ලාංකීය සිතුවිලි
සිංහල
දැරියක් කෙලෙසු බාප්පා අත්අඩංගුවට
2013-06-18 11:34:59
බ්‍රැඩ්බි තරගයේ ලොහාන් රත්වත්තේ ඩෙඟා නටයි !
2013-06-18 11:25:32
පස්වන මහලින් පැන්න සිසුවිය මියයයි
2013-06-18 10:53:41
Lester James Peiris Upahara
2013-06-18 10:16:00
සිසුන් දෙදෙනෙකුගෙන් 7 හැවිරිදි සිසුවකුට අතවර
2013-06-18 10:14:25
දිනමිණ හෙළි කරන වාස්ගේ මැර ක‍්‍රියා!
2013-06-18 09:48:44
කැනඩාවේදී ශ්‍රී ලාංකික දැරියකට මුල්තැන
2013-06-18 09:43:47
-ලෝචනාගේ මත්තල වරාය-
2013-06-18 09:32:16
ගුරුවරිය දණගැස්සූ මන්ත‍්‍රි ඉල්ලා අස්වේ!
2013-06-18 09:15:02
අන්තර්ජාලය හරහා ශ්‍රී ලාංකිකයින්ට -ඇන්දවූ- නයිජීරියානුවා මාට්ටු
2013-06-18 09:12:09
මහේලගේ පිතිහරඹය ලංකාව දෙවැනි වටයට ගෙනියයි
2013-06-18 08:56:48
PC Member Arrested Over Punishing A Teacher -Updates 2
2013-06-18 08:57:00
ජනාධිපති අන්තවාදීන්ගේ සිරකාරයෙක් -එජාප
2013-06-18 08:30:34
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ -පොන්න- කතා !
2013-06-18 08:13:25
මහේල එක්දින ලකුණු 11,000 සම්පූර්ණ කරයි
2013-06-17 22:29:30
ගුරුවරිය දණ ගැස්සූ මන්ත්‍රී දොට්ටදායි!
2013-06-17 21:19:21
රිසානා හොරට රට යැවූ අයට සිරදඬුවම්
2013-06-17 21:14:21
ශිරාල්, මෛත්‍රී එජාපයෙන් නෙරපයි
2013-06-17 21:03:04
තාත්තලා නාඳුනන දරුවන් සිය ගණනක් උතුරේ
2013-06-17 20:24:39
ගිවිසුම කඩ කළේ ඉන්දියාව - ඇමති චම්පික
2013-06-17 20:11:18
මගේ අඩවියත් එක්කරන්න. http://www.viduasalanka.tk/feeds/posts/default
2012-12-26 18:33:28
Blog sites are not automatically updated. Please look into this.. http://thahanamwachana.blogspot.com/
2012-12-24 20:52:52
මගේ වෙබ් අඩවිය තවමත් හරියට ඔබගේ බෙව් ලිපින ගොඩට ඇතුලත් වි නැ. මුලදි පටස් අයිඩි එකක් එව්වත් එය වෙනත් කෙනෙක් භාවිතා කරනවා. මේ ගැන කිහිප වතාවක් දැනුවත් කෙරැවත් පිළිතුරක් නැත. http://feeds.feedburner.com/macinfolk/hGME
2012-11-02 16:05:10
mage rss eka danna http://feeds.feedburner.com/NewFilmFreeDownload or http://newfilmfreedownload.blogspot.com/feeds/posts/default
2012-10-26 20:39:52
Relationships
2012-06-09 15:07:41
Login
පනස් නමවන කොටස [ ???? : 4 ] | නෙතූගේ පොත් ගුල | 2012-06-15 23:49:00
වහින්න ඔන්න මෙන්න තිබුන ගැබ්බර අහස යට මුලු පරිසරයම වෙලිලා තිබුණේ අඳුරකින්. ෆැක්ට්‍රිය ලඟදි වාහනෙන් බැහැපු ආන්යා, අම්මලට වාහනේ යන්න ඇරලා පාර දිගේ උඩහට ඇවිදගෙන ආවේ තනියෙම. ඇගේ හිත කියාගන්න බැරි දුකකින් පිරිලා තිබුණා. තමන් දන්න දවසේ ඉඳන් හැදුනු වැඩුනු මේ පරිසරයට ආයෙම එන්න ඈට බැරි වෙනවා නේද කියලා හිතද්දි ඈට දැනුනේ ඉහිලුම් නැති දුකක්. මේ පාරවල් දිගේ පුංචි දවස් වල ඈ කොයි තරම් නං දුව පැන නටලා ඇත්ද? වටේටම තියෙන තේ වත්ත, ඈත පෙනෙන කඳු වලල්ල...මේ සියලුම දේවල් ආන්යා සැලකුවේ තමන්ගේ ආදරනීය යාලුවන් වගේ. ඒත් දැන් මේ සේරම දාලා ඈට යන්න වෙලා. ආන්යා අත පොවන මානේ තිබුණ තේ පඳුරු කීපය අතගෑවේ දුකෙන්. "ඔයාලව දාලා මට යන්න වෙලා..." ඈ හෙමින් මිමිණුවේ හරියට ඒ තේ පඳුරු වලට තමන් කියන දේ තේරෙනවා වගේ. පාර දිගේ ඇවිදගෙන එද්දි, නාන පීල්ලට බහින තැනදි ඈට හුඟක් දේවල් මතක් කරන්න තිබුණා. අභීලව මුලින්ම හම්බවුණ විදිහ, ආර්යන්ව වරදවා තේරුම් ගත්තු දවස, අභීගේ වාහනේ පෙරලුන එක... ඈ එතන මොහොතක් හිටගෙන ඒ අතීතය ආවර්ජනය කලේ හිතේ දුක පිටාර ගලද්දි. අන්තිමට හිත සැහැල්ලු කරගන්න ඈ සුසුමක් මුදාහැරියා. මේ හිතට දැනෙන දුක කවදා නම් ඉවර වේවිද කියලා ඈ හිතුවේ තවත් දුක් උහුලන්න තමන්ට පුලුවන්ද කියලා හිතමින්. ආන්යා ගෙදර ගේට්ටුව අසලට එද්දි, රාධායි, ගෝපියි ඈව බලන්න එලියට බහින්න ලෑස්ති වෙලා හිටියා."බේබි..." රාධා හිනාවෙන්න උත්සාහ කලා. ගෝපි නම් හිටියේ හිනාවෙන්න අමතක වෙලා වගේ.ආන්යගේ ඇස් වලට කඳුලු පිරුනත් ඈ හිනාවුණා දෙන්නටම."කොහොමද?""බේබි කොහෙද ගියේ?" ගෝපි ඇහුවා."කොහෙවත් නෑ...පාර දිගේ ඇවිදගෙන ආවා. අපි අනිද්දා ගියාම ආයෙමත් අපට මෙහේ එන්න වෙයිද නොවෙයිද දන්නෑනෙ. මට හැමදේම ආපහු හොඳට බලාගන්න ඕන වුණා"එහෙම කියද්දි රාධා බිම බලාගෙන නහය සීරුවා. ගෝපි අහක බලාගෙන සුසුමක් හෙලුවා."අපි යමුද ගෙට? මට හෙට දවසම මේ මුලු වත්තෙම ඇවිදින්න ඕන ගෝපි. මම යනවා කියලා මේ හමදේකටම මට කියන්න ඕනි. දැන් හවස් වෙලා නේ. අපි යමු ගෙට" ආන්යා එහෙම කියලා ගේට්ටුවෙන් ඇතුලු වෙලා ගෙට ආවා. රාධාගෙයි ගෝපිගෙයි දුක් මූණු දැක්කාම තවත් හිත රිදෙන හන්දා. ඒ එද්දි අම්මා කුස්සියේ වැඩ පටන් අරන්."කොහේ යන්නද මෙයාලා මේ උදේ පාන්දරම? ගෙදර තව අස් කරන්නත් තියෙනවා..." ආන්යා උදේම රාධායි, ගෝපියි, කුට්ටියි එක්ක එලියට බහින්න ලෑස්ති වෙද්දි අම්මා ඇහුවා."අනේ අම්මා, අපි පොඩ්ඩක් වත්තේ ඇවිදලා එන්නම්කෝ. ආයේ එන්න වෙන්නෑනෙ ඉතින්" ආන්යා කිව්වේ බගෑපත් ලීලාවෙන්."සුදු දූ යන්නකෝ...මම වැඩට කාව හරි තව ගෙන්නගන්නම්. ඔයා බලලා එන්නකෝ" ආන්යට එහෙම කිව්වේ තාත්තා."ඔන්න ඊට පස්සේ අරක කෝ, මේක කෝ කියලා මගෙන හෙම අහන්න එපා ඔයාගේ බඩු ගැන" අම්මා කිව්වා."හරි හරි, ඒක පස්සේ බලමුකෝ අම්මා""කෝ අනූ යන්නැල්ලුද?" තාත්තා ඇහුවේ ආන්යලා මගටත් බැස්සට පස්සේ."නෑ, එයාට අර එයාගේ කුණු කාමරේ අස් කරන්න ඕනලු...පස්සේ එන්නම් කිව්වා. අපි යනවා. දවල් වෙද්දි කන්න එන්නම් අම්මා" ආන්යා කිව්වා.තාත්තා හිනාවෙලා ඈ දිහා බලාගෙන ඉද්දි අම්මටත් හිනාවක් ගියා. ආන්යා මේ දෙන්නටම අත වනලා ගෝපිලා එක්ක එකතු වුණා.නාන පීල්ල, දේවාලේ, ෆැක්ට්‍රිය, මස්ටර් ෂෙඩ් එක, පරණ ෆැක්ට්‍රිය, තේ වත්ත...මේ සේරම අස්සේ ඇවිදලා අහවර ආන්යට යන්න ඕන කරපු තව එක තැනක් තිබුණා. ඒ මහ නුගේ ලඟට. එතන ඇගේ මුලු ජීවිතේම වෙනස් කරපු සිද්ධි සිද්ධ වුණ තැනක් හන්දා එතනට අන්තිමට යන්න ඈට ඕන කරලා තිබුණේ, එතන ටිකක් වෙලා ඉන්න ඕන හන්දයි. මේ වෙද්දි අනුහස් කට්ටිය එක්ක එකතු වෙලයි උන්නේ."මෙතන නම් මාත් මාර ආස තැනක්. හරිම නිස්කලංකයි" අනුහස් කිව්වේ මහ නුගේ සංහිඳට ඈතින් වෙන්න තිබුණ මුලක් උඩින් වාඩි වෙන ගමන්."මාතියා...ඔය ගස් අස්සේ ඉන්න යෙපා. විදුලි ගැහුවොත් හෙම වදින්න පුලුවන්" ගෝපි අනුහස්ට එහෙම කිව්වා."මේ දවස්වල කොහෙද බං විදුලි කොටන්නේ? මෙන්න මෙහාට එනවලා"ආන්යා ඒ අයට එතම ඉන්න දීලා, ඉස්සරහ කඳු ගැටේ අසලට ආවා. මෙතනදි දවසක් අභී -අයි ලව් යූ මීනු- කියලා කෑ ගහපු හැටි ඈට මතක් වුණේ ඉබේටම. හිත බර වුණත් ඈ එක දරාගන්න උත්සාහ කලා. තද නිල් පාටට දිස්වුණ ඈත කඳු වලල්ල තිබුණේ මීදුමින් යන්තමට වැහිලා. ඒ දර්ශණය දැක්කාම ඇගේ හිතට දැනුනේ අම්මුතුම සංවේගයක් වගේ හැඟීමක්. කවදා හරි දවසක තමන් මේ කඳු අතර, ජීවත් වෙලා තියෙනවා වගේ සිතිවිල්ලක් ඈට ඇතිවුණා. සමහරවිට ඒ ඈ පොඩි කාලේ ඉඳන්ම මේ දේවල් දැක දැක හැදුණු වැඩුණු නිසා වෙන්න ඇති. කඳු වලල්ල දිහා ඉඳන් දුර ගෙවාගෙන ආපු හුලඟකට සැලුණු උස මාර ගස් වල අතු වලින් දිය බිංදු ගොඩක් ආන්යා මත පතිත වුණේ ඈ නොහිතපු වෙලාවක. ඊයේ රෑ වහින්න ඇති කියලා ඈට හිතුණා. අත් දෙකින් හිස වහගෙන ඈ අනුහස්ලා ඉන්න පැත්තට එන්න හැරුණා. අන්තිමේදි කට්ටියම එතනින් ආපහු එන්න ආවේ තව පැය බාගෙකට විතර පස්සේ. මහ නුගේ ලඟින් ෆැක්ට්‍රිය ලඟට වැටෙන කෙටි පාර දිගේ ආන්යා අනික් අය එක්ක උඩහට ඇදුනා."හම්මෝ දැන් නම් යකෙක් කන්න බඩගිනියි හලෝ" අනුහස් කිව්වේ ආන්යගේ උරහිසට අතක් තියලා ඇගේ පැත්තක් පාත් වෙන තරමට බර වෙලා."අනේ අනූ, නිකං ඉන්නකෝ. මම මේ පාං කියාගන්නවත් බැරිව එද්දි මෙයා තව වාරු ගන්නත් එනවා" ආන්යා කිව්වේ ඔහුගෙන් ඈත් වෙලා ඈතට යන ගමන්."හපෝ මෙයා මහ ආච්චි කෙනෙක් වෙලානේ. බලන්නකෝ අර කුට්ටි යන අපූරුව?" අනුහස් ඉස්සරහින්ම ගිය කුට්ටිව පෙන්නුවත් එක්කම ඔහුගේ මූණෙ ඉරියව් වෙනස් වුණා. ඒ නිසාම ආන්යත් ඒ පැත්ත බැලුවා."අර අරුන්ගේ වාහනේ නේද?" ආන්යා තමන් උන්නු පැත්තට එමින් තිබුණ හොඳට හුරු පුරුදු ජීප් එක දිහා පුදුමෙන් බලා ඉද්දි අනුහස් ඇහුවා."අභී මාතියාගේ ජීප් එක" එහෙම කිව්වේ ගෝපි.ඒ කතාව ඇහුවාම ආන්යගේ හද ගැස්ම එක පාරටම වැඩි වුණා. -අභී මොකද මෙහේ කරන්නේ?- ඒකට උත්තරයක් හොයා ගන්න කලින්, වාහනේ ඇවිත් ඔවුන් උන්නු තැනට මදක් එහායින් නතර කලා. ගෝපි කිව්වා වගේම වාහනෙන් බැස්සේ අභී. ආන්යා උන්නේ ගල් ගැහිලා වගේ වුණත් ඇගේ හදවත තිබ්බේ විදුලි වේගෙන් වැඩ කරමින්. දුකක්, තරහක්, කම්පනයක් වගේම වේදනාවකුත් ඒ හිතේ පෙරලිකරමින් තිබුණා.අනුහස් ආන්යවත් පෙරලගෙන වගේ ඒ පැත්තට යන්න හැරුණා. ඒත් අභී අනුහස් දිහා බැලුවේ නෑ. ඔහුගේ නෙත් තිබුණේ ආන්යා ලඟ. අනුහස් අභී ලඟට යනවා දැකලයි ආන්යගේ දැහැන බිඳුනේ. ඈ කලේ ඉක්මණට එතනට දුවපු එක."මොකටද මෙහේ ආවේ?" ආන්යා එතනට යද්දි අනුහස් එහෙම අහනවා ඈට ඇහුණා.  ඈ එතනට අඩියට දෙකට ලං වුණේ අනුහස් අභී එක්ක රණ්ඩු වෙයි කියන බයට."අනුහස්...මම ආවේ මීනුව හම්බෙන්න. ප්ලීස්, ඔයා මේකට මැදිහත් වෙන්න එපා" අභී කිව්වේ සිතිවිලි පාලනය කරගෙන කියලා ආන්යට තේරුණා. ඇගේ හදවත ඩිග් ඩිග් ගාලා පිටටත් ඇහෙන තරම් සද්දෙන් ගැහෙමින් තිබුණා."එහෙම හම්බෙන්නේ කොහොමද? ඒ කාලේ දැන් ඉවරයි මිස්ට අභිමන්යු. කරුණාකරලා අපට තවත් පව් නොදී මෙතනින් යන්න""අනේ අනූ රණ්ඩු වෙන්න එපා" ආන්යා අනුහස්ගේ අතක එල්ලුනේ ඔහු රණ්ඩු වෙයි කියලා බයට."මීනුට කතා කරලා මිස මම යන්නෑ" අභී කිව්වේ දඩබ්බරව."තවත් මොනවද කතාකරන්න තියෙන්නේ?" අනුහස් හැදුවෙම රණ්ඩුවට යන්න. ආන්යා රණ්ඩු වෙන්නම දඟලන අනුහස්ව ගෝපිගේ ආධාරයත් ඇතුව මෙල්ල කරගන්න උත්සාහ කලා."තියෙනවා ගොඩක් දේවල්... ඒක මං මීනුටම කියන්නම්""ආ එහෙමද? ඒවා හරියන්නෑ දැන්. කරුණාකරලා ආපු අතක් බලාගෙන යනවා හොඳයි" අනුහස් කිව්වේ උපහාවෙන් වගේ.අභී අනුහස් දිහා රලු බැල්මක් හෙලලා ආපහු ආන්යා දිහා බැලුවා."ප්ලීස්" ඔහු කිව්වා. ආන්යගේ හිත පෑරුණා ආයෙමත්."අනූ...මේ අහන්න. අහන්න.. මට අභී එක්ක කතා කරන්න දෙන්න ප්ලීස්. මටත් තියෙනවා එයාට කියන්න දේවල් ටිකක්. අනූ...මම  පොරොන්දු වෙනවා ආයම හිත රිදෙන දෙය ක් කරන්නෑ කියලා. ප්ලීස් අනූ අපට විනාඩි පහක් දෙන්න" ඒ පාර ආන්යා අනුහස්ට කිව්වේ ඇගෙ හිතේ කැකෑරෙමින් මෙච්චර දවස් තිබුණ හැඟීම් අභී දැකලා එලියට එන්න පොරකද්දි. හැමදේම ඔහුට කියලා, ඔහුගෙන් අහන්න ඕන දේවල් අහලා මේ සේරම මේ වත්තෙම වලදාලා යන්න ඈට ඕන වුණා.අනුහස් ආන්යා දිහා බැලුවේ තරහින්."තමුසේ එහෙනම් ඕන මගුලක් කරගන්නවා. පස්සේ ගෙදර ඇවිල්ලා අඬන්න ලෑති වුණොත්, මං තමුසෙට හොඳ වැඩක් කරනවා""ප්ලීස් අනූ. මේ අහන්න එහෙම වෙන්නෑ. මම පොරොන්දු වුණා නේ"අනුහස් -කියලා වැඩක් නෑ ඔයාට නම්- වගේ හිස වනලා, අභීට ආයෙම සැරයක් රැව්වා.  ඊට පස්සේ ඔහු බැලුවේ ඈ දිහා."කතා කරන මගුල ගෙදර ඇවිත් කතා කරගන්න එකයි ඇත්තේ. මෙතන තවත් රට්ටු හිනස්සන්නේ නැතිව" එහෙම කියලා ඔහු ගෝපිලත් එක්ක යන්න ඉස්සර වුණා.ආන්යා කුණාටුවක් වගේ වුණ හිතත් එක්ක අභී ලඟ තනි වුණා."කමක් නෑ අපි ගෙදර ගිහින්ම කතා කරමු. කොහොමත් මම එහේ යන්න තමා ආවේ. අම්මලා කිව්වා ඔයාලා මේ පැත්තට ආවා කියලා" අභී කතා කලේ සාමාන්‍ය විදියට.ඒත් ආන්යගේ හිත ඇතුලේ ගිනි ගොඩක් පත්තු වෙමින් තිබුණා. අභී කොහොමද කිසිම දෙයක් නූනා වගේ මෙහෙම කතා කරන්නේ කියලා ඈට හිතාගන්න බැරි වුණා.ඊට පස්සේ ආන්යා කලේ අභීට ඉස්සර වුණ එක. "යමු""වාහනේම යමු" අභී කිව්වා."පයින් යන්න පුලුවන්නම් එන්න. මම යනවා" ඒ පාර ආන්යා කිව්වා.ඈ දිහා මොහොතක් බලා උන්නු අභී සුසුමක් හෙලලා ඈ පසුපස ආවා."මා එක්ක ඔයා තරහද කියලා මම අහන්නෑ මීනු...මම දන්නවා ඔයාගේ හිතේ මං ගැන තරහක් ඇති""ප්ලීස් අභී මට ආන්යා කියලම කතා කරන්න" ආන්යා කිව්වාම අභී ඈ දිහා බැලුවේ ගැස්සිලා වගේ."ඔය කතා කරන්නේ ඔයා නෙවෙයි ඔයාගේ තරහා. කමක් නෑ, ඔයාට තරහා වෙන්න ඕන තරම් අයිතිය තියෙනවා" අභී කිව්වා."කියන්න ඇයි ආවේ කියලා?" ආන්යා ඇහුවේ තවමත් ඔහු දිහා නොබලා.ඈටත් පුදුම හිතුණා ඈ මේ තරම් සංයමයකින් ඔහු ඉස්සරහා හැසිරෙන්නේ කොහොමද කියලා. ඈ හිතාගෙන හිටියේ හදිසියේවත් අභීව දැක්කෝතින් ඈ මුලුමනින්ම ආයේ මානසිකව වැටේවි කියලා."කතා කරන්න, වෙච්ච දේවල් ගැන" අභී කිව්වා කෙටියෙන්."ඒවා ගැන තව මොනවා කතා කරන්න ද? ඒ දේවල් ආයෙම වෙනස් කරන්න අපට බෑනෙ" ආන්යා කිව්වා.අභී සුසුමක් හෙලුවා ආයෙම."ඒ දේවල් වෙනස් කරන්න බෑ තමයි. ඒත් දැන් වෙන දේවල් වෙනස් කරන්න අපට පුලුවන් නේද?""දැන් වෙන දේවල් මොනාද?"අභී නැවතුණා. ආන්යා අඩියක් දෙකක් ගිහින් නැවතිලා ආපහු පිටිපස්ස බැලුවා. අභී උන්නේ එක එල්ලෙම ඈ දිහා බලාගෙන."මම...එදා හැසිරුණේ මහම, මහා මෝඩයෙක් වගේ කියලා මං පිලිගන්නවා මීනු. ඒත් වුණ දේවල් දැක්කම මගේ ඔලුව එහෙම්පිටින්ම අවුල් වුණා. ඔයා දන්නෑ මම ඔයා හන්දා කොච්චර ඉරිසියාකාරයෙක් වුණාද කියලා. ඔයා වෙන කෙනෙක් එක්ක කතා කරන්වටත් ඉරිසියා හිතුණ මට, මම අහපු දැකපු දේවල් කොහොමටවත් දරාගන්න බැරි වුණා. ඒත් මං දන්නවා ඔයාගෙ අතේ කිසිම වරදක් තිබ්බේ නෑ කියලා. ඒ දැන දැනත් මම ඔයාව ගණං නොගෙන උන්නට, නොසලකා උන්නට ඔයාට පුලුවන් නම් මට සමාවදෙන්න මීනු..."ආන්යා ඔහු එහෙම කිව්වාම බිම බලාගත්තා. ඒ දවස් ටිකේ තමන්ගේ හිතේ මොන තරම් ගින්නක් පත්තු වුණාද කියලා ඈ හිතුවෙ අතමන් ගැනම උපන් අනුකම්පාවකින්. එදා අභී මේ ටික තේරුම් නොගත්තේ ඇයි කියලා ඈට හිතුණා."මම සමාව දීලා ගොඩක් කල් අභී. ඒ...එක දවසක් හරි අපි හොඳින් ආශ්‍රය කරපු නිසා. ඔයා මට ආදරෙන් සලකලා තියෙන නිසා. ඒත් ඔයා එදා මට දුන්නේ කොච්චර ලොකු දුකක්ද කියලා ඔයාට හිතන්න්වත් බෑ. මට විතරක් නෙවෙයි, ඔයා මගේ ගෙදර අයටත් දුන්නේ ලොකු දුකක්. අපි කොච්චර ඔයාව විශ්වාස කලාද? මම? මම කොච්චර ඔයාව විශ්වාස කලාද?  ඒත් ඔයාගේ හිතේ මං ගැන එහෙම විශ්වාසයක් තිබිලා නෑ. ඔයා මගෙන් වචනයක්වත් නාහා මට කොච්චර රිද්දුවද අභී?" ආන්යගේ හඬ බිඳුණා.ඈ දිහා වේදනාවෙන් වගේ බලාගෙන උන්නු අභී ඉක්මණට ඈ අසලටම ආවා."මීනු" ඔහු ඇගේ උරහිස මුදුවට ස්පර්ෂ කලා."ප්ලීස් මාව අල්ලන්න එපා...මට මෙහෙම ඉන්න දෙන්න" ආන්යා ඔහුගෙන් ඈතට වුණා.මේ වෙද්දි දෙන්නම ගේ අසලටම ඇවිත් තිබුණා. ගේට්ටුවෙන් ඇතුල් වෙද්දි ගෙදර අය සේරම ඉස්තෝප්පුවට වෙලා මග බලාගෙන උන්නා."එන්න අභී ගෙට" තාත්තා අභීට කිව්වේ හිතේ කිසිම කහටක් නැති ගාණට. අනුහස් නම් අම්මා අසලට වෙලා උන්නේ තාමත් තරහින් පුපුර පුපුර. අම්මත් උන්නේ ඒ තරම් හොඳ මූණක් පෙන්නගෙන නෙවෙයි."ඔය දෙන්න එහෙමනම් කතා කරන්නකෝ. තව ටිකක් ගේ අස් කරන්න තියෙනවා. අපි පොඩ්ඩක් ඒක බලන්න  යන්වා" තාත්තා ආයෙම කිව්වා.ආන්යා තාත්ත දිහා බැලුවා. ඔහු ආ දිහා බලා ඇස් වලින් කිව්වේ -කලබල වෙන්න එපා කියලා- වගේ. අම්මා නම් ගස්සගෙන වගේ අනුහස් එක්කම ගෙට ගියා."අන්කල්...ඇයි මෙහෙම තීරණයක් ගත්තේ? ඇයි මෙහෙම හදිසි වුණේ?" අභී ඇහුවේ තාම ඔවුන් අසක උන්නු ආන්යගේ තාත්තාගෙන්."කවදා හිටියත් අපි මේවායින් යන්න එපැයි අභී. ඒ නැතත් මම කෙන්යා වල අලුත් ටී ප්‍රොජෙක්ට් එකකට වචනේ දුන්නා. ඒකයි" තාත්තා යන්තමින් හිනාවෙලා කිව්වා."ඒත් ආන්යලාට හරි මෙහේ ඉන්න තිබුණා""අපට නුගේගොඩ ගෙදරක් තියෙනවනේ අභී. එක පුතෙක් එහේ. මේ දෙන්නත් ලඟදිම එහෙට ඒවි ජොබ් කරන්න. ඉතින් මෙහේ ඉඳලා මක් කරන්නද?"තාත්තා එහෙම කිව්වාම අභී මොන්වත් කිව්වේ නෑ. ඒ පාර තාත්තා ගෙට යන්න ගියා. ආයෙම ආන්යා අභී එක්ක ඉස්තෝප්පුවේ තනි වුණා."මට නොකිව්වට ඔයාලා යන්නේ මේ වුණ දේවල් නිසා වග මං දන්නවා මීනු. මම මේක දැනගන්නකොට සේරම සිද්ධ වෙලා ඉවරයි. නැත්තම් කීයටවත් මම අන්කල්ට රිසයින් වෙන්න දෙන්නෑ""අපි, හැමෝගෙම හිත් කැඩුවා අභී...මගේ වගේම ඔයාගේ අම්මලාගෙත්. මට ගොඩක්ම දුක ඒකයි" ආන්යා කිව්වේ චෝදනාත්මකව.අභී හිස නවා ගත්තා. "ඔයා නෙවෙයි මීනු, මමයි ඒක කලේ. මගේ කුකුල් කේන්තිය හන්දයි මේ සේරම වුණේ. මට ඉවසන්න තිබ්බා ඒක මම දන්නවා. ඒත් මට එහෙම කරන්න බැරි වුණා. ඒ...මං ඔයාට ගොඩක් ආදරේ කරපු හන්දා"ආන්යා ඇස් පියා ගත්තා. අන්තිමට ඔහු ඒක කිව්වා. ඒත් ඒ වචන අහන්න ආන්යා බලාපොරොත්තුවෙන් උන්නු කාලේ ගත වෙලා ගිහින් තිබුණා. දැන් ඒවචන වල ආන්යට ලොකු බරක් දැනුනේ නෑ පුදුමෙකට."ඔව්...මම ඔයාට ආදරෙයි, ගොඩක් ආදරෙයි. මම අද ආවේ ඒකයි. මට ඕන වුණා ඔයාගෙන් සමාව ගන්න. මම ඔයාට රිද්දපු හැම තප්පරේකටම-""මට ආදරේකරන්න එපා අභී...දෙයියන්ගේ නාමෙට එපා. මම විඳෙව්වා හොඳටම ඇති. ආයෙමත් මට මේ දේවල් විඳවන්න බෑ..." ආන්යා කෑ ගහලා වගේ කිව්වේ අභී කතාව ඉවර කරන්නත් කලින්.අභී ඈ දිහා බලාගෙන උන්නේ දුකින්."ඔයාට රිදෙව්වට මට දහස් වාරයක් සමාවෙන්න මීනු...ඔයාට රිද්දලා මම සතුටින් හිටියා නෙවෙයි. ඔයා තරම්ම මාත් විඳෙව්වා. ඔයා දන්නෑ මම ඔයාට කොච්චර නම් ආදරේ කලාද කියලා""ඒ කොච්චර වුණත් වැඩක් නෑනෙ අභී, ඔයා ඒ මොහොතේ මාව විශ්වාස කලේ නෑනෙ. ඔයා දන්නෑ මගේ හිත රිදුන තරම්. මට මැරෙන්න වුණත් පුලුවන් කම තිබුණා එදා. ඒත්, ආයෙම එහෙම වෙන්නෑ. මම හිත හදාගන්න තීරණය කරලා ඉවරයි අභී"අභී ආන්යා දිහාට හෙලුවේ පරාජිත බැල්මක්."මම ඒක්ටත් ලෑස්ති වෙලයි මීනු ආවේ. ඔයා සමහරවිට ආයෙම කවදාවත් මං ලඟට එන එකක් නෑ කියලා මට නොහිතුණා නෙවෙයි. ඒත් මීනු...මං ඉල්ලන්නේ මට සමාව දීලා තව එක පාරක් ආයෙම හිතන්න කියලා" අභී කිව්වා."ආයෙම හිතන්න දෙයක් නෑ""මම වැරදිකාරයෙක් තමයි. ඇයි ඔයාට බැරි මට සමාව දෙන්න?""ඔයා මට සමාව දුන්නද එදා? නෑ. ඒත් මම ඔයාට සමාව දීලා ගොඩක් කල්. මම ඒක කිව්වනේ. මට මේක කරන්න බැරි ඒ නිසා නෙවෙයි...""එහෙනම්?"ආන්යා ලොකු හුස්මක් අරන් අභී දිහා බැලුවා."අන්තිමට මං තේරුම්ගත්තු දෙයක් නිසා""මොකක්ද?""මම ඔයාට ලං වුණේ ඔයාට ආදරේ කරපු නිසා නෙවෙයි කියන එක""ඔයා මොනාද මේ කියන්නේ?""මම එහෙම කලේ ඔයා ඇක්සිඩන්ට් වුණේ මම හන්දා කියලා මට හිතුණ නිසා. ඔයාගේ ජීවිතේට මම ණය වුණා කියලා හිතපු නිසා. ඔයාට අනුකම්පා කරපු නිසා"අභී ආන්යා දිහා බැලුවේ ඒ කියපු දේ අදහාගන්න බැරිව වගේ. අභී මොනවදෝ කියන්න හැදුවත් ඔහුට ඒක කියාගන්න බැරිවුණා. ඔහු හිස දෙපසට හෙලෙව්වා."ඇයි මීනු ඔයා එහෙම කලේ?""වෙන කරන්න දෙයක් නැති නිසා"අභී මොහොතක් ආන්යා දිහා බලාගෙන උන්නා. "ජීවිතේදි ඇත්තටම ආදරේ කරන්න පුලුවන් එකම එක්කෙනෙක්ට විතරයි. අභී...ඒ එකම එක්කෙනාට එතකොටත් මං ආදරෙයි. ඒත් ඒක මට තේරුම් ගන්න බැරි වෙලා තිබුණා. මම හිතුවා ඔයාට ලං වෙලා මම කරන්නේ ....   ??????? >>  
Next || Previous