ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ත්‍රිත්ව කාර්ය වාහන [ යාම් : 19 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-02-18 16:42:40
පසුගිය 2016 වසර අවසානය වන විට ලංකාවේ මුළු වාහනගහණය 6,795,469 ක් විය. මෙයින් 54.4%ක් එනම් 3,699,630ක් මෝටර් සයිකල් වූ අතර තවත් 16.42%ක් එනම් 1,115,987ක් ත්‍රිරෝද රථ විය. ඒ අනුව, ජනගහණයෙන් දහසකට වාහන 327ක් තිබුණත් එයින් 178ක් මෝටර් සයිකල්ද තවත් 54ක් ත්‍රිරෝද රථද වූ අතර ට්‍රැක්ටර් හා ට්‍රේලර්, ලොරි හා බස්ද ඇතුළුව ඉතුරු වාහන තිබුණේ ජනගහණයෙන් දහසකට 95ක් පමණි.කුඩා රටක් වන ලංකාවේ වාහන ඕනෑවට වඩා ඇති බව ඇතැම් අය සිතති. මෙසේ සිතන බොහෝ අය දැනට තමන් සතුව අඩු වශයෙන් මෝටර් සයිකලයක්වත් ඇති අයයි. මේ සිතුවිල්ලට හේතුවන්නේ පාරේ ඇති වාහන තොගය නිසා තමන්ට වාහනයක් තිබුණත් බොහෝ වෙලාවක් මහමඟ රස්තියාදු වෙන්නට සිදුවන නිසා වන්නට පුළුවන. මෙසේ සිතන අය අතර දැනට තමන් සතු කිසිදු වාහනයක් නැති අයද සිටින්නට පුළුවන.වාහනයක් ගැනීම යනු තමන් සතුව වාහනයක් නැති අයගේ සිහින අතර උඩින්ම තියෙන සිහිනයකි. වඩා හොඳ වාහනයක් ගැනීම දැනට වාහනයක් තියෙන බොහෝ දෙනෙකුගේ සිහිනයකි. මෝටර් සයිකල්, ත්‍රීවීල්, පොඩි කාර්, ලොකු කාර්, ලොකුම කාර් යනු බොහෝ දෙනෙකුගේ සිහින දිගුවන පිළිවෙළයි. මෙසේ වාහන ගන්නා බොහෝ දෙනෙකු එය කරන්නේ කල්බදු වැනි ක්‍රමයකින් මූල්‍ය පහසුකමක් ලබා ගනිමිනි. මෙවැනි මූල්‍ය පහසුකම් වෙනුවෙන් ලංකාවේදී ගෙවිය යුතු පොලිය සැලකිය යුතු ලෙස විශාලය. එහෙත්, වෙනත් දේ කැප කරමින් වාහන සිහිනය සැබෑ කර ගැනීම සඳහා බොහෝ දෙනෙකු නොපැකිළෙති.ලංකාවේ වාහන වැඩි බව සිතන්නේ මේ වාහන සිහිනය තුළ ජීවත් වන අයමය. එසේනම්, වාහන වැඩි වී ඇත්තේ තමන් හැර වෙනත් අය වාහන මිල දී ගැනීම නිසාය. ඒ නිසා, වාහන වැඩිවීම නිසා ඇති වන ප්‍රශ්න අඩු කරන්නට වෙනත් අය වාහන ගැනීම වැළැක්විය යුතුය.ලංකාවේ වාහන මිල දී ගන්නා බොහෝ දෙනෙක් එසේ වාහන මිලදී ගන්නේ "තමන්ගේ" සල්ලි වලිනි. මේ සල්ලි ලැබෙන්නේ මූල්‍ය ආයතනයකින් විය හැකි වුවත් අවසාන වශයෙන් පොලියත් සමඟ මුල් මුදල ආපසු ගෙවන්නට සල්ලි හම්බ කරන්නේ වාහන සිහින දකින මේ මිනිස්සුන්මය. ඒ වෙනුවෙන් වෙනත් දේවල් කැප කරමින් මේ පිරිස් තමන් මහන්සියෙන් උපයන සල්ලි වැය කරන්නේ වාහනයක හිමිකරුවෙකු වීමෙන් ලැබෙන මුදල් හෝ මුදල් නොවන වාසි වාහනය වෙනුවෙන් කැප කරන වෙනත් දේ වලට වඩා ඔවුන් අගය කරනා නිසාය.ඇතැම් අය හිතන්නේ ලංකාවේ අධික වාහන ඉල්ලුමට හේතුව පොදු ප්‍රවාහනයේ ඇති දුර්වලතා බවයි. පොදු ප්‍රවාහන සේවාවන්හි ඇති අඩුපාඩු වාහන ඉල්ලුමට බලපාන නමුත් එය එකම හේතුව නොවේ. වාහන ගෙදර තියාගෙන එදිනෙදා ප්‍රවාහන අවශ්‍යතා සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන විශාල ලාංකිකයින් පිරිස විසින් පෙන්වා දෙන්නේ ඔවුන් වාහන ගන්නේ ප්‍රවාහන අවශ්‍යතාවය සඳහා පමණක් නොවන බවයි. වාහනයක මූලික කාර්යය මඟී හා භාණ්ඩ ප්‍රවාහනය වුවත් ලංකාවේ වාහන මිල දී ගන්නා බොහෝ දෙනෙකු මීට වඩා හාත්පසින්ම වෙනස් තවත් අවශ්‍යතාවයන් දෙකක්ද වාහන මඟින් සපුරා ගනිති.ලංකාවේදී තමන් සතු වාහනය යනු සමාජ ධුරාවලියේ තමන් සිටින තැන පිළිබඳ සංකේතයකි. මෝටර් සයිකල්, ත්‍රීවීල්, පොඩි කාර්, ලොකු කාර්, ලොකුම කාර් ලෙස ධුරාවලිගත වන්නේ කිසියම් පුද්ගලයෙකු මේ ධුරාවලිය තුළ සිටින ස්ථානයයි. ඒ නිසා, ධුරාවලියේ උඩට යන්නට වඩා හොඳ වාහනයක් අවශ්‍ය වේ.කෙසේ වුවද, මෙහි තවත් අවුලක් තිබේ. මූලික අවශ්‍යතාවය මඟී හා/හෝ භාණ්ඩ ප්‍රවාහනය පමණක්නම් ඊළඟ අදියරේ වාහනයක් මිල දී ගත් විට ප්‍රශ්නය විසඳේ. එහෙත්, අවශ්‍යතාවය වන්නේ සමාජ ධුරාවලිය තුළ තමන් සිටින ස්ථානය ඉහළට  ගැනීමනම් තමන් ඊළඟ අදියරට යාම පමණක් ප්‍රමාණවත් නැත. අනෙත් අය එම අදියරට පැමිණීම වැළැක්වීමද අවශ්‍ය වේ. ත්‍රීවීල් පදින සියල්ලන්ම කාර් ගත් විට තමන් කාර් එකක් ගැනීම තව දුරටත් විශේෂ දෙයක් නොවේ. අන්තිමට සමාජ ධුරාවලියේ තමන් සිටින්නේ කලින් සිටි තැනමය. ලංකාවේ වාහන වැඩිය යන අදහස අවිඥානකවම එන්නේ මේ මනෝභාවයත් සමඟය. ලාංකිකයෙකු වාහනයක් මිලදී ගැනීමට යොමුවන අනෙක් කරුණ වන්නේ ලංකාවේදී වාහනයක් යනු හොඳ මූල්‍ය ආයෝජනයක් වීමයි. ලංකාවේ ආයෝජන වෙළදපොළ (කොටස් වෙළඳපොළ හා රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ) රටේ බොහෝ දෙනෙකුගෙන් දුරස්ථ සීමිත පිරිසකගේ ක්‍රීඩා භූමියකි. දිගටම පවත්වා ගන්නා රාජ්‍ය අයවැය හිඟයත්, එහි ප්‍රතිඵලයක් ලෙස දිගින් දිගටම පිරිහෙන විණිමය අනුපාතිකයත්, තනිකරම වාගේ ආයනයනික භාණ්ඩයක් වන වාහන මිල ඒවා නිෂ්පාදනය කරන රටවල මුදලින් සාපේක්ෂව ස්ථාවරව තිබීමත්, වාහන අලුත්වැඩියා කටයුතු කරන ශ්‍රමිකයින්ගේ ගාස්තු සාපේක්ෂව අඩු වීමත් නිසා ලාංකිකයෙකු මිල දී ගන්නා වාහනයක වෙළඳපොළ වටිනාකම අඩුවන්නේ ඉතා සෙමිනි. ඇතැම් විට මිල වැඩි වන අවස්ථාද තිබේ. පසුගිය වසර කිහිපය තුළ වාර්ෂිකව ලංකාවේ අළුතින් ලියාපදිංචි කර ඇති වාහන ප්‍රමාණය වෙනස් වී ඇති ආකාරය පරික්ෂා කළ විට බොහෝ දෙනෙකු ආයෝජනයක් ලෙස සලකා වාහන මිලදී ගන්නේය යන කරුණ තහවුරු කර ගන්නට පුළුවන.රටේ විදේශ විණිමය අනුපාතිකය මහ බැංකුවේ මැදිහත් වීමෙන් ස්ථාවරව තබාගත් වසර වලදී වාහන මිලදී ගැනීම වැඩි වී ඇත්තේ සෙමිනි. විණිමය අනුපාතිකය පහල වැටුණු 2009, 2013 වැනි වසර වලදී වාහන ඉල්ලුමද අඩු වී ඇත. අනෙක් අතට රටේ  විනිමය අනුපාතිකය නිදහස් කෙරෙන විට හෝ එවැනි අපේක්ෂාවන් වැඩිවන විට වාහන මිලදී ගැනීම් විශාල ලෙස ඉහළ යයි. බදු ප්‍රතිපත්ති වෙනස්කම් වැනි වෙනත් හේතුද තිබුණත්, වසර ගණනකට පසු විණිමය අනුපාතිකය නිදහස් කෙරුණු 2015 වසරේදී වාහන මිලදී ගැනීම් පෙර වසරට වඩා විශාල ලෙස ඉහළ යාමටද, ඊට පෙර 2012දී රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වන්නට ආසන්න කාලයේදීද වාහන ඉල්ලුම විශාල ලෙස වැඩි වන්නටද හේතුවුණේ මේ ආයෝජන අවශ්‍යතාවයයි. මේ කරුණු අනුව, ලංකාවේදී මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ වල සිට සියළුම වාහන ත්‍රිත්ව කාර්ය වාහනයි. පළමුව, මේ වාහන මඟී හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගත හැකිය. දෙවනුව, ඒවා සමාජ ධුරාවලිය පවත්වාගැනීමට උදවු කරයි. තෙවනුව, වාහන යනු බොහෝ දෙනෙකුට මූල්‍ය ආයෝජනයකි. ඒ නිසා, මෙයින් එක් අවශ්‍යතාවයක් සඳහා පමණක් ආදේශකයක් වන පොදු ප්‍රවාහන සේවා දියුණු කළ පමණින් ලංකාවේ වාහන සඳහා ඇති ඉල්ලුම අඩු නොවනු ....   වැඩිදුර >>  
Next || Previous