ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
උදේට උම්මා, හවසට උම්මා - බැඳපු අයට උපදෙසක් :: My advice to married couples [ යාම් : 49 ] | රසිකොලොජි - Rasikology | 2017-02-16 17:46:40
ජීවිතයේ මුල් වතාවට මා කෙල්ලෙකු සිප ගත් දිනය මට අද මෙන් මතක ය. ඒ මගේ වයස දාසයයි මාසයේ දී නම් නොවේ. මා ඒ වන විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුවෙකි. ඇයත් මාත්, අප දෙදෙනා, ඒ මොහොතේ සිටියේ කාන්තා නේවාසිකාගාරයක ආලින්දයේ කුළුණක් අසල ය.පඩිපෙළ දිගේ කන්ද බැස, ගලහ පාරට එළැඹ, සරසවි උද්‍යානය ඔස්සේ පැමිණ, පටු පාලමෙන් මහවැලිය තරණය කර අක්බාර්-නෙල් ශාලාවට මා එදා ගියේ ඇවිදගෙන නොව පියාසර කරමින් විය යුතුයි.ඇත්තටම මා එදා කර තිබුණේ නියමාකාරයේ සිප ගැනීමක් නොව, තරමක් දුරට හපා කෑමක් වැනි දෙයකි. මා ඒ බව දැනගත්තේ පසු කලෙක නිවැරදිව සිප ගන්නා ආකාරය පිළිබඳව පාඩමක් ඉගෙන ගත් දිනයේ ය.ඒ කනගාටුදායක කාරණය කෙසේ වෙතත්, සිප ගැනීම යනු ලෝකයේ ඇති සුන්දරම අත්දැකීමක් බව අවිවාදාත්මක ය.ඒ සුන්දරත්වය උපරිමයෙන් දැනෙන්නේ මා කී ආකාරයේ මුල් ම මුල් දිනයේ දී ය. එතැන් පටන් විවාහ වෙන්නට පෙරාතුව පෙම්වතිය සීමා සහිතව හමුවන කාලයේ දී ද, අඩු වැඩි වශයෙන් ඒ මිහිර පවතී.විවාහ වූ පසු, දැන් ඉතිං නීතියෙන් ම, ඇයට මාත්, මට ඇයත් හිමි නිසා, සිප ගැනීමේ ආශ්චර්යය ටිකෙන් ටික ගිලිහී යන්නට පටන් ගනී.කොටින් ම සිප ගැනීම යනු පෙර-කෑමක් හෙවත් ඔන්ටේ‍ර් එකක් පමණක් බවට පත්වේ.එ කිස් ඊස් ඇන් ඇප්ලිකේෂන් ඇට් ද ටොප් ෆ්ලෝර් ෆො එ ජොබ් ඇට් ද බේස්මන්ට් (A kiss is an application at the top floor for a job in basement) කියා කියන්නේ ඒ නිසා ය.මීට දශකයකට පමණ ඉහත දිනයක ඉන්දියානු කඩයකින් මිලට ගත් පැරණි හින්දි චිත්‍රපටයක් නරඹමින් සිටියෙමි. මේ චිත්‍රපටයේ නම කුමක්දැයි මට නිවැරදිව කිව නොහැකි මුත්, එහි අඩංගු වූ කතා වස්තුවේ ගුවන් නියමුවෙකු මිය ගොස් එතැන් සිට ඔහුට දාව උපන් තම දරුවා රැකබලා ගන්නා කාන්තාවක ගේ චරිතයක් ඇතුළත් වූ බව මගේ මතකයයි.තවත් විස්තරයක් එකතු කරනවා නම්, ඒ මව තම පුතා නළවමින් කියන දරු නැළවිලි ගීයේ තාලයට ම "චන්ද්‍රා වාගේ මෙ රෑ නීළඹරේ හී" යනුවෙන් ගැයෙන සිංහල දරු නැළවිලි ගීයක් ද ඇත.මේ චිත්‍රපටයේ ගුවන් නියමුවා මිය ගිය පුවත ලැබුණු පසු මට එක්වරම සිහිවූයේ, ඔහු එදින සේවය සඳහා පිටත්ව ගියේ තම බිරිඳට යාන්තම් මං ගිහින් එන්නම් වැනි දෙයක් පමණක් පවසා බවයි. මා ඒ බව වීඩියෝවේ ඒ මොහොත නැවතත් වරක් නරඹා තහවුරු කර ගත්තෙමි.ඒ තමන්ට තම බිරිඳදක්නට ලැබෙන අවසාන දිනය බව ඔහු කිසිසේත් ම දැන සිටියේ නැත. ඒ බව ඔහු දැන සිටියා නම් ඒ සමුගැනීම කෙතරම් වෙනස්වන්නට නොතිබුණේ ද කියා මට ඒ මොහොතේ සිතුණි.ඒ සමගම මට සිහිවූයේ ඉඳහිට දවසක් ඇය හෝ මා නිවසෙන් පිටත්වන විට සිපගෙන සමුගත්තත්, නිවසට ළඟා වූ පසු සිපගෙන පිළිගත්තත්, මගේ බිරිඳ සහ මා බොහෝ විට අප නිවසෙන් පිටත්ව යන මොහොත සහ නිවසට ළඟා වෙන මොහොත එතරම් වැදගත් ලෙස නොසලකන බවයි.වහාම ඒ තත්වය වෙනස් කර, සිපගෙන සමුගැනීමේ සහ සිපගෙන පිළිගැනීමේ රෙජීමයක් ඇරඹිය යුතු යැයි මට සිතුණේ ඒ මොහොතේ දී ය.ඒ සිතූ ආකාරය ම පසුදා සිට ඇරඹු ඒ වත්පිළිවෙත අද දක්වාම, මා හිතන ආකාරයට දශකය එකහමාරක් පමණ කාලයක් දැන් ක්‍රියාත්මකව පවතී!දැන් ඉතින්, උදෑසන නිවසෙන් පිටවන මා පෙර කී සිනමාපටයේ ගුවන් නියමුවා මෙන් යළි කිසි දිනක නිවසට නොපැමිණියහොත්, අපේ චරිත රැගත් සිනමාපටය නරඹන රසිකයින්ට, මට පෙර දා ඇති වූ ප්‍රශ්නය පැන නොනඟිනු ඇත!-රසිකොලොජිස්ට්ප/ලි:බැඳපු අයට මගෙන් උපදෙසක්:සැමදාම නොවැරදීම ඔබේ සහකරුට/සහකාරියට උදේට උම්මා එකක් ද, සවසට උම්මා එකක් ද දෙන්න. "ජොබ් ඇප්ලිකේෂන් ඇට් ටොප් ෆ්ලෝර්" කතා ඊට අමතරව ය.(image: ....   වැඩිදුර >>  
Next || Previous