ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
සිරිපා කරුණා කරමු [ යාම් : 14 ] | Roar Sinhala | 2017-02-16 06:33:11
උඳුවප් පොහොය කරුණු කිහිපයක් නිසා ශ්‍රී ලාංකියන්ට – විශේෂයෙන්ම බොදු ජනතාවට වැදගත් වෙනවා. සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධි අංකුරය වැඩම කරවීම සහ සිරිපා වන්දනා සමය ඇරඹීම ඒ අතරින් විශේෂ තැනක් ගන්නා කාරණා දෙකක්. සිරිපා වන්දනාව එක අතකින් බෞද්ධ ජනතාව විතරක් නොව සෙසු ආගමික ජනයාද මේ කාලයේ සහභාගී වෙන ආගමික කටයුත්තක්.  ඇතැම් දෙනා විනෝද චාරිකාවක් ලෙසින්ද සිරිපා වන්දනාවේ යෙදෙනවා. ඒ විතරක් නෙමෙයි බොහෝ විදේශිකයන්ද දැන් දැන් සිරිපා වන්දනාවට යොමු වෙන බව දක්නට ලැබෙනවා. ඒ නිසාම දැන් සිරිපා වන්දනාව  අපේ රටේ සංස්කෘතික අංගයක් ලෙසද සලකන්න පුළුවන්. ශ්‍රී පාදයේ  ඉතිහාසය අතීතයේ සිරිපා මළුව දිස් වූ අයුරු. (Lankapura) සමනළ කන්ද මත බුදුන් වහන්සේගේ ශ්‍රී පාද සලකුණ තැබීම ඓතිහාසික කාරණාවක්. මෙසේ තබා ඇත්තේ බුදුන් වහන්සේගේ වම් ශ්‍රී පා සලකුණ බවයි සැළකෙන්නේ. මේ සඳහා හේතුවූ කරණාව හැටියට බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙන්නේ සමන් දෙවියන්ගේ ඇරයුමින් තථාගතයන් වහන්සේ මෙසේ සිරිපා සළකුණ තැබූ බවයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේදී ලංකාවට වැඩම කර තිබෙනවා. ඒ, එවකට කැළණියේ රජ කල මණිඅක් නම් නා රජුගේ ආරාධනාවකට අනුවයි. එම අවස්ථාවේදී එතැනට පැමිණි සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමකට අනුව බුදුන් වහන්සේ සමනළ කන්දට වැඩම කර තිබෙනවා. එහිදී තථාගතයන් වහන්සේ  කඳු මුදුනේ වම් ශ්‍රී පා සටහන පිහිටවූ බවයි බෞද්ධ මූලාශ්‍ර වල දැක්වෙන්නේ. සමන් දෙවියන්ගේ අඩවිය, සමනළ කන්ද ලෙස හැඳින්වෙනවා. සමන් දෙවියන්, මිට පෙර බුදුන් වහන්සේ ලංකාවට  පැමිණි අවස්ථාවකදී බණ අසා සෝවාන් වූ දෙවියෙකු දෙස ප්‍රචලිතයි. බුදු රදුන්ට සමන් දෙව් කල ආරාධනාව සිත්තරෙකුගේ ඇසින්. (Daily FT) බෞද්ධ ඉතිහාසයට අනුව බුදුන් වහන්සේගේ ශ්‍රී පා සළකුණ සටහන් වන ස්ථාන හතරක් ගැන කියවෙනවා. ඒ බව මේ පාළි ගාථාවෙන් තහවුරු වෙන බවයි විද්වතුන්ගේ පිළිගැනීම. යන්නම්මදාය නදියා පුලිනේච තීරේ  යං සච්චබද්ධගිරිකේ සුමනාචලග්ගේ  යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං  තං පාද ලාඤ්ඡනමහං සිරසා නමාමි මේ ගාථාවෙන් කියවෙන්නේ එක් සිරිපා සටහනක් නර්මදා නදී තීරයේ ද, දෙවැන්න සච්චබද්ධ පර්වතයේ ද, තුන්වැන්න සමන්තකූට පර්වතයේ ද, අනෙක යෝනක පුරයෙහිද පිහිටා ඇතිබවයි. ඒ හැරුණු විට අනුරාධපුර අභයගිරි චෛත්‍ය පිහිටි ස්ථානයේද බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනක් පැවති බව ක්‍රි.ව. 5 වන සියවසට අයත් ෆාහියන් වාර්තාවේ දක්නට ලැබෙනවා. එහෙත් එවැනි ශ්‍රී පාද ලාංජනයක් ලංකාවේ බැතිමතුන්ගේ වන්දනාවට භාජනය වී පැවති බවට තොරතුරු පසුකාලීනව දක්නට ලැබෙන්නේ නැහැ. සිරිපතුල් වන්දනාව සිරිපාදය ගුවනට දිස් වන අයුරු. (Leisure Island Holiday Tours) පාද ලාංජන වන්දනාව බුද්ධ කාලයේ  සිට පැවත එන්නක් බව  බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරීක්ෂණයේදී අපට පැහැදිලි වෙනවා. මේ අනුව බුදුන් වහන්සේගේ පරිනිර්වාණ අවස්ථාවේදී  මහාකාශ්‍යප හිමියන් විසින් බුදුන්ගේ පාද ස්පර්ශය කර පාදවලට නමස්කාර කරනවා. ඉන්පසු චිතය ගිනි දැල්වුණු බවයි මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙන්නේ. මිට අමතරව ගිහි ජනතාව විසින් උන්වහන්සේගේ පාද ලාංජනවලට ගෞරව නමස්කාර කල අවස්ථා බෞද්ධ සාහිත්‍යයේ දක්නට පුළුවන්. සාමාන්‍යයෙන් බුදුන්වහන්සේ පා ගමනින් වඩින විට උන්වහන්සේගේ පා සටහන් පිහිටන්නේ නැහැ. එවැන්නක් සිදුවන්නේ උන්වහන්සේ අධිෂ්ඨාන කළහොත් (අධිට්ඨාන වසෙන) පමණක් බව පාලි අටුවාව පැහැදිලි කරනවා. අප කවුරුත් දන්නා ජනප්‍රිය අවස්ථා දෙකක් මෙයට උදාහරණ හැටියට දක්වන්න පුළුවන්. වරක් බුදුන්වහන්සේ උක්කට්ඨා හා සේතව්‍ය අතර මහා මාර්ගයෙහි හුදකලාව වඩිනවා. ඒ අතර එම මාර්ගයෙහිම ගමන්ගත් ද්‍රෝණ නම් බ්‍රාහ්මණයාට, බුදුන්ගේ පිය සටහනෙහි අර, නිම්වළලු, චක්‍ර ලක්ෂණ හා ඊට අදාළ උපාංග සියල්ලෙන් සම්පූර්ණ පා සටහනක් දර්ශනය වන්නට සැලැස්සූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්. ඒ ආකාරයෙන්ම වෙනත් අවස්ථාවක බුදුන් වහන්සේ මාගන්දිය බ්‍රාහ්මණයාට පෙනෙන පරිදි හිතාමතාම තම පිය සටහන් පෑ බව කියවේ. එබඳු විශේෂ ලක්ෂණ ශාස්ත්‍රය පිළිබඳ හසල දැනුමක් ඇති ඔහුගේ බිරිඳ, උපාංග සහිත චක්‍ර ලක්ෂණය දැක මෙබඳු පියසටහන් ඇති පුද්ගලයා රාගය ප්‍රහීණ කළ කෙනෙක් විය යුතු බව කියා තිබෙනවා. ලංකාවේ මුලින්ම ශ‍්‍රී පාදය වන්දනා කළ හෙළ රජතුමා කවුරුන්දැයි නිශ්චිත වශයෙන් ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් අතීතයේ සිරිපා වැඳ පුදාගත් රජ කෙනෙකු වශයෙන් ක‍්‍රි. පූ. 29 සිට 17 දක්වා රජ කළ වළගම්බා රජතුමා ගැන තොරතුරු සඳහන් වෙනවා. මීට අමතරව  විජයබාහු, මහා පරාක‍්‍රමබාහු, හතරවන  මිහිඳු, ශ‍්‍රී සංඝබෝධි, සමනල කන්ද නැග සිරිපා වැඳ පුදා ගත රජවරුන්. කෙසේ වුව ද සිරිපා වන්දනාවට සබැඳි ජනප‍්‍රිය ම ඉතිහාසය ඇත්තේ ශ‍්‍රී නිශ්ශංකමල්ල රජුට යි. එතුමාගේ රාජ්‍ය සමයේ දී ශ‍්‍රී පාදය සොයාගත් බව දැක්වෙන කතාවක් ද ජනප‍්‍රවාදයේ එනවා. මෙතැන් සිට රාජ්‍ය අනුග්‍රහයද සහිතව  සිරිපා වන්දනාව ආරම්භවී ඇති බවයි සඳහන් වෙන්නේ. කරුණාවයි, කරුණාවයි, සමන් දෙවිඳු කරුණාවයි බැතිමතුන්ගෙන් පිරුණු සිරිපා මළුව. (Daily News) සිරිපා වන්දනාව ඇරඹෙන්නේ උඳුවප් පොහොයත් සමඟයි. ව්‍යවහාර මාසයෙන් කියනවනම් දෙසැම්බර් මස පොහොයෙන්. ඒ අනුව පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සධාතික කරඞුව සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ, නියමිත දිනයේ යෙදෙන සුබ මොහොතින් දොරට වැඩීම සිදුකෙරෙන අතර, ඒවා පෙරහරින් සමනළ කඳු මුදුනේ පිහිටි දේවාලය වෙත ගෙනයනු ලබනවා. ඒ, සිරිපා වන්දනාවේ ආරම්භක අවස්ථාවයි. සිරිපා වදින්නට පළමු වරට යන එන අය හැඳින්වුයේ කිරිකෝඩූ යන නමින්. ඒවගේම සිරිපා වන්දනාව හා සම්බන්ධව ඇති නොයෙකුත් සිරිත් විරිත් අපට අමතක කරන්න බැහැ. කොපමණ බර වූවත් බඩු බාහිරාදිය ගෙන යන ඔලගුව හැඳින්වෙන්නේ “සැහැල්ලූව” යන ප‍්‍රතිවිරුද්ධ තේරුමක් ඇති වචනයෙන්. “යනවා, එනවා” වෙනුවට “කරුණා කරනවා” යන වචන භාවිතා කරන නිසාදෝ කොතරම් දරදඬු සිතක වුව ද ගලා යන ගඟුලක් සේ කරුණාව, මෛත‍්‍රිය පිරී ඉතිරී යනවා. සිරිපා ගමනේදී හමුවන  සීත ගඟුල ද වැදගත් ස්ථානයක්. බැතිමතුන් සිසිල් දිය නා සුදු පිරුවට හැඳ පේවෙන්නේ මෙහිදීයි. අසීමිත සිසිලස දනවන ගඟුලැල්ල, කායික විඩා නිවන අමා වතුරක් ලෙස හඳුන්වන්න පුළුවන්. දුෂ්කර සිරිපා ගමන් මග. (panoramio.com) තවත් ස්ථානයක් තමයි ඉඳිකටු පාන. බුදුරජාණන් වහන්සේ මෙම ස්ථානයේ වැඩ සිටිමින් තමන් වහන්සේගේ සිවුර මැසූහ යැයි විශ්වාසයක් ජනප්‍රවාදයේ පවතිනවා. ඒ අවස්ථාවේ මාරයා සුවිශාල වර්ෂාවක් වැස්ස වුවද, මහා බුද්ධ තේජසින් උන්වහන්සේ වැඩ සිටි ස්ථානයට වැසි දිය බිඳක් වත් වැටිලා නැහැ. මේ පුවත සිහිකර ඉඳිකටුවක් අමුණා නූල් ඇද යාම විශේෂයෙන් සිදු කළ යුත්තේ කිරිකෝඩු අය කියලයි කියන්නේ. ඉර සේවය ඉර උදාව සිරිපාදයට පෙනෙන අයුරු. (YouTube) රාත්‍රී කාලයේදී ශ්‍රීපාද කන්ද තරණය කීරීම අපූර්ව අත්දැකීමක්. විදුලි බුබුලු වලින් ආලෝකමත් වූ මාර්ගය වන්දනාකරුට දිස්වන්නේ තරු කරා දිවෙන මාර්ගයක් ලෙසටයි. සූර්ය උදාවට කලින් කඳු මුදුනට නැගීම තමයි සෑම ශ්‍රීපාද වන්දනාකරුගේම අභිප්‍රාය. “ ඉර සේවය ” නමින් ජන වහරේ මෙය හඳුන්වනවා. කඳු මුදුනේ දී සූර්ය උදාව නැරඹීම, ජිවිතයේ  කිසිම දාක  අමතක නොවන චමත්කාර ජනක අත්දැකීමක්. සමනොල කඳු මුදුනේ සිට බලන විට මධ්‍යම කඳුකරයේ කොටපොල කඳු මුදුනින් එක් වරකට පෙනෙමින්ද තවත් වරකට සැඟවෙමින්ද නොයෙක් ආකාරයෙන් විවිධ රැස් ධාරා පතුරවමින් සුර්යයා එක්වරම උදාවන ආකාරය සැබැවින්ම මනස්කාන්තයි. හිරු එළිය කඳු මුදුනට වැටී අවට තැනිතලා යන්නේ පහල භූමියේ ත්‍රිකෝණාකාර සෙවණැල්ලක් පෙන්නුම් කරමිනුයි. හිරු ඉහළට නැඟීමත් සමගම සෙවනැල්ල වේගයෙන් පහතට ගමන් කරනවා. මෙවැනි දර්ශනීය සුර්ය උදාවක් ලොව අන් කවර තැනකවත් දැකිය නො හැකි බව තතු දත් අය පවසනවා. සිරිපාද වන්දනා ගාථාව “ කල්‍යාණීතෝ ගගනතෝ මුණියත්ථ ගන්ත්වා දස්සේයී චක්කවරලක්ඛණ පාදලඤ්ඡං ලංකාමහීවරවධු මකුටෝපමානං වන්දාමහං සුමණකූට සිලුච්චයන්තං ” මීදුමෙන් වැසුණු සිරිපා පින් බිම. (Daily News) මූලාශ්‍ර: ශ්‍රී සම්බෝධි සඟරාව – 05 කාණ්ඩය, 12 කලාපය / 06 කාණ්ඩය , 01 කලාපය, මහාවංශය – බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය – 2004, විකිපීඩියා, slculk.blogspot.com, mahamegha.lk, lakehouse.lk කවරයේ පින්තුරය: Sri Lanka ....   වැඩිදුර >>  
Next || Previous