ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
පුන්‍යාධාරයෙන් යැපෙන වෛද්‍ය විද්‍යාල වෙළඳපොලට අහිතකර ද? [ යාම් : 9 ] | අරුණි ශපීරෝ‍ වෙතින් | 2017-02-13 14:28:21
නැත, පුන්‍යාධාරයෙන් යැපෙන සංවිධාන නිසා වෙළඳපොල සහ නිවහල් බව යන දෙකම වැඩි දියුණු වේ. ඒ ස්වේච්ඡාව පෙරදැරි කරගත්, පුන්‍යාධාරයෙන් යැපෙන, ලාබ උපයන්නේ නැති සංවිධාන නිදහස් වෙළඳපොල ආර්ථිකයක වැදගත් කාර්ය භාරයක් ඉටුකරන බැවිනි. පුන්‍යාධාර හැටියට අපි මෙහි දී සලකන්නේ රජයක් බලහත්කාරයෙන් උදුරාගත් බදු මුදල් ලබාගන්නා සංවිධාන නොව, මිනිසුන් ස්වේච්ඡාවෙන් පරිත්‍යාග පිරිනමන සංවිධාන බව මුලින්ම කිව යුතුයි. සංස්කෘතික, ආගමික, කලා, ඵෛතිහාසික වස්තූ ආරක්ෂා කරගෙන යෑම වැනි අනේක මිනිස් සබැඳියාවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් ශ්‍රමය, මුදල් හා භෞතික වස්තු පරිත්‍යාග කරන්නට පරිත්‍යාගශීලී මිනිසුන් ඉදිරිපත් වීම නිසා සමස්ත සමාජයේම වැඩි දියුණුව සාධනය වේ. නිර්බාධ වෙළඳපොලක දී, ලාබ සොයන ව්‍යාපාර සහ සමාගම් ඒවායේ අයිතිකරුවන් හා ආයෝජකයන්ට ලැබෙන ලාබ උදෙසා වැඩියෙන් කාර්යක්ෂමව වැඩියෙන් හොඳ භාණ්ඩ සපයන්නට උනන්දුවක් ඇති කරගනිති. ලාබ නොසොයන සංවිධාන තම ස්වේච්ඡා සාමාජිකත්වය තුලින් උත්සාහ කරන්නේ ඔවුන් පෙනී සිටින පරමාර්ථ ඉටු කරගැනීම සඳහා ඔවුන්ගේ අරමුදල් කාර්යක්ෂමව යෙදවීමටයි. ලාබ නොසොයන සංවිධානයක පරමාර්ථ සාධනය වෙන්නේ ලාබ නැතිව මෙන්ම පාඩු ද නැතිව පරමාර්ථ ඉටු කරන්නට ලැබෙද්දී පමණකි. සමාජයක සියළු අවශ්‍යතා ලාබ නොසොයන සංවිධාන තුලින් සපුරාගත නොහැකියි. ඒ මන්ද, පරිත්‍යාග කරන්නට නම් ඊට කළින් ලාබ උපයා තිබිය යුතු නිසයි. අයෙකුට තමනට අවශ්‍ය යමකට වියදම් කිරීමෙන් වැළකෙමින් දානමය කටයුත්තක යෙදෙන්නට පුළුවන. එහෙත් සමාජයක සියල්ලන්ටම තම තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමෙන් වැළකෙමින් අනුන්ට උදව් කරන්නට යා නොහැකියි. ලාබ උපයන අය වැඩියෙන් ඉන්නා සමාජයක අනිවාර්යෙන්ම වැඩි දානපතියන් දකින්නට ලැබෙන්නේ මේ නිසයි. නිර්බාධ වෙළඳපොල අගයන අපි, එවැනිම ආකාරයක් පුන්‍යාධාර වලින් යැපෙන සංවිධාන තුලින් ද දකින්නෙමු. එනම් ස්වේච්ඡාවෙන් ගොඩනඟා ගත් සබඳතාවයන් තුලින්, හවුල් වැඩ තුලින්, ඒකීය පුද්ගලයන් විසින් අරමුණු කරගත් යම් ප්‍රශංසනීය කටයුත්තකට සහාය වෙන ආකාරයයි. ස්වේච්ඡාවෙන් කටයුතු කරන නිර්බාධ වෙළඳපොලක ව්‍යවසායකයන් සපයන්නට ඉදිරිපත් නොවූ භාණ්ඩ සහ සේවා මෙන්ම, නවෝත්පාදනයන් ද ලොවට බිහිකරන්නට මේ පුන්‍යාධාර වලින් යැපෙන සංවිධාන සමත් වන ආකාරය ලංකාව ඇතුළු ලෝක ඉතිහාසයෙන් මනා ලෙසින් දකින්නට හැකියි. එවැනි සංවිධාන වෙනුවට රාජ්‍ය සහනාධාර සහ සුබසාධන වැඩ පිළිවෙත් දියත් වෙද්දී පුද්ගලයාගේ ස්වාධීනත්වය නැති වී යයි. පුන්‍යාධාර වලින් යැපෙන සංවිධාන ගණනාවක් අතරින් එකක් තෝරාගැනීමේ හැකියාව නැති වී ගොස් රජය නියම කරන එකක් තෝරාගැනීමට සිද්ධ වීමේ පාඩුව කාට ද? වැඩියෙන්ම පාඩු විඳින්නේ සමාජයේ පුන්‍යාධාර සහාය වැඩියෙන්ම අවශ්‍ය වූ පුද්ගලයා නොවේ ද? නිර්බාධ වෙළඳපොලක ලාබ සොයන වෛද්‍ය විද්‍යාලයක් පවත්වාගෙන යන්නේ වියදමක් දරා වෛද්‍ය අධ්‍යාපනයක් ලබාගත හැකි වූ අය වෙනුවෙනි. එහි දී නිෂ්පාදනය කළ යුත්තේ කුමක්දැයි සහ කුමන මිලකට දැයි තීරණය කරන්නේ පාරිභෝගිකයන් හෙවත් වෛද්‍ය අධ්‍යාපනය සොයා එන සිසු සිසුවියන් හෙවත් පාරිභෝගිකයන් කරන තෝරාගැනීම් අනුව සේවා සපයමින් ලාබ උපයන ආයෝජකයන් වෙති. පුන්‍යාධාරයෙන් යැපෙන වෛද්‍ය විද්‍යාලයක් ඇතැයි අපි සිතමු. එය පැවතෙන්නේ තම වියදමෙන් වෛද්‍ය අධ්‍යාපනයක් ලබාගත නොහැකි වූ අය වෙනුවෙනි. ඒ අය පුන්‍යාධාරයෙන් යැපෙන වෛද්‍ය විද්‍යාලයේ පාරිභෝගිකයන් හැටියට සැලකෙන්නේ නැත. එහි පාරිභෝගිකයන් වෙන්නේ ඊට පුන්‍යාධාර සපයන අයයි. ඔවුන් සිය අවශ්‍යතාවය දැනුම් දෙන්නේ භාණ්ඩයක් මිල දී ගැනීමෙන් නොවේ. දුප්පතුන්ට පරිත්‍යාග සපයන පුන්‍යාධාර සංවිධානයක් යනු දුප්පතුන්ගේ යහපත සලසන අරමුණෙන් පිහිටුවා ගන්නා ලද්දකි. නමුත් එහි පාරිභෝගිකයන් යනු කවුද? පුන්‍යාධාර සංවිධානය සේවය කරන්නේ එයට පරිත්‍යාග සපයන අයගේ කැමැත්තන් ඉටු කරන්නටයි. එමඟින් එයින් යහපතක් සලසාගන්නා අයගේ කැමැත්තන් ද ඉටු වේ. නමුත් මෙහි දී වරදවා පටලවා ගත නොයුත්තක් ඇත. එනම්, එහි පාරිභෝගිකයන් වනුයේ දුප්පතුන් නොව, පරිත්‍යාගශීලීන් බවයි. පුන්‍යාධාර සංවිධානයකින් සපයන සේවයක පරිභෝජනය සිද්ධ වෙන්නේ ඒ සංවිධානයේ පරමාර්ථ කරා යන්නට සහාය දීමෙනි. පුන්‍යාධාරයෙන් යැපෙන සංවිධානයකට පරිත්‍යාග කරන සාමාජිකයන් යනු එහි පරිභෝගිකයන් සහ ආයෝජකයන් යන දෙකොට්ඨාශයම වෙති. නිෂ්පාදනය කළ යුත්තේ මොනවා දැයි තීරණ කරන අය ඔවුන්ය. සිය මුදල් නිකරුණේ නාස්ති වෙනවාට කිසිවෙක් කැමති නැත. පුන්‍යාධාරයෙන් යැපෙන සංවිධානයට පරිත්‍යාග කරන්නට තමන්ව පොළඹවන ලද්දා වූ කාරණය, එනම් එම සංවිධානය පෙනී සිටින පරමාර්ථය කරා ළංවෙන පාටක් නැත්නම් පුන්‍යාධාර එතැනට දීම නැවතී වෙනත් තැනකට යා හැකියි. ඉතින් පරිත්‍යාගීලීන්ගේ නිෂ්පාදන තීරණ තමයි පුන්‍යාධාර සංවිධානයේ ක්‍රියා කලාපයට මාර්ගෝපදේශයක් සපයන්නේ. ඉතින්, පුන්‍යාධාර නොකරන අයට උදව් සැපයීම සඳහා වූ ලාබ නොසොයන සංවිධානයක වුව ද, ඒ නිසා අපි වෙළඳපොලක ක්‍රියාවලිය යැයි හඳුන්වන්න, (එනම් පාරිභෝගිකයන් විසින් නිෂ්පාදකයන්ට මාර්ගෝපදේශයක් සපයන්නට සමත් වෙනවාය යන්න) මෙහි දී පරිත්‍යාගශීලීන්ගේ නිෂ්පාදන තීරණ වලට මාර්ගෝපදේශකයක් සපයන්නට සමත් වෙනවා යන්න පැහැදිලිව පෙනී යයි. ලාබ නොසොයන සංවිධාන ඔවුන්ගේම අධිරාජ්‍යයන් නිසා ඔවුන් සතු මුල්‍ය ප්‍රමාණයේ සීමාව ඇතුලත කටයුතු කරද්දී ඔවුන්ට තම අරමුණු කරා යන්නට රිසි සේ කටයුතු කරන්නට හැකියාව ලැබේ. ලාබ සොයන හා ලාබ නොසොයන ව්‍යාපාර අතර තරඟයකින් දිනන්නේ මහජනතාවයි. පාරිභෝගිකයා මිල දී ගත යුත්තේ කුමක්දැයි මොනවාදැයි ඔහු වෙනුවෙන් තීරණය ගන්නට රජයක් මැදිහත්වෙන සෑම අවස්ථාවක දී ම පරදින්නේ මහජනතාවයි. ....   වැඩිදුර >>  
Next || Previous