෙට්ටෙන් එල්ලෙ ගහපු අමරපාලල කොහෙද බං වාහන ගැන දන්නෙ කියලා. අපිත් එල්ලෙ ගැහුවා. මට ඔය එල්ලෙ ගහපු කෙරුවාවල් නං දැං මතක නෑ. පොල්ල අල්ලගත්තම දෑත බදල බෝලෙට දීල ඊලඟ කණුවට දුවනවා. මේ ක්‍රිකට් වගේ ටුක්ක ටුක්ක ඉන්නෙ නෑ එල්ලෙ වලදි. බෝලයක් දාන්න දුවන තරම්. මටනං මාලිංගය ගැන දුකයි. රාක්ෂි මැඩම් අම්මප..හිහි හිහිරාක්ෂි :- මොකද අමරපාල අංකල් එකපාර මාලිංග ගැන දුකයි කියල හිනා වෙන්නෙ. අමරපාල :- නෑ මැඩම් ඒක නරක කතාවක් මට පොඩ්ඩක් මතක් උණා..ඒක ඕන් නෑ..රාක්ෂි :- අනේ මේ ..අමරෙ අංකල් අපිට නරක කතා කියන්නෙම නෑනෙ./? නෙක්ස්ට් ආත්මෙ මෛත්‍රි වෙන්න ක්‍රෙඩිට් කලෙක්ට් කරනවද මන්ද අර සිරිවර්ධන වගේ..අමරපාල :- ආ ඉතිං රාක්ෂි මැඩං ඉල්ලනවනං දෙන්නං. ඔය අපි කොල්ල සන්දියෙදි සෙල්ලං කොරාම ගෙවල්වල ඔය බම්බු උහං යන්නෙ නෑ. ළඟ ගෙදරක දා යනවා. වෙන්න ඕනි විදියටම ඒ ගෙදර හිටිය කළු පාට හඳ වගේ ලස්සන මූනක් තියෙන ගැටිස්සියක්. මාත් එක්ක එල්ලෙ ගහන්න ආ සෝමදාසය දවසක් කිව්වා මේකි මහ රෑ දෙගොඩහරි ඇලට ගිහිං පහල වක්කලම ගාවින් බැහැල ඇදුං නැතුව නානවා කියලා. මූ දවසක් කොහේද තොයිලයක් බලල එනකොට මේක දැකල ඒ තොවිලෙත් බලාගෙන ඇවිල්ල. අපරාදෙ කියන්න බෑ හරක දැක්ක හැමදේම මට කියනවා. රාක්ෂි :- ඒක මොකද ඉතිං බාත්රූම් වගේ ඇති නේ ඇදුං ඕනියැ නාන්න?අමරපාල :- හෙහෙ හෙහෙ... ඕන් ඉතිං පහල වක්කලමෙ ඔය කාරනාව බලන්න මාත් දවසක් නින්ද යන්නැති දෙගොඩහරි ජාමෙක ගියා. ආව බඩ්ඩ. රෙද්ද ගලවල පඳුරකට විසික් කරල පැන්න ඇලට. දැන්න නානව ඕසෙට. ඔන්න ඉතිං ගියාට මේ අර බයිස්කෝප්ප වල වගේ ලොකු ලයිට් දාල එහෙම අරහෙම පේන්නෙ නෑ. යන් තං දාර කෑලි එහෙං මෙහෙං පේනවා. එකත් ඉතිං හරි විනෝදෙ. මටත් ඉතිං නිකංම එන්න හිතුනෙ නෑ. කෙල්ල ඇදුමක් අරං ආවෙ නෑ. මෙහායින් ගලෝපු රෙද්ද තිබුනා. මං ඕක ගත්තා. අරං කැලේට ගිහිං ගහක් උඩ දැම්මා. දාල හොරෙං බලාන් හිටියා ගහක අත්තක් උඩට වෙලා. කෙල්ල ආව ඇලෙන් ගොඩ ඇවිල්ල බැලුව රෙද්ද නෑ. පස්සෙ මේකි පිම්මෙ දිව්වා ගෙදෙට්ට. මං ඒක බලන්න තව ටිකක් ඈතට ඇදෙනකොට අත්ත කඩං වැටුන් නැතෑ බිමට. කුනුහබ්බයක් කියවුනා. ඒ සද්දෙට කෙල්ල හැරිල බලල ආයෙම දිව්වා. රාක්ෂි :- අම්මෝ අමරෙ අංකල් එක්ක ගමනක් යන්නත් බයයි නේ. ෂික්.. කරපු වැඩ..අමරපාල :- මේකනේ රාක්ෂි මැඩං ඒක ගෙත් නම ඇවිල්ල සොපි. මං පස්සෙ දොහක අර රෙද්ද කැලෙං ගෙනත් ඒකිලයි ගෙදර වැලේ දැම්මා. සොපිත් හෙන චලිතෙ ඒ දවස්වල. දවසක් මේකි මාවත් වරුවක් විතර වතුරෙ තිව්ව නේ මගේ සරම අරං ගිහිල්ල. අනිවාර්යෙං මේකිම හරි නැත්තං මේකි උගන්නපු වෙන එකියක් හරි තමයි වැඩේ කොරල තියෙන්නෙ. අමුඩ කෙටිය පිටිං පාරෙ යන්න ඇහැක. මං ඉතිං සරං කොටයක් යාලුවෙක්ගෙං ඉල්ලල ඌ ගෙදර ගිහිං සරං කොටයක් අරං එනකල් වතුරෙ. හැබැයි ඉන් පස්සෙං පහු මේ සොපි නෙමෙ හෙලුවෙං වතුරට බැහැල තියෙන්නෙ මං දන් හැටියට. ගොඩක් කල් යනකල් මයෙ මූනට හම්බුනත් හිනාවක්වත් නැතුව නටන කේතලේ වගේ මූනක් දාං ගියේ. දැංනං ඒකට මිනිබිරියොත් ඇති. හොහ හොහ හොහ හොහ..දුර ගමනක් වූ හෙයින් රථය වේගයෙන් ඇදෙන්නට විය. පිරිවෙන් යන සංඝයා වහන්සේලා පේලියක් පාර අයිනේ සංසුන් ගමනින් යයි. රාක්ෂි :- අංකල් දන්නවද අපේ ඔසී ඉන්න අයිය පොඩිකාලෙ මේ සාදුලාට සාදු අංකල් කියලා සාදුගෙන් හොඳටම බැනුං ඇහුවනේ. දවසක් සාදුල පේලියක් පාත්තර අරං අපේ ගෙවල් පැත්තට ආවා. ඉතිං අපේ ගේට් එක ඉස්සරහින් යන වද කියල බලන්න කියලා , මමී පොඩි අයියට කියල තිබුනෙ. ඉතිං පොඩි අයිය බලං ඉඳල අර සාදුල ටික අපේ ගේ ඉස්සරහට ආව විතරයි මෙයා කෑ ගැහුවලු. මා මී. මේ සාදු අංකල්ලා පෝලිම ගේට් එක ළඟට ආවා කියලා. ඉතිං අර සාදුලාට හොඳටම ලැජ්ජ හිතෙන්න ඇති. අපේ අම්මා ඇවිත් ඉක්මනට අයියගේ කට වැහුවලු. පස්සෙ අම්මා පන්සලට ගිහාම හාමුදුරුවො අම්මාට හොඳට බැනලා තිබුනා. ළමයි එඩියුකේටඩ් උනාට මදිලු. කියලා. අමරපාල :- හපෝ ඕව නං මටත් වෙලා තියෙනවා. ඉස්සර අපේ ගම මැද පාර ගලනවා පොඩි වැස්සකට. ඉතිං හාමුදුරුවො දානෙට එන්නෙ පයිං නේ. හාමුදුරුවො අපි වගේ වතුර උඩිං එන්නෙ නෑ. වටෙං එන්නෙ. දවසක් දනකට වැඩලා මට ලැබුනා අර කැවිලි පෙවිලි ටිකයි දන් සැට් ටිකයි අරං යන්න. ඉතිං මට වතුර ගලපු එකෙ උඩිං යන්න බැරිකමක් නෑනෙව. අනික මගේ අතේ දන් සැටුයි අනං මනං මලුයි ගොඩයි නෙව. මතක විදියට හාමුදුරු තුන්නමකගේ බඩු. මං කිව්වා හාමුදුරුවනේ ඔහෙල උඩහ පාරෙං යන්න මං මේ පහල වතුරෙං හිමීට වඩින්නං කියලා. ලොකු හාමුදුරුවො හිනාවෙලා කාරිය...හා එහෙනං අමරපාල උපාසක වතුරෙංම වඩිනවකෝ කියලා කිව්වා.  සැප රිය නගරයක් ආසන්නයට එන්නට විය. අලංකාර පුවරුවක් සහිත පීසා හට්ටුවක දර්ශනයක් ඈත සිටම පෙනෙයි. අමරෙ අංකල් අපි නවත්තමුද පීස එකක් කන්න..අමරපාල :- මැඩම් කන්න. මං ආස නෑ පීස වලට. සබ්මැරියන් නම් හොදයි. මස් කෑලි ටික හරි තියෙනවා.රාක්ෂි :- එහෙම් බෑනෙ අපි දෙන්නටම හරි යන තැනකින් නවත්තමු. වාහනය ඉදිරියට ඇදෙන්නට විය.අමරපාල :- අනේ මන්ද නෝනා. පොඩි සයිස් මස් කැලිටිකකුයි. ඒ අස්සෙ යටිං සෙවල වගේකුයි. ඊටත් යටිං පාං පල් වෙච්චි වගේ ටිකකුයි. මටනං දිරවන්නේ නෑ පීස. අනිත් එක ලුනුත් වැඩියි. ඕවයි. හැබැයි අර මහත්තය අරං දෙන සබ්මරයින් නං හොදා. බනිස පලල මැදට මස් පුරවල.. ඒත් ඉතිං කොයි දෙමල තිබුනත් බත් ඩිංගක් කනෝ තරං රසයක් නෑනෙ.රාක්ෂි :- අමරෙ අංකල් ඔය පීස ඉතාලි කෑමක්, එහෙ තියෙනවා හොඳ කෑම වර්ග. ඒ රටවල කෑම හරිම වෙනස්. ඒ වගේම රසයි. මෙහෙ පීස එච්චර හොඳ නෑ තමයි. මෙහෙ අපිට ගෙදරට ගෙන් ගන්න පුලුවං පීස විතරනේ. එහෙදි ගොඩක් කෑම අපිට ගෙදරටම ගෙන්න ගන්න පුලුවං. අමරපාල :- දවසක් මං ඉස්සර කාර් වැඩකරන කාලෙ මහත්තයෙක් තමුසෙ කන්න ආස මොනවද කියලා ඇහුවා. මං කිව්වා මහත්තය මං නං පුංචි සන්දියෙ ඉඳන් තලප ගිලින්න තමයි ආස කියලා. ඉතිං මේ මහත්තයත් තලප අහල තිබුනට කාල නෑ. අපි දෙන්න කොළඹ දෙක කරං තලප හෙව්ව හම්බ උනෙ නෑ නෙ.රාක්ෂි :- ඈ. අංකල් තලප රසයිද? මං දන්නෙත් නැනෙ. යාලුවෙක් නං කිව්වා ඒක කටේ ඇලෙනවා පාප්ප වගේ කියලා.අමරපාල :- හිහි හිහි..ඇයි රාක්ෂි මැඩමො ඒක කටේ ඇලෙන්න ඒක කන දෙයක්යැ. පොඩි ගුලියක් හදල හොදේදෙ පොඟවං ගිලිනව අැර..ඉස්සර අපේ ආත්ත උන්න දවස්වල අපි නිවාඩු දවසට ආත්තලයි ගෙදර යනවා. ආත්ත ඉතිං අපේ ඉන්න පුංචි ඌරු පැටවු ටික වගේ පුංචි සනුහරේටම තඩි මුට්ටි මෝලක දාල තලප හදනවා. තලප හදන්නෙ කුරක්කන් පිටි වලිං. කොහෙන් හරි තලාගතපු වල් මසක් කාරිය තිබුනොත් නං ඉතිං කියල වැඩක් නැ. ඒ නැතත් සීය කොහෙං හරි වැව් මාලු ටිකක් හරි ගෙනත ්තියෙනවා. අපි පොඩි එවුං රොත්තය ිආත්තල ගෙදර ඉස්සර.අපේ සීය කොහෙන් හරි මාලුවක් මසක් කාසි දීල අරං ආවට මොකද මස් මාලු කටේ තියන් නෑ. ඒත් හොදි නං කනවා. ඉතිං අපි සීයගෙං අහනවා සීයෙ මස් හේදිලා නේ හොදි හැදෙන්නෙ එතකොට පව් නැද්ද කියලා? සීය කියනවා තොපි දන්න කෙංගෙඩිය.. මස් වලට වතුර වෙනම දාල තමයි හොදි හදන්නෙ. ඒ වෙනම වතුර ඩිංගක් කැවුනට මස් කැවෙන්නෙ නැනෙව.. කියල උත්තර දෙනවා හැමෝටම බෙලෙක් තැටිය ගානෙ තියනවා. ලොකු තලප ගුලියක් ලැබෙනවා. ඉන් පස්සෙ අර මස් හරි මාලු හොදි හරි ටික වත් කර කර යනවා ආත්තම ඇවිත් පිඟන් ටිකට. අපි ඉතිං පිළිකන්නෙ. වාඩිවෙල දානෙට වැඩ්ඩපු හාමුදුරු ටික වගේ ඉන්නවා. පරිප්පු හොදි ටිකකුත් හදනවා. ඉතිං බඩවල් පිම්බෙන්න කාල පිලේ ම දැපල කයි ගගහ ඉඳල. ඒකෙම බුදියල උදේ තමයි ගෙවල් වල යන්නෙ. රාක්ෂි :- අමරෙ අංකල්ට මාර කතා තොගයක් තියෙනව නේ. අමරෙ අංකල් දැං තලප ගන්න තැනක් ඇත්තෙම නැද්ද?අමරපාල :- මං දන්න තැනක නං තාම නෑ..තිබුනත් ඉතිං අර වගේ උණු උනුවෙං..අත බාගෙට පිච්චි පිච්චි නැවුං හොදි ඩිංගක් එක්ක තලපයක් ගිලිනව වගේ තියේයැ? ....   ??????? >>  
Next || Previous