ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
පිලිකුත්තුව මැදි කරගත් පැරැණි යක්ෂ පුරයක් [ යාම් : 22 ] | ගම්පහ දිසාවේ ඓතිහාසික ජනකතා | 2017-02-14 03:43:40
ගම්පහ දිස්ත්‍රික්කය පුරාතන යක්ෂ ජනාවාසයක්ව පැවැති බවට මතුකර ගත හැකි සාක්ෂි බොහොමයකි. රාම, රාවණ යුධ සමයේ කැලණිපුරය යක්ෂ ගෝත්‍රික විභීෂණ පාලනය කළ බව නොරහසකි. එමෙන්ම පන්සිය පනස් ජාතක පොතෙහි එන වලාහක හෙවත් වලාහස්ස ජාතකයේ ද නාගදීපයේ සිට කැලණිය දක්වා යක්ෂ ගෝත්‍රික සමාජයක් පැවැති බවට කරුණු ඉදිරිපත් වෙයි. නමුදු බුද්ධ කාලය වනවිට කැලණිපුරය නාග ගෝත්‍රිකයන් අතට පත්ව තිබූ බව මහාවංශය ඇතුළු අපගේ වංශ කතා මූලාශ්‍ර බොහොමයකින් තහවුරු කර ගත හැකිය. ඒ අනුව දුරාතීතයේ යක්ෂ ගෝත්‍රිකයන් සතුව තිබූ නාගදීපයේ සිට කැලණිය දක්වා මුහුදුකරය පසුව නාග ගෝත්‍රිකයන් අතට පත්වූ බව පෙනෙයි. දුරාතීතයේ මෙහි විසූ යක්ෂ ගෝත්‍රිකයන් භාරතය සමග සම්බන්ධතා ගොඩනැඟූ බවට මානව විද්‍යාත්මක සාක්ෂි තිබේ. එහෙත් ඉන්පසු ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ ඇතුළු ප්‍රදේශ රාශියක් සිය ආධිපත්‍යයට නතු කරගත් නාගයන් ජාත්‍යන්තර තලය හා ඊට වඩා පුළුල් සම්බන්ධතා පැවැත්වූ බවට ලබාගත හැකි මානව විද්‍යාත්මක සාක්ෂි රාශියකි. එමෙන්ම ආසියාවේත් ඉන් බැහැරවත් සමුද්‍රාසන්නයේ රාජධානි ගොඩනඟා ගත් නාග ගෝත්‍රිකයෝ එම තොටුපල ආශ්‍රිත රාජධානිය ‛කල්‍යාණි’ නමින් හැඳින්වූ බවට සාක්ෂි තිබේ. නාග ගෝත්‍රිකයන් මෙලෙස අප රටේ සමුද්‍රාසන්නයේ සිය බලය තහවුරු කරගන්නා විට යක්ෂ ගෝත්‍රිකයන් මධ්‍ය කඳුකරය ඇතුළු අප රටේ මැද කොටසේ සිය බලය තහවුරු කර ගත් බව පෙනෙයි. බුදුරජාණන් වහන්සේ යකුන් දමනය කිරීම පිණිස වත්මන් ඌව පළාතට අයත් මහියංගණයට වැඩම කළ පුවතත්, එහිදී යක්ෂ සමභවයකට හිමිකම් කියන සුමන සමන් දෙවිඳූන් බුදු බණ අසා සෝවාන් ඵලයට පත්වූ පුවතත්, අතීතයේ යක්ෂ බලය අප රටේ මධ්‍ය ප්‍රදේශවල පැතිර පැවැති බවට අපගේ වංශ කතා මූලාශ්‍රවලින් ලද හැකි ප්‍රබලතම සාක්ෂියකි. වර්තමාන ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලැබෙන පූර්ව ඓතිහාසික සහ ප්‍රාග් ඓතිහාසික පුරා විද්‍යාත්මක සාක්ෂි රාශියකි. සමස්ත ගම්පහ දිස්ත්‍රික්කය පුරාම පැතිර තිබූ එම පුරාවිද්‍යාත්මක සාක්ෂි බොහොමයක් දැනට එහි සිදුවෙමින් පවත්නා ශීඝ්‍ර මානව ජනාවාස නිසා අහිමිව ගොසිනි. එහෙත් තවමත් එතරම් ජනාවාස නොවූ අත්තනගල්ල, අලවල ආදී ප්‍රදේශ ආශ්‍රිතව සිදු කෙරුණු පුරාවිද්‍යාත්මක කැනීම්වලදී ඒවා ආශ්‍රිතව ජීවත් වූ අතීත මානවයා පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිව තිබේ. ඊට අමතරව දැනට ජනාවාසකරණය වෙමින් පවතින ස්ථානයන් මුල්කොට ද ආදී මානවයන් විසින් තනවන ලද සුසාන භූමි කිහිපයක නටඹුන් හමුවී ඇත. මෑතක දී මිනුවන්ගොඩ දෙවලපොළ ප්‍රදේශයෙන් මතු කර ගත හැකිවූ පුරාවිද්‍යාත්මක සාක්ෂි ඊට කදිම නිදසුනකි. මා විසින් කරනු ලැබූ විමර්ශනයකට අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළ යක්ෂ ජනාවාස බහුලව පැවැති ඉසව්වක් වශයෙන් නම් කළ හැකි විශේෂ කලාපයක් තිබේ. එනම් බුත්පිටිය, යොන්ගම්මුල්ල, කොස්කඳවල, අඹගස්පිටිය, මාලිගාතැන්න සහ කඳුමුල්ල යන ගම්මානවලට මායිම් වූ පර්වතාශ්‍රිත ප්‍රදේශයයි.  මේ අතරින් ගල් ලෙන් සිය ගණනක් සහිත අදටත් ස්වාභාවික වන ගහනයක් දැකිය හැකි පිළිකුත්තුවට ප්‍රධාන තැනක් හිමිවෙයි. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ සිට ක්‍රිස්තු පූර්ව පළමු සියවස දක්වා ලියැවුණු බ්‍රාහ්මී ලෙන් කීපයක් මෙම ගල්ලෙන්වල දැකිය හැකිය. භික්ෂූන් වහන්සේලාට පූජා කිරීම් පිළිබඳව සඳහන් එම ලෙන් ලිපි සහිත ගල්ලෙන් බොහොමයක් වැසි ජලය ඇතුළට කාන්දු නොවන අයුරින් කටාරම් කොටා තිබීම ද විශේෂත්වයකි. ඒ අතුරින් පිළිකුත්තුව පුරාණ විහාර භූමියේ දක්නට ලැබෙන ක්‍රිස්තු පූර්ව පළමු සියවසට අයත් බ්‍රාහ්මී ලෙන් ලිපියක සිංහල අදහස මෙසේය. අශ්වාරෝහක ප්‍රධානියාගේ සොහොයුරු අග්නිභූත ගේ පරිත්‍යාගයකි. සිව් දෙසින් වඩින සංඝයා වහන්සේ සඳහා පූජා කරන ලදී. එමෙන්ම මෙම පිළිකුත්තුවේ ඇති තවත් ගල්ලෙනක කටාරමට ඉහළින් බ්‍රාහ්මී අක්ෂරවලින් ‛මනොරබ’ යන වදන කොටා තිබෙනු දැකිය හැක. මෙහි ‛මනොරමෙ’ යන්නෙහි අරුත සිත් අදනා සුළු බව රහසක් නොවේ. ඉන් අපට පැහැදිලි වනුයේ නූතනයේ නිවෙස්වල නොයෙක් නම් යොදන්නාක් මෙන් දුරාතීතයේ ගල්ලෙන් සඳහා ද නම් යොදා ඇති බවකි. ඒ කෙසේ හෝ මේ සම්බන්ධයෙන් කිව යුතු විශේෂිත කරුණක් ද තිබේ. එනම් මේ සියල්ල අපගේ මාතෘකාවට අදාල යක්ෂ යුගයට පසු සිදුව ඇති මානව ක්‍රියාකාරකම් බවය. අතීතයේ තතු කෙසේ වුවද ඉහත සඳහන් ප්‍රදේශය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලට වඩා ජන ආගමික ගුණ විශ්වාස කෙරෙහි වැඩි නැඹුරුවක් පවතින බව  මෙම නිරීක්ෂණයේදී නිගමනයකට ඒමට මට හැකිවිය. මීට දශක කිහිපයක් දක්වා ග්‍රාමීය ලක්ෂණවලින් යුතු මෙම කලාපය මේ වනවිට ශීඝ්‍ර ලෙස නාගරීකරණයට නතුවෙමින් පවතී. නිරතුරුවම සිදුවන ඉඩකඩම් අලෙවිය මුල් කරගෙන පිටපළාත්වල බොහෝ දෙනෙක් මෙහි පදිංචියට පැමිණෙමින් සිටිති. එමෙන්ම මෙම ප්‍රදේශයේ පාරම්පරික ජනතාව අවාහ - විවාහ සම්බන්ධතාවයන් ඔස්සේ බාහිර සමාජයත් සමඟ මිශ්‍රවීමේ වැඩි සම්භාවිතාවක් පෙන්නුම් කරයි. එහෙත් ඉහත සඳහන් කලාපය තුළ වෙසෙන වයස අවුරුදු හැත්තෑව - අසූව ඉක්මවූ ගැමියෙකු සොයා ගත හොත් මෑතක් වනතුරුම එම ප්‍රදේශයේ ප්‍රබලව පැවැති යක්ෂ විශ්වාස පිළිබඳ කරුණු විමසා දැනගැනීමේ කිසිදු අසීරුවක් පැන නොනඟිනු ඇත. ....   වැඩිදුර >>  
Next || Previous