ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
රනිල් ඇන්ඳීම [ යාම් : 17 ] | මගේ රට | My Country | 2017-02-15 11:57:40
රනිල් වික්‍රමසිංහ මහතාට ඔස්ටේ‍ර්ලියාවේ විශ්වවිිද්‍යාලයකින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමෙන්නේ ඒ මහතා ලංකාවට අත්කර දුන්නා යැයි කියන දේවල් පදනම් කරගෙනය. ඒ අතරින් වැදගත් එකක් ලෙස මේ විශ්වවිද්‍යාලය දකින්නේ වික්‍රමසිංහ මහතා විසින් කාලයක් තිස්සේ මෙරට ඇදුනු ප්‍රචන්ඩ ගැටුමකින් රට ගලවාගෙන ප්‍රජාතන්ත්‍රවාදී මගට ගැනීමය ("transitioning Sri Lanka from a country traumatised by protracted, violent conflict toward a stable democracy").අපි නම් අත්දැකීමෙන් දන්නේ මහින්ද රාජපක්‍ෂ රජය විසින් 2009 දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කර රට නිදහස් කල බවය. නමුත් මේ ඔස්ටේ‍ර්ලියානු විශ්වවිද්‍යාලයට අනුව රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වෙන තුරු, එනම් 2015 තෙක්, මෙරට ගැටුමක් තිබී ඇත. 2009 න් පසු ප්‍රභාකරන් ජීවතුන් අතර නොසිටි බැවින් ඔවුන් පවසනවා ඇත්තේ මෙතෙක් කල් පොදුවේ සිංහලුන් සහ දෙමළුන් අතර ගැටුමක් තිබුනු බව විය හැකිය. ඔවුන්ට අනුව රනිල් වික්‍රමසිංහ මහතා නිරාකරණය කර ඇත්තේ හෝ නිරාකරණය කරමින් සිටින්නේ මේ ගැටුමය. මොවුන් මේ ඒත්තු ගන්වන්නට උත්සාහ කරන්නේ මහින්ද රාජපක්‍ෂ රජය විසින් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම කිසි ප්‍රශ්ණයකට පිළිතුරක් නොවුනු බවය. එපමණක් නොවේ මහින්ද රාජපක්‍ෂ රජය කිසියම් ගැටුමකට පාර්ශව කරුවෙක්ද හේතුවද වූ බවය. ඔවුන්ට අනුව දැන් ඒ ඊනියා ගැටුම විසඳන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. මේ කථාව මේ ඕස්ටේ‍ර්ලියානු විශ්වවිද්‍යාලය පමණක් නොවේ සමහර බටහිර ආණ්ඩුවලටත් දෙමළ ජාතිවාදීන්ටත් මෙරට වාමාංසිකයින්ටත් දේශපලනිකව නන්නත්තාරවූ සුළුතර පක්‍ෂ වලටත් අවශ්‍ය කරන කථාවය. බොහෝ විට මෛත්‍රීපාල සිරිසේන මහතාට කවුරුන් හෝ කියන කථාවද මෙය විය හැකිය. පොදුවේ සුපිරිව්‍යුහය අප වෙනුවෙන් ගොතන කථාව මෙයය.  නමුත් මේ කථාව බොරුවක් බව අපි දනිමු. 2009 යේ මැයි මස 19 දා සිට අපි මේ රටේ කලින් නොතිබි නිදහසක් බුක්ති විඳින්නෙමු. එය නිදහසක් ලෙස අපට දැනෙන්නේ කොළඹ නගරයේ බෝම්බ පිපිරීම නැවතීම නිසා පමණක් නොව මෙහි අණසක පැතිරවූ මේ භුමියෙන් පිටැති බලවේගද එදා නවතනු ලැබූ නිසාවෙනි. අපි නිදහසක් ලැබූ බව අපි ප්‍රත්‍යක්‍ෂයෙන්ම දන්නෙමු. 2009 යේ මැයි මස 19 දායින් පසු වික්‍රමසිංහ මහතාට විසඳන්නට ප්‍රශ්ණයක් ඉතිරිව තිබුනේ නැත. දැන් මේ උත්සාහ කරන්නේ ප්‍රශ්ණයක් විසඳීමට නොව අප ලැබු නිදහස කණපිට පෙරලීමටය. නමුත් කණපිට පෙරලීමට අද ප්‍රභාකරන් මහතා නැත. ඉන්නේ වික්‍රමසිංහ මහතාය. වික්‍රමසිංහ මහතාට ප්‍රභාකරන් මහතා කල දේ කල නොහැකිය. වික්‍රමසිංහ මහතාට කල හැක්කේ ප්‍රශ්ණය නොවිසිඳුනා යැයි කියා එය විසඳන නියායෙන් සිංහලුන් ලත් නිදහස කණපිට පෙරලීමටය.  සුපිරිව්‍යුහය රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් දීම මඟින් ස්ථාපිත කරන්නට උත්සාහ දරන්නේ මහින්ද රාජපක්‍ෂ මෙරට කිසි ප්‍රශ්ණයක් නොවිසඳූ බවය. ඊට අනුව එය විසඳන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. විසඳුම නව ව්‍යවස්ථාවය. නමුත් මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතා ගැන මෙරටේත් සුපිරිව්‍යුහය ගැන ලොවෙත් ඇත්තේ අඩු තක්සේරුවකි. සුපිරිව්‍යුහයට රනිල් වික්‍රමසිංහ මහතා අන්ඳන්නට පුළුවන් විය හැකිමුත් මෙරටුන් තවදුරටත් අන්ඳන්නට හැකිවේ යැයි සිතිය නොහැකිය. ....   වැඩිදුර >>  
Next || Previous